IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක්

නිමල කොඩිතුවක්කු 
 
ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම යටතේ  අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට රජය සැළසුම් කර තිබේ.
 

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෙළඹ අරලියගහ මන්දිරයේ  අද(11)  එළිදැක්වු අවස්ථාවේදි මේ බව අනාවරණය කෙරිණි.
 
වර්ෂ 2050දී අවසන් කිරිමට නියමිත  ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්මේ මූලික අදියර 2025 වසරේදි අවසන් කිරිමට නියමිතය.
 
මෙම වැඩපිළිවල යටතේ  අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට අමතරව අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයක්, ත‍්‍රිකුණාමලය වරාය දියුණු කිරීම, සංචාරක වැඩසටහන් දියුණු කිරීම ඇතුලූ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කෙරේ.
 
සිංගප්පුරුවේ සුබානා ජුරෝන්  සමාගම හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්ව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම සකස් කර තිබේ.
 
මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු  , සුබානා ජුරෝන්  ආයතනයේ නියෝජිතයෝ ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර 



අදහස් (57)

ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක්

rocky Wednesday, 11 July 2018 01:07 PM

මහනුවරට වරායකුත් තිබුණා නම් තමයි වඩාත් හොඳ !!!

:       466       1338

සත්‍යපාල Wednesday, 11 July 2018 07:56 PM

ඉන්දියාවයි චීනෙයි නයයි පොළඟයි වගේ. චීනෙට වරාය විකුණුව නිසා එයට හරියන්නට මත්තල ගුවන්තොටුපොළ සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඇතුළු බොහෝ දේ ලබා දෙන්නට සිදුව ඇත. තෙල් ටැංකි ගන්නට පෙර ඉන්දියාවට ත්‍රිකුණාමලයේ ගුවන්තොටුපොළක්ද ඉදිකරගන්නටත් අවශ්‍ය නිසා ඒ සැලසුම දැන් ක්‍රියාත්මකව පවතී. වරාය දීමෙන් පසු ඉන්දියාව අපේ අයට කරන තර්ජන අණ බලහත්කාරකම් සියල්ලට අපේ රට යටත්ව ඇත.

:       168       540

kapThursday, 12 July 2018 07:31 AM

ඔයා මේ කියන සුද්දා හදපු තෙල් ටැංකි දැකලා තියෙනවද? පරණ යකඩ වලට නම් හොදයි. ඉන්දියන් කාරයන්ට වඩා ඔයා ඉන්දියන් ප්ලෑන් ගැන දන්නවනෙ

:       0       0

senaThursday, 12 July 2018 08:34 AM

මටත් හිතෙන්නේ එහෙමය් රනිල් මහත්තයා විතරක් නෙවෙයි පොඩි ළමයෙකුට උනත් තේරෙනවා තිරිකුණාමලයට ගුවන් තොටුපොළක් වැඩක් නැහැ කියන එක.

:       0       25

HafeelThursday, 12 July 2018 09:42 AM

අනිවාර්යෙන්ම. මොකද්ද? ගුවන්තොටුපොලත් සමඟ වරායකුත් අවශ්‍යයි. එතකොට තමයි චීනටයි ඉන්දියාවටයි සමබරව දෙන්න පුළුවන්. අනික ඉදිරපත් කරන අය වැයවම අඩුම තරමින් 25% ඉටුකරන්න බැරි සහ 2015 චන්ද පොරුබ්න්දුත් තාම ඉටු කරන්න බැරි මේ මිනිහා, ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කොහෙද ඉදි කරන්නේ?

:       0       73

පින්හාමි Wednesday, 11 July 2018 01:18 PM

ඒක මොන රටටද විකුණන්නේ දන්නෑ...

:       340       851

Sanath Kandy Wednesday, 11 July 2018 02:55 PM

ඒකත් මාරු වැඩේ. වෙන රටවල් කාර්මික කෘෂිකාර්මික නිෂ්පාදන හදලා පිටරටට විකුණනවා. අපි ගුවන් තොටුපොළවල් වරායවල් හදල විකුනනවා. කොහොමද අපේ නායකයින්ගේ ආර්ථික විද්‍යා ඥානය.

