IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි උතුරේ නීතිඥවරු වැඩ වරති

(සිතුම් චතුරංග)

මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට එරෙහිව අධිකරණ නියෝග කඩකිරීමට අනුබල දුන් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි උතුරු පළාතේ නීතිඥවරුන් අද (24) අධිකරණ කටයුතු වලින් ඉවත්ව වර්ජනයක නිරත විය.

වවුනියාව, මුලතිව් , කිලිනොච්චිය , යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි නීතිඥවරු අද උදෑසන සිට අධිකරණ කටයුතු වලින් ඉවත්ව වර්ජනයේ නිරතවූහ.

ගුරුකන්ද විහාර භූමියේ ආදහන පූජෝත්සවය සිදුනොකරන ලෙසත් එය විහාරයට නුදුරින් පිහිටි යුද හමුදා කඳවුර පවතින ස්ථානයේ මුහුදු වෙරළෙහි සිදුකරන ලෙසට මහෙස්ත්‍රාත්වරයකු විසින් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව යමින් අධිකරණයට සිදුකළ අපහාසය දැඩි ලෙස හෙළා දකින බව උතුරු පළාත් නීතිඥ සංගමයේ ක්‍රියාකාරී නිතීඥ ඇන්ටන් පුලිදනායගම් මහතා පැවසීය.

අදාළ සිද්ධිය වන ස්ථානයේ විරෝධය පළ කළ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ කේ. සුකාශ් නම් නීතිඥවරයාට එහි පැමිණ සිටි භික්ෂූන් වහන්සේලා මරණ තර්ජන සිදුකර පහරදීමට උත්සහ කර ඇති බවත් එය සමස්ත නීතිඥවරුන්ට සිදු කළ දැඩි අපහාසයක් බවද පැවසීය.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නොසළකා කටයුතු කිරීම හා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයකුට බලපෑම් එල්ල කිරීමට විරුද්ධව උතුරු පළාතේ සියලුම නීතිඥවරුන් මුලතිව් ම‍හේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස විරෝධතාවයක් සංවිධානය කිරිමට නියමිතය.

අදාළ ගැටළුවට කඩිනම් විසඳුමක් ලබා නොදුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද පුලිදනායගම් මහතා පැවසීය.

අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සිදුකිරීම පිළිබඳ කෝවිල් පාර්ශවය හා මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාගයට ගෙන එහි තීන්දුව ලබාදෙමින් ආදාහන පූජෝත්සවය විහාරයට නුදුරින් යුද හමුදා කඳවුර අසළ වෙරළ තීරයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා  නියෝග කර තිබිණි.

නීතිඥ්‍යවරුන් නොමැතිවීමමෙන් උතුරේ අධිකරණ රැසක දෛනික කටයුතු අඩාල වූ අතර මහෙස්ත්‍රාත්වරුන් විසින් නඩු කල්තැබීම පමණක් සිදුකරනු ලැබීය.  

(ඡායාරූප - ටී.එල්.ජවුෆර්ඛාන් - මඩකලපුවේ විරෝධතාව)

 



අදහස් (23)

ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි උතුරේ නීතිඥවරු වැඩ වරති

Srilankan Tuesday, 24 September 2019 07:28 AM

රටේ නීතිය සැමට එකයි.

:       0       0

Srilankan Tuesday, 24 September 2019 07:29 AM

රටේ නීතිය. සැමට එක නීතියක් විය යුතුයි...

:       0       0

malaka Tuesday, 24 September 2019 07:33 AM

දෙමළ අය කෙළවාගන්න ඉතාම ළඟයි...

:       0       0

Indunil Tuesday, 24 September 2019 07:35 AM

අපි බලමුකෝ ....

:       0       186

Rasika Pradeep Tuesday, 24 September 2019 07:36 AM

සහජීවනේ රෙද්ද පල්ලෙන් බේරෙනවා. මේවගේ දේවල් වලට සෘජු තීරණයක් ගන්න බැරි පාලනයක් රටට තියෙන්නේ. මේ ආණ්ඩුව මේ ගැටලුවේදිත් කරන්නේ සුළු ජාතික ඡන්ද ටික රැකගන්න හාමුදුරුවන්ව ඇතුලට දාන එක.

