IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දක්ෂිණ අධිවේගී මාර්ගයේ තී‍්‍රරෝද රථයක් ධාවනය කරලා

කේ බුද්ධික කුමාරසිරි 
 
දක්ෂිණ අධිවේගී මාර්ගයට අතුරුගිරිය පිවිසුමෙන් ඇතුල් වී කොට්ටාව දෙසට ධාවනය කළ  තී‍්‍රරෝද රථයක් අද (14) දහවල් කොට්ටාව පිවිසුම ආසන්නයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි.
 
මෙම තී‍්‍රරෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් මාර්ගයට ඇතුළු කිරීමට පැමිණීමේදී එහි සිටි ආරක්ෂක නිලදාරීන් ඊට විරෝධය පා නැවත හරවා යන ලෙස පවසා තී‍්‍ර රෝද රථය හරවා ගැනීම සඳහා ආරක්ෂක කඩුල්ල විවෘත කල අවස්ථාවේදී මෙම තී‍්‍ර රෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කර කොට්ටාව දෙසට ධාවනය කර ඇති බවද එම පොලිස් ඒකකය පවසයි.
 
පසුව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන අංශයේ නිලධාරීන් වහා කී‍්‍රයාත්මක වී තී‍්‍ර රෝද රථය ලූහු බැඳ ගොස් කොට්ටාව පිවිසුමට ආසන්නයේදී තී‍්‍ර රෝද රථය නවත්වා අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද පොලිසිය කියයි.
 
දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් මෙම තී‍්‍ර රෝද රථය සහ එහි රියදුරු හෝමාගම පොලිසියට භාර දී තිබේ.



අදහස් (29)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තී‍්‍රරෝද රථයක් ධාවනය කරලා

asiri Wednesday, 14 February 2018 11:03 AM

පොහොට්ටු පොරක් වැඩ අල්ලලා වගේ...

:       842       8342

සාරාසී Wednesday, 14 February 2018 11:39 AM

පැරදුණු කෙනෙක් වෙන්නත් බැරි නෑ...

:       202       390

SanathWednesday, 14 February 2018 11:47 AM

පොහොට්ටු නොවෙන අපි නම් දැන් භය වෙලයි ඉන්නේ.

:       178       118

BamunuarachchiWednesday, 14 February 2018 02:52 PM

මොකද බැංකු වංචාවට සම්බන්ධයිද?

:       83       536

sahanWednesday, 14 February 2018 12:17 PM

එජාප කාරයො ඒ අයගේ ලොක්කෝ වගේම තමයි. කිව්වොත් මොකක් හරි අදාල නැති කතාවක් තමයි..

:       227       530

BamunuarachchiWednesday, 14 February 2018 02:10 PM

ඔබ හරියට හරි

:       78       54

susantha Wednesday, 14 February 2018 11:36 AM

කුජිත වෙන්න පැරදිලා ලජ්ජාවට හැංගෙන්න යන අලියෙක්, සීනුවක්, බුලත් කොළයක්ද දන්නෙත් නැහැනේ!

:       3169       2143

lalWednesday, 14 February 2018 12:51 PM

මේ ඡන්දෙට ඉල්ලපු අයගේ සහ දිනපු අයගේ පැටිකිරිය අහපුවාම සදාකාලිකවම හැංගෙන්න හිතෙනවා. මහරගම දිනපු අය මහරගම පස්පාගලාවත් නැතිලු. ඔන්න අපේ ඡන්ද දායකයොයි, පක්ෂ නායකයොයි වැඩකරලා තියෙන හැටි.

:       149       162

BamunuarachchiThursday, 15 February 2018 12:58 AM

පැරදුන අයගේ පැටිගිරිය දන්නා නිසා ඔවුනට ඡන්දය දෙන්න සිතුවේවත් නැත

:       0       0

htadis Wednesday, 14 February 2018 11:42 AM

මොනවටද සැකපිට අත් අඩංගුවට ගන්නේ... වරද පැහැදිලිවම පේන්න තියනකොට?

