(මාවනැල්ල සමන් විජය බණ්ඩාර)

අරණායක පොලිස් බල ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ (07) රාත්‍රියේ මිය ගොස් ලේ විලක් මැද වැටි සිටියදි මාවනැල්ල අරණායක පාරේ උස්සාපිටිය සුමංග පාසල ඉදිරිපිටදි අරණායක පොලිසියට ඊයේ 07 රාත්‍රී සොයා ගත් බව අරණායක පොලිසිය කියයි.

එදින මධ්‍යම රාත්‍රීයේ මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වන අවිවාහක මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික තරුණයෙකි. මෙම තරුණයා උස්සාපිටියේ ප්‍රදේශයේ පාසල පැවැත්වෙන සැණකෙළියකට හා රාත්‍රී සංගීත ප්‍රසංගයකටද සහභාගි වි ඇති අතර එය අවසන් වි නිවසට යමින් සිටයදි වාහන අනතුරකට ලක් වි මෙසේ මිය ගියාද නැතිනම් පහරදිමකින් මරණයට පත් කරාද යන්න සම්බන්ධයෙන් පොලිසිය මෙ වන විට පරික්ෂණ සිදු කරයි.

මෙ වන විට මිය ගිය අයගේ මරණ පරික්ෂණය හා අදාල පරික්ෂාව සිදු කිරිමට මාවනැල්ල රෝහලේ මළසිරුර තැන්පත්කර ඇති අතර අරණායක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව ගුණතිලක මහතාගෙන් අප කරන ලද විමසිමකදි එතුමන් පැවසුයේ සිද්ධිය සම්බන්ධයෙන් මෙ වන තෙක් නියමිත නිගමනයකට පැමිණ නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බවද කියයි.