IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ. 

ආනයන බදු ද ඇතුළත්ව මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර දකුණු ආසියාවේ පුද්ගලයකු මෙම මෝටර් රථයක් ආනයන කළ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ. 

අග්නිදිග ආසියාවේ හෝ මැද පෙරදිග කලාපයේ පුද්ගලයකු ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කළ පළමු අවස්ථාව මෙය විය හැකි බව ද පැවසේ. 


‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මෝටර් රථය එච්.ජේ. මුලිනර් සමාගම සහ බෙන්ට්ලි මෝටර් රථ සමාගම නිෂ්පාදනය කෙරූ සීමිත මෝටර් රථ වර්ගයකි. මුලිනර් සමාගම ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ක් නිෂ්පාදනය කර ඇති අතර එම මෝටර් රථ 50ම එකිනෙකට වෙනස් බව වාර්තා වේ.


ධම්මික පෙරේරා මහතා මිලදී ගෙන ඇත්තේ එම මෝටර් රථ මාදිලියේ අවසන් මෝටර් රථයයි. 

ලොව මිල අධිකම තනි මෝටර් රථ මාදිලිය වන ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ම හස්ත නිර්මාණය. මෝටර් රථ සියල්ලම එකිනෙකට ආවේණික ලක්ෂණවලින් සමන්විත වන අතර නිර්මාණය සඳහා ලොව මිල අධිකම ලෝහ වර්ග භාවිත කරමින් නිෂ්පාදනය කර තිබේ. 

එපමණක් නොව ලොව ප්‍රකට ස්වර්ණාභරණ නිර්මාණකරුවන් යොදාගන්නා ලොව මිල අධිකම  අමුද්‍රව්‍ය යොදාගෙන ඇති අතර මෝටර් රථවල බාහිර ආලේපන ලෙස රත්තරං සහ රිදී යොදාගෙන තිබේ. 

ධම්මික පෙරේරා මහතා විසින් මිලදී ගනු ලැබ ඇති මෝටර් රථය නිල් සහ ‘පෝසිලේන් සුදු’ පැහැයෙන් යුතු මෝටර් රථය අද (15 වැනිදා) මෙරටට ගෙන්වා තිබේ. 


බටහිර රටවලට අමතරව ආසියාවේ ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ තුනක් තිබෙන බවත් ඒවා චීනයේ තිබෙන බවත් වාර්තා වේ. 

මෙම මෝටර් රථයේ නාමික අගය ස්ටාර්ලිං පවුම් 390,000ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 84 ක්) බවත් මෙම මෝටර් රථයට පැන වී ඇති ආනයන බද්ද රුපියල් මිලියන 76 ක් බවත් ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග කියයි. 

ඩේලි එෆ්.ටී ඇසුරිනි

055

 



අදහස් (37)

ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

Sampath Thursday, 15 February 2018 02:11 PM

ලංකාවේ කෙනෙක් ගෙනාපු නිසා අපි සුබ පතනවා. කොහොම වුණත් ලංකාවේ කි.මී. 100 වේගයෙන් යන්න පුළුවන් අධිවේගේ විතරයි.

:       1       277

Bamunuarachchi Thursday, 15 February 2018 02:42 PM

රජයට ගෙවිය යුතු බදු ගෙවා ඇත්නම් කිසිම ප්‍රශ්නයක් අපිට නැත..

:       2       297

BamunuarachchiFriday, 16 February 2018 09:46 AM

අරයා හිටියානම් බද්ද ෂේප් කරගන්න තිබුණා.

:       2       0

BamunuarachchiSaturday, 17 February 2018 01:17 AM

අරයා හිටියා නම් ෂේප් එකක් දාගන්න තිබුණා. එයාගේ එකවුන්ට් එකට කෝටියක් දැම්මා නම්....

:       114       2

ඩී.ජයදේව Thursday, 15 February 2018 02:47 PM

මිලියන තුනක වාහනේට බද්ද මිලියන පහයි. මිලියන අසූහතරට බද්ද හැත්තෑ හයයි. අනේ මන්දා...

