IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තුන්දාහේ සැප කෝච්චිය නිකම්ම එහාමෙහා ගිහින්

(මහින්ද නිශ්ශංක)

දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් ගල්කිස්ස සහ රඹුක්කන අතර ඊයේ (25) සිට ධාවනයට යොදවන ලද විශේෂ දුම්රියෙන් රුපියල් තුන්දාහක ගාස්තුවක් ගෙවා ගමන් කිරීමට කිසිදු මගියකු ඉදිරිපත් නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ඊයේ උදේ 6.30ට පිටත්වූ මෙම සුඛෝපභෝගී දුම්රිය පෙ.ව. 10.11ට රඹුක්කන දුම්රිය ස්ථානයට ළඟා වූ අතර පස්වරු 4.30ට රඹුක්කනින්  පිටත්වී ප.ව. 6.28ට ගල්කිස්සට ළඟාවිය. මෙම යනඑන ගමන් දෙකේදීම කිසිදු මගියකු ගමන් නොකළ අතර දුම්රියේ සිටියේ දුම්රිය රියැදුරු, රියැදුරු සහායක සහ ප්‍රධාන නියාමක පමණකැයි වාර්තාවේ.

කිසිදු පූර්ව ප්‍රචාරයක් නොමැතිව මෙම දුම්රිය සේවය ආරම්භ කිරීම සහ ගාස්තුව වැඩිවීම මගීන් නොසිටීමට හේතු වූ බව පැවසේ.



අදහස් (19)

තුන්දාහේ සැප කෝච්චිය නිකම්ම එහාමෙහා ගිහින්

සමන් Wednesday, 26 September 2018 04:31 AM

මිනිස්සුන්ට බස් එකේ යන්න රුපියල් 100ක් නැතිකොට... මේ වගේ ප්‍රවාහන සැලසුම් හදන මහත්තුරු කොයි ලෝකෙද ඉන්නේ ?

:       1       255

ලුම්බිණි Wednesday, 26 September 2018 05:02 AM

මේකෙන්ම පේනවා දුම්රිය දෙපාර්තමේන්තුව කොච්චර අකාර්යක්ෂම තැනක්ද කියලා. හොඳ දෙයක් කරත් ඒක හරියට කරන්න දන්නේ නැහැ. අත්හදා බැලීමටවත් නරකද මේ දුම්රිය පුද්ගලික අංශයට බාර දුන්නොත්.

:       280       601

අසරණයා Wednesday, 26 September 2018 05:09 AM

මෙහෙමත් වැඩ

:       2       103

KUMARA Wednesday, 26 September 2018 05:20 AM

අනේ දෙවියනේ මේ පුවත ජනාධිපතිතුමා දකිත්වා....

:       3       121

vipula Wednesday, 26 September 2018 05:37 AM

මං හිතන විදිහට මේක ඓතිහාසික ගමනක්. රටේ පිස්සෝ බලයට පත්වීම හොදම උදාහරණයක්

:       387       404

udayasiri Wednesday, 26 September 2018 06:05 AM

ගිය වියදම අදාල නිලධාරීන්ගෙන් අය කළ යුතුයි. එතකොටවත් මෝඩ තීරණ නොගනීවි.

:       0       185

bandara Wednesday, 26 September 2018 06:51 AM

මෝඩයෝ රොත්තක් රට වෙනුවෙන් තීන්දු ගන්නකොට මෙහෙම තමා. රටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවන මට්ටම නොදන්නා අය .........

:       0       234

Mahil Wednesday, 26 September 2018 07:15 AM

රු.3000ක් කියන්නෙ අපේ ගෙදරට සති දෙකක් බත් කන හාල් වල ගාන

:       0       136

Ranga Wednesday, 26 September 2018 07:39 AM

ප්‍රධාන ප්‍රශ්නෙ මේකයි. රට තොට බලන්න මොන මෝඩය ද රු 3000 ක් ගෙවල රඹුක්කනට විතරක් යන්නෙ. එක්කො මහනුවරට දාන්න ඕන. නැත්තන් නොදාම ඉන්න ඕන. තාම 62 න් ඉතුරු වුන කවුරු හරි ඉන්නවද බලන්න වෙන්න ඇති කෝච්චිය යවන්න ඇත්තෙ...

