IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තිස්සමහාරාමයේදී අපයෝජනයට ලක්වූ දැරිය මිය යයි

රොෂාන් දිලිප් කුමාර සහ  දිලීප් ජයසේකර 
 
තිස්සමහාරාම ප්‍රදේශයේදී  තරුණයන් තිදෙනෙකු විසින් අපයෝජනය කළ බව කියන දැරිය (14)   හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.
 
ඇය ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.
 
ඇය සමග ප්‍රේම සබඳතාවයක් පැවැත් වූ බව කියන   තරුණයෙකු තවත්   මිතුරන් දෙදෙනෙකුද සමග පැමිණ   මත් පැන් පානය කර   දැරිය අපයෝජනය කර ඇතැයි පොලිසිය පවසයි.
 
දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය අද මිය ගොස් තිබේ. ඇය විසින් ලියන ලදැයි කියන ලිපියක් ද පොලිසිය සොයාගෙන ඇත.



අදහස් (22)

තිස්සමහාරාමයේදී අපයෝජනයට ලක්වූ දැරිය මිය යයි

Pradeep Sunday, 14 January 2018 11:21 AM

මෙවැනි නරුමයින්ගේ පිරිමි භාවය නැති කල යුතුයි. දෙමාපියන් දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් දුවලා ගැන...

:       4       367

lal Sunday, 14 January 2018 11:22 AM

මේවා කාමාතුරයන්ව උසිගැන්වීමේ භයානක ප්‍රතිඵලයක් නෙවෙයිද? ඒ මදිවට ගැහැණුන්ටත් මත්පැන් මිලදී ගන්නට ඉඩ දීලා..ඉදිරියේදී මීටත් වඩා හොඳ දේවල් අහන්න ලැබේවි.

:       424       1774

sahanMonday, 15 January 2018 12:33 AM

මේවා අයවැයේ ප්‍රතිපල කියල ඔය කිව්වට එක නොවෙයි හේතුව.

:       0       15

naradha Sunday, 14 January 2018 11:46 AM

මත්වතුර රටේ බහුල කිරීමේ තවත් ප්‍රතිඵලයක්...

:       51       125

erdi Sunday, 14 January 2018 12:04 PM

මේ පොඩි දරුවො දූෂණය කරන අයව පොලිසියට බාරදෙන්න කලින් හරි දඬුවම දුන්නා නම් ලංකාවේ දූෂණය තුරන්කල හැකියි. මේවට ආණ්ඩුවලට කරන්න දෙයක් නෑ. නීතිය පණගන්වා උපරිම දඬුවම් ලබාදිය යුතුයි. අවාසනාවකට කාලකන්නි දිගටම මේවා කරනවා.

:       3       279

BamunuarachchiSunday, 14 January 2018 12:58 PM

නිසි පියවරක් ගන්න මිනිස්සු ශක්තිමත් නැත. ඔයවගේ දෙයක් අපට වෙන්න ඕනේ. පරමපරාවම අතු ගානවා. මුළු සේසතම වියදම් කරල හරි කරනවා.

:       0       94

migida Sunday, 14 January 2018 12:06 PM

බොන කෙනා කොහොමත් බොනවා. ලයිසම තිබ්බත් නැතත්....

:       180       64

Raveendra Sunday, 14 January 2018 12:32 PM

අපේ විදේශ කටයුතු ඇමැති ගිනිවතුර විකුණන කාලවේලාවත් වැඩිකළා. ස්ත්‍රී පක්ෂයටත් ගිනිවතුර භාවිතය නීතිගත කරානේද? රටේ ප්‍රධානියා නම් ගිනිවතුර වැඩේට තදින්ම විරුද්ධ වුණත් පහළින් ඉන්න ඇම්බැට්ටයෝ ටික ලොක්කා ගැන වගේ වගක් නැති විදියක් පෙනෙන්නේ. කෙසේ වෙතත් මේවාට අනුමැතිය දුන්න අම්බරුවන්ටත් ඵලවිපාක විඳින්න වෙනවා. තම තමන් වගා කරපුවා නොවැ කපාගන්නේ...

:       212       3692

lalSunday, 14 January 2018 03:57 PM

බොන කෙනා කොහොමහරි බොනවා. ගැහැණු පිරිමි භේදයක් නෑ. අනික ඔය ගැහැණුන්ට මත්පැන් මිලදී ගන්න බැරි නීතියක් තිබෙන බව දැනගෙන හිටියේ කීයෙන් කීදෙනාද?

:       0       0

chintaSunday, 14 January 2018 05:57 PM

රවි්න්ද්‍ර මයා, මේවා මුදල් ඇමතිගේම යෝජනා නොවෙයි.

:       0       1

banda Sunday, 14 January 2018 01:19 PM

මේ නරුමයෝ 3න් දෙනාම දේශපාලකයෝම තමා.....

