IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තමන් දුර්වල නොකරන්නැයි ජනපති අගමැතිගෙන් ඉල්ලයි

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය.
 
තමන් ශක්තිමත් කරනවා මිස කිසිදු අවස්ථාවක තමාව දුර්වල කිරීමට  කටයුතු නොකළ යුතු බව ද  ජනාධිපතිවරයා අගමැති  සහ පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන්  අද ඉල්ලා සිටියේය. 
 
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
 
2014 වසරේ තමන් පැවති රජයෙන් ඉවත්වූ විට එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තමාට චෝදනා කළ අතර අද එක්සත් ජාතික පාක්ෂිකයින් ද තමාට චෝදනා නගමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා තමා එම කිසිදු පාක්ෂිකයෙකුට ද්‍රෝහි වූවා නොව තමා සැමදා ද්‍රෝහි වන්නේ වංචාවට හා දූෂණයට බව ද කීවේය.
 
‘‘අද මහබැංකු වාර්තාව ගැන වේදිකාවේ කෑ ගසන හිටපු නායකයා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය දුන්නේ නෑ. රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිට වූ විගස දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට සුබ පැතුවා. ඒ බව මා හොඳින් දන්නවා.  ‘‘

ඡායාරූප සහ වීඩියෝ - ජනාධීපති මාධ්‍ය අංශය



අදහස් (59)

තමන් දුර්වල නොකරන්නැයි ජනපති අගමැතිගෙන් ඉල්ලයි

siri Monday, 22 January 2018 02:53 PM

මධ්‍යස්තව සලකා බැලුවහොත් මෙය හුදෙක් මැතිවරණය ඉලක්ක කරගෙන කරන ලද ප්‍රකාශයක් බවයි පෙනෙන්නේ.

:       751       885

lalithsjmTuesday, 23 January 2018 02:46 AM

හරියට හරි මේක හොද ඡන්ද ගුන්ඩුවක්

:       0       47

senaTuesday, 23 January 2018 07:11 AM

චන්ද ගුණ්ඩුවක එහා ගිය පාවාදීමක් මෙතන තියෙනවා මෙයාට රට අස්ථාවර උනත් කමක් නැහැ ගමේ ඡන්දෙදි වැඩි ආසන සංක්‍යාවක් අරගෙන පක්ෂය තුල තමන්ගේ බලය තහවුරු කරගත්තොත් ඇති.

:       0       79

Raveendra Monday, 22 January 2018 03:11 PM

රටට හොදක් වෙනවනම් රටේ මුල් පුරවැසියට තිබෙන බලය උපරිමයෙන් පාවිච්චි කරන එකනේ තියෙන්නේ.

:       20       326

කනිෂ්ක Monday, 22 January 2018 03:24 PM

මෙය ප්‍රසිද්ධියේ නොව ඇතුලත කල යුතු කතාවක්.

:       5       752

gun arathnaTuesday, 23 January 2018 02:12 AM

ඔබතුමාට තෙරුනාට ජනධිපතිට තේරෙන්නේ නැති කම තමා වැරද්ද.

:       0       42

manoj Monday, 22 January 2018 03:26 PM

ශ්‍රී ලාංකික ජනතාව ඔබ සමගයි.

:       1931       544

කපිල Monday, 22 January 2018 05:04 PM

මේක 2015 දීම උනානම් මේවෙනකොට ලංකාව කොතරම් ඉස්සරහට ගිහින්ද?

:       10       262

Sunil Monday, 22 January 2018 06:06 PM

අනේ මන්දා. මේවා අපිට තේරෙන්නේ නැහැනේ

:       3       65

බන්දුලහාමි Monday, 22 January 2018 11:40 PM

අපටත් එහෙමමයි.

:       0       0

wijesundera france Monday, 22 January 2018 07:05 PM

මහබැංකු අධිපතිව පත් කලේ අගමැති බව මුන්නාන්සේ පත්තරේකින්වත් දැකල නෑ වගේ ! කඩුවක් අතට ගත්තේ දුර්වල කම වසාගන්නටද? විධායකකම තියාගෙන නේද මේ නීච වෙන්නේ !