:       28       203

Hafeel Wednesday, 26 September 2018 07:41 AM

දැන් මේකටත් ජනාධිපතුමා කියාවි, මමත් දැනගන හිටියේ නැහැ මාධ්‍යවල පලවෙනකම්.

:       0       168

banda Wednesday, 26 September 2018 07:44 AM

මේකට වියදම් වූ සම්පුර්ණ මුදලම මේක යෝජනා කල අයගේ පඩියෙන් අයකරගන්න

:       0       179

Ranjan Wednesday, 26 September 2018 08:26 AM

මෙම දුම්රිය පැය ගණනක් රඹුක්කන නැවත තබා නැවත පිටත් වෙනවා මේ වෙලාවේ මෙය මහනුවර දක්වා ධාවනයට සැලැස්සුවොත් පේරාදෙණිය මල්වත්ත සහ මහනුවර නරබන්න යන අය සහ අනිකුත් මගීන්ට යන්න එන්න හැකිවෙනවා. පින්නවෙලම බලන්න යන්න එන්න කිසිවෙකු නැතිවීමට එක හේතුවක් එයත් වගේම ගමන් බලපතේ මිල අධික වීම සංචාරකයන්ගෙන් වැඩි දෙනෙක් ලංකාවට එන්නේ අලි බලන්නම නොවේ.

:       0       56

Wije Wednesday, 26 September 2018 08:44 AM

මාස 02කට පෙර මම දැක්කා නුවර - ඇල්ල සුඛෝපභෝගී මගීන් 6 දෙනෙකුගෙන් යුත් පුද්ගලික බසය මීට කදිම විසඳුමයි.

:       0       23

fias Wednesday, 26 September 2018 08:50 AM

රුපියල් 3000 සැප දුම්රිය කොළඹ බදුල්ල අතර ධාවනය කළයුතුයි. ඕනෑතරම් මගීන් සොයාගත හැකියි. 10.30ට මෙම දුම්රිය යොදවන්න.

:       0       61

dhamneth Wednesday, 26 September 2018 08:59 AM

මෙය ආරම්භ කිරීමට පෙර ප්‍රචාරයක් නොදීමෙන් පෙනීයන්නේ මෙම ව්‍යාපෘතිය සාර්ථකකරගැනීමට අදාල අංශවලට උවමනාවක් නැති බවයි.

:       0       27

KANDEPOLA Wednesday, 26 September 2018 09:07 AM

රජයේ දෙපාර්තමේන්තුවල උගත්තු හිටියට බුද්ධිමත්තු නැහැ. හේතුව ඒකයි. රටට හෙන ගහලා තියෙන්නෙත් ඕක හින්දම තමයි.

:       0       28

dias Wednesday, 26 September 2018 10:25 AM

මේක ලංකාවට එන බොහෝ විදේශීය සංචාරකයන් නම් භාවිතා කරන එකක් නැහැ. මොකද, ලංකාවට එන බොහෝ විදේශීය සංචාරකයින් 2.50 අය බැවින්...

:       0       27

KANDEPOLAThursday, 27 September 2018 04:20 AM

ඩයස්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. යමක් කමක් තියෙන පෝසත් සංචාරකයෝ දැන් ලංකාවට එන්නේ නෑ. සල්ලි තියෙන අයව ඇද ගන්න වෙනත් රටවල් ප්‍රයෝගිකව උපක්‍රම යොදලා තියෙන්නේ. අපේ අය එක තැන පල්වෙමින් උඩ බලාගෙන සිටීමේ ප්‍රතිපලයක් විදියට මේ සිද්ධ වෙලා තියෙනවා. ඇරත් රටට එන සංචාරකයන්ව කාලයක් තිස්සේ හුරා කාල කාල දැන් ඒක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. අපේ රට තවමත් සංචාරක ව්‍යාපාරයට සුදානම් නැහැ.

:       0       2

ananda Wednesday, 26 September 2018 02:48 PM

හරියට සතොස එළිවෙනකල් ඇරලා තිබ්බා වගේ

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 202 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 491 1

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 218 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 153 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 228 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2277 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 210 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site