(ජයන්ත සමරකෝන් )
 
උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් හා එහි විපක්ෂ නායක කේ.තවරාසා යන මහත්වරුන් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් හා ඊපීඩිපි සංවිධානයෙන් ඉවත්වන්නේ  නම් ලංකා සමසමාජ පක්ෂයට එක්වීමට අවස්ථාව ඇතැයි එහි නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (10) පැවැසීය.
 
ඔවුන් බලාපොරොත්තුවන ජාතික ප්‍රතිපත්තියට විසඳුම ඇත්තේ සිය පක්ෂයේ ප්‍රතිපත්ති තුළ පමණක් බවද උතුරේ මහ ඇමැතිවරයා ආචාර්ය ඇන්.ඇම් පෙරේරා , ඩිව් ගුණසේකර හා වාසුදේව නානායක්කාර යන වමේ පක්ෂ නායකයින් සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති බවද මහාචාර්යවරයා කීය.