IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අස්ගිරි - මල්වතු නාහිමිවරු කියති

නව ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව කියමින් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරු අද(18) විශේෂ නිවේදනයක් නිකුත් කළහ.

නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව මහ නාහිමිවරු අවධාරණය කරති.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්ගේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ දෙපාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ සභික හිමිවරුන් ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ රන් ආයුද මණ්ඩපයේ දී අද රැස්වූහ.

සාකච්ඡාව අවසන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ මෙසේ පැවසූහ.

‘නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ අප විශේෂයෙන් සාකච්ඡා කළේ මේ සම්බන්ධව විද්වත් මණ්ඩලයක් අපව දැනුවත් කළ නිසයි. මේ ව්‍යවස්ථාවේ භයානක බව, බලතල බෙදීම මුළු පාර්ලිමේන්තුවට නැති බලයක් ප්‍රාදේශිය සභාවලට, පළාත් සභාවලට ලබාදීම මේ ව්‍යවස්ථාවෙන් සිදුවනවා. ඒනිසා මේ ව්‍යවස්ථාව නුසුදුසුයි. අපත් මේ ව්‍යවස්ථාව නුසුදුසු බව තීරණය කළා. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව අපත් පවසනවා. මේ තිබෙන ව්‍යවස්ථාව අපට හොඳයි. උභය මහා විහාර දෙක වගේම රාමඤ්ඤ අමරපුර නිකායන්හි මහ නායක හාමුදුරුවරුත් දැනුවත් කරලා මුළු රටේම මහා සංඝයා වහන්සේලා දැනුවත් කරලා මහා සංඝයාවහන්සේගේ බලවත් විරෝධය අපි එකතුවෙලා ප්‍රකාශ කරනවා. අපි ආණ්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව හකුලා ගන්න කියලා. පරණ ව්‍යවස්ථාව අපට හොඳයි.

ජනාධිපති බලතලත් එලෙසම තිබිය යුතුයි. එත් කොට්ඨාස මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. රටේ සමස්ත මහා සංඝරත්නයම මේ ව්‍යවස්ථාවට විරුද්ධ විය යුතු බව අප මෙහිදී තීරණය කළා.‘‘



අදහස් (88)

නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අස්ගිරි - මල්වතු නාහිමිවරු කියති

Gihan Wednesday, 18 October 2017 01:24 PM

ඉතාම හොද තීරණයක් අපේ හාමුදුරුවනේ.

:       13594       26454

NishanThursday, 19 October 2017 01:20 AM

බැරිද ඉතුරු ටිකත් ඔය ගමන්ම ගිහින් කරන්න. සිවුරු පිටින්ම පාර්ලිමේන්තුවේ වාඩි වෙලා රට පාලනය කළා නම් හොඳයි. එහෙමත් නැත්නම් ඊටත් වඩා ලේසියි පාර්ලිමේන්තුවක් නැතුව ඔය මොකද්ද කිව්වා ශාලාවට එකතු වෙලා රට පාලනය කළා නම්.

:       3522       2192

bamunuThursday, 19 October 2017 07:37 AM

රටට විපතක් වෙන අවස්ථාවේ ඉදිරයට ඒම රටේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා කලේ සිංහල ජාතිය බෞද්ධ ජාතියක් වූ කාලයේ සිටයි. මෑත කාලයේ එනම්1815 දී සුද්දගේ කොඩිය පාගා දමන්නට, ක්‍රිස්තියානි පුජකයින් සමඟ වාදයක් කිරීම තරම එඩිතර හාමුදුරුවරු සිටි නිසා සිංහල බෞද්ධ කම අපේ රැකුණාය . ඒ හාමුදුරුවරු පාර්ලිමේන්තු පුටුවේ වාඩිවෙන්න ගියේ නැහැ. දැන් පැමිණ තිබෙන්නේ රටට බොහොම භයානක කාලයක්. 2005 නොවැම්බර් මස මහින්ද රාජපක්ෂ මේ සිංහල රටේ ජනාධිපති නොවුනානම් මේ වන විට රට බෙදී අවසන්ය. රට නැවත 2005 නොවැම්බර් වලට පෙර තබූ කාලයට ගොස්ය. අපි මෙම ව්‍යවස්ථාව කියවා නැත නමුත් සම්පන්දන්ලාගේ ඉල්ලීම් මොනවද කියා හොදින් දනිමි ඔවුන් මෙම ව්‍යවස්ථාවකට කැමතී එම ඉල්ලීම් මෙම ව්‍යවස්ථාවෙන් ඉටුවන නිසා බවත් දනිමි. සම්බන්දන් ලා කරන්නේ ටික ටික ඒගොල්ලන්නේගේ අරමුණ කරා යාමයි. සිංහලයා, පාදඩ දේශපාලකයන් කියන දේට වඩා බෞද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් සිංහලයා වෙනුවෙන් කියන දේ පිළිගන්නට කැමතිය. අපේ නායක හාමුදුරුවරු කියන දේ නොපිලි ගන්නෝ සිංහල නම් වලින් පෙනී සිටින වෙනත් ජාතිකයින්ය. මල්වතු පාර්ශවය එක්සත් ජාතික පක්ෂයට ලදී බව ලංකාවම දන්නා කරුණකි. නමුත් ..

:       2       723

tarzanThursday, 19 October 2017 05:18 AM

මෙතන මහා නායක හාමුදුරුවරු ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරලා නැහැ..... ඒ ගොල්ලොත් වෙන අයගෙන් අහගෙන තමා කියලා තියෙන්නේ ?????