:       0       0

නාත් රණසිංහ Monday, 22 January 2018 07:15 PM

පාලු අම්බලමේ වළං බිඳිනවා.

:       0       0

hesa Monday, 22 January 2018 07:21 PM

එජාපය දැන් බය වෙලා වගේනේ. හොරු අල්ලනවට. බලය පාවිච්චි කලාම එ්කටත් දොස් එනවනේ. කොහොම හරි දූෂණ නැති වෙනවා නම් එච්චරයි.

:       0       1

sarath hettiarachchi Monday, 22 January 2018 07:22 PM

ඉතින් ඕක අපට කියන්න දෙයක් නොවේ. ඔය අඬන්නේ මම මාර පොරක්.... ඉදිරි ඡන්දේදී දුර්වල කරන්න එපා කියන එකනේ. අපි නොදන්නවයැ සෞක්‍ය අමාත්‍යාංශයවත් කරගන්න බැරි වෙච්චි කෙනාටමනේ රටම බාර දුන්නේ...

:       0       0

Chethiyasena Monday, 22 January 2018 07:23 PM

ජනපතිතුමාණෙනි ! කවද්ද රවි කරුණානායකට විශ්වාස භංගයක් තිබ්බේ? ආප්ප කනවාටත් ලේසියට මුසා බස් දොඩනවා නේද?

:       0       0

Appuhami Monday, 22 January 2018 07:49 PM

අනේ මෙහෙමත් නිවට නායකයෙක්, කඩුව අතේ තියාගෙන බොරු කයිවාරුව. ඔය හොරු ටික ඔක්කොම කපලා දාන්න පුළුවන්නේ.

:       0       1

රූපසිංහ Monday, 22 January 2018 10:35 PM

මේ මැතිවරණයෙන් පස්සේ බලාගන්න පුළුවනි ලොක්කයි දෙවැනියයි අතර තිබෙන විරසකයේ ඇති සත්‍ය අසත්‍ය බව බලා ගන්න..

:       0       1

ලුම්බිණි Monday, 22 January 2018 11:17 PM

මොකටද මේක ප්‍රසිද්ධ රැස්වීමක කියන්නේ?

:       0       2

chathura Tuesday, 23 January 2018 12:56 AM

මේගොල්ලෝ කියනවා වගේ නිදහස් පක්ෂයට මේ පාර 2/3 ක බලයක් කොහෙත්ම එන්නේ නැහැ. එජාපය ශක්තිමත්. අනික මහින්දත් වෙන පක්ෂෙකට සහය දක්වන හින්ද ලක්ෂ 5 ක් විතර ඒගොල්ලන්ට කැඩෙනවා.

:       2       72

Sanjeewa Tuesday, 23 January 2018 12:59 AM

විධායක ජනාධිපති වරයෙක් කියන කතාද මේ. මොහුට බලය දීලා තියෙද්දි රටේ දෙවෙනියට කියනව දුර්වල කරන්න එපා කියල.

:       0       156

GOBBAYS Tuesday, 23 January 2018 01:25 AM

රගපෑමට රැවටුන කාලේ ඉවරයි.

:       5       61

මම සිංහයා! Tuesday, 23 January 2018 01:50 AM

දුර්වල අගමැතිකෙනෙක් පත් කර ගත්තනම් වැඩේ හරි

:       0       8

Prabath Tuesday, 23 January 2018 02:31 AM

මේක දේශපාලන වාසි තකා මේ වෙලාවේ කල කතාවක්. මොකද දෙන්නට ඇතුලත කතාකරල බේරගන්න පුළුවන්. මේක පැන්න දුෂිත දේශපාලුවෝ මෙතුමාව රවට්ටලා යහපාලනය කඩන්න කරන කපටි වැඩක්. ඔබතුමා මේ ලග ඉන්න අයගෙන් ප්‍රවේසම් වෙන්න.

