Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 මාර්තු මස 04 වන බ්‍රහස්පතින්දා
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෝවිඩ් -19 වයිරසය ආසාදනය වීමෙන් මියගිය තම දින 21 වයසැති බිළිදාගේ සිරුර සම්බන්ධයෙන් මියගිය බිළිදාගේ දෙමව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමට අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතා අද (22) විවෘත අධිකරණයේ දී සදහන් කළේය.
පෞද්ගලික හේතූන් මත මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට අකැමැති බවද විනිසුරු නවාස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
බිළිදාගේ සිරුර ආදාහනය කළ ආකාරය අභිරහස් , සැකසහිත සිදුවීමක් බවත් , එමගින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් සදහන් කරමින් , මේ සිද්ධිය පිළිබඳ වෛද්‍ය වාර්තා අධිකරණයට කැදවා පරීක්ෂණයක් සිදු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඇතුළු බලදාරීන්ට නියෝග කරන ලෙසත් , සිදුවූ හානියට වන්දි ලබා දෙන ලෙසත් , ඉල්ලා මව්පියන් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
විනිසුරුවරයා මේ බව දැනුම් දුන්නේ එම පෙත්සම අද (22) ප්‍රියන්ත ජයවර්ධන , එල්.ටී.බී.දෙහිදෙණිය , යසන්ත කෝදාගොඩ සහ ඒ.එච් එම්.ඩී නවාස් යන මහත්වරුන් ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අවස්ථාවේදීය.
ඒ අනුව එම පෙත්සම සළකා බැලීම ලබන මාර්තු 29 වැනි දිනට කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය .
කොළඹ 15 , ෆර්ගියුසන් පාරේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහිම් සහ ෆාතිමා ෂෆ්නාස් නැමැත්තන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී.විජේසූරිය , සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි ,ප්‍රාථමික සෞඛ්‍ය සේවා , වසංගත හා කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ කටුයතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය , සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සංජය මුණසිංහ , රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන්ගේ දරුවා මෙලෙස ආදාහනය කිරීම ඔවුන්ගේ ආගමට මතවාදයන්ට අනුව පටහැනි ක්‍රියාවක් වේ.
කෝවිඩ් ආසාදිත මෘත ශරීරයකින් වයිරස් භූගත ජලයට එක් නොව බව ලෝ ප්‍රකට ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා පවසා ඇත.
මෙම සමස්ත ක්‍රියාවලියම හේතුවෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත්, මෙම සිද්ධියට වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසත්, කෝවිඩ් වැළද මියගිය අයගේ සිරුරු භූමිදානය පිළිබඳ විමර්ශන සදහා විද්වත් කමිටුවක් පත් කිරීමට නියෝග කරන ලෙසද , සිදුවූ හානියට වන්දි ලබා දෙන ලෙසද පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා, පුලස්ති රූපසිංහ, හෆීල් ෆාරීස්, ශාන්ත ජයවර්ධන යන නීතීඥවරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
sharm warn Friday, 22 January 2021 06:57 AM
ආයෙමත් පටන්ගත්තද? පුදුම වදයක්නේ මේ මිනිස්සුන්ගෙන් තියෙන්නේ. ලෙඩ වෙච්චි අයට කිසිම සෞඛ්යාරක්ෂිත හැසිරීමක් නැහැ.. ගම පුරා ගිහින් බෙදනවා. මැරිච්ච අය වළදාන එක ගැන නොකියා ඉන්න හදන්නේ. මේ ගොල්ලන්ට ඉස්සෙල්ලාම ලෙඩෙන් ආරක්ෂා වෙන්න ඉගෙන ගන්න කියන්න. කවුරුවත් ඉදිරිපත් නොවෙන්නේ ඇයි කියලයි මම නම් අහන්නේ..?
Reply : 27 36
tarzan Friday, 22 January 2021 09:13 AM
මෙතුමාගේ හිතේ මෙතුමන්ගේ රටේ කුලියට ඉන්න මිනිස්සු කියලා මුස්ලිම් අය... මේ රට ඔයගොල්ලන්ටම විතරක් අයිති රටක්ද? වෙන ආගමක් දහමක් අදහන්න නිදහසක් නැද්ද? එතකොට...