:       0       127

BamunuarachchiWednesday, 14 February 2018 02:17 PM

මොනවා කරන්නද නොදන්නාකම ගැන... පොලිසිය කිසිවෙකු වරදකරු කියා තීන්දු කරන්නේ නැත. ඒක කරන්නේ උසාවියෙන්... උසාවියෙන් තීන්දුව දීලා දඬුවමත් නියම කරනවා. රටේ නීති ක්‍රීයාත්මක වෙන හැටිත් ටිකක් ඉගෙන ගෙන ඉන්න ඕනේ මොකද නීතිය නොදැනීම නිදහසට කාරණාවක් නොවෙයි.

:       25       194

Raveendra Wednesday, 14 February 2018 11:48 AM

ගමේ ගවමඩුවට තේරුණු අලුත් "අම්බරුවෙක්" වියයුතුය. උපරිමයෙන් දඬුවම් කළ යුතුමයි.

:       2       92

ඩී. ජයදේව Wednesday, 14 February 2018 12:00 PM

මෙවැනි මහත්වරුන්ව දැන්ම බැඳ දැමුවේ නැත්නම් ලොකු සමාජ පිළිලයක් වෙනවා.

:       0       37

රුක්මාල් Wednesday, 14 February 2018 12:04 PM

බොහෝ පැටලිලි සහිත ප්‍රකාශයකි... පොලීසිය මීට වඩා වෘත්තීය මට්ටමක් දැක්විය යුතුයි...

:       7       24

නුමා Wednesday, 14 February 2018 12:33 PM

ලංකාවේ ඡන්දෙ දාන්නෙත් මේ වගේ තමයි. ඉදිරිය ගැන හිතන්නේ නැහැ. ෆේස්බුක්, ඉන්ටර්නෙට් එකේ දවස පුරාම හිටියත්, අධිවේගී මාර්ගයකින් හිතුමතේ එළියට යන්න බැහැ කියන එක තේරුම් ගන්නේ නැහැ. අන්න ඒ වගේ තමා, උගත් වුණත් සාමාන්‍ය දැනීම නැහැ. අද කනබොන විදිහ තමා හිතන්නේ...

:       1       92

Neelaka Wednesday, 14 February 2018 01:13 PM

සිත නිවන කතා බොහෝමයි.....!!!

:       0       54

Bamunuarachchi Wednesday, 14 February 2018 02:25 PM

මෙයා කා සමග හෝ ඔට්ටුවක් අල්ලලා තිබුණාද බලන්න අධිවේගී මාර්ගයේ යනබවට... එහෙම නම් දඩය ගෙව්වාට පාඩු නැහැ. ඔට්ටුව දිනලා නිසා මොකද මෙයා අතුරුගිරියේ ඇතුල් වෙලා කොට්ටාවෙන් පිට වෙලා .

:       0       28

boora Wednesday, 14 February 2018 03:15 PM

නියම පොහොට්ටුවෙක් වෙන්න ඇති. දැන් ඉතින් දිනුව නිසා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඕවා හැදුවේ කාගේත් සල්ලිවලින් නේද?

:       159       121

wije Wednesday, 14 February 2018 04:30 PM

අනේ මන්දා මටනම් මෙතන වෙන මොනවාහරි දෙයක් තියෙනවා කියලා හිතෙනවා. ත්‍රී රෝද රථය හරවන්න ආරක්ෂක කඩුල්ල විවෘත කරන්නම ඕනෑද ඇයි ත්‍රී රෝද රථය පොඩ්ඩක් පස්සට අරගෙන හරවන්න බැරිද. අනෙක ත්‍රී රෝද රථයක් හරවගන්න තරම්වත් ඉඩක්නැති පිවිසුමක්ද අතුරුගිරියේ තියෙන්නේ. අනේ මන්ද ඉතින් මේවා දන්නේ දෙවියෝ තමයි.

:       8       2

නුමාWednesday, 14 February 2018 10:50 PM

විජේ අධිවේගී මාර්ගයකට ඇතුල් වෙලාම නැහැ වගේ. අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත්‍ර කවුළුව ළඟට ගිය පසු ආපසු හරවා ගන්නට තැනක් නැහැ. වාහන නොමැති වෙලාවක් බලා දොරටුව විවෘත කර දෙනවා හරවා ගන්නට (මමද වරක් යායුතු පැත්ත වැරදීමෙන් මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නෙමි). එසේ ඉඩ දෙන්නේ හරවාගන්නට මිසක, ඉදිරියට යන්නට නොවේ.