:       3       117

indika Tuesday, 23 January 2018 02:34 AM

කොන්ද කෙලින් තියන් තීරණ ගන්න බේරී බැව් පෙන්නේ. මීට කලින් හිටපු ජනාධිපති වරුත් අගමැතිගෙන් අහලද තීරණ ගත්තේ. දැන් කව්ද මෙතන රටේ නායකයා. නිවැරදි තීරණ ගන්න බැරිනම් මොකටද ඔය තනතුර. ප්‍රසිද්ද වේදිකා වල ඕව කියවන්න දෙයක් නෑ. ඔබතුමාට පුළුවන් තීරණයක් ගන්න.

:       0       71

Kumar Tuesday, 23 January 2018 02:47 AM

ඕක හම්බුනාම කියන්න තිබ්බනේ.

:       0       2

නිශාන්ති Tuesday, 23 January 2018 02:49 AM

ඕව මේ ජන රැලිවල මිනිස්සුන්ට ඇහෙන්න කියලා, මාධ්‍ය ප්‍රචාර දීලා කරන බොරු රැවටිලි. දැන් මුළු ලෝකෙම දන්නවා මේ හොරකම් කරපු අය කවුද කියලා.

:       0       22

ajith Tuesday, 23 January 2018 02:58 AM

අගමැති සහයෝගය නොදෙන බවයි පෙන්නේ

:       0       5

upali Tuesday, 23 January 2018 02:59 AM

බලතල හරියට පාවිච්චි කලේ නැතිනම් ..ජනාධිපති තුමා වුනත් අසරණ වෙනවා කියලා අපි දන්නවා...

:       0       17

Upali Tuesday, 23 January 2018 03:05 AM

අතිගරු ජනාධිපතිතුමනි මේ වැඩේට නම් කවරදාකවත් සහය ලැබේ යැයි හිතන්න බෑ. ඔබතුමා පූර්ණ බලැති විධායක බලය අරගෙන නීතිපති දෙපාර්තමේන්තුව ඔබතුමා යටතට පවරා ගන්න.

:       0       18

ත්‍රීවීලර්කාරයා Tuesday, 23 January 2018 03:07 AM

යුද්ධය නිමවීමෙන් පසු අපි හිතුවේ ආර්ථික අතින් පහසුවක් දැනෙයි කියා. නමුත් තිබුණටත් වඩා බඩු මිල ඉහල ගියා . මෙහෙම උනේ හොරා කාපු නිසා. එකෙක් නෙවෙයි. හැම පාටකම හොරු ඉන්නවා කියලා අපට දැනෙන්නේ කොටින්ගෙන් රට බේරා ගත්තට වඩා අමාරු වැඩක් හොරුන්ගෙන් බේරෙන එක. හොරු මට්ටු කරන්න උත්සහ දරන ජනාධිපතිතුමාට අපේ සහයොගය. හැබැයි ඡන්දෙ හෙට කියලා සද්දෙ දාන එකනනම් අපටත් ගැටළුවක්.

:       65       23

Ranjan Tuesday, 23 January 2018 03:20 AM

මොනවද මේ කියන්නේ. බොරුවක්නේද මේ කරන්නේ.

:       0       7

vernon Tuesday, 23 January 2018 03:21 AM

අමුතුවෙන් දුර්වල කරන්න දෙයක් නෑ.

:       0       22

bandara putha balayak Tuesday, 23 January 2018 03:36 AM

ඔච්චර බලයක් තියාගෙන මොකට අගමැතිට යටවෙනවද .. බොරු ෂෝ. අහුවෙන්න නම් එපා..

:       0       48

Senarath Tuesday, 23 January 2018 03:37 AM

මෙතුමා 2015 දී වගේම ජනතාව රවටන්න හදන්නේ. මෙයාගේ තව මොනවා දුර්වල කරන්නද ?

:       0       47

rama Tuesday, 23 January 2018 03:37 AM

ඒ කියන්නේ අගමැති ඉන්නේ ජනපතිට වඩා උඩද.?

