(චන්ද්‍ර සේන ගමගේ)

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ මාරකොල්ලිය ප්‍රදේශයේදී අද(13) ත්‍රී රෝද රථයක් හා ලංකා ගමනාගමන මන්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් පිය පුතු දෙදෙනා මිය ගිය බව තංගල්ල පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ තංගල්ල උණාකූරුවේ පිදිංචිව සිටි ඩී.එච්. ඩිල්ෂාන් (40) පියා හා සය හැවරිදි ඩී.එච්. අනුෂර ලක්නද පුත්‍රයා බව පොලීසිය පවසයි.

මිය ගිය පියා තංගල්ල උණාකූරුව තැපැල්හලේ ස්ථානාධිපතිවරයා වශයෙන් කළ අයෙකි.