:       502       201

bamunu Friday, 20 October 2017 11:35 AM

ඉතින් මොකක්ද ප්‍රශ්නය හාමුදුරුවරු පාර්ලිමේතුවේ ගිහින් වැඩිවෙලා ඉන්නේ නැත. ඔවුන් අදාළ පුද්ගලයින් සමග කතාකර කරුණු දැනගෙන තමයි ඔය තීරණ ගන්නේ. ගුරුත්වාකර්ෂණය ගැන අපි ඉගෙන ගත්තේ ගුරුවරු ඒ සම්බන්දව කියා දීපු නිසා ඊට කලින් අප දැනගෙන සිටියේ අත හැරියොත් බිම වැටෙනවා කියලා පමණයි. බැංකු කොල්ලයට සුදු හුණු ගාපු මේ ගොල්ලන්ගෙන් ව්‍යවස්ථාව ගැන හරිකතාව දැනගන්න පුළුවන් කියා හිතනවා නම්. අං තට්ටුවක්ම දා ගන්න ඕනේ....

:       0       29

tarzan Thursday, 19 October 2017 05:47 AM

නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ අප විශේෂයෙන් සාකච්ඡා කළේ මේ සම්බන්ධව විද්වත් මණ්ඩලයක් අපව දැනුවත් කළ නිසයි ගුණදාස අමරසේකර , ජි , එල් පිරිස් , විමල් වීරවංශ.

:       410       221

sarathThursday, 19 October 2017 06:13 AM

කොලේ වහල ගහන්න ගියහම ඔහොම වෙනවා. හොඳ තීරණයක් අපිව රවට්ටන්න හදපු පරයින්ට සහ ජාතිවාදීන්ට .ඒකීය කියන එක වෙනුවට තෙලිඟු භාෂාවෙන් කෑලි දාල .බුද්ධාගමට ඇති රාජ්‍ය අනුග්‍රහය නැතිකරලා. ජාතිවාදීන්ට ඕනේ විදියට ( දෙමළට විතරක් උතුර ,නැගෙනහිර දීල ) ඉතිරි ටිකේ දෙමළටයි සිංහලයටයි මුස්ලිම් අයටයි,බර්ගර් ,මලේ ඔක්කොටම් ඉන්න කියන ජාතිවාදී ව්‍යවස්ථාවක් මේක

:       105       502

Rachith Wednesday, 18 October 2017 01:36 PM

වත්මන් ආණ්ඩුව හදන්නේ රැවුල ගිනි අරන් තියෙන අස්සේ සුරුට්ටු පත්තු කරන්න. මේකෙන් වෙන්නේ රට තවත් අගාධයට යන එක විතරයි. ඔබ වහන්සේලා මේකට විරුද්ධව පෙරමුණ ගන්න

:       4239       5658

SATHYAPALA Wednesday, 18 October 2017 11:15 PM

රුචිත, සමහර මහනායක හිමිවරු කියන දේවල් වැඩිය විශ්වාස කරන්න එපා. ඔය විදිහට ඉදල හෙට ඕකට හාත්පසින්ම වෙනස් දෙයක් කියන්න බොහෝ විට ඉඩ තියනවා.

:       155       182

sathyapala Thursday, 19 October 2017 10:54 AM

මම කියපු එකට කොතරම් විරුධව හිටියත් පැය කිහිපයක් යන්නටත් පෙර එය ඇත්ත වෙලා. අගමැති කියනවා මල්වතු නාහිමි ඉන්නේ පිටරටක. එයා මේකට එකගයි කියල . මම දැනගත්ත මේක මෙහෙම වෙනවා කියල.

:       81       4

Perakum Wednesday, 18 October 2017 01:37 PM

ගිහියන් වන අපට මෙන් භික්ෂුන්වහන්සේලාට එහි අවශ්‍යතාවය නොදැනීම අරුමයක් නොවේ. ව්‍යවස්ථා සංසෝධනය කලයුත්තේ දේශපාලකයින් පමණක් විසින් නොවේ. ඒ සඳහා සුදුසු උගත් වියත් විශේෂඥ දැනුමක් ඇති අයගෙන් සමන්විත මණ්ඩලයකින් සිදුවිය යුතුය. එයට දේශපාලක නියෝජනයක්ද තිබිය යුතුය. එසේ නොමැතිව අද මෙන් තනිකර දේශපාලකයිගෙන් සැදුම්ලත් මණ්ඩලයක් සැමවිටම ඔවුන්ගේ කැමැත්ත පරිදි ක්‍රියා කරනු ඇත. එය ජනතා අභිවෘධිය පිණිස නොවනු ඇත. ඊට මහජන අදහස්ද ලබාගතයුතුය. එවැනි ක්‍රියාදාමයකින් පොදුජන අභිමතාර්ථ ඉටුවනු ඇත.

:       2003       2433

MPWednesday, 18 October 2017 02:40 PM

ඔබගේ පැහැදිලි කිරීම හරියට හරි. මේ අය කරන්න හදන්නෙම රටටත්, රටේ මිනිසුන්ටත් අහිතකර දේවල්මයි. ඒත් මේ ස්වාමීන් වහන්සේලා යම් යම් දේවල්වලට උපදෙස් දෙන විට සමහර අසමජ්ජාති මිනිසුන් ඒ ස්වාමීන්වහන්සේලාටත් බණිනවා. හරිම අශෝභනයි. රට කරන අයට උපදෙස් දීමට ඒ ස්වාමීන්වහන්සේලාට අයිතියක් තියෙනවා. ඉතිහාසයේ එහෙම අවස්ථා තියෙනවා.

