ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තවුරංගාහිදී අද (5 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී  නවසීලන්ත කණ්ඩායම ලකුණු 21 ක ජයක් අත්කර ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමගින් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජයගැනීමට නවසීලන්ත පිලට හැකිවිය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් ලබාගත්තේය. තිසර පෙරේරා (140) ශතකයක් ලබාගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 46.2 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 298 ක් පමණි.

තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න