IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජකයින් හා කැබිනට් අනු කමිටුව සමග අද(13) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

විශේෂ ව්‍යපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබුණු අතර එහිදී තම වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධ නිර්දේශ එළැඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවට අදාළ කමිටුව දුන් පොරොන්දුවත් සමග තම වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කළ බවත් මේ මොහොතේ සිට සියලු දුම්රිය සේවකයින් සේවයට වාර්තා කරන බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව අද දිනයේ සේවකයින් සේවයට වාර්තා කළ පසු හෙට(14) උදෑසන වනවිට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (21)

දුම්රිය වර්ජනය අවසන්

Ruwan Wednesday, 13 December 2017 06:35 AM

එල්ලෙන්න වැලක් නැතුව සිටිය ඔබට දොස්තරලාට වගේම බේරෙන්නට සිටියේ කැබිනෙට් අනු කමිටුවයි. මෙතැන් සිට ඔබලාට අනවශ්‍ය අතිරේක කාලවලට ආදායම් මාර්ග නැතිවේවි කියා අප බලාපොරොත්තු වෙමු. එසේම පසුගිය කාලයේ ඔබලාට සිදුවූ පුද්ගලික අලාභය ගැන සිතා ඔබ වැඩට පැමිණිය බවක් අපට හැඟේ.

:       85       579

lalindra Wednesday, 13 December 2017 06:45 AM

වෛද්‍ය නිලධාරි සංගමය කිසිම පිහිටක් වුනේ නැනේ මෙයාලා නම් එයාලට කඩේ ගියා. යන්තම් නාගෙන ඉවර වුණා. තව පොඩ්ඩෙන් පයිලට් ලා වෙන්න ගිහින් නාගත්තා වගේ නාගන්නවා. ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය වර්ජනය කලේ වැටුප් වරදක් ගැන නෙමේනේ... සහායකයින් උසස් කරන්න එපා කියලනේ. දැන් පදේ වෙනස්කරලා හරි ශේප් වෙන්න බලනවා වගේ. ඒ වුණාට මේ පාර වෘත්තීය ගෞරවය අනාගත්තා. එක එක පක්ෂවලට කඩේ යන තරමට වෘත්තීය සමිති බාල වුණාම ඔහොම වෙනවා.

:       1       411

sandun Wednesday, 13 December 2017 07:14 AM

සේවයෙන් අස්කරනවා කියල දුන්නු ලියුමට මොකද වෙන්නේ?

:       0       66

KamalWednesday, 13 December 2017 08:50 AM

ලියුම යැව්වේ බය කරන්න විතරක් වෙන්න ඇති....

:       0       30

පිටිගල මිලානෝ Wednesday, 13 December 2017 07:32 AM

මෙතරම් විශාල පඩි ගන්න, නිවාඩු ගත යුතු කාලයේද අතිකාල සේවයේ යෙදී, අයුතු ලෙස මුදල් හම්බ කරන මේ අය නැවතත් මෙලෙස අසාධාරණ ලෙස වර්ජනය කලොත් ගත හැකි ක්‍රියා මාර්ග දැන්ම අධ්‍යයනය කරන්න. හමුදාවේ කොටසකට දුම්රිය පුහුණුව ලබාදීම සාර්ථක වේ යයි මම සිතමි.

:       274       743

Sarangi Wednesday, 13 December 2017 08:57 AM

කොන්දොස්තරලා දොස්තරලාට සපෝර්ට් කලාට දොස්තරලා කොන්දොස්තරලාට සපෝර්ට් කරන්නේ නැත. මේ අය ඉල්ලන් කා ගත්තා... එක එක පක්ෂ වලට කඩේ යන්න ගිහින්. හමුදාවට ඉන්දියාවේ දුම්රිය ට්‍රේනින් දෙන්න යන එක නම් හොඳ වැඩක්. අතිකාල සේවය වෙනුවට කොන්ත්‍රාත් පදනමකට අලුත් අය සේවයට යොදන්න. මින් රැකියා අවස්ථා වැඩිවේ.

:       0       237

ajit Wednesday, 13 December 2017 09:00 AM

හරිම අසාධාරණයි. එතකොට දුම්රිය රියදුරන්ට විතරද ලක්ෂ 2 ට වැඩ වැටුප් ලබන්න පුළුවන්.. කොන්ද පණනැති ආණ්ඩුවක් මේක නම්..

:       0       51

lalindraWednesday, 13 December 2017 10:34 AM

අජිත් මහත්තයා වලිගෙ පාගාගන්න එපා. පසුගිය ආණ්ඩු වල කොන්ද පණනැති නිසා තමයි මේ ගොල්ලෝ මගීන්ගේ බෙල්ලට පිහිය තියලා පඩි වැඩි කරගත්තේ. මෙයාලා කෝච්චිය අරන්ගිහින් විවේකයේ නිදියනවත්, පැයකට පැය එක හමාරක් ඕටී ගන්නවා. එහෙම නිදාගන්නවා කියල රෑට ගෙදරත් යනවා. උදේ වෙලාවට එන්න බැරිවුණාම කාර්මික දෝෂයක් කියලා ගෙදර ගිය මිනිහ එනකන් පරක්කු කරනවා. මේ ආණ්ඩුව ඡන්දයක් කට උඩ තියාගන නොසැලී හිටිය නිසා ලක්ෂ 3 වෙන එක නැවතුණා.