:       429       1240

SenarathThursday, 19 October 2017 03:51 AM

එත් පසුගිය දිනක මහනායක හාමුදුරුවෝ කරපු ප්‍රකාශය " මේ ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේ නැහැ " කියන එක දේශපාලකයන්ට "පනින රිලුන්ට ඉනිමන් බදිනවා " වගේ ප්‍රකාශයක් . කිසිම කෙනෙක් සියල්ල දන්නා අය නොවෙයි. ඒක මහනායක ස්වාමින්වහන්සේලටත් අදාළයි. ව්‍යවස්ථාවක තියෙන වචන වල යම් අපැහැදිලි බවක් තිබුනොත් ඒක නිර්වචනය වෙන්නේ ඉහළ උසාවිය මගින්. ඒ නිසා අද ඉන්න රට ගැන නොහිතන, විජාතිකයන්ට උවමනා විදියට නැටවෙන, මුදලට දෙකට නැමෙන දේශපාලකයන් ගැන අපිට විස්වාසයක් ඇත්තෙත් නැහැ. ඒ වගේම මේ ව්‍යවස්ථාව ගෙන ඒමට පිටරැටියෝ කරන බලපෑම ගැනත් හිතනකොට මේ ව්‍යවස්ථාව ඇතුළත එහෙම වචන හරඹයක් කරලා සිංහලයට අසාදාරනයක් කරන්න පුළුවන්. එම නිසා. අනෙක අපේ රටේ දේශපාලකයෝ වැඩිදෙනා හොද උගත්තු නෙමෙඉ. ඒ නිසා ව්‍යවස්ථාවක් හැදීම කල යුත්තේ පැරකුම් මහතා කියන විදියට තනිකර දේශපාලකයන්ගෙන් සමන්විත මණ්ඩලයකින් නොවේ. රටේ ඒ පිළිබඳ උගතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් කියන ඒක ඉතාම හොද අදහසක්.

:       2       109

අප්පුහාමි Wednesday, 18 October 2017 01:37 PM

ඒ කියන්නේ ජේ ආර් ගේ ව්‍යවස්ථාව හොඳයි ?. මෙච්චරකල් කෑගැහුවේ බොරුවටද ?

:       134       1720

KamalWednesday, 18 October 2017 02:15 PM

ජේ ආර් ගේ ව්‍යවස්ථාවෙන් මහනාහිමිවරුන්ට ලැබෙන වරප්‍රසාද වැඩියි.

:       2412       3189

SamarawiraWednesday, 18 October 2017 05:24 PM

ජේ ආර් ගේ ව්‍යවස්ථාවෙන් මොනවද මහ නායක හාමුදුරුවන්ට හම්බ වුණු වරප්‍රසාද? අඩු ගානේ ව්‍යවස්ථාව දැකල වත් තියෙනවද? නිකන් ඉන්න.

:       733       626

bamunuSaturday, 21 October 2017 02:14 PM

අප්පුහාමි ඔබ ඉස්කෝලේ ගියානම් නිකමටවත් අහලා තිබෙනවාද "දන්න යකා නොදන්නා සුර දූතියට වඩා හොඳයි කියලා" රටේ පළාත් සභා හදාගෙන මෙරට විනාස කරන ව්‍යවස්ථාව රට බෙදාදෙන ව්‍යවස්ථාවට වඩා හොඳ නැද්ද?

:       0       0

sanka Wednesday, 18 October 2017 01:55 PM

සාදු සාදු සාදු !!!!

:       153       339

Kariyawasam Wednesday, 18 October 2017 01:56 PM

පහුවෙලා හරි අශ්වයා ඉස්තාලෙන් පනින්නට පෙර මල්වතු හිමිපානන්ට මෙය අවබෝධ වීම ගැන අපගේ ප්‍රණාමය. රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබවහන්සේලාගේ නිරතුරු අවධානය අප බලාපොරොත්තුවෙමු. රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ දක්වා මුලසිටම එඩිතර ප්‍රකාශ කල වරකාගොඩ හිමි, නාපානෙ හිමි හා කොටුගොඩ හිමිවරුන්ට නැවතත් අපගේ ප්‍රණාමය.

:       1272       2076

samanThursday, 19 October 2017 12:48 PM

මෙතුමන්ලා ලංකාවේද ඉන්නේ

:       1       0

Lusena Wednesday, 18 October 2017 02:08 PM

එතකොට වියන්ගොඩ පිරිමි නර්ස් එන්ජීඕ නඩේට අලුත් එකක් ඕනෑ කියලා කිව්වේ මොකටද?

:       319       501

බද්රානි Wednesday, 18 October 2017 02:22 PM

මේ තරම් හොඳ ව්‍යවස්ථාවක් අපට ආයේ හදා ගන්න පුලුවන්ද? ජේ ආර් මහත්තය අපට හදලා දුන්නු මනාප චන්දක්‍රමය හා රටේ ආර්ථික ක්‍රමය වගේම, ඒ ව්‍යවස්ථාවට පින්සිද්ධ වෙන්න නේන්නම්, අපි අද මේ ලෝකෙටම ලොක්කෝ වෙලා වගේ යස අගේට, ජයපැන් බොමින් ජීවත් වෙන්නේ. අනික ඉතින් අපේ කට්ටිය මොනවා කලත් කරන්නේ තමන්ගේ පොකට් එකට එහෙමත් නැත්නම්, තමන්ගේ වාසියට තවකෙකුගේ උවමනාව පිරිමහන්න විනා, රට ගැන සිතා ක්‍රියා කරන නායකයින් නම් අපට පෙනෙන තෙක් මානෙක නැහැ

:       235       205

indikaThursday, 19 October 2017 05:13 AM

මහනායක හාමුදුරුවරු කිව්වා එක හරියට අහල නැහැ. හොඳ දේවල් තිබුනට කමක් නැහැ. බෙදුම්වාදීන්ට බලය ලැබෙන දේවල් අයින්කරන්න කියලයි කිව්වේ. ඒ හින්ද හොඳ දේවල් විතරක් හදාගෙන අනිත් ඒවා වෙනස් කරන්නයි තියෙන්නේ. නැතුව ආසන මට්ටමෙන් මහජන නියෝජිතයෝ පත් කරන එක වගේ දේවල් තියෙන්න ඕනේ.

:       108       34

dias Wednesday, 18 October 2017 02:29 PM

අපේ අදහසත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කල යුතු අවස්තාවක් නෙවේ. මුලින්ම ප්‍රාදේශීය සභා මැතිවරණ පවත්වමු. දෙවනුව මුළු රටේම පළාත් සභා පවත්වා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ස්ථාවර රජයක් පිහිටුවා ගෙන අලුත් ආණ්ඩු ක්‍රමයකට යා යුතුයි.. රටට හොඳ නම් ජයවර්ධන ව්‍යවස්ථාවයි.

