IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජාතික සම්පත් මිලදී ගත්තොත් මම ආවම ඒවා අපසු ගන්නවා - මහින්ද

(නාලක සංජීව දහනායක)

ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවැත ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (2) පැවැසීය.

එබැවින් රජය විකුණා දමන දේවල් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී අද (2) පැවැත්වූ ‘‘ජනබල සේනා‘‘ මහජන රැළියට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රැළිය ඇරඹීමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොළඹ ලිප්ටන් වටරවුම අසල සිට විරෝධතා පෙළ පාලියකින් එළිමහන් රංගපීඨයට පැමිණියහ. මේ හේතුවෙන් පුරහල අසල දැඩි රථවාහන තද බදයක් ඇතිවිය.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (54)

ජාතික සම්පත් මිලදී ගත්තොත් මම ආවම ඒවා අපසු ගන්නවා - මහින්ද

td Thursday, 02 August 2018 03:30 PM

ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවත ලබාගැනීම කෙසේවෙතත් දුෂිතයින් සහ ජාතිවාදීන් ඔබතුමා වටා සිටින තුරු බලයට පත්වීමට ගැනනම් ඔබතුමාට සිහිනයක්ම පමණක්ම වනු ඇත.

:       2741       2802

nishanFriday, 03 August 2018 01:03 AM

ඔබතුමා විකුණුව ඒවත් ආපහු ගන්නවද? මෙයාලා විකුනපුවා අරන් චීනෙට දෙනවද? ඒවත් කියන්නකෝ.

:       97       84

Chanak Los angelesFriday, 03 August 2018 01:58 AM

ඔබ කියන්නේ එතුමා සුද්දප්පු කෙනෙක් වටේ ඉන්නේ හොරු දුෂකයන් කියලාද ?අපි නම් කියන්නේ ඔකේ අනෙක් පැත්ත ...වටේ ඉන්නා අය සුද්දප්පුලා එතුමා .... කියලයි ..

:       13       50

d.upulSaturday, 04 August 2018 05:15 AM

රටේ, ලෝකෙ නැති බොරු පොරොන්දු දීලා පොත් අච්චු ගහලා ජනතාව රවටලා බලය අරගත්ත දා ඉඳලා හැම නායකයෙක්ම කලේ ලෝකෙ වටේ ගිහින් හිඟමන් ඉල්ලපු එක. රට, ජාතිය කෙසේ වෙතත් පක්ෂ, විපක්ෂ හැමෝම ලස්සනට සාක්කු පුරවා ගත්තා.

:       0       92

sam Thursday, 02 August 2018 03:37 PM

ඔබතුමා ඇතුළු මේ රටේ හැම නායකයෙක්ම කලේ රටේ සම්පත් විකුනපු එක තමයි. මම ඒකේ පුදුමයක් දකින්නේ නෑ අපේ රට ලෝකෙට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය දකිද්දී. කෙසේ වෙතත් ඔබ මොන සටන් පාඨයක් ගෙනිච්චත් දිනනවා මේ රජය ගැන මහජනතාවට ඇති අප්‍රසාදය එක්ක. එත් රටට ආදරේ කරන පුරවැසියෙක් විදියට මට තියෙන ගැටලුව තමා අපි ලෝකෙට ණය නොවී රට දියුණු කරන දවසක් ඒවිද කියන එක. සමහර විටක අපිට දියුණුවේ නිර්ණායක වෙනස් කරන්න වේවි එදාට. ලෝකෙට ඕන විදියට දියුණු වෙන්න ගිහින් ඇමෙරිකාව වගේ රට වල මිනිස්සු ගොඩක් වස විස කන්න ආහාර කියලා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ අපේ රට ස්වයං පොෂිත කිරීමක් නිසා ලෝකයේ නිර්ණායක අනුව දියුණු කිරීම නොවේ කියන දේ

:       905       598

bud Thursday, 02 August 2018 03:42 PM

ඒක හොඳයි දැන් විකුණමු. පාඩුනම් ගමු. දැන් අපට බය වෙන්න දෙයක් නැහැ

:       237       80

tommy Thursday, 02 August 2018 03:58 PM

ඒවා ආපසු ගැනීම සඳහා ඔබතුමා මුදල් සොයා ගන්නේ ඔය කියන ජාත්‍යන්තරයෙන් තවත් ණය ලබාගෙනද?

:       383       723

nihal Thursday, 02 August 2018 04:34 PM

සින්නක්කර දීපුවා මෙයාලා බද්දට දීපු විදියට හරවගත්තලු.. මෙයාල විකුනන්නේ නැහැලු. ඒ නිසා ආපහු ගන්න දෙයක් නම් නැති වෙයි. හැබැයි කොහොමෙන් කොහොමෙන් හරි විකිනිච්ච රට ගොඩගන්න පුලුවන්නම් හොඳය. එත් වටේ ඉන්න පිරිසත් එක්කනම් ඒක කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න ටිකක් අමාරුයි.

:       49       715

Nimal Thursday, 02 August 2018 04:42 PM

ඔන්න ඉතින් බොරු ගහන්න ගත්තා. ඔයා ටිකෙන් ටික කලෙත් ඕකම තමයි

:       1983       1380

Sunil Thursday, 02 August 2018 05:18 PM

ඔක්කොම ආපහු ගන්නවාද? සින්නක්කර විකුනපු ඒවා ආපහු ගන්නවාද?

