IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඥානසාර හිමි ඇතුළු තුනකට නොතීසි

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට ලබන 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය.

අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ දේහය මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් තහනම් කර තිබෙන ප‍්‍රදේශයක අධිකරණ නියෝග නොතකා, ආදාහනයට කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කළැයි සඳහන් කරමින් ඉදිරිපත් කරමින් ගොනු කළ පෙත්සමට අදාළව ඥානසාර හිමි ඇතුළු තුනකට නොතීසි නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කළ අනෙක් දෙදෙනා වන්නේ මුලතිව් ප‍්‍රදේශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාය.

අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ දේහය අධිකරණ නියෝග නොතකා ආදාහනයට කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කළැයි කියමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය කළ පෙත්සම අද (21) සළකා බැලීමෙන් පසුව  අභියාචනාධිකරණය මෙම නොතීසි නිකුත් කරන ලදී.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප‍්‍රදේශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා , මුලතිව් මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, බොදුබල සේනා සංවිධානයේ මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ අනවසර ඉදිකිරීමක් පිළිබඳව හබයක් පැවතිණි.මෙම තත්ත්වය තුළ සාමාන්‍ය පුරවැසියන්ට එම ස්ථානයට යාම තහනම් කර තිබිණි.

තත්ත්වය මෙසේ තිබියදී එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියෝ අපවත් වූහ. අපවත් වූ හිමියන්ගේ දේහය මෙම ප‍්‍රදේශයේ ආදාහනය කිරීමට පිරිසක් සූදානම් වූහ. මෙම තත්ත්වය තුළ ප‍්‍රදේශයේ නොසන්සුන්කාරී ස්වභාවයක් උද්ගත වූහ. ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා වශයෙන් පෙත්සම්කරු ද ඊට සහභාගී විය.

කෙසේ නමුත්  මුලතිව් ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ පිළිබඳව මහේස්ත‍්‍රාත් උසාවියට සැල කිරීම හේතුවෙන් අධිකරණය හිමියන්ගේ දේහය ප‍්‍රශ්නගත ප‍්‍රදේශයේ ආදාහන කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

පෙත්සම්කරු එම ස්ථානයේ සිටියදීම ගලගොඩ අත්තේ ඥානසාර හිමියක් ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක් පැමිණ හිමියන්ගේ දේහය තහනම් කළ ප‍්‍රදේශයට රැගෙන ආහ. ඉන්පසු එම ස්ථානයේදී හිමියන්ගේ දේහය ආදාහනය කළේය.

මේ ක‍්‍රියාවෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත. මීට පෙරද ඒ හිමියන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වී වසර 6  ක සිර දඬුවම් නියම කෙරිණි. පසුව ජනාධිපති සමාව ප‍්‍රදානය කිරීම හේතුවෙන් නිදහස ලැබිණි.

එබැවින් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.



අදහස් (25)

ඥානසාර හිමි ඇතුළු තුනකට නොතීසි

බලසුබ්‍රමනිං Monday, 21 October 2019 11:25 AM

ඡන්දෙට කලින් බල්ලාව කූඩුවට දමමු...

:       11406       3924

සුන්දර රාජන්Monday, 21 October 2019 11:38 AM

හාමුදුරු කෙනෙක් වන්නේ නමින් පමණි..

:       2320       331

BamunuarachchiWednesday, 23 October 2019 04:03 PM

දෙමල්ලු කෝවිල් හදන්න කලින් ඔතන තිබුනේ, තිබෙන්නේත් බෞද්ධ පන්සලක්... දෙමල්ලු කෝවිල අටෝ ගත්තේ පස්සේ.

:       0       0

BamunuarachchiWednesday, 23 October 2019 04:01 PM

අපි එක්කෙනෙක්ව නන්දිකඩාල්වලදී මැරුවා මතකද ?

:       0       0

බුද්දරක්කිත Monday, 21 October 2019 11:27 AM

දැන් රටේ තිබෙන ප්‍රශ්න ගොඩකට හේතුව මේ හාමුදුරුවෝ. සියලු ජාතින් අතර බෙදුම් ඇතිවීමට හේතුවත් මේ හාමුදුරුවෝම තමයි.