:       0       0

BamunuarachchiThursday, 15 February 2018 12:52 AM

මේවා තමයි ඔලු කියන්නේ අපි මොනවා කියන්නද? මෙරටේ මිනිස්සු හිතන විදිහ තමයි

:       0       0

Nuwan Wednesday, 14 February 2018 04:42 PM

අතුරුගිරියේ ඇතුල්වෙලා කොට්ටාවෙන් පිටවෙලා අධිවේගේ ඉන්න පොලිසිය පයින් ගිහින් මෙවැනි අය අල්ලන්නේ .. හිනා කාල මැරෙනවා

:       0       46

RANJITH Wednesday, 14 February 2018 08:13 PM

මේ අය මොනවද කතාකරන්නේ. මහත්වරුනි මාතෘකාවට අදාලව කොමෙන්ට් දාන්න. අපේ කාලය කන්නේ නැතුව.

:       0       0

Bamunuarachchi Thursday, 15 February 2018 03:20 AM

නුවන් ඔබේ අදහස කියෙව්වාම මටත් හිනා කාල මැරෙනන හිතුණා. ඒ ඔබේ දැනීම ගැන. අධිවේගී මාර්ගයේ ඔබ ගොස් තිබෙනවා නම් දකින්න ඇති අධිවේගී මාර්ගයට ඇතුළුවන ස්ථානයේ සිටින පොලිස් නිලධාරියාට කිසිම වාහනයක් නැතිබව. ඉතුරු හරිය මම කියන්න ඕනේ නැහැනේ.

:       0       0

aslam Thursday, 15 February 2018 04:50 AM

ඔහු වීරයෙක් වෙන්න බලන්න ඇති.

:       0       2

Sudarshana kaluaggala Thursday, 15 February 2018 06:39 AM

ඔය පාර හදන්න සල්ලි වැඩිපුරම ගත්තේ පොඩි මිනිහගෙන් තමයි ඒත් ඒ මනුස්සයට පාරේ යන්න අයිතියක් නෑ.

:       0       0

Siri Thursday, 15 February 2018 02:33 PM

විජේ ! එහෙම අපහු හැරෙව්වොත් විරුද්ධ පැත්තට ධාවනය කරන්න වෙනවනේ. එතකොට හරි ජංජාලයක් වෙන්නේ! ඒකනේ දොරටුව ඇරලා අනිත් පැත්තට හරවන්න හැදුවේ. තේරෙන්නේ නැද්ද?

:       0       0

sampath Saturday, 17 February 2018 08:13 AM

මට පේන්නේ පිවිසුමේ අය නිදා ගෙන වගෙයි. වැරදි වාහනයක් අාවම ගේට්ටුව අැරලා දෙන්නේ මොන කෙනාද? උදාහරණයක් විදියට ගෙදරට හොරෙක් අාවම ගේ ඇතුළට දොර ඇරලා ගත්ත වගේනේ.. ඕනෙතරම් ඉඩ තියෙන්නේ ආපස්සට ගන්න.. මේක නම් නොසැලකිල්ල... ඒ ගේට්ටුවේ හිටපු අයට විනය ක්‍රියාමාර්ග ගන්න. අනික පොලිසියට ත්‍රීවීල් එක අතුරුගිරියේ ඉඳන් කොට්ටාවට එන කම් අල්ලන්න බැරිවුණා කියන්නේ මොන විහිළුවක්ද? ඒ කියන්නේ අධිවේගයත් අනාරක්ෂිත තත්වයට ඇදවැටිලා...

:       0       0

Sathyayaa Saturday, 17 February 2018 11:27 PM

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරන වෙලාවේ ජයඝෝෂා නගලා තාත්තලා, පුතාලා නවීන පන්නයේ බී.එම්.ඩබ්ලිව් වාහනයක නැගලා නියමිත වේග සීමාවත් උල්ලංඝනය කරලා රටට පෙන්වූ සංදර්ශනයේ ආනිසංශ තමයි මේ. කිව්වේ නම් අධිවේගය ජනතා අයිතියට පත් කළ බවයි. මේ ත්‍රී වීලර් කරුවාට අමතක වී ඇත්තේ "ජනතාව" අතර ඔහු අයත් වන පන්තිය කුමක්ද යන්නයි. ජනතාව කිව්වට හැමෝම ජනතාව නොවන බව ජනතාව දැන්වත් පසක් කර ගත යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 138 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 416 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 621 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1047 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 723 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1589 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site