:       0       67

බණ්ඩාර(කැකිරාව) Tuesday, 23 January 2018 03:40 AM

විධායක බලතල සතු ජනාධිපතිවරයකු හොරුන්ට දඩුවම් කරන්න අගමැතිගෙන් අවසරගැනීම අවශ්‍ය නැත. මේවා මැතිවරණය ඉලක්ක කරගෙන කරන ලද විහිළු කතා...."අපිට නම් පෙන්නේ ඔබතුමාගේ කඩුව තාම පෙට්ටගමේ දාමා අගුලු දාලා වගෙයි "

:       1       93

Muhan Tuesday, 23 January 2018 03:47 AM

හිටපු ගමන් මෙතුමාට තමන් මෙරටේ විධායක ජනාධිපති කියලා අමතක වෙනවා. ජනතාව තමන්ට දී ඇති බලයට උඩින් වෙන කිසිවක නැති බවත් මෙතුමාට අමතක වෙනවා. මේ කතා වලින් වෙන්නේ තමන් හැල්ලු වෙනබවත් මෙතුමාට අමතක වෙනවා. ගැලරියට ගහන්න ගිහින් තමන්ගෙයි , අගමැති තුමාගෙයි , ආණ්ඩුවෙයි කොළ ඔකොම ඉරගන්නා බවත් මෙතුමාට අමතක වෙනවා.

:       0       48

kanishka Tuesday, 23 January 2018 03:54 AM

ඔබතුමා විධායක ජනාධිපති බව අමතක උනාද...

:       0       20

අවංක Tuesday, 23 January 2018 03:55 AM

ජනපති අවංකද ? කෝ ඒයර් ලංකා වංචා සොයන කොමිසම පත් කලාද ? මොකද UNP වැරදි පමණක් සොයන්නේ ? උව මහා ඇමති තවම නිදැල්ලේ . කෝ නිතිය ?

:       100       246

ratawasiya Tuesday, 23 January 2018 03:58 AM

ජනාදිපතිතුමනි අපි කවදත් එජාපයේ එහෙත් සියලුම හොරුන්ට දැඩි දඬුවම් දීම සඳහා අපි ඔබ සමගයි.

:       4       9

වීරසේන සිරිසේන චිත්තර පටිය Tuesday, 23 January 2018 04:04 AM

තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට කරන කූට උපක්‍රමය . අපි කොන්දේ බැඳපු චීන්නු නොවේ. ඌව මහා ඇමති අයින් කරන්න රනිල් ගෙන් අවසර ඕනද?

:       0       113

Rasi Tuesday, 23 January 2018 04:14 AM

දුර්වල කරන්න මෙයාට ශක්තියක් තියෙන්න එපැයි!

:       0       19

ase Tuesday, 23 January 2018 04:22 AM

දැන් කපන්න බැරි අත ඉඹිනවා නේද ?

:       13       10

dias Tuesday, 23 January 2018 04:28 AM

හොරුන්ගේ අනුපිල්වෙලට දඬුවම් දෙමු. පරණ හොරුත් තවම නිදැල්ලේ. මිනීමරුවන්ට ඉක්මනින් දඬුවම් ඕනා.

:       33       117

ගලබොඩ අත්තේ චමින්ද Tuesday, 23 January 2018 04:42 AM

මෙතුමා මේ රටේ විධායක ජනපති. මෙතුමාට තරම් බලයක් මේ රටේ කාටවත් නෑ. ව්‍යංගයෙන් කියන්නේ අගමැති මොහුට නිවැරදි දේ කරන්න දෙන්නේ නෑ කියලා. මොහුට තියෙන්නේ මෙහෙම නාහෙන් අඬන්නේ නැතුව ක්‍රියාත්මක වීමයි.

:       0       3

manoj Tuesday, 23 January 2018 04:45 AM

ඔබතුමා රටේ විධායක ජනපති මිස ග්‍රාම සේවක කෙනෙකු නොවේ. යහපාලනේ නාමයෙන් මහ බැංකුව හොරාකාපු අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න. ශ්‍රී ලාංකීය ජනතාව ඔබ සමගයි.

:       0       4

bandara putha Tuesday, 23 January 2018 04:45 AM

ඔන්න ඔය රටවැසියෝ වගේ මිනිස්සු හින්ද තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

:       0       4

චතුරංග Tuesday, 23 January 2018 04:49 AM

වැරදිකරුවන්ට ආණ්ඩුව පවතිද්දීම දඩුවම්දීමේ සංස්කෘතියක් ලංකාව තුල බිහිවිය යුතුය කියන එක තමයි මගේ හැගීම. ආණ්ඩු මාරු කිරීම කිසිම පලක් නැති දෙයක්.