:       134       348

Sepala Wednesday, 18 October 2017 02:57 PM

1972, 1978 ව්‍යවස්ථා හැදුවේ ඔබවහන්සේලාගෙන් අහලද?

:       858       1169

Sisira Wednesday, 18 October 2017 03:00 PM

හාමුදුරුවෝ දේශපාලනය හදාරා නැත. බලය බෙදීමක් ගැන දන්නේ නැත.

:       2278       2443

ජයබාහු කරුණාරත්න Wednesday, 18 October 2017 05:42 PM

සිසිර මහත්මා, ඒ සඳහා හාමුදුරුවන්ට දේශපාලනය ගැන දැනුමක් අවශ්‍ය නෑ. පාසල් ළමයෙකුටත් තේරෙනවා රටට වෙන්න යන දේ. අනිත් කාරණය නම් ගිහියාට වඩා දැනුමක් රට ගැන ආදරයක් තියෙන්නේ හාමුදුරුවන්ට. ඉතිහාසය කියවලා බලන්න. ආභිධම්මික ගෝදත්ත හාමුදුරුවෝ තමයි ලංකාවේ මුල්ම අග්‍ර විනිශ්චයකාරයා.

:       262       793

puraThursday, 19 October 2017 12:14 AM

ඒත් ඉතින් පස්සේ ආපු අනිත් ඈයෝ ගිහියෝ නේද ?

:       34       1

MPThursday, 19 October 2017 02:00 AM

නොදෑන බොරුවට කෑගහන අයට හොදින් පෑහෑදිලි කර දීම පිලිබදව ස්තුතියි.

:       2       34

JayanaFriday, 20 October 2017 10:34 PM

මේ හිමියන්ලා බලය බෙදීම ගැන මෙන්ම සුපිරිසුදු බුදු දහමද හදාරලා නැති බව නම් හොඳට ප්‍රදර්සනය කරනවා

:       0       0

wickramaThursday, 19 October 2017 01:07 AM

5 පන්තියේ ළමයෙක් ගෙන් අහල බලන්න

:       24       78

bamunu Saturday, 21 October 2017 02:26 PM

හාමුදුරුවෝ බලය බෙදීම ගැන දන්නේ සිංහලයා බෞද්ධයෝ වූ දවසේ සිටයි. නමුත් අපි කවුරුත් කතා කරන ඕ ලෙවල් වත් පාස් නැති පිරිසක් දේශපාලනය හදාරා තිබෙන්නේ. විකාර කතා.

:       0       0

Sena de Silva Wednesday, 18 October 2017 03:21 PM

නව ව්‍යවස්ථාවක් සාදා දමිල ප්‍රශ්නයට විසදුමක් ලබා දීමට අපොහසත් වන්නේ නම් කවදා හෝ ජාත්‍යන්තර මැදිහත් වීමකින් දෙමල ඊලම පිහිටුවීම නොවලක්වියහැකි කරුණක් වේවි. එයයි යතාර්ථය.

:       1694       743

chandra Wednesday, 18 October 2017 03:44 PM

බලය බෙදීම අවශ්‍ය වන්නේ සිංහල මෙන්ම දෙමළ දේශපාලකයින්ටය. සිංහල හෝ වේවා!!! දමිල හෝ වේවා!!! මේ රටේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ නිදහසේ තමන්ගේ දක්ෂතාවය අනුව ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. එය තියෙන ව්‍යවස්ථාවෙන්ද නායකයින්ට අවශ්‍ය නම් කල හැක.

:       73       662

Deepal Nirosh Wednesday, 18 October 2017 03:57 PM

ඉතාම වැදගත් ජාති හිතෛෂී තීරණයක්, මේ අනතුරුදායක අවස්ථාවේ රටේ ගැලවුම්කරුවන් විය යුත්තේ මහානායක ඔබ වහන්සේලා ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයයි අපේ හාමුදුවරනේ! සාදු... සාදු... සාදූ...

:       192       1706

ඩී. ජයදේව Wednesday, 18 October 2017 04:11 PM

ලංකාව ට මොන ව්‍යවස්ථාද නේද හාමුදුරුවනේ ...?

:       2       181

parakkrama Wednesday, 18 October 2017 04:39 PM

ගරුතර මහා සංඝරත්නය කථිකා කරගෙන ගනු ලබන තීන්දු තීරණවලට සිංහල බෞද්ධ ජනතාව එරෙහිව කටයුතු කරන්නේ නැති බව කවුරුත් දන්නවා. ස්වාමීන්වහන්සේලා ධර්ම දේශනා කරන්නේ ශාන්තව හික්මුණු ස්වභාවයෙනි. ඒ ලෙස බණ අසමින් සිටින අයගේ සිත් සසල වන්නේ, දුෂ්‍ය වන්නේ නැත. අර හැමතැනම පැවැත්වෙන උද්ඝෝෂණවල පෙර ගමන් කරුවන්ගේ, සංවිධායකයින්ගේ කටවල්වලින් පනින ආකාරයෙන් මෙන් " අපි ආණ්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව හකුලා ගන්න කියලා" යි කියනවාට වඩා සංඝ සභාවන්ගේ සම්මුති තීරණ පරිදි, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත නොකරන ලෙස ආණ්ඩුවට දැනුම් දී සිටිනවා කිව්වා නම් කොතරම් සුමට දැයි හැඟේ. ගරුතර සංඝරත්නය ඒ ආකාරයෙන් දේශපාලනයට හවුල් වෙනවා නම් කොතරම් හොඳද?

:       116       303

vipulaThursday, 19 October 2017 03:24 AM

ඒ බණ කියන්නේ සාමාන්‍ය ජනතාවට. මේ කියන්නේ දේශපාලකයන්ට. බලයේ සිටින දේශපාලකයන්ට ඉතාමත් සුදුසුම ආකාරයෙන් ප්‍රකාශකර ඇත

:       2       26

ASITHA JAYASURIYA Wednesday, 18 October 2017 04:43 PM

බොහොම වැදගත් තීන්දුවක් !!!

