IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජිනවංශ හිමියන්ගේ ඝාතකයා සොයන්නයි හික්කඩුවේ උද්ඝෝෂණයක්

ඩී.ජී.සුගතපාල

රත්ගම පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ හදිසි අපවත්විම ඝාතනයක් බව පවසා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් අද (15) උදේ හික්කඩුව නගරයේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි.

ජිනවංශ හිමියන්ගේ දේහය රත්ගම කලපුවේ පාවෙමින් තිබියදි ඉකුත් 8 වනදින සවස සොයාගනු ලැබු අතර පසුදින ගාල්ල මහේස්ත්‍රාත්වරයා ගොස් මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියෝග කලේය.

ඒ අනුව කරාපිටිය රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ප්‍රකාශයට පත් කරමින් වැඩිදුර පරික්ෂණ සඳහා  සිරුරේ කොටස් වෛද්‍ය පර්යේෂණායතනයට යවා වාර්තාව ලැබුන පසු මරණයට හේතුව ප්‍රකාශ කරන බව පැවසුවාය.

මෙම අභිරහස් අපවත්විම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද පොලිස් කණ්ඩායම් කිහිපයක්ද පරික්ෂණ ආරම්බ කර ඇත.



අදහස් (8)

ජිනවංශ හිමියන්ගේ ඝාතකයා සොයන්නයි හික්කඩුවේ උද්ඝෝෂණයක්

Rata Perata Tuesday, 15 December 2020 07:56 AM

මෙක රටට වෙන බව අපි දැනගෙන හිටියා. තව ඉස්සරහට හැමදෙයක්ම කරගන්න වෙන්නේ උද්ඝෝෂණය කරලා තමයි. ටික දවසකින් ඔකත් නවත්තයි. හැමෝම එකතුවෙලා මෙ අසාර්ථක රජයට පාඩමක් ඉගන්විය යුතුයි. හරියට මහජන අදහස් හදුනගෙන රට පාලනය කරන්න.

:       11       71

siri Tuesday, 15 December 2020 09:43 AM

රත්ගම කළපුව සංචාරක ව්‍යාපෘතියක් ලෙස ජලය මතු පිටට ගොඩ බෑ හැකි "සී ප්ලේන්" ව්‍යාපෘතියකට යොදාගැනීමට විදේශික ආයෝජකයෙක් ගන්නා උත්සාහයකට සහ ආරණ්‍ය සේනාසනය පිහිටා ඇති පොල්ගස්දූව සහ මැටිදූව නම් අක්කර දහතුන හමාරකින් යුත් මනරම් දූපත් ප්‍රධාන ගොඩබිමට යා කෙරෙන කොන්ක්‍රීට් පාලමක් ඉදි කිරීමට නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ හෙවත් "සුදු හාමුදුරුවෝ" විරුද්ධත්වය ප්‍රකාශ කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තියෙනවා.

:       0       49

සිංහල බෞද්ධයා Tuesday, 15 December 2020 10:26 AM

සිංහල බෞද්ධයින් මහා බෞද්ධ රාජධානියට මේ සිදු වෙමින් තිබෙන්නේ කුමක් ද? - මේ කර ඇත්තේ එසේ මෙසේ පවක් නොවන, සියලුම බෞද්ධයින්ට වැටහේවා, ඊනීයා කල්ලි කන්ඩායම් මේ ගැන කටක් නො අරින්නේ ඇයි?

:       0       30

Kamal Koyrala Tuesday, 15 December 2020 10:32 AM

කෝ හැමදේම පෙරට... මීඩියා ඉස්සරහ ඝෝෂාකළා ශාසනේ රකින්න. පුරාවස්තු රකින්න, බෞද්ධයෝ රකින්න. වැඩම කළ සංඝයා වහන්සේලා....

:       0       38

පූජා Tuesday, 15 December 2020 11:16 AM

මේ ඝෝර වූ සසර දුකින් එතෙර වීමට, අපේ මේ දිවයිනට වැඩම නොකර තායිලන්තයේ හෝ වෙන කුමන රටක හෝ බවුන් වඩමින් කල් ගත කලා නම් උන්වහන්සේ තාමත් ජීවතුන් අතර.....මේ පව්කාර කුරිරු යක්‍ෂයන්ට ජාති ජාතිත් මේ පව් ගෙවාගන්නට බැරිවෙයි..

:       0       16

fairoos Tuesday, 15 December 2020 02:58 PM

බයියන්ට මෙවා වැඩක් නැහැ. ජාතිවාදය තිබ්බොත් ඇති. ඒක තමයි ආණ්ඩුවෙ පැවැත්ම...

:       0       2

ජයන්ත මිලානො Tuesday, 15 December 2020 03:06 PM

ඒ අය සැතපී ඇත... කඩේ යාමට අවශ්‍ය වූ විට අවදිවෙනු ඇත.

:       0       9

ලුම්බිණි Tuesday, 15 December 2020 11:04 PM

පුදුමය කියන්නේ අපේ මහා සංඝ රත්නය මේ වගේ දේවල් වලදී නිහඬව ඉන්න එක. හැම දේකදිම උඩ පැනගෙන එන එකේ මොකද මෙතන නිහඬව ඉන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1660 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 815 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 672 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 338 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 579 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 533 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site