:       17       21

Sanath Wednesday, 13 December 2017 09:29 AM

රේල්වේ වෘත්තීය සමිති දින 6ක් අඛණ්ඩව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ගියා. රජය ඔවුන් එය නතර කරන තුරු කිසිම පිළිතුරක් නෑ. (අත්‍යාවශ්‍ය සේවාවක් කරනු ලැබුවත් කිසිවෙකු එය තකනු නොලැබුවා..) ෙවෙද්‍ය වර්ජනයත් මුළු වසරක් පමණ කරලත්, අවසානයේ ඕනෑ දේ ලබාදී සයිටම් වසාදැමුවා.

:       21       2

aravindaWednesday, 13 December 2017 10:05 AM

සයිටම් එක ඇත්තටම වසා දැමුවාද?

:       32       139

SanathWednesday, 13 December 2017 10:15 AM

ඇත්තට හො බොරුවට අහොසි කරන්නට වුණා. වෛද්‍යවරුන්ගේ මතවාද දිනුවා. ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ මතවාදය පැරදුනා..

:       5       21

naradha Wednesday, 13 December 2017 09:50 AM

මේ තත්වය නැවත ඇතිවිය හැකියි. එම නිසා පොදු මහජනයාගේ සුබ සිද්ධිය තකා, හමුදාවේ හෝ යම් පිරිසක් මේ සාමාන්‍ය ජනජීවිතයට අත්‍යාවශ්‍ය දුම්රිය සේවාව පවත්වාගෙන යාමට පුහුණු කරන්න.

:       10       74

laknaWednesday, 13 December 2017 10:20 AM

වැඩවර්ජන වලට පිළිතුරු දිය යුත්තේ හමුදාව දමා නොවේ. ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් දීමෙන්, නැතිනම් මුලු රටම ඉක්මනින් හමුදා පාලනයකට යයි.

:       98       110

asad Wednesday, 13 December 2017 01:31 PM

විසදුම් දිය යුතුයි සාධාරණ ඉල්ලීම් වලට. මහජනතාව බිල්ලට තියාගෙන ඉල්ලන කිසිම ඉල්ලීමක් නොදිය යුතුයි.

:       74       33

Kumar (Galf) Wednesday, 13 December 2017 09:56 AM

ජය වේවා දුම්රිය මහතුන්ට !!! සියලුම ඉල්ලීම දිනා ගන්න ලැබේවා.!!!

:       130       214

siri Wednesday, 13 December 2017 11:47 AM

ආණ්ඩුව පෙරලලා ඉවරද?

:       0       7

පහන් Wednesday, 13 December 2017 12:27 PM

ලෝකේ හෙමින්ම ඇවිදින රස්සාව ලංකාවේ ස්ටේෂන් මාස්ටර් කියලා ජපනෙක් මා එක්ක කිව්වා.

:       0       29

පහන් Wednesday, 13 December 2017 12:32 PM

මගේ යාලුවෙක් හිටියා දුම්රිය රියදුරෙක්.. ගම ගම්පහ රේල් පාරේ යාලුවෙක් දැක්කාම කෝච්චිය නවත්තනවා. බීලාමයි එලෙව්වේ. දුම්රිය රියදුරන් වැඩි හරියක් බීමට ඇබ්බැහි වුණු අයයි.

:       0       30

nimal madawala Wednesday, 13 December 2017 02:17 PM

පවතින හැම ආණ්ඩුවක්ම මේ සමිති ඉදිරියේ දන නමනවා. මේක හරි කරුමයක් ජනතාවට... මේ අය පඩිය ගන්නේ රටේ මජනයාගෙන් අයකරන බදු මුදලින්... මේ බඩගෝස්තරවාදීන් හැමදෙයක්ම කරන්නේ තමන්ගේ වාසියට.. පුළුවන්නම් ජනතාව වෙනුවෙන් වර්ජන කරපල්ලකෝ... මොනවා වුණත් අපි හදපු යහපාලන ආණ්ඩුව දැන් අපටත් කරුමයක් වෙලා.. ඇමතිතුමා ඕක කරන්න බැරිනම් දෙන්න පොඩි ළමයෙකුට...

:       0       1

ෂන්ටින් මාමා Wednesday, 13 December 2017 02:17 PM

දෙසැම්බර් මස 09 වෙනිදා කොළඹ කොටුවෙන් උදේ හතට මාතර බලා පිටත්වීමට තිබූ දුම්රිය 14 වෙනිදා උදේ 7.30 ට මාතර බලා පිටත්වනු ඇත. එය දින 5ක් ප්‍රමාදවී 3 වැනි වේදිකාවට දැන් පැමිණෙනවා ඇත. මාතර දක්වා ඇති සෑම දුම්රිය සංඥා කණුවක් ළඟම නවත්වනවා ඇත.

:       0       1

Dheshamaamaka Thursday, 14 December 2017 06:04 AM

මින් පසු දුම්රිය වර්ජනය ඇති වුවහොත් රේල් පීලි ගලවලා යකඩවලට විකුණමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 204 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 335 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 896 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 801 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 662 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 323 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site