(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දස වසරක් තිස්සේ දැරියකට කෲර වධ හිංසා පමුණුවමින් අපයෝජනයට ලක් කර ඇයට ඇසිඩ් ගසා තුවාල සිදු කළ බව කියන මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල කාර්යාලයේ ඉංජිනේරුවරයෙකු ලබන දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (20) නියෝග කළාය.
එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ අකුරැස්ස පරදුව පරගහහේනේ පදිංචි අසංග විරාජ් ඒකනායක (45) නැමැත්තෙකි.
දැනට අවුරුදු 18 යි මාස 08 ක් වන තරුණිය එම වධ හිංසා ඉවසා ගත නොහැකිව මීට සතියකට පමණ පෙර සැකකරුගේ වත්තෙන් පලා ගොස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුනී කේශලා බෝගහවත්ත මහත්මියට දුරකතනයෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව අනුරාධපුරයේ පෞද්ගලික ආයතනයක රැකියාවකට ගොස් සිටි ඇය මාතරට ගෙන්වා ගෙන ප්‍රශ්න කිරිමේදී මෙම අපරාධය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.
අවුරුදු අටේ සිට එම දැරිය තම මව සමග සැකකරුට අයත් අක්කර හතරකින් පමණ යුතු තේ හා රබර් ගස් සහිත වත්තේ නැවතී සිට තිබෙන අතර එතැන් සිට ඇය කෲර වධ හිංසාවන්ට හා අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය කියයි.
එම වත්ත බලා කියා ගැනීම ,තේ දලු නෙලීම,රබර් කිරි කැපීම ආදී සියලු කටයුතු ද ඇගේ මව සිදු කර තිබේ.
වරෙක බස් රියදුරෙකු ඇගේ මුහුණ බැලුවැයි කියා සැකකරු දැරියගේ දිගු කොණ්ඩය කඩුවකින් කපා දමා මුහුණට ඇසිඩ් ගසා ඇති බවද ඉන් බේරීමට පහත් වීමේදී ඇගේ පිටට ඇසිඩ් වැටී පිලිස්සුම් තුවාල සිදු වී ඇති බවද ඇය පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත.එම තුවාල කැලැල් ද පොලීසිය පරීක්ෂාවට ලක් කළේය.
ඒ සදහා වෛද්‍යවරයකු නිවසට කැඳවා ගෙනවිත් ප්‍රතිකාර ලබා දී තිබෙන බවද කියති.
වධ හිංසා ඉවසා ගත නොහැකිව ඇය ඉකුත් වසරේදී ද එම වත්තෙන් පැන ගොස් ඇති අතර ඇය සොයා දෙන්නැයි ඉල්ලා සැකකරු ප්‍රසිද්ධ පුවත්පත් වල දැන්වීම් පල කර ඇතැයිද පොලීසිය කරයි. ඒ අනුව පොලීසියේද සහාය ඇතිව සොයා ගෙන ඇති දැරිය නැවත එම වත්තට කැඳවා ගෙන ගොස් තබා ගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඉකුත් සතියේ දීද දැරිය පලා ගිය පසු ඇය අතුරුදන්ව ඇති බවට අකුරැස්ස පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාගේ අවසරය මත මාතර කොට්ඨාස ලමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුනී බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායම පරීක්ෂණ පවත්වා ඊට අදාල සැකකාර ඉංජිනේරුවරයා අද (20) අකුරැස්සේදී සැක පිට අත් අඩංගුවට ගනු ලැබීය.
කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොල
රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප
ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ ලාන්ස්කෝප්රල් වරයකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවෙකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුව
පාර්ලිමේන්තුව රැවටීමේ යටි අරමුණින් මහ බැංකුව වැඩි කරගත් වැටුපෙන් සියයට 25 ක් අඩු කිරීමට තීරණය කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍ර
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්රික
සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ඊ.ටී.එෆ්) 2022 වසරේදී රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ලැප්ටොප් පරිගණක 205 ක් නියමිත ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය නොකර ම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දස වසරක් තිස්සේ දැරියක අපයෝජනය කළැයි ඉංජිනේරුවා රිමාන්ඩ්
choola Wednesday, 20 June 2018 10:49 PM
මුන් ඉංජිනේරුවෝ නෙවේ මානසික රෝගියෝ. අන්ගේ මාළු නටනවා මේවා කියවද්දී. මේ වගේ අයටත් ඉර හඳ පයනවනේ......
kamaniesa Friday, 22 June 2018 08:01 AM
මේ වගේ අයගේ නම පලකරන එක හොඳයි... කාටත් දැන ගන්න.