:       1       1

Malka.. Tuesday, 23 January 2018 04:52 AM

විධායක බලය තිබිය දී මොකටද අගමැතිට පින්සෙන්ඩු වෙන්නේ...

:       0       4

d.upul Tuesday, 23 January 2018 05:05 AM

පසුගිය දවස්වල ජනාධිපති තුමා වේදිකාවල කෑගහපු විදිහට මම හිතාගෙන හිටියේ වෙන දෙයක්.

:       0       10

ප්‍රේවනිදාස Tuesday, 23 January 2018 05:20 AM

අපේ ගරැ රවි තුමාට විරැද්ද ඔය කියන විස්වාස බංගෙ කවද්ද හැබෑටම තිබුනෙ?

:       24       10

Sunil Tuesday, 23 January 2018 05:29 AM

හැමෝම හිතාගෙන ඉන්නේ මහජනතාව මෝඩයෝ රැලක් නිසා උන්ව ඕන වෙලාවක රවටන්න පුළුවන් කියාලා. එක අතකට ඒගොල්ලෝ හැසිරෙන විදියටත් එහෙම හිතන එකේ වරදක් නැහැ.

:       0       17

Chanak los angeles Tuesday, 23 January 2018 05:31 AM

යුගයේ අභීත නොසැලෙන නායකත්වය ඔබයි. සියලු දෙනාම ඔබ සමගයි.

:       104       23

LakviduThursday, 25 January 2018 10:54 AM

අනේ හලෝ, මේ කියපු කතාවෙන්ම පෙනෙන්නේ නැද්ද? දැනටමත් සැලිලා ඉන්න බව...

:       0       0

රට හදන එකම තැන Tuesday, 23 January 2018 05:33 AM

රට හදන කොමෙන්ට් දාන්න තිබෙන එකම තැන මෙතන ? ලංකාදීපය ට ස්තුතිය.

:       0       2

charith Tuesday, 23 January 2018 05:39 AM

කාට කියන්නද මේවා. හිනාකාල පණ ගිහින් ආපහු හිනා යනවා....

:       0       1

Chandra Wednesday, 24 January 2018 04:15 AM

බලයට ආවේ ඔබ තුමා හිටපු ආණ්ඩුවේ වංචා දුෂණ කරපු හැමෝටම තරා තිරම නොබලා දඩුවම් කරන බවට පොරොන්දු වෙලයි.

:       0       0

සෙනෙවි Wednesday, 24 January 2018 12:06 PM

ආ...කොහොමද..ඒක ?

:       0       0

Sathyayaa Thursday, 25 January 2018 06:36 AM

මෙතන අදහස් පළකර ඇති වැඩිදෙනෙක් වත්මන් ජනාධිපතිවරයාගේ එක්තරා දුර්වල කමක් දකිනවා. විධායක ජනාධිපතිවරයෙකුට ජනතාව බලය ලබා දෙන්නේ (කඩුව යුද්ධය පිණිස මිස කොස් කොටන්න නොවේ) තම බලය උපරිමයෙන් යොදා ජනතාවගේ සතුරන් මෙල්ල කරන්නයි. "සම්මුති" ආණ්ඩුවක ප්‍රධාන පාර්ශව කරුවන් වුනා කියා ඔවුන් ජනතාවගේ මිතුරන් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතාට වැටහෙන්න මෙපමණ කාලයක් ගතවුනේ මන්ද යන ප්‍රශ්නය තමයි ජනතාව අහන්නේ. සතුරන්ගෙන් යමක් ඉල්ලා සිටීම මුල් පුටුවට ගැලපෙන්නේ නැහැ. එක්කෝ තරයේ අවවාද කරන්න ඕනේ නැත්නම් අතට ගත කඩුවෙන් (තමාගේ සතුරන් නොව) ජනතාවගේ සතුරන්ගේ ගෙල සිඳ ලිය යුතුයි. නැත්නම් හරා කිරි තමා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 52 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 155 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 737 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 83 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 251 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 241 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site