IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි

හර්ෂණ තුෂාර සිල්වා

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රී අත්සන් කළේය.

හෙට උදෑසන සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමට යැවූ බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සඳහා දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය පියවර ගනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා කීවේය.



අදහස් (29)

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි

සාගර Friday, 08 December 2017 05:51 PM

අම්මෝ ඇති යාන්තම්.. ජනාධිපතුමාට අපේ ස්තුතිය ... ජනතාවගේ දුක ගැන බලා ..., ගත්තු තීරණයට...

:       0       0

kumar (galf) Friday, 08 December 2017 06:14 PM

සෑම ජනතාවටම අවැසි සේවාවක්ම අත්‍යාවශ්‍ය කර මේ රටේ වෙන විගඩම නතරකරන්න. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි කරා වගේ.... මාෂල් ලෝ එක දාලා රට පාලනය කරන්න.

:       0       0

pakeer Friday, 08 December 2017 06:33 PM

සෙල්ලම් නැහැ. මම හිතන්නේ රජයක් සාමාන්‍ය සහ බහුතර ජනතාවගේ සුභ සිද්ධිය බලන ඇති දුර්ලභ අවස්ථාවක්. බලමු කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා. හොඳ පියවරක්...

:       0       0

sam Friday, 08 December 2017 08:35 PM

ඔය ගමන්ම පාර්ලිමේන්තුව අනවශ්‍ය සේවාවක් කියලත් ගැසට් එකක් ගැහුවානම් හොඳයි.

:       0       0

එර්දි Friday, 08 December 2017 08:36 PM

වෙද, දුම්රිය, තෙල් අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍ය සේවා කල යුතුයි. ඔය තුනේම ඉන්නේ අහිංසක මිනිස්සු ගැන හිතන්නේ නැති කඩාකප්පල් කාරයෝ තමයි.

:       0       0

Fernando Friday, 08 December 2017 08:41 PM

හරියට හරි ඕක තමා කරන්න ඕනේ...

:       0       0

ravi Friday, 08 December 2017 08:45 PM

මේ දුෂ්කර තත්වයෙන් රට බේරා ගත්තට ඔබතුමාට අපගේ ගරුත්වය සහ ස්තුතිය.

:       0       0

naradha Friday, 08 December 2017 10:37 PM

අන්න ඔහොමනේ වැඩ කරන්න ඕනේ....

:       0       0

Nimal Friday, 08 December 2017 10:58 PM

අන්න ඒ විදියට තමයි ඉන්න ඕනේ... කොහොමත් නිදහස උපරිමයටම ගන්න හියාම ඔය වගේ දේවල් වෙනවා.

:       0       0

Nandalal DE SILVA - France Friday, 08 December 2017 11:00 PM

වැඩකරන ජනතාවට මෙන්ම එදිනෙදා සිය වැඩ කටයුතු සඳහා දුම්රිය යොදාගන්නා මගීන්ට හැකි උපරිමයෙන්ම හිරිහැර කරදර කිරීම සඳහා දියත් කරන ලද මේ දුම්රිය වැඩ වර්ජිතයිනට රජය දුන් පිළිතුර නම් අගය කල යුතු වෙනවා! මේ රජයේ කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්නයක් අල්ලාගෙන රජය පෙරලීමේ හෝ අපහසුතාවයකට පත්කිරීම සඳහා සමහර දේශපාලකයන් විසින් උසිගන්වා වර්ජනයට එකතු කරගත් හැම සේවකයෙක්ම නීතියට හිස නමා ආපසු වැඩට පැමිණීම දුම්රිය මගීන්ගේ සතුටට හේතුවෙනවා නොඅනුමානයි !

:       0       33

ජගත් ලියනගේ Friday, 08 December 2017 11:55 PM

අපි මෙච්චර කල් හිතා ගෙන හිටියේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කියලයි ..

:       0       0

Haresh Cooray Friday, 08 December 2017 11:58 PM

අති විශිෂ්ටයි ජනපතිතුමනි, කවදාවත් මේ රට හදන්න බැහැ නැත්‍නම්...

:       0       0

ලුම්බිණි Saturday, 09 December 2017 12:06 AM

මොකද මේකම කරන්න බැරි වුනේ දොස්තරලා වර්ජනය කරන කොට?

:       0       0

ෂන්ටින් ඩයිවර් Saturday, 09 December 2017 12:18 AM

මෙතෙක් කල් මේ දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් නොවේද ?

