(මනෝප්‍රිය ගුණසේකර)

කුට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි  දීම සඳහා  ජුලි 17 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) සිතාසි නිකුත් කළේය.