:       91       284

priyankara Wednesday, 18 October 2017 04:50 PM

නව ව්‍යවස්ථාවක් මොකටද අනාගත දරුණු විපාක අත්වෙයි... ඕවා දුන්නොත් අපේ හාමුදුරුවන්ට...

:       83       24

dhamneth Wednesday, 18 October 2017 05:09 PM

ජේ ආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවේ ගුණාත්මකභාවය වටහාගන්න සමහරුන්ට අවුරුදු 39ක්ම ගියානේද අපේ හාමුදුරුවනේ? එදා 1978 සිටම මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කිව්වා. චන්ද්‍රිකා මැතිණිය කීව්වා. මහින්ද මහතා කිව්වා. වාමාංශික පක්ෂ කියනවා. මේ වෙනස්කම් කලයුතුය කියා. දැන් රනිල් මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතාත් කියනවා මෙය වෙනස් කලයුතුයි කියා. ජේ .ආර් .ජයවර්ධන මහතා නම් කිව්වේ මේ ව්‍යවස්ථාවේ කරන්න බැරි ගැහැනියක් පිරිමියෙක් කරන එකත්, පිරිමියෙක් ගැහැනියක් කරන එකත් කියා. කොයි වැඩය කරන්නත් දක්ෂතා තිබිය යුතුයි.

:       61       160

Ravindra Wednesday, 18 October 2017 05:30 PM

මේකේ මහ නා හිමිවරුන්ගේ පින්තූර දැම්මට මේක කියන්නේ අනුනායක හාමුදුරුවරුනුයි.. මේ රටේ ජනතාව නව ව්‍යවස්ථාවක් ඕනෑ කියා දෙවතාවක්ම ජනමතයක් දීලා තියෙනවා. හාමුදුරුවරුන් නොදන්නා රාජ්‍ය පාලනය කරගන්න ඉඩ දීලා දන්න ලෝකෝත්තර දහම ගැන ජනතාවට දෙසන්න..

:       1005       744

weera wickramaThursday, 19 October 2017 01:10 AM

ලංකාවේ වසර 2500 පැවතුනේ මහා සඟ රත්නයේ මැදිහත් වීම මත.

:       104       158

aseThursday, 19 October 2017 07:25 AM

ලංකාවද බෞද්ධ ධර්මයද?

:       0       1

bamunu Saturday, 21 October 2017 02:56 PM

ලංකාව රැකුනොත් නොබෙදුනොත් සිංහල ජාතිය රැකෙනවා එතකොට බුදුදහමත් රැකෙනවා. බුදුදහමත් නැතිව සිංහල ජාතියක් නැත, සිංහල ජාතිය නැතිව මෙරටේ බුදුදහමත් නැත. අපට උගන්වා තිබෙන්නේ පළමුව රට දෙවනුව ජාතිය තෙවනුව ආගම. එම නිසයි හාමුදුරුවරු ආගම පැත්තකින් තියලා රට රකින්න ඉදිරියට එන්නේ. ඕක නොත්රෙන සිංහලයා සිංහලයෙක් නොවෙයි මොකක්හෝ කවලමක් ඇත්තෙක්

:       0       0

indikaThursday, 19 October 2017 06:22 AM

නව ව්‍යවස්ථාවක් ගෙන්න ජනමතයක් ලැබුනේ නැහැ. සංශෝධනයක් ගේනවා කියල විතරයි කිව්වේ. අනිත් එක ඔය කියන ජන මතය දැන් තියෙනවද??

:       1       50

Perera Wednesday, 18 October 2017 05:48 PM

ඔය ව්‍යවස්ථාව වෙනස් කලත් එකයි නැතත් එකයි, ලංකාවේ ඉන්න අවස්ථාවාදී දේශපාලකයොයි. ඒ අයට උල්පන්දම් දෙන වටේ ඉන්න වන්දි භට්ටයිනුයි.... රට ගැන නොසිතා තම තමන්ගේ පුද්ගලික වාසි තකා තම බලය යොදවනතාක් කල් ලංකාවටත් සාමාන්‍ය ජනතාවටත් කිසිම යහපතක් හෝ ගුණාත්මක ජීවන තත්වයක් කිසිදාක ලැබෙන්නේ නැහැ.

:       40       12

රුවන් Wednesday, 18 October 2017 05:58 PM

ලංකාව ඒකීය රටක් විදිහට ව්‍යවස්ථාවේ තියෙන නිසා තමයි ජාත්‍යන්තර මැදිහත් වීමක් කරන්න බැරුව තියන්නේ. කොහොම හරි ලංකාව සන්ධීය රාජයක් වුණෙත් ඔය ජාත්‍යන්තර මැදිහත්වීම් ලේසි වෙනවා. දෙමළ මිනිස්සුන්ට තියන සැබෑ ප්‍රශ්න වලට විසඳුම මේක නෙවෙයි.

:       24       258

Ratnamalala Wednesday, 18 October 2017 06:17 PM

අර නඩේට දැන් මොනවා හිතෙනවා ඇතිද?

:       168       185

sam Wednesday, 18 October 2017 07:45 PM

උබතුමා වගේ අය රටේ ජීවත් වෙනකං ජාත්‍යන්තරය මැදිහත් වෙනවා තමයි. මුළු රටේ බහුතරයක් කීවොත් ජාත්‍යන්තරය ඒ අයගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉදීවි.

:       0       7

Sesath rala Wednesday, 18 October 2017 08:57 PM

අපේ ශ්‍රී ලංකාවෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්නේ ඉරානයේ වගේ පුජ්‍ය පක්ෂය පමණක්ද ?