:       2       256

sena Tuesday, 24 September 2019 07:59 AM

ගණන් ගන්න දෙයක් නැහැ. ඕනනම් දවස් දෙකක් වැඩට නෑවිත් ඉදියි. නඩු වලට පෙනී හිටින්නේ නැතුව බඩගින්නේ ඉන්න බෑනේ. අනික පෙරකදෝරුවෝ නම් හොදින්ම දන්නවා නිතිය කඩකිරීමක් හෝ උසාවියට අපහාස කිරීමකදී ගතයුතු මුලික පියවර මොකක්ද කියලා....

:       90       235

sunanda Tuesday, 24 September 2019 08:03 AM

සිංහලයිනි, දැන්වත් තේරුම් ගන්න....

:       63       280

kamal Tuesday, 24 September 2019 08:04 AM

සිංහල අපිටම තමයි මේ ඔක්කොම ප්‍රශ්න....

:       38       159

රවින් Tuesday, 24 September 2019 08:24 AM

බයවෙන්න එපා. ඔය කස්ටිය වැඩිය වැඩ නොකර ඉන්න බයයි. මොකද මිනිස්සුන්ව ගොනාට අන්දන්න බැරිවුනොත් කාලා ඉවරයි. තම වරිගෙම කොහෙන් හරි එක්කෙනෙක් ඒ පැත්තට එනවාට බයයි. ඕගොල්ලෝ බොරුවට හරි කැස්සේ නැතිනම් සාක්කු හිස්. යන්න දෙන්න ඔහොම. දැක්කේ නැද්ද පහුගිය දවස්වල තමන් ලියලා හොඳට විකිණෙන පොතේ ලියපු දේවල් බොරු කියලා එයාම ඉහලම තැනදී කිවා. තව මොන කතාද?

:       0       0

sharm warn Tuesday, 24 September 2019 08:38 AM

ජාතිවාදියා කවුද? මියගිය කෙනෙකුට අවසන් අගෞරවය පළ කරන්න තරම් නිහීන කොට්ඪාසය කවුද කියලා තේරුම් ගන්න. ආදාහනය කරන්න දෙන්නේ නැතිනම් පරිස්සම් කරලා තියා ගන්න කියලා කෝවිල ඇතුලෙන් තියන්න තිබුනේ. අපේ දේශපාලන කයිවාරුකාරයෝ ටික දෙමළ ඡන්ද වලට කෙල හලාගෙන මේකට රංගනයක් ඉදිරිපත් කරනවා. අඩු ගානේ රටේ නායකයාටවත් කිසිම කැක්කුමක් නැහැ මේ ක්‍රියාව ගැන .පස්සේ කියයි "තරයේ ම හෙලා දකිනවා " කියලා

:       0       0

indra Tuesday, 24 September 2019 08:46 AM

පක්ෂ පාට බදාගෙන ඉන්න අයට තේරෙනවද මොකද්ද වෙන්න ඕනේ කියලා? රස්සාවක් කරන්නත් ටකරන් ටිකක් වහගන්නත් අපට කියල රටක් ඕන. මැරිලා ගියහම අඩි හයක තැනක් ගන්න උසාවි තීරණ ඕන? මේක කාගේ රටද සිංහලයිනි?

:       0       3

වීරවිජේ Tuesday, 24 September 2019 08:50 AM

ජරාව කාලා රටත් කනවා.....

:       16       80

Vijitha Tuesday, 24 September 2019 08:55 AM

පන්සලේ හාමුදුරුවන්ව පන්සලේ නැතුව වැල්ලේ වලදාන්න කියලා ඔය වැරදි තීන්දු දෙන අයට ඉන්දියාවෙන් ආපු අය කියන්නේ කොහොමද?

:       52       146

සේන Tuesday, 24 September 2019 08:58 AM

මේ සිංහල බෞද්ධ රටේ එතකොට කාටවත් ඕන විදිහටද මහා සංඝරත්නයේ දේහයන් අතන මෙතන ආදාහනය කරන්නේ? අපට හරි හමන් නායකයෙක් නැති ප්‍රශ්නය නේද මේ? සිංහලයිනි, පළමුව සෘජු නායකයෙක් ඕන. රට , ජාතිය ආගම බේරගන්නවා මිසක පක්ෂ බේරගන්න කාලයක් නොවෙයි මේ. ඒවා පස්සට දාමු.

