අමල් වික්‍රමරත්න
මෙම වසරේ වඩාත්ම හොදින් දර්ශනය වන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට (13/14) දිනයන්හිදී ලංකාවට ඉතාම හොදින් දර්ශනය වන බව ග්‍රහලෝකාගාරය පවසයි.
සුදු, කහ, කොළ, නිල් සහ රතු වර්ණ සහිත වෛවර්ණ උල්කාවලින් යුතු මෙම ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව මෙම වසරේ ශ්‍රී ලංකාවට දක්නට ලැබෙන අවසන් උල්කාපාත වර්ෂාව බව ග්‍රහලෝකාගාරය සදහන් කරයි.
සෑම වසරකම දෙසැම්බර් 7 සිට 17 දක්වා කාලයේ දර්ශනය වන මෙම උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්තාව හෙට(14) රාත්‍රියේ උදාවනු ඇති බව ග්‍රහලෝකාගාරය පවසයි.
හෙට රාත්‍රි 9න් පසු නැගෙනහිර අහසේත්, මධ්‍යම රාත්‍රියට ආසන්නයේ දී අහස ඉහළ මධ්‍යයේත් , අලුයම් කාලයේ දී බටහිර අහස දෙසිනුත් කඩාහැළෙන තරු ආකාරයට උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව කියති.
මෙම උල්කාපාත වර්ෂාව නැරඹීමට හෙටඅලුයම 2 ත් 4ත් අතර කාලය වඩාත්ම සුදුසු වේලාව බවත් එම අවස්ථාවේ දී පැයකට උල්කාපාත 120 පමණ ඇද හැළෙන බවත් එය පියවි ඇසින් දැකිය හැකි බවත් ග්‍රහලෝකාගාරය පවසයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට
wije Wednesday, 13 December 2017 09:38 AM
අපි නම් මේ මහදවල්ම උල්කාපාත වර්ෂාවක් දැක්කා. 2 වැනි වන්ඩේ මැච් එකේදී ඉන්දියාව ගහපු 392 දැකලා.
Disna.kumari Wednesday, 13 December 2017 02:36 PM
මම දකින්නට අදහස් කරගෙන සිටිමි...
dharshana.KumaraTuesday, 19 December 2017 10:28 AM
නින්ද ගියා බොලේ. අපරාදේ.