IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දැරියට පහරදීමේ පැමිණිල්ල බාර නොගත් ස්ථානාධිපතිවරියන්ගේ වැඩ අත්හිටුවයි

(උපාලි ආනන්ද)

නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා මෙම අත්හිටුවීම කර තිබේ.

නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ 13 හැවිරිදි  බාලවයස්කාර දැරියකට මොන්නෑකුලම ග්‍රාම නිලධාරිනියක සහ දැරියගේ සුළු මව බව කියන කාන්තාවක විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මිත්තණිය මෙම පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට ගොස් තිබිණි. එහිදී එම  පැමිණිලි  බාරනොගෙන ඇය ආපසු හරවා යැවීම හේතුවෙන් රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීම මත මෙම ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇත.

මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ, නිකවැරටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී, උප පොලිස් පරීක්ෂිකා ඉමාලි ලක්ෂි හේමචන්ද්‍ර සහ කොටවෙහෙර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂිකා සඳරේඛා අත්තනායක වන මහත්මීන්ය.



අදහස් (29)

දැරියට පහරදීමේ පැමිණිල්ල බාර නොගත් ස්ථානාධිපතිවරියන්ගේ වැඩ අත්හිටුවයි

Pradeep Monday, 06 January 2020 07:47 AM

නියමයි.. ඔහොම තමයි මේ වගේ අයට කරන්න ඕනෑ.

:       0       544

දිමුත්Monday, 06 January 2020 09:32 AM

අත්හිටුවලා මදි, ගෙදර යවන්න තියෙන්නේ...

:       0       211

සාර්ත්‍ර Tuesday, 07 January 2020 03:02 AM

පැමිණිලි ලියා නොගන්නා ඒවා පැමිණිලි කිරිමට තැනක් ඕන

:       0       166

Gayan Monday, 06 January 2020 07:58 AM

වහාම ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකර දඬුවම් පැමිණිය යුතුයි.

:       0       375

banda Monday, 06 January 2020 08:00 AM

මේ වගේ කාලකන්නි රජයේ සේවකයන් ගෙදරම යවන්න ඕනෑ.

:       0       464

Mihira Monday, 06 January 2020 08:09 AM

මේකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ⁣එකේ.. මේ පිළිබඳ උනන්දුවක් දැක්වූ සැමට එෆ්බී නොතිබෙන්න මෙම දඬුවමවත්, කීයටවත් නොලැබේ. ස්තුතියි සැමට...

:       0       354

Lakshman - Doha Qatar Monday, 06 January 2020 08:12 AM

ඔය දේ ඔය පොලිසියට විතරක් අදාල නැහැ. ලංකාවේ හැම පොලිසියක්ම ඔය වගේ. නිල ඇඳුමට යටින් තියෙන්න ඕනෑ මනුස්සකම.. කෙනෙකුට ගෞරවය අසරණ කෙනෙක්ට පිහිටවීම ගොඩාක් පොලිස් නිලධාරින් තුළින් පිහිටලා නැහැ. කෙනෙක් පොලිසියට යන්නේ සමහරවිට දරා ගැනීමට අමාරුම වෙලාවේ සාධාරණයක් බලාපොරොත්තුව. ඒ දේ වෙන්න ඕනෑ. ඒ ආයතනය තුළින් වෙන්නේ නැතිනම් සමාජය ගොඩාක් වැරදි කරනවා. මොකද ඒ දේ තමන්ම කිරීමට පෙළඹෙන නිසා. පොලීසිය රජයේ ආයතනය මීට වඩා සමාජය වෙත නම්‍යශීලී ලෙස බලනවා නම් සමාජය ගොඩාක් දුරට වෙනස් වෙයි.

:       2       455

David Monday, 06 January 2020 08:16 AM

ඉතා හොඳ තීරණයක්. මේ වගේ දේවල්වලින් මිනිස්සුන්ගේ පොලිසිය පිළිබඳ විශ්වාසයක් අත්වෙනවා. මේ නිලධාරින් හරිම කම්මැලි ජාතියක්. එපා වෙනතුරු රස්තියාදු කරලා තමයි පැමිණිල්ල ලියන්නේ. ගෙදරම යවන්න. අපිට මේ වගේ දේවල් පැමිණිලි කරන්න තැනක් නෑ.

