IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තංගල්ල බැංකුවේ රන් භාණ්ඩ වංචා නඩුව දෙසැම්බරයට කල් යයි


අනීෂා මානගේ
 
රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන්  හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියට විරුද්ධව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවෙහි ඉදිරි නඩු කටයුතු දෙසැම්බර් 14 වැනිදා දක්වා කල්තැබීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලිලාන් ටිලන්ත වරුසවිතාන මහතා අද (20) නියෝග කළේය.


2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස් කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් නඩු පවරා ඇති අතර එහි විත්තිකාර පාර්ශවය වූ හෂිනි අමේන්ද්‍රා මහත්මිය වෙනුවෙන් නීතීඥ නිශාන්ත සදබරණ මහතා පෙනී සිටියේය. 


අදාළ රාජ්‍ය බැංකුවට සිදුවී ඇතැයි කියන මූල්‍යමය අලාභය විත්තිකාර පාර්ශවය විසින් ගෙවා අවසන් කර ඇති නිසා නඩු කටයුතු අවසන් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිශාන්ත සදබරණ මහතා නඩුව අද (20) කැදවූ අවස්ථාවේදී ඉල්ලා සිට තිබේ. 


මෙම රන් භාණ්ඩ වංචාව රාජ්‍ය දේපලක් සම්බන්ධයෙන් සිදුවී ඇති නිසා ඒ සඳහා නීතිපති උපදෙස් ලබාගැනීමට අවශ්‍ය යැයි පැමිණිලිකාර පාර්ශවයෙන් ඉල්ලා ඇති අතර මේ හේතුවෙන් ඉදිරි නඩු කටයුතු දෙසැම්බර් 14 දින දක්වා කල්තබා ඇත. 



අදහස් (16)

තංගල්ල බැංකුවේ රන් භාණ්ඩ වංචා නඩුව දෙසැම්බරයට කල් යයි

Sarasi Friday, 20 July 2018 10:06 AM

රත්රන් බඩු නැති වෙන කන් මේ නඩුව කල් යාවි. අගතියට පත්වූ පාර්ශවයන්ට මොන තරම් අසාධාරණයක්ද? කනකර කියන්නේ බවලත්තු එදිනෙදා භාවිතා කරන දෙයක් මිසක් නඩුව හැට පනින කන් කල්ගිහින් අයිතිකාරි එක තැනට වුණාට පස්සේ ප්‍රයෝජනයක් ඇති දේවල් නෙවෙයිනේ...

:       0       120

sam Friday, 20 July 2018 10:14 AM

පාඩුව ගෙව්වා කියලා නඩුව ඉවර කරනවා නම් අනික් අයටත් ඔය විදිහටම පාඩු ගෙවලා ගෙදර යන්න දෙන්න.

:       0       69

Lakshitha Friday, 20 July 2018 10:52 AM

නඩුව ඉවර වෙද්දි රන් බඩුවලට ගියා වගේ දෙගුණයක් යනවා ලෝයර්ලාගේ ගාස්තුවලට.

:       1       63

ramaniSunday, 22 July 2018 04:57 AM

පාඩුව ගෙව්වා කියන්නේ හොරකම් කරා කියල පිළිගත්තා වගේනේ. ඉතින් තමුන් ඒ වැරැද්ද කරේ නැත්නම් මෙතෙන්ට නීතිඥවරු අවශ්‍ය නැහැනේ. ඒ නිසා මේ ප්‍රශ්නයේදී නීතිඥ ගාස්තු ගැන හිතලා වැඩක් නැහැ. හරි විදිහට විත්තිකාරිය පැමිනිලිකරුවන්ගේ ගාස්තුත් ගෙවන්න ඕන.

:       0       0

abaran Friday, 20 July 2018 11:11 AM

අංගුලිමාල මිනී මැරුවාට පසුව මහණ වී රහත් භාවයට පත් වූවා සේම මෙතුමියද මුලින් සොරකම් කළාට පසුව විවාහ ජීවිතයට ඇතුලත්ව සෝවාන් ඵලයටවත් පත්ව ඇති නිසා සමාව දීම වටී...