:       3956       1553

AnuTuesday, 22 October 2019 03:01 AM

එහෙමද? එතකොට දෙමල සන්දානේ සුමන්තිරන්, විග්නේශ්වරන් ඇතුළු නඩය මොනවාද කරන්නේ? හිස්බුල්ල, හකීම්, බදුර්දීන් මොනවාද කරන්නේ? කොන්ද පන නැති මිනිස්සු ඉන්න රටක යුක්තිය, සාදාරනය තියෙයිද? මේ හාමුදුරුවෝ හැමදේකටම හේතුව නෙවෙයි. කොන්ද පන නැති, ඡන්ද වලට පෙරේතකමින් රට විනාශ කරන දේශපාලුවෝ, ඔබ වැනි රටක්, ජාතියක් නැති සල්ලි වලට ඕනෑම ජරාවක් කන මිනිස්සුන්ට රටට හෙන ගැහුවත් මල්ල පුරවා ගන්න මිනිසුන් නිසා තමයි මෙච්චර මේ රටේ ප්‍රශ්න තියෙන්නේ. මිනිස්සු අසහනයෙන් ඉන්නේ. තරුණ පරපුර රට දාල යන්නේ. උගත්තු, බුද්ධිමතුන් පැත්තකට වෙලා ඉද්දි, නුගත්තු රට පාලනය කරන්නෙ.

:       52       1208

max Monday, 21 October 2019 11:29 AM

සුමන්තිරන් ප්‍රමුඛ දෙමල ජාතිවාදී දේශපාලකයන් එක් වී යලිත් වරක් හාමුදුරුවන්ව හිරේ විලංගුවේ දමාවිද? මේ කොටි නැටුම් ඉවරයි නොවැම්බර් 16න් පස්සේ... ගෝඨාභය මහත්තයා මේ රටට නිසි නායකත්වය දෙනු නිසැකයි...

:       584       3213

Chanak los angelesMonday, 21 October 2019 08:54 PM

ඔයාලාගේ ගෝඨාම නේද නිතරම කියන්නේ එක් නීතියක් මුළු රටේම තිබෙන්න ඕනේ කියලා. එහෙනම් මේ නීතිය නේද ක්‍රියාත්මක වෙන්නේ. මොකක්ද දැන් වරද ?ජනපති සමාව ලබපු සිරකරුවෙක් යහපත් කල් ක්‍රියාවෙන් පසුවෙන්න ඕනේ කියලා මේ භික්ෂුවට වැටහෙන්නෙම නැද්ද ?

:       31       65

සල්මල් Monday, 21 October 2019 11:30 AM

හැම ගහටම කොටලා කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටුවාම වන දේ තමයි.

:       2345       306

පුෂ්පලතා Monday, 21 October 2019 11:31 AM

මේ සැරේ නම් අබසරණයි.

:       2145       384

කල්‍යාන Monday, 21 October 2019 11:32 AM

මේ හාමුදුරවෝ කරන දේවල් නම් ලැජ්ජයි.

:       2146       434

Uditha - London Monday, 21 October 2019 11:44 AM

ඥානසාර අපේ හාමුදුරුවන්ව හරි හිසරදයක් මේගොල්ලන්ට.. තවත් අලුත් නාට්‍යක් පටන් ගන්න වගේ අර අදින්නේ... ඔවම තමා රටට සාප වෙලා කැරකැවිල ඇවිල්ල තියෙන්නේ..

:       185       2227

kasun Monday, 21 October 2019 11:48 AM

මේ හමුදුරුවන් නැත්නම් මෙලහකටත් මේ රටේ සිංහලයන්ට යන එන මන් නැතිවෙලා. එය හොදින් මතක තියාගන්න.

:       334       3140

අතුල Monday, 21 October 2019 12:13 PM

එදා කුඩාපොල හාමුදුරුවෝ 1815 ගිවිසුමට කලින් ඔසවපු සුද්දගේ කොඩිය බිම දැම්මේ "තවම අපි නුඹලට යටත් වුනේ නැහැ කියලා "ඉතින්, අපේ රට, ජාතිය, ආගම තවමත් රැකුණේ, රැක්කේ මේ මහා සඟරුවන බව මතක් කිරීමට කැමතියි.

:       305       857

Yamange Monday, 21 October 2019 12:22 PM

පන්සලට අදාල ස්ථානයක් නම් ආදාහනය කාලම මොකද වෙන්නේ . අපි සියලු දෙනාම පරිසරයේ කොටසක්නේ. හාමුදුරුවෝ කළ සේවයට පන්සල්වත්තේ ආදාහනය කලාම ඉවසීම වටි. දේහය ටික කලකදී දිරල යනවනේ. සංසාරගමනේදී කීදෙනෙක් ඔය ස්ථානයේ මිහිදන් කරලා ඇතිද?

:       73       531

Mahee Monday, 21 October 2019 01:33 PM

මේ හාමුදුරුවන්ගේ දඩබ්බර වැඩ හින්දා මම ඉන්නේ කලකිරීමෙන්. හැබැයි, මේ කාරණයේදී නම් වැරදි පක්ෂග්‍රාහී නඩු තීන්දුවකට එරෙහිව නැගී සිටීමක් නිසා මම උන්වහන්සේ හරියි කියලා හිතනවා.