Reply : 21 19
Bamunuarachchi Friday, 22 January 2021 12:13 PM
මේ රටේ ඉන්නවා නම් රටේ යාවත්කාලීන වෙන නීතිවලට එකඟ වෙන්න ඕනේ. නැතුව කාගේවත් ආගමික මිථ්‍යාවන්ට අනුව කටයුතු කර රටේ 90%ගේ ආරක්ෂාව පාවාදෙන්න බැහැ. ආගම දහම ඔබලාට තියාගන්න ඒ ආගම්වල මිත්‍යාමත රටේ ආරක්ෂාවට ඇතුළත් කරන්න එපා. සමහර ආගම්වල තිබෙනවා අසනීපවලට බෙහෙත් ගන්න එපා යාඥා කළාම ලෙඩ සනීප වෙනවා කියා... ලෙඩා මැරුණාම මරණ පරීක්ෂණයේදී කියනවා අපි බෙහෙත් ගත්තේ නැහැ යාඥා කළා කියලා. ඒ ක්‍රමය ඒ ආගමිකයින් පිළිපැද්දාට රටේ ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ මතය බොහෝදුරට ඔබේ ආගමටත් ගැලපෙනවා. මොකද ඔබලා කියන්නේ සෑමදෙයක්ම දෙවියන්ගේ කැමැත්තට සිදුවෙනවා කියලා. නමුත් සමාජ ගතකරන්න උත්සාහ කරන්න එපා.. අපිට අදාළ නැහැ.
20 28
සිරිසේන Saturday, 23 January 2021 06:38 AM
ඔය ප්රශ්නය සෞදි අරාබියට ගිහින් අපි ඇහුවොත් ජීවිතයයි නැතිවෙන්නේ... නුඹලාට මෙහෙ සැප වැඩියි..
1 1
Bamunuarachchi Friday, 22 January 2021 11:39 AM
මේ මිනිස්සු ලෝකෙටම වදයක්... එ්ක ඔබටයි, මටයි තේරුණාට බොහෝ සිංහලයින්ට තේරෙන්නේ නෑ. ඒ සිංහලයින්ට තේරෙන කොට වැඩ හමාරයි..
Reply : 16 14
Rambo Friday, 22 January 2021 02:45 PM
නමුත් ඔයාලාව ජීවත් කරවන්නේ මුස්ලිම් අය කන්න දෙන අත සපා කන්න එපා. තිරිසන්නු වෙන්න එපා. ඔයාලගෙ අම්මලා, අක්කලා ඔක්කෝමලා මුස්ලිම් ගෙවල් වල වළං පිඟන් හෝදලා, ගෙදර වැඩ කරලා තමයි ඔයාලව උස් මහත් කරන්නේ... ලෝකෙටම උදව් කරන රටවල් මුස්ලිම් රටවල්..,
23 13
Bamunuarachchi Wednesday, 27 January 2021 01:14 PM
පිස්සු කරන්න එපා හලෝ ඔය රටවල තෙල් තිබුණාට තෙල් ටික එළියට අරන් දුන්නෙත් ඇමරිකන්කාරයින්. තෙල් ටික පිරිපහදු කරලා දුන්නේත් ඇමරිකන් කාරයින්. මුස්ලිම් රටවල ජීවත් වන්නේ ලෝකේ අනික් මිනිසුන්ගේ දැනුමෙන්. ලෝකේ අපි ඒ රටවලට නොයන්න මේ අය තාම බැටළුවන් බලනවා. තෙල් ටික පොළවෙන් ගන්න තැන සිට වළං ටික හෝදන එක පවා කර දෙන්නේ පිටරැටියන්. ඔය කීවේ තෙල් තිබෙන මුස්ලිම් රටවල් ගැන... ලංකාවේ නම් සිංහල අපි නිසයි ඔවුන් ජීවත් වෙන්නේ. ඔවුන්ගේ මොන කර්මාන්ත දැනුමද අපිට ලැබුනේ...? සිංහලයාගේ නිෂ්පාදන අඩුමිලට ගෙන සිංහලයාටම වැඩිමිලට විකිණීමයි ඔවුන් කරන්නේ...
0 0
සමන් - ඕමානය Friday, 22 January 2021 06:04 PM
ඉහත අදහස් දක්වා ඇති රම්බෝ ට තියෙන්නේ පුදුම දීන මානසිකත්වයක්. අපි මුස්ලිම් ජනතාව ඉන්න මැද පෙරදිග රස්සාව කළාට, හම්බ කළාට ඔවුන්ගේ දෙපා ළඟට යන්න අවශ්‍ය නෑ. අපි රැකියාවක් කරලා ලබාගන්නේ සාධාරණ වැටුපක්. නිකම් පිනට ලබාගන්නවා නෙවෙයි. ඔවුන් පඩි දුන් පලියට, ඔවුන්ගේ වැරදි ඇතිනම් විවේචනය කිරීම වැරැද්දක් ලෙස දකින්න එපා.
Reply : 3 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.