:       18       212

samanthaThursday, 15 February 2018 11:54 PM

සාමාන්‍ය මිනිහට වාහනයක් ගෙන්වා ගන්න බැහැ. අහස උසට බදු. රජයේ අයට බදුත් නැහැ. මුකුත් නැහැ. අට පාස් නැති දේශපාළුවෝ වැටුප් ගන්නවා වසර 5 න් විශ්‍රාම වැටුපත් ගන්නවා. බදු රහිතව කෝටි ගනන් වල වාහනත් ගන්නවා. මෙහෙම තියෙන එකම රට අපේ රය විතරක් වෙනන් ඇති.

:       0       188

kuma Thursday, 15 February 2018 03:08 PM

වැඩක් නෑ කතා කරලා. පුදුම රටක් මේක .. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තමයි මේවා ..

:       974       132

sachithThursday, 15 February 2018 03:31 PM

මෙයා ව්‍යාපාරිකයෙක්. දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් සුරසැප විඳින්නේ දේශපාලකයෝ තමයි.

:       0       3

RaveendraThursday, 15 February 2018 03:59 PM

kuma මය වෙතා,ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු .මොහු අවංකව තම ශ්‍රමයෙන් හා මහන්සියෙන් උපයාගත් "මුදල් නම්" සහ නිසිලෙස අදාළ බදුමුදල් ගෙවා ඇත්නම් එහි වැරද්දක් අපනම් දකින්නේ නැත . තවද එමගින් ඔහු රොකටුවක් මිලදී ගත්තත් එය එම තැනැත්තාගේ කැමැත්ත. අප රටේ වැඩි පිරිසක් අගහිගකම් වලින් පිරි ඇතිබවත් ඇත්ත. එවන් දුප්පතුන් දෙස බැලීම හෝ නොබැලීම මෙම තැනැත්තාගේ පුද්ගලික තීරණයකි.

:       1       0

දයාන් Thursday, 15 February 2018 04:19 PM

කුමා,කුහකවී ඔබ කවුද කියා ලොවට පෙන්වන්න එපා. ඔහුට සුබ පතන්න.

:       1       0

BamunuarachchiThursday, 15 February 2018 04:44 PM

ඒ කොහොමද? එයා හම්බකරන සල්ලි විතරද දුප්පත් මිනිසුන්ගේ සල්ලි

:       0       0

nilanThursday, 15 February 2018 11:52 PM

මේක ඒ මනුස්සයගේ දාඩිය මහන්සියෙන් හම්බ කල සල්ලි. දේශපාලඥයො තමා දුප්පතාට බදු ගහලා එයාලා බදු රහිතව නිකන්ම වාහන ගෙන්වා ගන්නේ අපේ රටේ.

:       3       67

SankaFriday, 16 February 2018 01:20 AM

කිසිම වැරද්දක් නෑ. ලංකාවට කොච්චර පිට රට සල්ලි එනවද , එයාගේ කොම්පැණි වලින්. කී දෙනෙක් රස්සාවල් කරනවද . මනුස්සයෙක් මහන්සි වෙලා වැඩ කරලා මොනවහරි ගත්තම , එකට එක එක කතා කියන එක හොඳ නෑ.

:       3       162

RoshanFriday, 16 February 2018 02:41 AM

මේක රජයේ මුදල් වලින් ගත්ත එකක් නොවෙයි. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලට ගත්ත එකක් වෙන්නෙ කොහොමද?

:       2       54

BamunuarachchiSunday, 18 February 2018 12:01 PM

ඉරිසියාව බොහොම තදින් වැඩකරනවා වගේ...

:       9       0

theshanFriday, 16 February 2018 02:50 AM

මම දන්න්න විදිහට දම්මික පෙරේරා යනු ව්‍යාපාරිකයෙක් මිසක් දේශපලුවෙක් නෙවෙයි...................

:       0       29

dumindaFriday, 16 February 2018 05:00 AM

වාහනේ වටිනාකමටත් වැඩි බදු ගෙවල තියෙන්නේ , එකෙන් රටට අදායමක්

:       9       29

chaminda Thursday, 15 February 2018 03:56 PM

රටේ කර්මාන්ත ශාලා ඇති කර , අපනයන භාණ්ඩ නිෂ්පාදනයට මේ අය දායක වෙනවා නම් කොපමණ වටිනවද ?