:       470       1126

sirimal Wednesday, 11 July 2018 01:21 PM

ත්‍රිකුණාමලය පැත්තේ වී ගොවිතැන එතරම්ම සරුද?

:       261       621

Amila Wednesday, 11 July 2018 02:05 PM

ඡායාරූප ටිකනම් ලස්සනයි.

:       10       222

ඉරාන් Wednesday, 11 July 2018 02:17 PM

මේ පොඩි රටට ජාත්‍යන්තර ගුවන්තොටුපළවල්, වරායවල් දෙකක් ඕන නෑ කියලා, හදපු මත්තලයි හම්බන්තොටයි එදා වේල ගැටගහගන්න විකුණලා කාලා දැන් මේ කරන්න හදන්නෙ අපේ බදු මුදලින් අපේ දරුවන්ගෙ දරුවනුත් තව ණයකාරයො කරලා ජාත්‍යන්තර වරායක් හා ගුවන්තොටුපළක් හදල දෙන එක.

:       215       1349

Ranhalu Wednesday, 11 July 2018 03:00 PM

සහතික ඇත්ත සහෝදරයා, මේ අය පණුවෝ ගහලා තමයි මැරෙන්නේ...

:       1       525

RaveendraWednesday, 11 July 2018 03:03 PM

ඉරාන් මයා ඇයි ඔබට ඉරිසියාද? මේ අම්බරුවන් රෑනත් ගාණක් කපා ගන්නවට ...

:       47       204

akilaWednesday, 11 July 2018 04:37 PM

මත්තල තවම විකුණුවේ නැහැ නේද? මන් හිතන්නේ නැහැ ඒක කවුරුවත් ගනී කියලා, මිනිස්සුන්ට එන්න බැරි, ගුවන් යානාවලට අනාරක්ෂිත, කැලේ හදපු ගුවන් තොටුපලක් කවුරුද ගන්නේ ?

:       716       542

MaheeWednesday, 11 July 2018 07:44 PM

සම්පුර්ණ ඇත්ත, ඉරාන්, මත්තල වී ගබඩාවක් කලේ ගුවන් යානා නැති හින්දා. උතුරු නැගෙනහිර අපේ රටේ කොටස් බවත් සංවර්ධනය කල යුතු බවත් අපි හිස මුදුනින් පිලිගන්නවා. හැබැයි, ඒක ප්‍රායෝගික සංවර්ධනයක්, ප්‍රදේශයට, රටට අවශ්‍ය සංවර්ධනයක් වෙන්න එපාය. මේක නම් කොමිස් ගැහිල්ලක් පමණයි.

:       301       384

sinidu Wednesday, 11 July 2018 02:18 PM

ලස්සන සුරඟන කතාවක් නේද

:       1       260

jerami Wednesday, 11 July 2018 02:36 PM

අගමැතිතුමා ලෝකෙට විහිළු සපයනවා නේද? දැන් එක්කෙනෙක් හම්බන්තොට ඔය ටික ඔක්කොම හැදුවා. කෝ නැවක් අාවද? ගුවන් යානයක් අාවද? හරියට මැච් එකක් ගැහුවද? විලි ලැජ්ජාවක් කියලා එකක් ඇත්තෙම නැද්ද ඔහෙලට?

:       273       436

කමනි පිරිස් Wednesday, 11 July 2018 03:05 PM

මේ චූටි දුපතට එකම එක ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හොඳටම ඇති... කටුනායක ගුවන් තොටුපළ නියම විදිහට කළමනාකරණය කිරීමයි කළ යුත්තේ. කාට කාට හරි හොඳ සල්ලි මල්ලක් එහෙම නැතිනම් පිට රටකින් නිවසක් සහිත ඉඩමක් ලැබෙන්න ඇති.. එ්ක තමයි මේ බොළඳ යෝජනාවන් ගෙනෙන්නේ. නමුත් මේ දියවන්නාව අසල ඇති මීහරක් පට්ටියේ සිටින මි ගවයන් ගෙනෙන ඉතාම ලාබාල මෝඩ බොළඳ යෝජනා දැක්කහම මගේ රට ගැන මහා දුකක් ඇතිවෙනවා.