:       1       9

Nandalal DE SILVA - France Tuesday, 24 September 2019 09:01 AM

[අදාළ ගැටළුවට කඩිනම් විසඳුමක් ලබා නොදුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද පුලිදනායගම් ....] මොන කතාද? දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන පොකට් එක හිස්වෙලා බඩ පනුවෝ පිණුම් ගහන කොට නිකම්ම මේ අය උසාවි යන එක නම් නියතයි. කවුරුන් හෝ ඉදිරිපත්වී සුළුවෙන් හෝ අපේ හිමිපාණන් වහන්සේට අවසන් ගෞරවය දැක්වීම ගැන ඒ අයට පින්සිදු වේවා කියා පතමු. පුරාණ රජ මහා විහාරයක අධිපති ධුරය දැරූ ඒ හිමිපාණන් වහන්සේට මීට වඩා උසස් අවමංගල උත්සවයක් නොලැබීම අතිශයින්ම කණගාටුදායකය !

:       49       165

Bamunuarachchi Tuesday, 24 September 2019 09:04 AM

මේ බෞද්ධ රටේ බෞද්ධ සම්ප්‍රදායවල් රෝමන් ලන්දේසි නීතියෙන් වෙනස් කරන්න දෙන්න බැහැ. බෞද්ධ සම්ප්‍රදායට වැඩ කලේ බෞද්ධ ජනතාව. ඥානසාර හිමි ඒ අය අතුරින් එක් පුද්ගලයෙක් පමණයි. ඕනෑතරම් කාලයක් වැඩ වර්ජනය කරන්න අපිට මොකද?

:       56       143

Bamunuarachchi Tuesday, 24 September 2019 09:15 AM

නීතිඥකම උසාවියට පමණයි. පන්සල් භුමි තුළ අපිට නීතිඥයත් එකයි. අැබිත්තයත් එකයි.

:       39       18

Ajith NissankaWednesday, 25 September 2019 12:24 AM

එහෙනම් මොකටද රටට ඕන එක නීතියක් කිය කියා උඩ පනින්නේ? ඔතන තියන ප්‍රධානම ප්‍රශ්නය එක එක තැන්වල තම තමන්ට ඕන නීති හදාගෙන ඉන්න එක.උතුරට සීමාවූ තේසවලාම් නීතිය අයින් කරන්න කිසිම රජයකට බැරි උනා. ඔය ප්‍රාදේශීය සහ ආගමික නීති අයින් කර එක නීතියක් ක්‍රියාත්මක කරා නම් මොන ප්‍රශ්නයක වත් නැහැ.සඟසතු පන්සල් වත්තක ආදාහනයක් නිදහසේ කර ගන්න බැරි තත්වයක් රටක ඇතිවීම මොන අවාසනාවක්ද?

:       0       0

rohana Tuesday, 24 September 2019 09:25 AM

ලංකාවේ නීතිවේදියෝ වැඩ කරන විදිය මුළු රටම දන්නවා. කොහොමද ගෝඨා නිදහස් වුන හැටි ?

:       0       0

දෙමලිච්චා Tuesday, 24 September 2019 10:51 AM

කොට්ටෝරුවා කෙසෙල් ගසේ පැටලෙන දවස වැඩි දුරක නැහැ......

:       0       0

BamunuarachchiTuesday, 24 September 2019 02:04 PM

මේ විශේෂ කොට්ටෝරුවෙක් මේකා කොටන්නේ දෙමලිච්චන්ටයි. එමනිසා දෙමලිච්චෝ පරිස්සම් වුණොත් හොඳයි. දැන් ඔය යාපනේටම ඇවිත් කොටලා තිබෙන්නේ. කොයිවෙලේ හෝ කොළඹ දෙමලිච්චන්ටත් කොටන්න පටන් ගන්නවා.

:       0       0

Bamunuarachchi Tuesday, 24 September 2019 01:26 PM

හාමුදුරුවරු තාම ගහන්න පටන් ගත්තේ නැත. තර්ජනය කළා පමණයි. පරිස්සම් වෙයන්...

:       0       0

Ajith Nissanka Tuesday, 24 September 2019 01:26 PM

මේක සහජීවනය පිළිබඳ ගැටලුවක් නොවේ..! රටේ එක නීතියක් නොමැති කමේ ඵලවිපාක! තෙවාසලම් නීතිය උතුරු පළාත් වල අවුරුදු සිය ගාණක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා.. කාටත් පෙනුනේ නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 54 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 249 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 555 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 987 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 696 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1546 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site