:       0       57

විමුක්ති Sunday, 14 January 2018 01:23 PM

ළමා අපයෝජන සිදු කරන පාපතරයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුමයි. මොවුන් විනාශ කරන්නේ මේ රටේ අනාගතයයි.

:       1       178

sena Sunday, 14 January 2018 03:12 PM

මට දුක මේ කාලකණ්ණින්ට මරණ දණ්ඩනය දුන්නත් වැඩක් නැහැ. ඊට පස්සේ හිරේ ඉඳලා අවුරුදු කීපයකින් එළියට එනවා.

:       0       138

පුෂ්පා Sunday, 14 January 2018 06:48 PM

දැන් මේ කාමාතුරයින්ව පොලිසියෙන් අත් අඩංගුවට අරගෙනද?

:       0       7

ranjith Sunday, 14 January 2018 10:16 PM

මේ වගේ අය නීතියෙන් බේරගන්න මුදලට සාදාරණය යට කරන්න හදන නිතිඥයෝ ඉදීවිද මේ රටේ ?

:       0       0

පිටිගල මිලානෝ Monday, 15 January 2018 01:29 AM

අපි ඉතාලියට ගියාම හැමෝම කිව්වා ළමයි විනාශකර ගන්න තමයි හදන්නේ කියලා. ඒ‌ත් මගේ විතරක් නෙවෙයි... මෙහෙ ඉන්න අපි දන්න ලාංකික පවුල් සියල්ලේම පාහේ දරුවන් ලස්සනට හැදිලා. සිංහල කතාකරගෙන තමන්ගේ ආ‌ගම් අදහගෙන අපි ලාංකික කියන හැගීමෙන් ජීවත්වෙනවා. ලංකාවට ගියාම අපේ ළමයි බයවෙනවා. භාගෙකට සිංහල බැහැ. තවත් අය හරියට අඳින්න, හැසිරෙන්න දන්නේ නැහැ. සංකරයි. පොඩි දරුවෝ මෝරලා. අම්මලා වෙනත් හොර පලහිලව් වල පැටලිලා... ටීවී වල යන්නේ ගත යුත්තක් නැති කෝලං... මට දැන් බය කවදා හරි අපේ ළමයි ලංකාවේ ඉන්න සංකර කෙල්ලොන්ට කොල්ලොන්ට අහුවෙලා විනාශවෙයි කියලයි.

:       0       1

සන්දීපනී Monday, 15 January 2018 02:40 AM

ප්‍රදීප්ට විකාර ! අද කාලේ පිරිමි දරුවන්ව ආරක්ෂා කරන්න ඕනේ ගැහැණු දරුවන්ට වඩා හොඳින්. වර්තමානයේ ගැහැණු දරුවන්, පිරිමි දරුවන්ට සාපේක්ෂව දඟකාරකම් වැඩියි.

:       0       0

rocky Monday, 15 January 2018 02:44 AM

සමහර අඥානයන් ඕනම වරදකට මුල මත් පැන් කියලයි හිතන්නේ.

:       0       1

asad Monday, 15 January 2018 04:22 AM

මෙවැනි අපරදකරයන්ව ප්‍රසිද්ධයේ හන්දි වල තබා එල්ලිය යුතුයි. එකවර මිය යාම නොව ක්‍රමක් ක්‍රමයෙන් මිය ය යුතුයි. එම දඩුවම අපරාද කල තැනැත්තාට වඩා එය දකින පුද්ගලයා අපරාද කිරීමට පෙර දස වාරයක් සිතීමට පෙලබිය යුතු දඩුවමක් විය යුතුය. අපරාද සදහා දඩුවම් දිය යුත්තේ කල පුද්ගලයා ඉලක්ක කරගෙන නොව එවැනි අපරාද සදහා යොමුවන පුද්ගලයන් ඉලක්ක කරගෙනය.

:       0       22

මද්යස්තයා Monday, 15 January 2018 07:14 AM

මෙවැනි අපරාධකරුවන්ට ප්‍රසිද්ධියේ මරණ දඬුවම දෙන්න බැරි ඇයි? මෙය ඉස්ලාමීය නීතියක් නිසා බොහෝ මිනිස්සු මෙවැනි දඬුවම් දීම පිළිගන්නේ නැහැ.

:       0       1

Kasun Monday, 15 January 2018 12:49 PM

ලංකාවට දැන් සංස්කෘතික ලේබල් එක ගහන්න බැහැ.

:       0       0

HASHIM Wednesday, 17 January 2018 09:49 AM

මරණ දඬුවම් ඇත්තේ මුස්ලිම් රටවල පමණක් නොව, ලෝකයේ අනිත් රටවල්වලද තිබේ. අපේ රටේ සිදුවන අපරාධ නම් මහපොලව නුසුලන්නේ නැත. මරණ දඬුවම් ලබා දීමට සුදුසු හා අනිවාර්ය කාලය එලබී ඇති බව සිතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 74 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 236 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 47 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 764 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 206 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 249 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site