:       14       329

raheem Wednesday, 11 July 2018 03:50 PM

එච්චර වියදම් කරන්න ඕන නැහැ මත්තල උස්සලා ගිහින් ත්‍රිකුණාමලේ හයි කරන්න.

:       0       155

raheem Wednesday, 11 July 2018 03:50 PM

එච්චර වියදම් කරන්න ඕන නැහැ. මත්තලා උස්සලා ගිහින් ත්‍රිකුණාමලේ හයිකරන්න.

:       0       73

raheem Wednesday, 11 July 2018 03:53 PM

නරකද සීගිරිය ගල උඩ එකක් හැදුවා නම්? සංචාරකයින්ට සීගිරියත් බලලා බහින්න පුළුවන්..

:       1       163

nihal Wednesday, 11 July 2018 04:05 PM

වැඩේ නම් ලස්සනයි. එවැනි ප්‍රදේශත් දියුණු විය යුතුයි. ත්‍රිකුණාමලය ඇත්තටම ලස්සන තැනක්. ඔය පින්තුර වල තියන නගර ප්‍රදේශය දියුණු කරලා ගත්තොත් තවත් හොඳයි. අවුරුදු ගණනක් ත්‍රිකුණාමලයට ආ ගිය කෙනෙක් හැටියට මොන පක්ෂය කෙරුවත් මම නම් කැමතියි.

:       225       221

Kumar Wednesday, 11 July 2018 04:11 PM

අධිවේග මාර්ගයකින් කටුනායක ගුවන්තොටුපල නැගෙනහිරට සම්බන්ද කෙරීම තමා සුදුසු. මේ ගමන රට උකස්කරන්නේ මොන රටටද?

:       0       192

Rathnayake Wednesday, 11 July 2018 04:30 PM

මට නම් හොඳටම විශ්වාසයි ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට දියුණු රටක් බවට තව අවුරුඳු 5ක් ඇතුලත පත්කරන බවට. දැනටමත් මොන තරම් වැඩ කොටසක් කරලා තියනවද. අමතක කරන්න එපා අපේ රටට අත්වෙලා තිබුන ඉරණම.

:       1381       1258

lusenaWednesday, 11 July 2018 05:53 PM

රටින් පිටත ඉන්න අපිට පේනවා අද රට යන අත

:       2       219

BamunuarachchiMonday, 16 July 2018 05:08 PM

කාටද මේවා කියන්න අපි දන්නවා 2005 කලින් තිබුන තත්වය. 2005 මහින්ද මහතා බලයට නාවානම් දැන් ඉරණමත් අපි දන්නවා. මේ අවරුදු 3 කෙරුවේ මොනවාද කියන්න.

:       0       0

lal Wednesday, 11 July 2018 05:29 PM

ඕක එච්චර ගනන් ගන්න එපා. ඔය සැලසුම් කඩදාසියට විතරයි. අපිටත් කවදාහරි අර චුට්ටෙ කියනවා වගේ "මං කිව්වෙ ඕක හරියන්නෑ කියලා" තමයි කියන්න වෙන්නෙ.

:       1       261

වත්සලා Wednesday, 11 July 2018 06:45 PM

ෆොටෝ ෂොප් භාවිතයෙන් ඕන සුරංගනා ලෝකයක් මවලා පෙන්නන්න පුළුවන්.

:       0       153

soma dubayi Wednesday, 11 July 2018 07:09 PM

කෝ දැන් යහපාලනෙට බැනපු කට්ටිය? ගරු අගමැතිතුමා අනිවාර්යෙන්ම මේ රට 2020 දී පංචවිද ප්‍රතිපත්තිය අනුව දියුණු රටක් බවට පත් කරනවා,

:       889       275

sanath Wednesday, 11 July 2018 07:35 PM

අපිට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. මත්තල ගුවන්තොටුපොළ පිහිටලා තියෙන්නේ වෙළඳ ආර්ථිකයට අවාසි සහගත තැනක නිසා එය ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදාගැනීම නුවණට හුරු නැත.

:       270       181

gallage Thursday, 12 July 2018 02:01 AM

ඔව්වා බොළඳ කතා. දැන්මම බොරු චාරිකාව පටන් අරගෙන. කාට කියන්නද..

