(චන්දන ප‍්‍රනාන්දු සහ රවින්ද්‍ර ලියනගේ )
වෙන්නප්පුව - නයිනමඩම, බෝලවත්ත ප්‍රදේශයේදී පුද්ලගයින් 6 දෙනකු මරණයට පත් කරමින් අනතුර සිදුවූ මෝටර් රථය තුළ තිබී මිලි මීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් හමුවූ බව පොලීසිය කියයි.
ඉතාලියේ නිෂ්පාධිත මෙම පිස්තෝලයේ තිබී ජීව උණ්ඩ 08 ක්ද හමුවී ඇත.
කොළඹ හලාවත මාර්ගයේ බෝලවත්ත රංගම්මුල්ල පාලම අසල අද (20) අලුයම සිදු වු අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිදෙනෙක් තුවාල ලැබුහ.
මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප‍්‍රදේශයේ පදිංචි දානපති ව්‍යපාරිකයෙකු වන ප‍්‍රදීප් ලෝවු (40), සුරංග සම්පත් , එම් බණ්ඩාර , සංජීව ප‍්‍රනාන්දු , ජනිත් ප‍්‍රනාන්දු , මංජු ප‍්‍රනාන්දු ඇතුලු පිරිසකි .
හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරි සුරංජිත් කුමාරපේළි වෙන්නප්පුව කොට්ඨාස බාර පොලිස් අධිකාරි අර්නස්ට් පෙරේරා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක හැරල්ඩ් රොෂාන් මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නයිනමඩමේදී අනතුරට පත් මෝටර් රියේ තිබී පිස්තොලයක්-ජීව උණ්ඩ හමුවෙයි
Bamunuarachchi Thursday, 24 January 2019 09:13 AM
ප්‍රශ්නය මොකක්ද? මන්ත්‍රීන්ගේ ජීවිත විතරද ආරක්ෂා විය යුත්තේ? අපේ ජීවිත ජීවිත නොවෙයිද? අද රටේ තිබෙන තත්වය අනුව හැකියාවක් ඇති අය කාලතුවක්කු කාරෙක බැනගෙන යන්න පුළුවන් නම් එයත් වරදක් නැහැ. දැන් සල්ලි තිබෙන මිනිස්සු ගත යුත්තේ බී.එම්.ඩබ්ලිව් නොවෙයි යුද්ධ ටැංකි. ඉල්ලන්න ඕනෙම කෙනෙකුට තුවක්කු ලයිසන් දෙනවා කියන පක්ෂයකට මම මුදලින් ආධාර කරලා ඡන්දයත් දෙනවා.