:       39       258

menna Monday, 21 October 2019 01:54 PM

ගලගොඩඅත්තේ ස්වාමීන් වහන්ස දැන්වත් රටේ නීතියට යටත්ව කටයුතු කරොත් හොඳයි කියල හිතනවා. ලැබුණු ජනාධිපති සමාවටත් අගෞරවයක්...!!!

:       528       142

chinthaka Monday, 21 October 2019 03:05 PM

1, 2, 3, මම මේ ගණන් බැලුවේ අපේක්ෂක පුත්‍රයාට අමතරව කෙතරම් මේ ඉන්නවද කියලයි.. එකක් මතක තියාගත්තොත් හොඳයි. රජුන් පවා අවනත සංඝ සම්මුතියට වෙස්මිනිස්ටර් ක්‍රමයට විදේශිකයන් සැදු අධිකරණයට බලපෑමක් කල නොහැකිය. එසේ වුවහොත් මේ දැන් වී ඇති සේම ජනතා නැගිටීමක් අනිවාර්යයි.

:       2       318

vishwa Monday, 21 October 2019 04:33 PM

ඔය දැන් දඟලන සුමන්දිරන්ලා යුද්ධ කාලේ නැට්ට අස්සේ ගහගත්තු සුනඛයින් වගේ හිටියේ. යුද්ධයෙන් පස්සෙ 2015 ජනවාරි 8ට පෙර යාපනේ රාජකාරි කළ අයෙක් විදිහට මගේ අත්දැකීම නම් ඒ කාලේ සිංහලයන්ට යාපනේ ඉන්න කිසි ගැටලුවක් තිබුනේ නැහැ. 2015 පස්සේ මොවුන් හා NGO කාරයින් ආණ්ඩු කරන්න පටන්ගත්තට පස්සේ සිංහලයින්ටයි සියලුම අසාධාරණ සිද්ධ වුනේ...

:       0       1051

Chanak los angeles Monday, 21 October 2019 09:32 PM

ලබපු ජනපති නිදහස නීතියට පටහැනිව සිද්ධ වී ඇති බවයි හැඟෙන්නේ. එය නිසිලෙස සිදුවුනානම් මොහු මෙවැනි ක්‍රියාවලට නැවත පෙළඹෙන්නේ නැහැ ..

:       89       38

BamunuarachchiWednesday, 23 October 2019 04:07 PM

යන දේවාලෙක යන්න අපිට බුද්ධාගම උගන්වන්නේ නැතුව. මේ බෞද්ධ රටට හින්දු ආගම ආවේ පසුකාලෙක. බුද්ධ පුත්‍රයෙක් අපවත් වුණාම පන්සලේ ආදාහනය කරන එක බෞද්ධ සංස්කෘතියේ කොටසක්... එය නවත්වන්න රෝම, ලන්දේසි නීතියට පුලුවනිද? ජරා සිංහලයන් අපි මේ සමාජයෙන් තුරන් කරන්න ඕනේ...

:       0       0

ඉන්දික Monday, 21 October 2019 10:53 PM

අපේ ලමයින්ට ලංකාවක් ඉතුරු වෙන්න නම් මේ වගේ හාමුදුරුවරු තව 100ක් වත් ඕනෙ.

:       116       628

BamunuarachchiWednesday, 23 October 2019 04:25 PM

ඒ එක්කම බෞද්ධකමට විරුද්ධ වෙන සිංහලයින්ව අතුගා දමන්න ඕනේ.

:       0       0

maaraya Tuesday, 22 October 2019 03:31 AM

සිංහලයින්ට උන්හිටි තැන අහිමිවන ලකුණු. දැන් වැරැද්ද හිමිනමකගේ ආදාහනය කිරීමට නොදීම නොවේ, දැන් වැරැද්ද වෙන විදිහකටය. සිංහලය වල කපාගනිමින් සිටි. අසාසිටි සැමට ස්තුතියි.

:       0       32

සේන Tuesday, 22 October 2019 06:12 AM

කොටින්ට උඩ පණින්න කාරණයක් වෙලා වගේ. රටෙත් නැති රටටත් නැති අයටත් සතුටක් වගේ. මේක සිංහල බෞද්ධ රට. ඉතිහාසය පුරාම විහාරස්ථාන වලට දීලු ඉඩම් දැන් වෙත් අන්තවාදීන් මංකොල්ල කාලා. විහාර භූමිය කුඩා වෙලා. ඔව් රටට එකම නීතියක් ඇවිත් මේ නාඩගම් නිවැරදි වන දවස ළඟයි.

:       0       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 74 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 248 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 54 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 62 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 552 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3267 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site