(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ  2.6 කණුව ආසන්නයේ දී වාහන පහක් එකිනෙක ගැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි. මෝටර් රථයක්, වෑන් රථයක්, බස් රථයක් හා කැබ් රථ දෙකක් මෙසේ අනතුරට ලක්ව ඇත.  මේ හේතුවෙන් ගාල්ල දෙසට යන මංතීරුවේ තරමක වාහන තදබදයක් ඇතිවිය. තුවාලකරුවන් රෝහල් ගත කර ඇත.