:       12       0

palitha Saturday, 09 December 2017 02:59 AM

මේවා කලින් කරන්න තිබුන දේවල් ඇතැම් දේශපාලන වාසි තකා නොකර හිටියා. ජනතාව පීඩාවට පත්වෙලා වෙන්න වුන දේවල් වුනාට පස්සේ කරලා වැඩක් නැහැ.

:       0       12

ධනුෂ්ක Saturday, 09 December 2017 03:01 AM

මේ ගැටළු හැම එකක්ම පාලකයන්ගේ නොහැකියාව. මොන අාණ්ඩු අාවත් යන්න එකම විදියට. මේ ගැටළු උසාවි නියෝග, ගැසට් නිවේදන, මැර බලය යොදා වැහුවත් ගැටළුවේ නිමක් නෑ.මේ රට දැන් වඳ පීදිලා තියෙන්නේ මේක මුලින්ම උදුරලා දැමිය යුතුයි. මේ විදියට තවදුරටත් ගොඩ එ්මක් නෑ. දැන් පතුලටම එරිලා තියෙන්නේ.

:       0       11

ධනුෂ්ක Saturday, 09 December 2017 03:17 AM

රටේ හැම තැනම අවුල් ජාලයක්. මේ යන විදියටනම් කවුරු අාවත් මේ රට ගොඩ ගන්න බෑ. මේ ක්‍රමය හොඳයි පාලකයින්ට ගොඩ යන්න. රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුයි. තව දුරටත් අපි වලපල්ලට වැටෙනවද කියන එක. පාරවල් වලින් ගොඩනැගිලි වලින් රටක සංවර්ධනය මනින්න බෑ. අය වැය පරතරය. ආනයන අපනයන පරතරය, විදේශ සංචිත.මේවයි වැදගත්. පාරවල් තිබුනට ණය වාරික ගෙවන්න රටේ අාදායම මදිනම්. නිෂ්පාදන නැත්නම් එ්ක මොන සංවර්ධනයක්ද? එතනින් සංවර්ධන වන්නේ පාලකයෝ පමණයි. විප්ලවීය වෙනසක්, ජාතික ප්‍රතිපත්තියක්, ජාතික අභිලාෂයක් අවශ්‍යයි මේකෙන් ගොඩ එන්න. එහෙම නැතුව කවුරු අාවත් වෙන්නේ මේ ටිකම තමා.

:       1       12

amarakoon Saturday, 09 December 2017 03:54 AM

ඇත්තටම හොද වැඩක් පොදු මහජනතාව වෙනුවෙන් ගනිපු හොද තීරණයක් නමුත් දුම්රිය රැකියාවේ නියුත අයගේ ඉල්ලිම් සාධාරණ ඉල්ලිම් වලට රජය හොදින් කටයුතු කල යුතුයි

:       0       5

Suranga Saturday, 09 December 2017 04:09 AM

එතකොට වෛද්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවයක් නොවේද ? හැමදාම වර්ජනය කර කර ඉන්න.

:       0       5

sunil Saturday, 09 December 2017 04:52 AM

වෙලාවට කෝච්චි මෙතෙක් කාලයක් දිව්වා නම් ඉතින් ඕක කවදත් අත්‍යවශ්‍ය සේවාවක් නේද? අමුතුවෙන් කරන්න දෙයක් නැහැනේ... සේවකයන් සමග කතා බස් කරලා, ඔවුන්ගේ ප්‍රශ්න විසඳලා නාස්තිය, දුෂණය නැති කරලා දුම්රිය සේවය රටට වැඩදායි සේවයක් බවට පත් කරන්න. රටේ ජනතාවගේ ඉල්ලීම එ්කයි. අමතක කරන්න එපා... සුනාමි ව්‍යවසනයෙන් පස්සේ රටේ විනාශ වූ දුම්රිය මාර්ග යථා තත්වයට පත් කරලා ජනතාවට විශිෂ්ට සේවයක් සැලසුවේ ඔය දුම්රිය දෙපාර්තමේන්තුවේම සේවකයින් කියලා. මම නම් දුම්රිය සේවයට කොහෙත්ම සම්බන්ධ නැති රටවැසියෙක්.

:       241       11

අප්පු Saturday, 09 December 2017 05:01 AM

ඊට පස්සේ මොකද වෙන්නේ?