:       0       29

Chandima Thursday, 12 July 2018 02:10 AM

අනේ මහා ලොකුවට වරායවල් ගුවන් තොටුපොළවල් තෙල් ටැංකි මොනවා හැදුවත් අන්තිමට කරගෙන යන්න බැහැ කියල විකුණලා දාන එකනේ කරන්නේ. හැදුවට ඒවා සැලසුම් කරලා මෙහෙයවන්න කාටද පුළුවන් කියලා දැන්මම කියන්න බලන්න.

:       0       23

abaran Thursday, 12 July 2018 02:54 AM

මම අගමැති උනාම අපේ ගම්පලාතේ ගිරාඳුරු කෝට්ටේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හදනවා...

:       21       136

Ruwan Thursday, 12 July 2018 02:55 AM

ඔන්න සිංග්ප්පූරු ගියා විතරයි ආයෙත් ආතල් දෙන්න පටන් ගත්ත

:       0       195

රාජුන් Thursday, 12 July 2018 02:55 AM

නරකද මුළු ලංකාවම තනි එයාපෝට් එකක් කළානම්? අපිට ගෙදර ඉඳගෙනම ප්ලේන් එකේ නගින්න පුළුවන්.

:       0       43

laky Thursday, 12 July 2018 03:02 AM

කුහක කමෙන් පිරුණු මොවුන් මත්තලට කල දේ අපි දැක්කා.. දැන් මේ මොන විකාරයක්ද..

:       1       218

Denesh Thursday, 12 July 2018 03:36 AM

අද දවසේ හොඳම විහිළුව..... මුළු රටම ප්‍රපාතේ......ජනතාව මහා පිඩනයකින් ගීවත්වෙන්නේ..... රටේ පාලකයෝ අහසේ මාලිගා හදනව.....පාලකයෝ ජනතාවගේ මුදල් වලින් ගීවත් වෙන නිසා එව්ගොල්ලන්ට මේවා පෙන්නේ දැනෙන්නේ නැහැ..... එදිරියේදී අපිට මහා කෙධවචකයකට තමි මුහුණ දෙන්න වෙන්නේ.... තට්ට නැති පව්ලක් වගේ සමේ තෙනකම හොර මැරකම්, පාලකයෝ මුළු රටම හුරගෙන කනවා අනේ අපේ අවාසනාව......

:       0       294

.චාන්දනී Thursday, 12 July 2018 06:41 AM

දිනේෂ් ඔබ හරි. අනිවාර්යෙන්ම මේ අය නිසා දවසක මේ රටේ ජනතාව මත විශාල පීඩනයක් පතිත වේවි.

:       0       16

සේපාල Thursday, 12 July 2018 03:50 AM

මුණු වලින් පේනවා ඔය තරම් උවමනාව සහ සිනහව හොඳ සල්ලි කුට්ටි මෙහෙම ව්‍යාපෘති ගෙනල්ල ගිලින්න පුළුවන් බව දන්නා නිසා

:       0       106

ranga Thursday, 12 July 2018 04:32 AM

මේ මිනිස්සු කාටද මේ බොරු කියන්නේ? වරායවල් හදන්න තියා කැඩුණු පාරකට තාර ටික දාගන්න සල්ලි නැහැ

:       0       118

rama Thursday, 12 July 2018 04:33 AM

රටේ මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විදිනවා. ඒ මිනිස්සුන්ට වාහනයක් ගන්න බැරි තරමට වාහන මිල ඉහල ගියා, තව ඒ මිනිස්සුන්ගෙන්ම බදු ගහලා ගුවන් තොටුපොලවල් හදනවා. ඔක්කොටම කලින් මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසුකම් දෙන්න ඕන