:       0       0

Uddika Thursday, 15 February 2018 04:26 PM

ඇත්තටම ආඩම්බරයි. තනියෙන් නැගිට්ට ශ්‍රී ලාංකිකයෙක්.

:       0       0

Bamunuarachchi Thursday, 15 February 2018 04:42 PM

වාහනය වමින් එලවන එකක්වගේ

:       0       0

Ajith Nissanka Thursday, 15 February 2018 04:48 PM

රට උලා කාල රජ පවුලේ බේබිලා ලම්බෝගිනි ගෙනාව එකේ මේ මනුස්සය තමන්ගේ ඔලුව පාවිච්චි කරලා ලොව ධනවත්ම ව්‍යාපාරික ලැයිස්තුවට ඇවිල්ල මොනවා කරාම අපිට මොකද!

:       1       6

Nuwan Thursday, 15 February 2018 05:29 PM

ජපාන 650 සි සි මරුතියේ ජපාන යෙන් අගය ලංකා රුපියල් වලින් ලක්ෂ 8ක් , නමුත් ලංකාවේ බදු ගහනවා ලක්ෂ 16ක් , එතකොට අපි ගන්නේ ලක්ෂ 24 කට කිට්ටුව .

:       0       0

Perera Thursday, 15 February 2018 05:41 PM

ගූගල් එකට අනුව මේ කාර් වර්ගය ලොව මිල අදික වාහන වර්ග 10 අතරේවත් නැහැනේ.

:       0       0

නුමා Thursday, 15 February 2018 10:42 PM

අනේ ඉතිං නේ... ඕකෙන් යන්න වෙන්නෙත් මේ පාරවල් වලමනේ.

:       0       0

suran Friday, 16 February 2018 02:31 AM

මේක මොකක්ද අගමැතිතුමා ජනතාවගේ සල්ලිවලින් ගෙන්නපු කොටි 50 වාහනයට ලංවෙන්නත් බැහැ

:       0       10

KANDEPOLA Friday, 16 February 2018 02:49 AM

කැසිනෝ ක්ලබ් හා ෆිනෑන්ස් කොම්පැනි හරහා ජනතාව සුරාකා ලබා ගත් මුදල්.......................

:       8       121

Rohana Friday, 16 February 2018 03:31 AM

වැඩිපුර සල්ලි තියෙන හින්ද මටත් එකක් අරන්දෙන්න බැරිද ?

:       0       37

viewer Friday, 16 February 2018 03:38 AM

ධම්මික හොරාකාලා ගෙනාපු වහනයක් නොවෙන නිසා මේකේ වරදක් මටනම් පෙන්නේ නැහැ. හොරු පිරුන රටක මෙහෙම මිනිහෙකුත් ඉන්නවා කියල සතුටක් දැනෙනවා.

:       1       124

pradeep Friday, 16 February 2018 05:29 AM

මෙතුමා සාධාරණ ධනවතෙක්නම් .... ලංකාවේ ඉන්න එකත් අපිට ලොකු දෙයක් , අනික එතුමාගේ ජීවිත කලේ එතුමා කැමති වහනයක් ගන්න බැරිනම් එතුමාගේ දනවත්කමින් ඇති වැඩේ මොකක්ද ?? මහා බැංකු හොරකමේ කසුන් පලිසේනගේ බෝනස් එක විතරක් කෝටි 10 ක් හොරාකaපුව . ඉතින් මේක එතරම් දෙයක් නොවේ , අපේ මැති ඇමැතිවරුත් ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ තමා ...