:       0       1

සන්ජේ ද සිල්වා. Saturday, 09 December 2017 05:27 AM

ඉතාමත් හොඳ තීරණයක්. වෘත්තිය අයිතිවාසිකම් තිබිය යුතුයි. එ්ත් මහජනතාව ප්‍රාණ ඇපයට තියලා කරන මේ විගඩම් නිසා මහජනතාව නීතිය අතට ගනී. මේවා නිසා අසරණ වෙන්නේ සාමාන්‍ය මිනිසුන් මිසක් පාලකයන් නොවේ. අසාධාරණ වැඩවර්ජන හේතුවෙන් එදිනෙදා ජනජීවිතය අවුල් වෙනවා නම් ජේ.ආර්. මහත්තයා ගත්තා වගේ කොන්ද පනතියන තීරණයක් ගන්න ඕනේ. රටේ විනයක් ඇතිකිරීම පාලකයන්ගේ යුතුකමක්.

:       0       339

lanka Saturday, 09 December 2017 06:07 AM

හොඳ තීරණයක්. රජයේ ආයතන තියෙන්නේ මහජනතාව වෙනුවෙන්. නමුත් රජයේ සේවකයෝ හිතන්නේ ඒවා තියෙන්නේ සේවකයෝ වෙනුවෙන් කියලයි. ලෝකයේ අනිත් රටවල් සමග සැසඳුවාම ලංකාවේ දුම්රිය සේවය අන්තිමයි. මේවා පාලනය කරන දේශපාලකයොත් මේවට වග කියන්න ඕනේ....

:       9       348

Haritha Saturday, 09 December 2017 07:50 AM

පට්ට... අන්න මොලේ ඇති වැඩක් කළා. ඔය වගේම හෙද සේවය, දොස්තර සේවයත් අත්‍යවශ්‍ය සේවා කලා නම් කිසිම කරදරයක් නෑ. හැමෝම සතුටු වෙයි.

:       28       328

පිටිගල මිලානෝ Saturday, 09 December 2017 08:33 AM

හමුදාවේ අනු ඛණ්ඩයකට, සියලු දුම්රිය කටයුතු පුහුණු කරන්න. ඉන්පසු ඔවුන්ව අත්‍යාවශ්‍ය ධාවන කටයුතු වලට යොදවා වර්ජකයින්ව දිගු කලක් පඩි නොදී ගෙවල් වලට කොටුකර තබන්න.

:       0       76

Oshan Saturday, 09 December 2017 08:39 AM

දුම්රිය, වරාය, ඛනිජතෙල්, සෞඛ්‍යය, විදුලිය... මේවායේ වැඩ කරන්න හැමදාම වර්ජනය කරකර පඩි වැඩිකර ගන්නවා. මේවායේ කම්කරුවෙක් අඩුමගානේ 60000ක් විතර පඩි ගන්නවා. මෙහෙම වර්ජනය කරන අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනෑ. මම විද්‍යාෙව්දී උපාධියක් තියෙන රජයේ ගුරුවරයෙක්. මගේ වැටුප මාසෙටම 36274ක්. පුදුම රටක් මේක...

:       0       438

Raveendra Saturday, 09 December 2017 09:52 AM

ඉතාමත්ම හොඳ තීරණයක්. සේවකයන් තමන්ගේ සාධාරණ ඉල්ලීම් ලබාගැනීමට සටන් කිරීම් කිසිදු වැරද්දක් නොමැත. එය එසේ වියයුතු වන අතර තමන්ගෙන් ලැබිය යුතු සේවයත් නිසි ලෙස කල යුතුය. තවද රජයක් හැටියට තමන්ගේ සේවකයන්ගේ ගැටළු පිළිබඳව සාධාරණ විය යුතුය. මෙලෙසම අපි සියල්ලෝම යෝජනා කරමු දියවන්නඔය නාඩගම් මඩුවට කලට වෙලාවට වැඩට නොඑන නළු නිළියන්ටත් මේ න්‍යායම භාවිතා කරන ලෙස.

:       13       46

banda Saturday, 09 December 2017 10:14 AM

මේ වර්ජනය කරන කාලකන්නි ටික පන්නලා දාල අලුතෙන් සේවකයන් බඳවා ගන්න .....

:       0       27

banda Saturday, 09 December 2017 10:15 AM

අපි මාසයක් බස් එකේ යන්නම් මේ කාලකන්නි ගෙදර යවලා අලුතෙන් බඳවා ගැනීම් කරන්න...

:       0       70

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 25 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 36 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 109 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 374 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3216 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 658 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site