:       4       66

Erdi Wednesday, 18 October 2017 10:00 PM

අලුත් ව්‍යවස්ථාවක් රටට අනවශ්‍යය බව මහාණායක හිමිවරු වදාලා ඇත්තෙ එහි සුළු ජාතින්ට සම තත්ත්වයක් හිමිවීම උහුලාගත නොහැකිවීම වෙන්න ඇති? ඔව් අපි අනාදිමත් කාලයක සිට සුළු ජාතින්ගෙ බෙල්ල පාගගෙන හිටිය වගෙ ඉදිරියටත් වැඩේ කරගෙන යමු.

:       102       39

asanka Wednesday, 18 October 2017 10:08 PM

දැන් තියන ව්‍යවස්ථාව ඉතාම හොද ව්‍යවස්ථාවක්, ලංකාව ඒකීය රටක් විදිහට ව්‍යවස්ථාවේ තියෙන නිසා කිසිම කෙනෙකුට රට දෙකඩ කරන්න බැහැ, ජනාධිපති බලතලත් එසේම තිබිය යුතුයි. ඉතාම හොද තීරණයක් ඔබවහන්සේලාට හිසනමා ආචාර කරමි .

:       64       165

aravinda Wednesday, 18 October 2017 11:03 PM

මා සිතන අන්දමට නව ව්‍යවස්ථාවක් ඇතිකිරීම සඳහා බොහෝ බලපෑම් ඇතිවන්නේ ජාත්‍යන්තරයෙනුයි. අවාසනාවකට, අද අපේ රටේ ආර්ථිකය ජාත්‍යන්තරය සමග දරුණු ලෙස බැදී පවතින හෙයින්, ඔවුන්ට මේ බලපෑම් අපට කල හැකියි.

:       0       20

ලුම්බිණි Wednesday, 18 October 2017 11:55 PM

මහනාහිමි වරුන්ට අයිතියක් තිබෙනවා එතුමන්ලාගේ අදහස් පල කරන්න. ඒත් පසු ගිය මැතිවරණ වලදී මේ රටේ මිනිසුන් ඡන්දෙ දුන්නේ ජනාධිපති ධුරය අයින් කරන්න. ව්‍යවස්ථාව වෙනස් නොකර ඒක කරන්න බැහැ. අපි ගරු කල යුත්තේ රටේ මහජනයාගේ අදහසටද එහෙම නැත්නම් මේ හාමුදුරුවරුන්ගේ අදහසටද?

:       93       47

indikaThursday, 19 October 2017 06:26 AM

ඔය කියන ජනමතය හම්බුණේ කරන්න යන ව්‍යවස්ථාව පෙන්නලා ද? රටට හොඳ දේවල් කරනවට මිනිස්සු අකමැති නැහැ. හොඳ ගොඩක් තිබුණත් එක භයානක දෙයක් තිබුනොත් ඒ ඔක්කොම ඉවරයි. එතනයි වැරැද්ද තියෙන්නේ.

:       1       97

Rohana Thursday, 19 October 2017 12:05 AM

අපේ හාමුදුරුවනේ ,පවතින මැතිවරණ ක්‍රමය නිසා අසීමිත වියදමක් යනවා අපේක්සකයන්ට. දිනුවට පස්සේ අයතා ආකාරයට මුදල් හම්බකරනවා. දැනට පාර්ලිමේතුවේ ඉන්න 225 කිදෙනෙකුට වංචා චෝදනා තිබෙනවද.? දේශපාලකයන්ට රටේ සාරය උරාබීමට ලැබී තිබෙන පුළුවන්කම අහෝසි කිරීම නොකොළ යුතුද?

:       0       2

pura Thursday, 19 October 2017 12:12 AM

එතුමන්ලට දේශපාලනේ ගැන තියෙන දනුම මොකක්ද ? මේ වගේ සංකීර්ණ දෙයක් ගැන කතා කරද්දි, හැම පැත්තක්ම ගැනම බලල කතා කරන්න තරම් මෙතුමන්ලට තේරුමක් තියෙනවද ? ඔවුන් සංඝයා වහන්සේලා බව ඇත්ත, නමුත් සියලු දේ දන්න අය නෙමේ නේද ?

:       87       112

jayantha Thursday, 19 October 2017 12:48 AM

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාට අනෙක වාරයක් ස්තූතියි.... ඔබට පින් !

:       41       70

vijitha Bulath Thursday, 19 October 2017 12:52 AM

පහුවෙලා හරි මල්වතු හිමිපානන්ට මෙය අවබෝධ වීම ගැන අපගේ ප්‍රණාමය තවමත් ප්‍රමාද නැහැ හොද වෙලාවට. සියලු දෙනාට සත්‍ය වැටහේවා!

:       14       91

malaka Thursday, 19 October 2017 12:52 AM

ලංකා ආණ්ඩු පත් කරන්නේ සහ පවත්වාගෙන යන්නේ මේ නිකායවලින්ද ?

:       135       108

Lapaya Thursday, 19 October 2017 12:53 AM

ලංකාවෙන් 20% වත් නැති ද්‍රවිඩයන්ට ලංකාවෙන් 1/3 ක් පාලනය කරන්න දෙන එක හරිද සිංහලුනේ............

:       32       234

සිරිල් Thursday, 19 October 2017 01:40 AM

ඇයි මේ බොරු කියන්නේ මහනායක හාමුදුරුවරු නෙමෙයිනේ කීවේ අනුනායක හාමුදුරුවරුන්ගේ ප්‍රකාශය ගැන ඇයි වැරදි අදහස් ජනතාවට දෙන්නේ.. මල්වතු මහ නායක හාමුදුරුවෝ පැහැදිලිව තමන්ගේ මතය කියලා තියෙනවාගේ බලය බෙදීම අවශ්‍යයි කියලත් කීවානේ ඇයි මෙහෙම බොරු දාන්නේ...

:       104       57

පිටිගල මිලානෝ Thursday, 19 October 2017 02:25 AM

මමත් කැමති බුද්ධාගම මුලික වූ ව්‍යවස්ථාවකට හේතුව එතකොට අපිට ඉක්මනින්ම නිවන් යන්න පුළුවන්නේ.