:       0       38

Dhammika Thursday, 12 July 2018 05:08 AM

මේ තියෙන දේවල් වෙනවා නම හොදයි තමයි ඒත් ත්‍රිකුණාමලයට ක්‍රිකට් පිටියක් නම් ඕන නෑ පිට්ටනි මහා ගොඩක් තිබුනට ඒ තරම් ක්‍රිකට් තරග නැහැනේ. රාජපක්ෂලත් පල්ලෙකැලේ හැදුවා හම්බන්තොට හැදුවා ක්‍රිකට් පිට්ටනි. එත් අපරාදේ සල්ලි හම්බන්තොට පිට්ටනියේ තරග පවත්තන්නෙත් නෑ. අපි ක්‍රිකට් වලට ආදරෙයි ඉන්න පාලකයෝන්ට වඩා තවත් බොරුවට ක්‍රිකට් පිට්ටනි හදලා අපේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටිකයි අපේ ක්‍රිකට්‍ ගහන කොල්ලෝ ටික ගේන සල්ලි ටිකයි විනාශ කරන්න ඕන නෑ

:       57       5

upul Thursday, 12 July 2018 05:10 AM

දැනට තිබෙන වරායවල් ගුවන්තොටුපොලවල් විතරක් නෙවෙයි බුලත්විට කඩයක්වත් හරියට කරන්න බැරුව තවත් ලෝකයට ණය වෙලා ගුවන්තොටුපෙලවල් හදන්නේ.

:       0       121

Rasi Thursday, 12 July 2018 05:25 AM

දේශපාලකයෝ ඕන ඕන තැන්වල වරායවල් හදනවා ගුවන්තොටුපොළවල් හදනවා. අපි ගෙවනවා. දැනට මේ රටට ඉතා වේගයෙන් අවශ්‍යව ඇත්තේ කටුනායක නවීකරණය කොට ඉතා ඉක්මනින් අවම වශයෙන් මිලියන 20-30 අතර ගුවන් මගින් සංඛ්‍යාවක් හැසිරවිය හැකි ආකාරයේ ගුවන් තොටුපලක් කිරීමයි. අකමැත්තෙන් හෝ මත්තල තියෙන හින්ද හදිසියකදී භාවිතයට අවශ්‍ය ගුවන් තොටුපලක් පවතිනවා. රටේ කිසිම ක්ෂේත්‍රයකට අනාගත දැක්ම සැලසුම් කල හැකි ආයතනයක් හෝ මණ්ඩලයක් නැහැ. සියලු දේ වෙන්නේ දේශපාලකයෝ ඉපදෙන තැන අනුව හරි, ඒ අය ගිය ඉස්කෝලේ අනුව හරි ඒ අයගේ පන්තිය මත.

:       0       141

vidya Thursday, 12 July 2018 05:48 AM

ජපානයෙන් කාර් කෑලි ගෙනල්ලා බට් කරලා කාර් හදනවනම් මත්තල නිකම් තියෙන එක කෑලි වලට ගලෝලා ත්‍රිකුනාමලේ හයි කරන්න පුළුවන්නේ. මේවට හොඳ වැඩකාරයෝ ඉන්නවා

:       9       25

Nimal Thursday, 12 July 2018 06:24 AM

තවත් ගැරීමක් වගේ, අනේ ඔයාලටනම් හොඳයි, අපිට තමයි දුක.

:       0       153

sampath pathirana Thursday, 12 July 2018 06:34 AM

කෑගල්ලටත් වරායක්, ඕනි.....

:       0       98

sugath Thursday, 12 July 2018 06:42 AM

මොනවද මේ මෝඩ වැඩ? තියෙන මත්තල විකුණලා අලුතෙන් හදන්න හදන්නේ ? මේවට ආපහු රට ණය කරන එක නේද වෙන්නේ ?

:       0       91

jaseem Thursday, 12 July 2018 07:20 AM

ත්‍රිකුණාමලයට වඩා අනුරාධපුර හෝ දඹුල්ල සුදුසු තැන

:       0       17

p.d goonawardena Thursday, 12 July 2018 07:58 AM

කරන සහ කරපු දෙයක් නැහැ.

