IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දින දෙකකින් ආහාර නොගත් දරුවෝ තිදෙනෙක් පොතුවිල් පොලිසියට එති

(වසන්ත චන්ද්‍රපාල)

පොතුවිල් ගම්මානයේ  දරුවන් තිදෙනෙකු තමන්ට බඩගිනි බව පවසමින් පොතුවිල් පොලිසියට පැමිණ ආහාරය ඉල්ලා තිබෙන පුවතක් පොතුවිල් ප්‍ර‍දේශයෙන්  වාර්තාවේ.

අද (06) පිරිමි ළමුන් දෙදෙනෙකු සහ කුඩා ගැහැණු දරුවෙකු පැමිණ දින දෙකකින් ආහාර නොගත් බව පවසා පොලිසියෙන් ආහාර ඉල්ලා තිබේ.පසුව පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිංහ මහතා විසින් මෙම දරුවන්ට ආහාර ලබාදීමට කටයුතු කර ඇත.

මෙම දරුවන් පිලිබඳව පොලිසිය කරුණු සොයා බැලිමේදී මෙම දරුවන් තිදෙනාගේ පියා විදේශ ගතව ඇති අතර මව මෙම දරුවන්ට නොසලකන බව සොයාගෙන තිබේ.

තම මවට වෙනත් පුද්ගලයෙක් ආහාර ගෙනත් දෙන බවත් තමන්ට එම ආහාර ලබා නොදෙන බවත් මෙම දරුවන් තිදෙනා පොලිසියට පවසා තිබේ.ඉකුත් 05 වැනිදා ආහාර ගැනීමෙන් පසුව කිසිම ආහාරයක් මෙම දරුවන් ලබාගෙන නැති අතර පොලිස් නිලධාරීන් විසින් මෙම දරුවන්ට ආහාර ලබාදී තිබේ.

මෙම දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් පිරිමි දරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 14 සහ 13 වියෙහි පසුවෙති ගැහැණු දරුවාට වයස අවුරුදු 07 කි.

පොතුවිල් පොලිසිය මගින් මෙම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන දරු තිදෙනා සමඟ පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පොතුවිල් මහේස්ත්‍රාත් මොහමඩ් රාෆි මහතා විසින් මවමෙම මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මෙම දරුවන් තිදෙනා ළමා ආරක්ෂණ අධිකාරියේ රැකවරණය යටතේ ඔවුන් ගේ මාමාට භාරදි තිබේ.

මෙම මස 12 වෙනි දින මෙම දරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

 

 



අදහස් (13)

දින දෙකකින් ආහාර නොගත් දරුවෝ තිදෙනෙක් පොතුවිල් පොලිසියට එති

Raveendra Thursday, 06 December 2018 01:22 PM

හරිම කණගාටුදායක පුවතක්...

:       0       0

Amila Thursday, 06 December 2018 01:32 PM

රටේ මේ වගේ අසරණ වෙන ළමයි සහ මිනිස්සු කොච්චර ඇතිද. ඒත් රටේ දේශපාලන කරන අය ලක්ශ හයහමරේ සැප පුටු ගන්නවා, ලක්ශ පනහේ වැසිකිලි හදනවා, ලක්ශ 250 වාහන අරන් ඩීසල් නාස්ති කර කර පාවිච්චි කරනවා. මේ නාස්ති කරන මහජන මුදල් මේ වගේ අසරණ වෙන මිනිස්සු වෙනුවෙන් සහ රටේ කුඩා ව්‍යාපාරිකයෝ හදන්න පාවිච්චි කරා නම් මේ රට මානුෂිකව සහ ආර්ථික වශයෙනුත් ශක්තිමත් වෙනවා.