:       0       109

ACHALA Friday, 16 February 2018 05:59 AM

හෙල්ලෝ මේ විදියට හොරුන්න්ට ප්‍රසිද්ධිය දෙන්න එපා .මු විතරක් නෙවේ මේ වගේ දේශපාලකයෝ බිහි කරපු හොරු ගොඩක් ඉන්නවා.මුන් ව්‍යාපාරිකයෝ නෙවෙයි අමු හොරු. මුන්ගේ රාජකාරිය තමයි දේශපාලකයෝ හොරකම් කරන සල්ලි ගොඩගහ ගැනීම. අඩුම ගානේ මුන්න්ට සිල්ල්ලර කඩයක් වත් කර ගන්න බැහැ. අමු ගොන් තඩි. මුන්ව මෙහෙයවන්නේ අජිත් කබ්‍රල්ල වෙගේ ජාත්‍යන්තර හොරු. මම දන්නවා උබල මේක දන්නේ නැහැ කියල. තවදුරටත් කියනවනම් මුන් ක‍රන්නේ ව්‍යාපාරයකට සල්ලි දල මුන් හම්බකරපු සල්ලි වගේ ගන්නවා .

:       270       1113

waruna Friday, 16 February 2018 06:39 AM

මම මේ ඉරිසියාවට කියනවා එහෙම නෙමෙයි. මෙයත් කොටස් වෙළඳ පොලේ ජිල්මාට් වලට සම්බන්දයි. කැසිනෝ සූදු වලට අමතරව...............

:       0       12

Nadeesha Sunday, 18 February 2018 09:46 AM

මේවා සාධාරණ සල්ලි වෙන්නේ කොහොමද? කැසිනෝ වලින් මිනිසුන්ගෙන් හූරගන්න ඒවා. පවුල් කී දාහක් විනාශ වෙලා තියෙනවද මේ සුදුව නිසා? කොයිතරම් අපරාධ සිදු වෙනවද මේක හරහා?

:       3       0

BamunuarachchiSunday, 18 February 2018 12:06 PM

මෙයා ගෙදරට ගිහිල්ලා අඬගහගෙන එනවද? කැසිනෝ ගහන්න එන්න කියලා. එක රැයින් පොහොසත් වෙන්න යන අය තමයි මෙයාගේ ගොදුර වෙන්නේ... මෙතැන ලියන මම අහුවෙන්නේ නෑ. මම දන්නේ නෑ ඔබ කොහොමද කියලා.

:       0       2

කවිදු බණ්ඩාර Monday, 19 February 2018 06:17 AM

මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් සැප විදිනවා බලන් ඉන්න බැරි කුහකයෝ...... ඒ මනුස්සයා මහන්සියෙන් හම්බ කරන සල්ලි ඒ මනුස්සයා වියදම් කරන් නැත්නම් තොපිට බෙදල දෙන්නද කියන්නේ .. ඔය කෑ ගහන කුහක හැත්ත හිගන්නෙක්ට රුපියලක් දීල තියනවද.. තව මිනිහෙක්ගේ සතුට දකින්න කැමති නැති කුහකයෝ කතා කියනවා... මටනම් ඒක පට්ට

:       0       0

leel gunawardena Sunday, 18 February 2018 03:14 PM

මෙවැනි දානපතියෙක් ගැන පුදුම හිතෙනවා මේවා ලංකාවට ලොකු දේවල් වෙන්න පුළුවන් නමුත් ,මේ මුදල් වලින් මිට වඩා උතුම් දේවල් කරන්නට පුලුවන්ද ? අසරණ රෝගාතුරව දුක් විදින ජනතාව කොපමණද ? ගොඩක් රෝගතුරයන්ට ප්‍රතිකාරයක් ,බෙහෙත් නැතිකමෙන් මියයනවා මෙවැනි කටයුතු වලට උපරිම දායක වන්න තිබුන නම් නේද මනුස්ස ගුනදාර්මයන් සදාකාලිකව ඉතිරි වන්නේ .

:       1       1

lalithsjm Tuesday, 20 February 2018 04:48 AM

සාධාරණව මුදල් උපයා රටටත් පුදුම නිහඩ සේවයක් කල උත්තමයෙක් ඔබට දීර්ඝායු වේවා!!!!!

:       0       0

HOMESHA Saturday, 02 April 2022 07:09 AM

හොඳයි ඉතින්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 267 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 39 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 120 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 618 2

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 211 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 270 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site