(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියට එරෙහිව පුද්ගලයෙක් විරෝධතා පුවරුවක් සහිතව නුවරඑළිය දිසාලේකම් කාර්යාලය ඉදිරිපිටදී  විරෝධතාවක් පැවැත්වීය.

රාජ්‍ය පරිපාලන හා චක්‍රලේඛනයට පටහැනිව ණය මුදලක් ලබා ගෙන මූල්‍ය වංචාවක් සිදුකර ඇති අයකුට වෙනත් ආයතනයක ඉහළ තනතුරක් ලබාදෙන්නේ කෙසේද යන්න ප්‍රශ්න කරමින් එම තරුණයා මෙලෙස විරෝධතාව කළේය.
 
මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවසූවේ 2012 වසරේදී රාජ්‍ය සේවකයකු ලෙස ලබා ගත් ණය මුදල නිසි ආකාරව ගෙවා ඇති බවත් තමා කිසිදු විනය විරෝධි කාර්යයක් කර නැති බවත් ය.

කෙසේ වුවත් තරුණයකු දිසාලේකම් කාර්යාලය ඉදිරිපිට තමාට විරුද්ධව විරෝධතා පුවරුවක් රැගෙන සිටීම පිළිබදව තමා කනගාටු වන බවද ඒ මහත්මිය කීවාය.