IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දිවියෙක් ඔකඳ වනෝද්‍යානයේදී කම්කරුවකු ඩැහැගෙන යයි

(නවරත්න සමරතුංග)

ඔකඳ ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටි කම්කරුවෙකු අද (18) දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් කම්කරුවෙකු රෝහල් ගත කර ඇති බව පානම පොලිසිය පවසයි.

පස්දෙනෙකුගෙන් සමන්විත කම්කරුවන් පිරිසක් ට‍්‍රැක්ටරයකින් බොරළු පස් ප‍්‍රවාහනය කර ඇති අතර දිවා ආහාරය ගැනීමෙන් පසුව ඔවුන් තුරු සෙවන සහිත ස්ථානයක ගිමන් හරිමින් සිටියදී දිවියෙකු කඩාපැන එක් අයෙක් ඩැහැගෙන ගොස් ඇති බව කියති.

එවිට දිවියාගේ ප‍්‍රහාරයට ලක්වූ අනෙක් කම්කරුවා දිවා ගලවාගෙන ඇත.

ඔකඳ ජාතික වනෝද්‍යානය භාර නිලධාරියෙකු පැවසුවේ මේ දින වල එහි අභ්‍යන්තර මාර්ග සංවර්ධනය කිරීම සඳහා කොන්ත‍්‍රාත්කරුවන් කටයුතු කරමින් සිටින අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි.

දිවි ගලවාගත් පුද්ගලයා පොතුවිල මූලික රෝහලට ඇතුල් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අක්කරපත්තුව රෝහලට මාරුකර යවා ඇත.

(ඡායාරූපය - අජිත්ලාල් ශාන්ත උදය)



අදහස් (10)

දිවියෙක් ඔකඳ වනෝද්‍යානයේදී කම්කරුවකු ඩැහැගෙන යයි

dias Thursday, 18 April 2019 01:54 PM

වනෝද්‍යාන තුළ වැඩ කරන කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ට ගිනි අවි සැපයිය යුතුයි.

:       143       129

Anura Thursday, 18 April 2019 06:39 PM

මේක නම් සැක සහිතියි දිවිය කවදාවත් මිනිස්සු සමුහයකට පහරදෙන්නේ නෑ

:       33       169

ෂර්ලොක් Friday, 19 April 2019 04:00 AM

මෙතන වෙන මොකක් හරි සිද්ධියක් වෙලා තියෙනවා. මිනිස්සු පස් දෙනෙක් ඉන්න තැනකට කඩාපනින්න තරම් දිවියෙක් අවදානමක් ගන්නේ නෑ. දිවියා කියන්නේ බල්ලෙක්ට වඩා ටිකක් ලොකු සතෙක්. පස්දෙනා එකතුවෙලා පයින් පාර ගානේ ගැහුවනම් දිවියා දුවනවා. අනික එක්කෙනෙක් ඩැහැගෙන යනකම් අනිත් තුන්දෙනා මොනවද කලේ?

:       78       277

namalFriday, 19 April 2019 12:46 PM

ෂර්ලොක් ඕක පත්තරේට ලියයි. නමුත් ඔය සිද්ධිය වූ තැන ඉඳලා දිවියට පයින් ගහන්ට කිව්වා නම්, ෂර්ලොක් කෙලින්ම යන්නේ වැසිකිළියට...

:       108       34

ෂර්ලොක්Saturday, 20 April 2019 02:29 AM

නාමල් හැමෝම තමන් වගේ කියලා හිතන්නේ මෝඩයෝ. යූ ටියුබ් එකේ වීඩියෝ බලන්න තනි මිනිස්සු ගම්වැදුනු දිවියන්ට ගහලා එලවන ඒවා තියෙනවා. මෝඩකමට කට අරින්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න.

:       0       0

indikaSaturday, 20 April 2019 03:46 AM

ෂර්ලොක් ලියන්නේ හඳුන් දිවියා ගැන. මේ දිවියා ඒ වගේ දෙතුන් ගුණයක් ලොකුයි.

:       0       1

007 Friday, 19 April 2019 08:42 AM

ඕක සොයාගන්න එක මට සුළු දෙයක්... ප්‍රශ්නයකට තියෙන්නේ පාතාලකාරයින්...

:       1       24

kamani Friday, 19 April 2019 03:28 PM

දිවියා ජීවත්වන කැලෑව කපන්න ගියාද?

:       0       66

Aris Friday, 19 April 2019 05:52 PM

කැලේ සතුන්ට ආහාර අහේනියක් ඇති....

:       1       8

Sira Saturday, 20 April 2019 11:13 AM

කුමනට වඩා ලාහුගල බලන්න යන්න... ලස්සනයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 926 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 439 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 574 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 352 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1784 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 885 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site