බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්  අද (09) ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන්  වැලිකඩ බන්ධනාගාර රෝහලට  මාරුකර යවා තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඥානසාරහිමි වසර 06 සිර දඬුවම් නියම කර ඇති අතර පවතින අසනීප තත්ත්වයක් හේතුවෙන්  බන්ධනාගාර රෝහලේ සිට විටින් විට  ජයවර්ධනපුර රෝහල වෙත ප්‍රතිකාර සඳහා මාරුකර යැවීය.

පසුගිය සතියේද ජයවර්ධනපුර රෝහලට මාරුකර යවනු ලැබු  ඥානාසාර හිමියෝ අද(09) යළි බන්ධනාගාර රෝහලවෙත මාරුකර යවාතිබේ. 

(36698)