:       0       212

NuwanMonday, 06 January 2020 12:14 PM

මේ වීඩියෝවේ ඉන්න ගැහැණු දෙන්නා තර්ජනය කරනවා. කැමරා කරන කෙනාට ඕන පොලිසියකට යන්න කියන්න. අපි බය නැහැ. අපේ ලොක්කන් ඉන්නවා කියලා... ඒ කියන්නේ මේ දෙන්නත් ඔය සිද්ධියට සම්බන්ධයි. වින්දිතයින්ට විරුද්ධව ක්‍රියාකළ රජයේ නිලධාරීන් වහාම රස්සාවෙන් එළවන්න ඕනෑ. නැවත මේ වගේ දෙයක් නොකරන්න.

:       0       133

Ruhunu Monday, 06 January 2020 08:18 AM

රටේ නීතියක් තිබුණට මිනිසුන් නීතියේ පිළිසරණක් පතාගෙන පොලිසියට පොලිසියට ගියාම පොලිසියෙනුත් බැනුම් අහලා තවත් අසරණ වෙලයි ගෙදර එන්න වෙන්නේ. නියපොත්තෙන් කඩන්න තිබිච්ච දේ පොරවෙන් කපන්න වුණාම තමයි පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්නේ...

:       0       199

Gamarala Monday, 06 January 2020 08:21 AM

හොඳයි... වසර 2ක සිරදඬුවම් දෙනවා නම් හොඳයි.

:       0       222

wije Monday, 06 January 2020 08:29 AM

රාජකාරිය පැහැර හැරීම නිසා හිටපු පොලිස්පතිතුමයි, ආරක්ෂක ලේකම්තුමයි තවමත් හිරේ. ඊට නොදෙවෙනි දඬුවමක් මේ දෙන්නටත් දෙන්න ඕනෑ. එතකොට තමයි අනෙක් අයත් මේ වගේ වැරදි නොකර ඉන්නේ. එතකොට ඉබේටම රට දියුණුවෙනවා.

:       0       225

Deepal Nirosh Monday, 06 January 2020 08:54 AM

මෙන්න මෙහෙමයි රජයේ විධායක නිලධාරීන් තීරණ ගත යුත්තේ. මේ ආකාරයට රටේ පරිපාලන ක්‍රියාදාමය හැසිරෙනවා නම් බොරු ස්වාධීන නාස්තිකාර කොමිසම් ඕනේම නැහැ.

:       17       228

Naushad Monday, 06 January 2020 09:08 AM

නිකවැරටිය කොටවෙහෙර ප‍්‍රදේශයේ 13 හැවිරිදි බාලවයස්කාර දැරියට අමානුෂික ලෙස පහරදීම් සිද්ධිය වීඩියෝ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 17 හැවිරිදි තරුණයා නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දුන්නද ඔහුට ඇප ලබාදීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. මින් ඉදිරියට මෙවැනි දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ පලකරන විට දෙවරක් සිතිය යුතුයි.

:       111       504

SujeevaMonday, 06 January 2020 12:53 PM

රිමාන්ඩ් කරලා තියෙන්නේ මේ බාලවයස්කාර දැරිවියව මෙයා රවට්ටන්න ගිය නිසා... ඒ හැර වීඩියෝ කරපු නිසා නොවේ...

:       6       1

wimal Monday, 06 January 2020 09:21 AM

සමහර පොලිසියේ අය කිසි වැඩක් නැහැ. අනිත් අයගේ නමත් කනවා. මේ අය පුනරුත්ථාපනය කළ යුතුයි. රාජකාරියට බදවාගැනිමේදී කරන වරදක්. රන්ජන් ගන්න වෙලාවේ පොලිසියේ ලොක්කෝ රගපානව වගේ. කිසිම වගකීමක් නැහැ.

:       2       71

sumith Monday, 06 January 2020 09:29 AM

වැඩ තහනම් කරලා විතරක් මදි..., මම නම් කියන්නේ ඔය ලොකු නෝනලා දෙන්නට, අර මහසෝන් කාලි අම්මලා දෙන්නට කියලා හොඳට පොලු පහර දෙන්න ඕනෑ මදි නොකියන්න.

:       0       123

Gamarala Monday, 06 January 2020 09:46 AM

මේ රජයේ සේවකයන් නොවෙයි යකාගේ සේවිකාවන්.

