IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නවීන් විපක්ෂයේ අසුන්ගනී

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය. 
 
ඔහු මුලින් තම ආසනයේ වාඩිගෙන සිටිය ද පසුව පිටතට ගොස් යළි පැමිණියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති දොරටුවකිනි.  ඔහු සන්දීත් සමරසිංහ මන්ත්‍රීවරයාගේ අසුන අසල ආසනයේ වාඩි වී එජාප පසුපෙ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සමග කතා බහ කළහ.  
 
එම අසුන්වල අසුන්ගන්නේ එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුය. කැබිනට් අමාත්‍යවරුන් විපක්ෂය දෙසට සාමාන්‍යයෙන් යන්නේ නැත. 
    

 



අදහස් (14)

නවීන් විපක්ෂයේ අසුන්ගනී

Ranjith Silva Monday, 04 December 2017 04:23 PM

ඔහොම යන්නම වේවි. පොහොර සමාගම් වලින් උදව් කරාවි.

:       278       583

Bamunuarachchi Monday, 04 December 2017 05:48 PM

බලමු මොකාටද එන්න හදන්නේ කියලා.

:       10       222

Nandalal DE SILVA - France Monday, 04 December 2017 08:02 PM

වැවිලි කර්මාන්ත ඇමති හැටියට මෙයාද දන්නේ නැහැ පොහොට්ටුව පිපෙන හැටි බලන්න ඒ පැත්තට හේත්තුවෙන්න හදන්නේ ! පක්ෂ මාරු කරන මැති ඇමතිවරුන්ට අසුන අහිමි කිරීමේ වගන්තියක් නව ව්‍යවස්ථාවේ අනිවාර්යයෙන්ම ඇතුලත් කිරීමට කාලය පැමිණ තිබෙනවා !

:       58       267

PerakumTuesday, 05 December 2017 08:42 AM

nandalal අපි කොයිතරම් උත්සාහ කෙරුවද ඔය වගන්තිය නව ව්‍යවස්ථාවට ඇතුල්කරගන්න. ඒත් අපේ රටේ ව්‍යවස්ථා හදන්නේ දේශපාලුවන්ට ඕන විදියට මිස ජනතා කැමැත්තට නොවෙයි. අපි හරිම අසරණයි.

:       0       12

ajith Tuesday, 05 December 2017 01:40 AM

මේවගේ බොළඳ ක්‍රියා කරලා ජනතාව රවටන්න අපහසුයි මහත්තයෝ.

:       27       434

Ranjith Tuesday, 05 December 2017 04:41 AM

වැවිලි කර්මාන්තය (කුඩා තේ වතු සංවර්දන අධිකාරියට ) දැන්වත් හොද කලක් යාවි................

:       38       362

darshana Tuesday, 05 December 2017 05:06 AM

ආණ්ඩුවේ තරම තේරුම් ගත්තාද ?

:       48       361

sunil Tuesday, 05 December 2017 08:45 AM

නවීන් එන්න, පොහොට්ටුව පිපී ඇත්දැයි බලන්න!

:       1       319

ajith karu Wednesday, 06 December 2017 02:35 AM

ඔබතුමාගේ පියාණන් ශ්‍රී ලංකාවේ නමක් දිනු දේශපාලකවරයෙක්. එතුමා පක්ෂයෙන් ගියේ වෙනත් පක්ෂයක් හදාගන්න. ඒක නම්බුකාර ක්‍රියාවක්. ඒත් ඔබතුමා කල වැඩේ එතුමාට කරන නව නින්ගිරියාවක් හැටියටයි මම නම් දකින්නේ.

:       7       43

nihal Thursday, 07 December 2017 08:20 PM

තමන්ගේ තාත්තගේ ලඟින්වත් තියන්න බෑ වගේ.. ගාමිණී දිසානායක කියන්නේ මේ රටට ඉතාම අවශ්‍ය වැදගත් පුද්ගලයෙක් ..

:       159       137

tikiri Friday, 08 December 2017 06:30 AM

තාත්තට සිද්ද වූ දෙයම සිද්දවෙයිද ?

:       3       175

නිමන්ත Thursday, 14 December 2017 05:10 PM

හැම ආයතනයකටම දාල තියෙන්නේ හොර සභාපති නඩයක්... දෙයියනේ කියලා ආයතන ටිකට යහපතක් ⁣⁣වෙයි. කියලවත් කරගන්න බැරි දෙයක්.. කුඩා තේ වතු එකේ ඉන්නේ අංක එකේ යකඩ හොරෙක්.. කලමණාකරන උපදේශකයන් කියලා දාලා තියෙනවා.

:       0       155

jayawardena Monday, 18 December 2017 02:23 PM

කලිනුත් බල තන්හාවම තමයි. එ්ත් මේ නම් ඒ තාත්තගේ පුතෙක් නම් නෙවෙයි වගේ...

:       0       292

jayawardenaSaturday, 23 December 2017 03:07 PM

ඒත් ඉතින් සාන්තුවරයෙක් නම් නෙවෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 265 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 714 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 719 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1141 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 786 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1652 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site