:       67       26

Ranjith Silva Thursday, 19 October 2017 02:51 AM

වැසියන්ගේ ආර්ථිකය යහපත් කර නීතිය සහ සාදාරණත්වය පිහිටුවන්න පළමුව. ව්‍යවස්ථාවගැන පස්සේ බලමු. ඕක නිසා තවත් ප්‍රශ්න වැඩි වෙනවා මිසක් විසදුමක් නම් නොවේ. ඡන්ද පොරොන්දු කියල කරන්න හදනවානම්, තව කොච්චර පොරොන්දු තියනවද ඉටු කරන්න මේකට ඉස්සෙල්ල.

:       0       77

vipula Thursday, 19 October 2017 03:21 AM

ඔබ වහන්සේලා ට අපගේ නමස්කාරය වේවා . බලයේ සිටින දේශපාලකයන්ගේ කතාවලට නොරැවටී රටත් ජාතියත් බේරා ගැනීමට ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන . මේ වෙලාවේ රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම නොවෙයි කල යුත්තේ රටේ ආර්ථිකය නැංවීමයි . එයට මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් කල නොහැක. නමුත් ඉදිරි මැතිවරණ වලදී ජන්ද ලබා ගැනීමේ අරමුණ විතරයි මෙහි තිබෙන්නේ.

:       125       241

දිලුම් Thursday, 19 October 2017 03:34 AM

ඔබ වහන්සේලාට අපගේ ප්‍රණාමය. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියනවනේ. අපේ සිංහල එවුන්ට මේකේ රගේ තේරෙන්නනේ නෑ. අනේ ඔබ වහන්සේලාවත් මැදිහත් වෙලා මේ ආණ්ඩුවට මේක කියන එක කොයි තරම් හොදයිද.

:       120       232

අනුර Thursday, 19 October 2017 03:50 AM

1978 ව්‍යවස්ථාවට විරුද්ධ වුණේ බොහොම ටික දෙනයි. වැඩිපුර චිරෝධයක් මතුවුනේ 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට. ඒ අයම තමයි පසුව 13 අවශ්‍යයි කිවුවේ. මේ කෑගහන බොහෝ දෙනාට ජාතිය ගොඩ නැංවීමේ ජාතික චින්තනයක් නොමැති බවයි මට නම් හිතෙන්නෙ.

:       23       68

indika Thursday, 19 October 2017 03:56 AM

සියලුදේ ඇත හැර නිවනට ගිය අයද රට පාලනය කරන්නේ .ණයට කකා පිනට පඩිගමු හොදට බුදියමු .

:       68       166

Kidithuwakku Thursday, 19 October 2017 04:03 AM

මේ පුවත බැලුවම පේන්නේ මහනායක හිමිවරුත් ඒකාබද්දෙට එකතුවෙලාද කියල?

:       334       312

පිටිගල මිලානෝ Thursday, 19 October 2017 04:07 AM

මට තව අලුත් බෙන්ස් එකක් ඕනේ..!

:       252       252

kumara Thursday, 19 October 2017 04:46 AM

ආගමික සංස්ථාව රටක නීති හැදීමට අවශ නැත ත්‍රිපිටකය වෙනස්කරනවානම් මැදිහත්වන්න.

:       234       132

saman Padukkavidana Thursday, 19 October 2017 04:54 AM

රටේම ස්වාමින් වහන්සේලා එකතුවෙනවානම් ගොඩාක් හොදයි මේ රටට ජාතික සහ ආගමික වශයෙන් නායකත්වයක් නැතිකම විශාල අඩුවක් ඉතාම ගෞරවයෙන් සහ නමස්කාර පුර්වකව මෙහෙම යෝජනාවක් කරමි ඔබවහන්සේලා මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ඉදිරිපත්වෙලා මෙහෙම කලොත් මෙම රටටත් බුද්ධාගමටත් විශාල සෙතක් වෙනවා මා දන්නා විදිහට අපේ රටේ මහනායක හිමිවරු තිස් දෙනමක් වැඩ සිටිනවා ඔබවහන්සේලා තිස් දෙනමම සහ අනුනායක හිමිවරු අතුලු අදාළ සියලු නායක ස්වාමින් වහන්සෙලා එකතුවෙලා අපගේ රටට මහා නායක ස්වාමින් වහන්සේ නමක් පත්කර ගන්න " (සඟරාජ නාහිමි ලෙස නම් කලත් හොදය) මෙම සියලු ජාතික ආගමික ගැටළු එක නායකත්වක් යටතේ සකච්චාකර රටට ඉදිරිපත් කරන්න අවශ්‍යනම් විද්වත් ගිහි කාරක සභාවක සහය ලබාගන්න අදාල කාරණය වෙනුවෙන්. මෙවැනි උත්තරීතර " සඟ රාජ සභාවක් " වෙනුවෙන් නීතිමය ප්‍රතිපදනද ලබාගත හැක මෙම යෝජනාවෙන් වරදක් ඇත්නම් දහස්වාරයක් සමාවනසේක්වා.!

:       31       257

hasitha Thursday, 19 October 2017 05:05 AM

එක්කෙනෙක් අදහස් දාල තියෙනවා දෙමල අයට තියෙන ප්‍රශනය විසදන්න කියලා. අපිට පැහැදිලිව කියනවද දෙමල අයට තියෙන විශේෂ ප්‍රශ්නය මොකක්ද කියලා?

:       17       172

saman Thursday, 19 October 2017 05:13 AM

ඔබ වගේ පඬිවරු රටේ වැඩිනිසා අපිට මෙහෙම වෙනවා

:       109       53

Tissa Thursday, 19 October 2017 05:40 AM

අපේ රටේ පාලනය අස්ගිරි - මල්වතු නාහිමිවරුනට බාර දෙමු. එතකොට දස ධර්මයෙන් රට පාලනය කරයි . අදහස් දක්වන්න.