:       0       62

විජිත් Monday, 06 January 2020 10:06 AM

පොලිසියකට ගිහින් පැමිණිල්ලක් කිරීමට තියෙන අයිතිය නීතියෙන් සහතික කරලා තියෙන්නේ. සමහර පොලීසියේ අය දේශපාලුවන්ගේ කෝල් වලට බයවෙලා පැමිණිලි ලියන්නේ නැහැ. තවත් සමහරු කම්මැලියි. තවත් සමහරුන්ට ලියන්න දන්නේ නැහැ.මෙය ඉතාම හොඳ ආදර්ශයක් වේවා ! පැමිණිලි ලියන්න අකමැති ඔක්කොම පොලිසියේ අය ගෙදර යැවිය යුතුයි. එහෙමත් නැතිනම් පාසල් යැවිය යුතුයි.

:       0       112

sas Monday, 06 January 2020 10:25 AM

වහාම දැඩි ලෙස විනයානුකූලව කටයුතු කළ යුතුය.

:       0       62

beau Monday, 06 January 2020 10:40 AM

කදිමයි. දූෂිත පොලිස් කාරයින් බොහෝදෙනෙක් රටේ ඉන්නවා. මේ වගේ අය අතුගා දමන්න.

:       0       6

Appuhami Monday, 06 January 2020 10:41 AM

මේ වගේ බැලුවද? සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ, රටේම අවධානය යොමුකළ අර තරුණයාට මගේ ප්‍රණාමය...

:       0       23

Bandula.. Monday, 06 January 2020 10:44 AM

ග්‍රාමසේවක කියන ගැහැණියගෙන් පගාව අරන්ද දන්නේ නැහැ. මේ වගේ කාලකන්නි නිලධාරිනියන්ට දැඩි දඬුවම් දෙන්නම වෙනවා. නැත්නම් නැවතත් කරන්නේ මේවගේ පහත් වැඩම තමයි...

:       0       61

rasika Monday, 06 January 2020 10:55 AM

කළුතර (දකුණ) ළමා හා කාන්තා කාර්යාංශයේ වැඩත් ඔය වගේ. මිනිස්සු රස්තියාදු කරනවා. සමහර නිලධාරිනියන්, අපිව බල්ලට දාලා වැඩ කරන්නේ...

:       0       29

sampath Monday, 06 January 2020 11:20 AM

පොලීසියේ පැමිණිලි දාන්න ජාතික මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න. ඒකෙන් වැඩිදුර ප්‍රකාශන අවශ්‍යනම් අදාල පොලීසියට යොමු කරන්න. එහෙමත් නැත්නම් වෙනත් ආසන්න පොලිස් ස්ථානයක පැමිණිල්ල සටහන් කරලා අදාල අධිකරණවලට ඉදිරිපත් කරවන්න ක්‍රමයක් හදන්න. මේ ප්‍රශ්නේ ගොඩක් දුරට ඉවරයි. 119 තව ටිකක් වැඩි දියුණු කළානම් හරි. කවදාවත් ගමේ පොලිසියට 100% අපක්ෂපාතීව වැඩ කරන්න අමාරුයි.

:       0       1

janis Monday, 06 January 2020 12:59 PM

මේ දැරිවියගේ ප්‍රශ්නයේදී තවත් පරිවාස නිලධාරියෙක් මේ දැරියට තදබල ලෙස අසාධාරණයක් කර ඇතිබව පුවත්පතකින් දුටිමි. ඔහුටද තදබල දඬුවම් දෙන ලෙස බලධාරීන් කාරුණිකව ඉල්ලා සිටිමි.

:       0       22

manju Monday, 06 January 2020 01:41 PM

පොලීසියේ ගොඩක් ඉන්නේ පගා කාරයෝයි සල්ලාලයෝයි... හොරු රකින්නේ ඒ අය තමයි.. සල්ලි හා බලය තිබුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. රටේ වෙන දේවල් දිහා බලපුවාම පොලිසිය මොනවද කරන්නේ කියලා රටේ මිනිස්සු දන්නවා නමුත් නීතිය කරන්නේ පොඩි අපිට විතරයි.

:       0       9

Yas Monday, 06 January 2020 09:56 PM

මරල දාන්න ඕනේ කාලකන්නි

:       8       12

anura Wednesday, 08 January 2020 03:18 AM

මෙය ඉතා හොඳ දෙයක්... පොලිසියට ගියාම බල්ලන්ට වගේ සලකන්නේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 3 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 122 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 72 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 158 2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1908 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 539 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site