:       0       0

tommy Thursday, 06 December 2018 01:45 PM

පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන බල පොරයට, රටේ මිනිසුන් මුහුණ දෙන මේ නියම ප්‍රශ්න පෙනෙන්නේ නැහැ. මා සිතන්නේ මේ මෙම දරුවන්ගේ මව බන්ධනාගාර ගත කිරීමෙන් මේ අසරණ පවුල කබලෙන් ලිපට වැටුනා යයි කියයි. අද මේ තත්වය බොහෝ පවුල් වල දක්නට ලැබෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසයි. මේ මවට යම් රැකියාවක් සොයා දීමට කටයුතු කළා නම් මීට වඩා හොඳ යයි මා සිතමි.

:       0       0

de Thursday, 06 December 2018 02:15 PM

මේ දවස්වල තියන ලොකුම ප්‍රශ්නය දරුවෝ නෙවේ. අනේ මෙහෙමත් රටක්, අහිංසක දරුවෝ. හිතට හරි දුකයි තමා.

:       0       0

sandy123 Thursday, 06 December 2018 02:26 PM

හද කම්පාවන දුක්මුසු පුවතක්. පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිංහ මහතාට මගේ ආචාරය.

:       0       265

රොමේෂ් Thursday, 06 December 2018 03:39 PM

ගෙදර දරුවොත් රටේ දරුවොත් දුක්විඳිනවා. පිරිහුණ සමාජයකින් මේවගේ පුවත් බලාපොරොත්තු නොවී බැහැ. ගම්මට්ටමින් රාජ්‍ය ආයතන හා බැඳුන යාන්ත්‍රණයක් තිබේනම් මේවගේ පොඩි පොඩි ප්‍රශ්න නෙමෙයි මිනි මැරුම්, සිය දිවි නසාගැනීම් වුනත් පහසුවෙන් වලක්වගන්න පුළුවන්. පව් අසරණ දරුවෝ.

:       0       248

sanju Thursday, 06 December 2018 03:43 PM

වරද කාගේද. ආණ්ඩුවක් නැති හින්ද ආණ්ඩුවට බණින්නත් බැහැ. එකක් විශ්වාසයි මෙතන පාට පාට අදහස් දමන බවනම්

:       122       58

buddika Thursday, 06 December 2018 03:45 PM

හිත සසල වෙන කතා, අහස උසට නෙලුම් කුළුණු රට පුරා වොස්ක්වැගන් මොටද මිනිස්සුන්ට කුසට අහරක් නැත්නම්. 70 වසරක දේශපාලනය අපට ඉතුරු කරලා දුන්නු දේවල් ,

:       20       257

prabha Thursday, 06 December 2018 03:56 PM

පපුව පිච්චිලා ගියා

:       0       244

Chanak los Thursday, 06 December 2018 08:31 PM

ඇයි අර දරුවන් අරගෙන වඩා නොගෙන උඩදාන මැදමුලනේ ආඩම්බරකාර තාත්තට මේ දරුවන් මුණ ගැස්සුවේ නැතිද?

:       0       0

Sam Thursday, 06 December 2018 08:44 PM

'තම මවට වෙනත් පුද්ගලයෙක් ආහාර ගෙනත් දෙන බවත් තමන්ට එම ආහාර ලබා නොදෙන බවත්.....' අන්න ඒ කතාව ඇත්ත නම්, මෙන්න මේ දෙය මොන ආණ්ඩුවටද නවත්වන්න පුළුවන්. මෙහෙම අම්මලා විතරක් නෙවෙයි තාත්තලාත් ඉන්නවා.

:       0       0

daya Friday, 07 December 2018 05:26 AM

ඇයි මේ රටේ ගම් මට්ටමේ කටයුතු හොයන්න බලන්න ග්‍රාම නිලධාරි කියල කට්ටියක් ඉන්නවා නේද? ඒ ගොල්ලො නිදිද ?

:       39       312

නිශාන්ත Friday, 07 December 2018 07:37 AM

රට බෙදන්න ඉස්සෙල්ලා ඔය ළමයින්ට කන්න දෙන්න කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1104 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1082 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 618 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1610 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 81 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2689 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site