:       45       132

S JAYASIRI Thursday, 19 October 2017 06:01 AM

ප්‍රේමදාස ජනාධිපති 60000 සිංහලයන් මරාදමනකොට මේ 1978 එක වෙනස් කරන්න ඕන කියල කීවා

:       16       1

ase Thursday, 19 October 2017 07:28 AM

වාසි පැත්තට හොයියා !

:       65       1

mangala welarathna Thursday, 19 October 2017 07:59 AM

අනේ මහනායක හිමිවරුනි හොර දේශපාලනය අත්හැර බුදු සසුන වෙනුවෙන් කටයුතු කරන්න හෝ චීවරධාරින් රටපුරාම විනාශ කරනවා පළමුව සංඝායනාවක් පවත්වා සසුන බේර ගන්න හොරු පස්සේයනවා වස් කාලයේ සල්ලි පින්ඩපාතේ යනවා මොනවද මේ වැඩ ඔබ වහන්සේලා පළමුව දෙවන ශික්ෂා පදයට ගරු කරන්න රකින්න බොහොම දුකින් මේක කියන්නේ

:       73       134

saman Thursday, 19 October 2017 08:28 AM

නඩුත් හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ..හොරුත් හාමුදුරුවන්ගේ .....

:       101       139

jeewan Thursday, 19 October 2017 08:36 AM

අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරු????

:       32       0

jayampathi Thursday, 19 October 2017 08:54 AM

එතකොට කලින් හොඳ මාතෘකාවක් වූ රටට සාපයක් වූ ජේ ආර් ගේ ව්‍යවස්ථාව දැන් හොඳයි කියමු , රටට බරක් වූ ඒකාධිපති විධායක ජනාධිපති කලින් එපා කිව්වට දැන් ඕන කියල කියමු......කලින් පොඩි පොඩි හාමුදුරුවරු ධර්මය විහිලුවට ලක් කලා.....දැන් ඔබ වහෙන්සේලා විසින්ම බුද්ධගම විකෘති කරනවා නරකද පාර්ලිමේන්තුවත් අහෝසි කරලා රට පාලනය කරානම්. ඔබ වහන්සේලා දැන් දෙසන්නේ ජි. ඇල්. විමල් , ගම්මන්පිල , ඩලස් , මහින්ද වැනි අයගේ අදහස් ද ?

:       119       562

bamunu Saturday, 21 October 2017 02:50 PM

තිබෙන නරක එකට වඩා නරක එකක් ලැබෙන විට ඔබ මොකද කියන්නේ අනේ ඕක එපා මේක මට හොඳයි කියලා නේද. ඔය වගේ දෙයක් තේරුම් ගන්න බැරි අයද මෙතැන මේ ලියන්නේ. අනේ අපොයි විනිසුරුවන්ට ගල්ගහපන් කියපු විදායක ජනාධිපති කමකුත් තිබුනා රට බේරාගන්න ඕනෑම දෙයක් කරන්නම් යක ජනාධිපති කමකුත් තිබුනා. විධියක ජනාධිපති කමේ නොවෙයි වැරැද්ද එක පාවිච්චි කරන්නේ කොහොමද කියන කෙනා අතයි හොඳ නරක තිබෙන්නේ.

:       0       0

Srimala Thursday, 19 October 2017 08:57 AM

අස්ගිරි මල්වතු නාහිමිවරුනගේ ඒකාබද්ද නිවේදනයේ සඳහන් වෙන්නේ ඒකාබද්ද විපක්ෂයේ නිවේදනයි.... සාදු සාදු!!!!

:       95       261

ranga Thursday, 19 October 2017 10:34 AM

මේ කමිටු වාර්තාව පමණක් නොව, කමිටුවම සැක සහිත නොවේද? මෙබඳු කමිටුවකින් මෙයිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය. මන්ද මෙහි පරම බහුතරය 'ෆෙඩරල් වාදීන්ගේන ' සමන්විත වූ නිසාය. අවංක දේශප්‍රේමීන්ගේ නායකත්වය අත්‍යවශ්‍ය මොහොතකි. ඒ නායකත්වයට ඔබවහන්සේලාගේ ආශීර්වාදය විශේෂ දළදා පුජාවක් මගින් ලබාදෙන ලෙස පාද නමස්කාර පුර්වකව ඉල්ලා සිටිමු.

:       16       5

bamunu Friday, 20 October 2017 11:42 AM

මහා බැංකු කොල්ලයක් කරලත් ඒ කරපු අය වැරද්දක් කරලා නැහැ කීව්වා මේ ගොල්ලන්ගේ පාලනය හොඳයි කියලාද කියන්නේ?

:       0       0

bamunu Saturday, 21 October 2017 02:19 PM

සේසත් රාළ අම්පයර්ලා ක්‍රිකට් ගහන්නේ නැත. සෙල්ලම් කරන අයගේ හරි වැරදි පෙන්වනවා පමණි. තව ප්‍රශ්න තිබෙනවාද?

:       0       0

bamunu Saturday, 21 October 2017 02:41 PM

ඒ නඩේට කොහොම උනත් නඩේ ගුරාට හිතෙනවා ඇති බේරා දුන්න රට පරිස්සම් කර ගන්න බැරි මේ වගේ ගුණමකුවන්ට මම ඇයි මෙරට බෙර දුන්නේ කියලා. මහින්ද මහතානෙණි එක සිංහල ජාතියේ හැටි. ප්‍රභාකරන්ට අවුරුදු 10 උතුර දෙමූ කියපු අය ගැනවත් සමහර සිංහලයින්ට මතක නැත. එහෙම කීවාද කියාවත් දන්නේ නැත. උනන්දු කෙනෙක් ඉන්නවානම් රනිල් මහතාගේ "අන්තර් ස්වයන් පාලන අදිකාරිය ගැන කියවන්න".

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 874 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 306 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 371 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 317 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 499 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4229 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site