IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ත‍්‍රස්ත විමර්ශන ඒකකයට දුන් මැෂින් තුවක්කු ආපසු ගනී

 

ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබදව පැවැත්වෙන විමර්ශනයේදී ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ සැහැල්ලූ මැෂින් තුවක්කු දෙකක් (ලයිට් මෙෂින් ගන්ස්) තමන් භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයෝ කටයුතු කර තිබේ.

එම අවි, ඝාතන කුමන්ත‍්‍රණයට යොදා ගැනීමට සැළසුම් කර තිබුණේදැයි යන්න මේ වන විට සොයා බැලෙමින් පවතින අතර, මෙය වැදගත් වන්නේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ දෛනික රාජකාරි කටයුතු සදහා මෙවැනි උසස් පරිමානයේ අවිවල අවශ්‍යතාවයක් නොමැති බැවිනි. 

බම්බලපිටියේ පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයේ පිහිටි අවි ගබඩාවෙන් මෙම අවි ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙත ලබාදීම සඳහා නිල වශයෙන් අනුමැතිය දී ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාම බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෙක් පැවසුවේය.

 පොලිසියේ ප‍්‍රධාන අවි ගබඩාව වන්නේද මෙම අවි ගබඩාවයි.

දුෂණ විරෝධී බලකායේ නායකයා ලෙස තමන් හදුන්වාගන්නා නාමල් කුමාරගේ හමුවීමට පැමිණි ඉන්දියානු ජාතිකයකු බව කියන පුද්ගලයකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධරයෝ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. 

පුවත්පත් සාකච්ඡාවේදී කුමාරගේ එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මෙම පුද්ගලයා තොරතුරු විමසා ඇති බවද දැනගන්නට ඇත

ජනපති සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සැළසුම් කර ඇතැයි කුමාරගේ චෝදනා කළේ ය. එම සැළසුම දියත් කිරීම සදහා පාතාල නායකයකු වන මාකඳුරේ මධූෂ් නැමැත්තා හා සම්බන්ධවන ලෙසට ත‍්‍රස්ත විමර්ශන ඒකකය තමාට දැනුම්දුන් බවද කුමාරගේ පැවසුවේය.

 

(සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි) 

 

 

 

 



අදහස් (5)

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට දුන් මැෂින් තුවක්කු ආපසු ගනී

sirimal Sunday, 23 September 2018 12:29 PM

මේ කතාන්තරය එන්න එන්නම "ෆුල් මැල්ලුමක්" වෙන බවයි පෙනෙන්නේ. නාමල් කුමාර මේ නාටකයේ කතා නායකයායි. ඔහු බොදු බල සේනාවේ ක්‍රියාධරයෙකු බව සඳහන් වෙයි. බොදු බල සේනාව යනු මහින්දට එරෙහිව දියත් වූ මහා මොළ මෙහෙයුමේ ප්‍රධානතම බළල් අත බවද අද බොදු බල සේනාව සිටින්නේ රජයේ එක් පාර්ශ්වයක සෙවනේ බවද, නාමල් කුමාර යනු හිටපු ගුවන් හමුදා සෙබලෙක් මෙන්ම මුදලට පොලිසියට ඔත්තු සැපයූවකු බවද කියයි. මේ පිළිබඳව අන්තර්ජාලයේ දැක්වෙන අලුත්ම තොරතුරු මෙසේය " මහනුවර කෝලාහල දින නාමල් කුමාර මහසෝන් බලකායේ අමිත් වීරසිංහ නිවසට පැමිණියේය. එදින ඔහු යැපුනේ අමිත්ගේ බිරිඳ අතින් පිසදුන් අහාරයෙනි. නිවසට පැට්‍රල් බෝම්බ ගෙන ආවේ නාමල් කුමාරයි. රාත්‍රී අහාරය ගෙන නින්දට ගිය පසු නාමල් කුමාර පොලිසියට ඔත්තුව දුන්නේය. එහෙව් අණක් ගුණක් නැති කෙනෙකු නොකරන දෙයක් නැත. ජනපති ඝාතනයේ තිරකථාවට අනුව නාමල් කුමාර දැන් ඉන්දියානුවෙකුද සම්බන්ධ කර ඇත. ඝාතන කතාව රජයේම කොටස්කාර පාර්ශවයක්.... අනෙක් පාර්ශවය බෙල හීන කිරීමට කරන කුමන්ත්‍රණයේ තවත් කථාංගයකි. මේවා ලෝකයා හිනස්සන රට ආපස්සට යවන හරසුන් නාටක පමණය."

:       471       1171

lalith Sunday, 23 September 2018 03:42 PM

වැඩේ පත්තු වුණාට පස්සේ හත්පොලේ ගාගෙන කෑගහගෙන දඟලනවා වගෙයි මට පෙනෙන්නේ. මෙවැනි දෙයක් වෙන්නට ඉඩ තිබෙන බව මීට වසර ගණනාවකට කලිනුත් හිතුවා. බණ්ඩාරනායක මැතිතුමාට චීවර ධාරියෙක් එවලා වෙඩි තියපු එකට පස්සේ, චන්ද්‍රිකා මහත්මියට ප්‍රභාකරන්ගේ කට්ටිය කියලා කෙනෙක් බෝම්බ ගැහැව්වට පස්සේ, රටම පිළිගත්තු නායකයෙක් අවුරුදු තිහක් රටේ මිනිස්සු මරපු ත්‍රස්තනායකයෙක් විනාශ කිරීම යුධ අපරාධයක් කියන එකට එහෙයි කියලා නැවත බලයට ඒම වැළැක්වූවට පස්සේ, ඊළඟ පිටුව ළඟදීම එයි කියලා. තව ටිකක් කල් මේක එළිනොවුනා නම් මේ මිනිහටත් සිවුරු අන්දලා තවත් සෝමාරාම කෙනෙක් කරන්නත් බැරි නැහැ.

:       54       210

janatha anura Monday, 24 September 2018 01:33 AM

සිනහ වන්නට වඩා ජනතාවට ප්‍රශ්න ඇත, අන්දන්නට වන්නේ ජනතාව ට මිසක් කඩේ යන සුළු පිරිසකට නොවේ

:       0       2

Maaraya Monday, 24 September 2018 02:49 AM

මේවා ඔක්කොම බොරු නාටක විතරයි. මේවා ඇත්ත වෙන්න බැහැ. මිනිස්සු නොමග යවන්න කාලය කන්න කරන විගඩම්. මේවා දිහා බලන් ඉන්න මිනිස්සු රටේ අනිත් ප්‍රශ්න අමතක කරගන්නවා

:       6       1

රෝහණ Monday, 24 September 2018 04:24 AM

පොලිස් ඔත්තු කරුවන් හැසිරවීමේදී ඔවුන්ගේ බුද්ධි මට්ටම සැලකිල්ලට ගෙන නිලධාරීන් කටයුතු කරන්නේ. තොරතුරු හුවමාරු කර ගැනීමෙන් හිතවත් කම් කියා පානවා. කොටින්ම කියනවා නම් වටේ අරිනවා..අන්දනවා. මට තියන ගැටළුව නම් ඔය නිළධාරීන්ට මෙවැනි ඝාතන සැලසුමකට මේ මට්ටමේ පොලිස් ඔත්තු කරුවෙකු සහභාගී කරගනීවිද යන්නයි. කොටින්ම ...හරිම ගැටළු සහගතයි.

:       6       104

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 180 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 491 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1200 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1478 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 479 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 222 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site