:       0       287

Chandima Thursday, 12 July 2018 08:06 AM

මොනවා හැදුවත් වැඩක් නැහැ අන්තිමට සිද්ධ වෙන්නේ කාටහරි විකුණලා දාන්න වෙනවනම්. අන්තිමට ඕවා විකුණන කොට අපිට තියෙන භූමියත් නොරටුන්ට අයිති වෙනවා. ඔක්කොටම කලින් ගුවන් තොටුපොළවල් වරායවල් ගුවන් සමාගම් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි වගේ මහා ලොකු වැඩ සාර්ථකව කරන්න පුළුවන් බුද්ධිමතුන් ඉන්නවද කියලා හොඳට හොයා බලන්න ඕනි. දැනට පේන විදියටනම් ඔය මොකක්වත් බැහැ වගේ.

:       0       35

Sisili Bisili Thursday, 12 July 2018 08:14 AM

එතකොට මහේන්ද්‍රන්ට සිංගප්පුරුවේ ඉඳල එන්න පුළුවන් 2050 දී. කොහොමද අපේ අකමැති තුමාගේ මොලේ?

:       0       102

kumara Thursday, 12 July 2018 08:24 AM

රටක් දියුණු වෙන්නනම් රටට විදේශ විනිමය ඕනේ ,රට විකුණන්නේ නැතිව සංවර්ධනය වෙනවනම් මම නම් කැමති .

:       14       133

Ranjith Thursday, 12 July 2018 08:51 AM

අයියයියෝ ...ඕගොල්ල ඔක්කොටම වැරදිලා මේක අගමැතිතුමා ගොඩක් දුර දිග බලල කරපු වැඩක් .... හිඟුරක්ගොඩ ගුවන්තොටුපළ හදද්දී වක්‍රාකාරව දියුණුවෙන පැති තියනවා .......... මෝඩයින්ට එක තේරෙන්නේ නැහැ ... 225 ත් එක්ක හොඳට සාකච්ඡා කරලා මේ තීරණය අරන් තියෙන්නේ .... 1. ප්‍රවාහනය දියුණු වෙනවා මොකද වොක්ස්වැගන් කර්මන්න්ත ශාලාවෙන් එන වාහන විතරයි මේකේ වැඩට ගන්නේ ...එතකොට විශාල රැකියා ප්‍රමාණයක් බිහිවෙලා ලංකාවේ රැකියා ප්‍රශ්නය සම්පුර්ණයෙන්ම විසදෙනවා 2. මේකට යාකරනවා ප්‍රධාන ගුවන් ගමන් මාර්ගය [මත්තල වගේ නෙමෙයි ] එතකොට ලංකාව වටෙන් යන ඔක්කොම ගුවන්යානා මේකේ බානවා .... එතකොට විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙනවා ... රුපියල අගය ඉහල යනවා .... එතකොට ඩොලර් හරි ඉයුරෝ වලින් තමයි ලංකාවේ ගනුදෙනු කරන්න වෙන්නේ 3. ඔන්න එතකොට තමයි ලංකාවේ මිනිසුන්ට තේරෙන්නේ ඇයි දේශීය අදායම් කොමසාරිස් ඒ වගේ ටැක්ස් ක්‍රමයක් හැදුවේ කියල ...කොහොමද ටිකිරි මොලේ 4. අනික මේකට කොච්චර වියදමක් ගියත් ඒ මුලුවියදම සතයක්වත් මහජනයාට පටවන්නේ නැතිව උපයන ඩොලර් වලින් කවර් කරගන්නවා තව ගොඩක් දේවල් තියනවා ...එත් ඒවා කියන්න ඉස්සෙල්ල ..එත් ඕනේ නැහැ

:       0       98

අමල් Thursday, 12 July 2018 09:37 AM

මත්තලට වඩා අනිවාර්යයෙන් ප්‍රයෝජනවත්.

:       23       131

Ranga Thursday, 12 July 2018 09:39 AM

අපේ ගේ ඉස්සරහ වරායක් හදන්න බැරිද? මට නැවෙන් වැඩට යන්න.

:       0       32

nimal Friday, 13 July 2018 12:42 AM

පරාක්‍රම සමුද්‍රයේ වරායකුත් හදමු.

:       0       0

kalani Saturday, 14 July 2018 12:22 PM

මත්තල ගුවන් තොටුපොළට ගුවන්යානා මොනරු නිසා එන්න බැහැ. ඒත් ත්‍රිකුනාමලේට?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 8 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1362 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 283 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1389 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1375 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1552 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site