:       41       39

Lahiru Friday, 20 July 2018 11:37 AM

මේක පත්තරේ දාන්න තරම් දෙයක් නෙමෙයි...

:       2       76

සතයපාල Friday, 20 July 2018 01:01 PM

පාඩුව පියෙව්වාට මෙයාව නිදහස් කරන්න බැහැ නේද? මොකද මෙයා සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරිම කියන චෝදනාවට වරදකාරිය වෙනවා. ඒ සම්බන්ධව අධිකරණයට තීරණයක් ගන්න වේවි.

:       3       45

පිටිගල මිලානෝ Friday, 20 July 2018 02:13 PM

වරදේ නොබැඳෙන ලඳුන් ලොව නැත.

:       214       11

samSunday, 22 July 2018 04:59 AM

වරදේ බැඳුනා කියලද කියන්නේ එතකොට? අනේ කට තියෙනවට දොඩවන්න එපා.

:       0       0

Chaminda Friday, 20 July 2018 03:10 PM

හොරකමක් වුණාම ලොක්කෙක් නම් පත්තරවල යන්නේ ඉහළ පෙලේ නායකයෙක් කියලා.. නමවත් කියන්නේ නැහැ.හැබැයි පොඩි මිනිහගේ හත්මුතු පරම්පරාවේ දේවල් සහ අන්තිම තීන්දුවත් ලියල තමයි නවතින්නේ.. හැබැයි ලංකාවට අදාල නැහැ....

:       3       144

MaheeFriday, 20 July 2018 08:30 PM

ලංකාවේ මාධ්‍ය කලාව එහෙම තමයි, චමින්ද. ප්‍රජාතන්ත්‍රවාදයේ හතරවැනි රාජ්‍යය කියල කිව්වට මොකද වැඩ රාජ්‍ය නැහැ.

:       0       31

MohanFriday, 20 July 2018 09:44 PM

පොත් ගන්න පොල් ගෙඩි 8ක් හොරකම් කරපු ඉස්කෝලේ යන ළමයෙක් රිමාන්ඩ් කළා. මාධ්‍ය විසින් ඒක හෙළිකලේ ලංකාවේ ලොකුම හොරකම කළා වගේ. මේ වගේ ඒවා දැක්කාම හුඹහට රිංගනවා.

:       0       283

sanath Friday, 20 July 2018 05:49 PM

මේක හිතාමතා කරපු කොල්ලකෑමක් නිසා දැඩි දඬුවමක් දෙන්න වෙයි. අඩුම වශයෙන් අවුරුදු 5 කට හිරබත් කන්න වෙනවා.

:       0       15

Ravi Friday, 20 July 2018 09:19 PM

සොරකම වංචාව යන දේවල් වලට ලොකු පොඩි කම් කොහෙද ? බැංකුවක විශ්වාසයට තබා ගිය රත්රන් ආභරණ නැති වුනා කියන්නේ ඒ ආයතනයේ කීර්ති නාමයට බලවත් පලුද්දක්. අනෙක රටේ ලොක්කෝ හොරකම් කරනවා ඕක මොකද්ද කියලා ගෙවල් වල ඉන්න කාන්තාවන් පොඩි පොඩි සොරකම් කලාට මොකද වගේ මෝඩ කතා ලංකාවටම තමයි ගැලපෙන්නේ.

:       0       3

කැලුම් Saturday, 21 July 2018 01:13 AM

මාධ්‍යටද සදාචාරයක් තිබිය යුතුයි.

:       1       6

ramaniSunday, 22 July 2018 04:58 AM

විත්තිකරුවාගේ සදාචාරය අවශ්‍ය නැද්ද එතකොට?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 153 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 325 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1419 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 211 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 419 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 373 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site