(නාලක සංජීව දහනායක)
ජී.එස්.පි ප්ලස් බදු සහනය 2023 වසර දක්වා අඛණ්ඩව ලබාදීමට යුරෝපා සංගමය එකඟතාවය පළකර ඇත.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා ශ්‍රී ලංකා මාලදිවයිනේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඞ් මහත්වරුන් අතර අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදී මෙම සහනය ලබාදීමට එකඟවී ඇත.
මෙරට ඇඟළුම් කර්මාන්තය සදහා වැඩි වශයෙන් ජී.එස්.පී ප්ලස් බදු සහනය හිමිවේ. ඇඟළුම් අපනයනයෙන් සියයට 60ක්ම යුරෝපයට අපනයන කරනු ලබන අතර එය මෙරට සමස්ත ඇඟළුම් අපනයනයෙන් සියයට 45ක් පමණ නියෝජනය වේ.
අපනයන ආදායමෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 05 පමණ ආදායමක් උපනය ඇඟළුම් කර්මාන්තය සදහා යුරෝපා සංගමයේ රටවල් දක්වන සහයෝගය සම්බන්ධයෙන් ඇමතිවරයා එහිදී ස්තූතිය පළ කළේය
යුරෝපා සංගමයේ රටවල ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීම සදහා කැමැත්තෙන් පසුවන බව කී යුරෝපා සංගමයේ උප සභාපතිවරයා තම සංගමයේ රටවල් වලට ශ්‍රී ලංකන් ගුවන්සේවාව නැවැත ආරම්භ කරන ලෙසට ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කලේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජී.එස්.පී ප්ලස් 2023 දක්වා ලබා දීමට යුරෝපා සංගමය එකඟ වෙයි
PALITHA Sunday, 19 January 2020 10:13 AM
ඒකට කමක් නැහැ ඇමතිතුමෝ, පස්සේ කියාගෙන එන්න එපා.. අපිට GSP ලැබුනේ MCC එක අත්සන් කරපු නිසා කියලා හොඳේ, ඔන්න දැම්ම කිව්වා...
Nandalal DE SILVA - France Sunday, 19 January 2020 07:56 PM
ජී.එස්.පී ප්ලස් 2023 දක්වා ලබා දීමට යුරෝපා සංගමය එකඟ උනා තමයි. ඒ උනත් ඒ රටවල් නිතර දෙවේලේ නියම පරීක්ෂාවෙන් ඉන්නේ. මතක නේද පරණ රජය කාලේ ඒක නැති උන හැටි ? රනිල් මැතිතුමාට පින්සිද්ද වෙන්න ජිඑස්පී එක නැවත ලබා ගත්තා. දැන් මෙයාලගේ කයිය පමණයි. ඕකත් බිත්තර ගොඩක් උඩ ඇවිදිනවා වගේ පරෙස්සමෙන් කලයුතු දෙයක් !