:       1113       1141

VajiraFriday, 03 August 2018 03:43 AM

එයාගේ කාලේ විකුණපුවත් ආපහු ගන්නවළුද?

:       86       120

Sunil Thursday, 02 August 2018 05:21 PM

ආපහු ගන්නවා, සහ ආපහු ගන්න සැලකිලිමත් වෙනවා කියන එක එකක්ද? දෙකෙන්ම කියන්නේ විකුනපු ඉඩම් ආපහු මම ආවාම ගන්නවා කියන එකද?

:       882       231

Hector Thursday, 02 August 2018 06:00 PM

අයියෝ මේක ජනබලයක් වගේ නං පෙන්නේ නැහැ. සෙනග 2000ක් වත් නැනේ.

:       2161       2135

rasikaThursday, 02 August 2018 07:01 PM

හෙක්ටර්ට ගණන් බැහැ වගේ. කොහොම උනත්, රටේ සම්පත් විකුනලා දාන, බදු වැඩිකරලා මන්ත්‍රීලගේ වැටුප වැඩි කරන, රට බංකොලොත් කරන, නාස්තිය, දූෂණය ඉහලටම ගිය, හැම අතින්ම රට පාවලා දෙන, මේ වගේ ආණ්ඩුවකට විරුද්දව පාරට බහින්නේ නැති මිනිහෙක් හොයාගන්න බැරිවෙනවා තව ටික දවසකින්.

:       3535       4058

NalakaFriday, 03 August 2018 12:42 AM

රසික බලන්න ඔලුව අතගාලා උලට මොනවහරි දෙපැත්තෙන් එනවද කියලා. මිනිස්සුන්ට කාණු වලට බහින්න වුන කාලේ අපිට අමතක නැහැ.

:       100       66

lathaFriday, 03 August 2018 04:46 AM

ෂැන්ග්‍රිලා හෝටලය වික්කේ කව්ද? සින්නක්කර විකුණලා බොරු කියනවා...

:       83       71

ShanFriday, 03 August 2018 06:20 AM

කෙටි කාලීන මතකය නැති වීමේ ලෙඩේට බෙහෙත් ගන්න. ඔබතුමාගේ කෙරුවාවල් මිනිස්සුන්ට තාම මතකයි.

:       282       31

DKR SilvaThursday, 02 August 2018 10:29 PM

හෙක්ටර් මහත්තයෝ ඉක්මනටම ඇස් දොස්තර කෙනෙක්ව හමුවෙන්න. ඔබගේ පෙනීම ඉතාම දුර්වල පාටයි.

:       2       60

Chanak Los angelesFriday, 03 August 2018 02:04 AM

මමත් ඕක කියන්න හැදුවා විතරයි .. මටනම් පෙනෙන්නේ 2000 ක් වත් නැති තරම් කියලයි ...

:       47       6

Sathyapala Thursday, 02 August 2018 10:47 PM

බල තණ්හාව තවම අඩු වෙලා නෑ වගේ

:       47       6

BamunuarachchiFriday, 03 August 2018 11:23 PM

අනික් අයට තිබෙන්නේ බලයට කෑදරකම නොවෙයිද?

:       0       30

C.K.Lankaputhra Thursday, 02 August 2018 11:49 PM

මේගොල්ලෝ හිතන්නේ මේ රටේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලාමනේ.

:       12       151

BamunuarachchiFriday, 03 August 2018 11:15 PM

නිකම් අය නොවෙයි..

:       0       0

Rasi Friday, 03 August 2018 12:35 AM

එතුමාට බනින්න නම් පැනලා ලියනවා. නමුත් ඔය ලියන කවුරුත් කියන්නේ නැහැ ඇයි මේ රජය මේවා කරන්න බැහැ පාඩුයි කියල ඔක්කොම විකුණගෙන යන්නේ ඇයි කියලා. රටේ රජයට තියෙන ආදායම් මාර්ග සියල්ල විකුනනවා නම්, ඊළඟට රජයට තම ආදායම් මාර්ගය කරගත හැක්කේ ජනතාව, භාණ්ඩ හෝ සේවා මත යොදන බදු පමණයි. එවන් ක්‍රමයක ඔබ බදු ගෙවීමට කැමති නම්, ඊළඟට හඬ නැගිය යුත්තේ ඇයි මෙතරම් විශාල මන්ත්‍රී හෝ ඇමති මණ්ඩලයක් අප තබා ගත යුත්තේ කියායි. මොකද රජය සතුව කිසිදු ආයතනයක් නොමැති නම්, මෙතරම් පාර්ලිමේන්තු නියෝජිතයන් ප්‍රමාණයක් අපට අවශ්‍යද? අනෙක මේ තරම් විශාල ආයතන හෝ රටේ මරමස්ථාන අනෙක් විදේශ ජාතීන සතුව පවතින විට, ඒවා පාලනය හෝ නියාමනය කල හැකි උගත්, දැනුවත් පිරිසක් අප පත් කර ඇතිද යන්නද විමසා බැලිය යුතුව තිබේ. රටේ රුපවාහිනි නාලිකා වල යන සාකච්චා බැලු විට අප පත් කර ඇති අයගේ තරම සිත ගත හැක. මිතුරනි අපට කවුරුන්ගේ හෝ වැඩක් නැත, වාද කිරීම නවතා පළමුව රට ඉදිරියට තබන්න.

:       11       145

සමන්ත Saturday, 04 August 2018 04:11 AM

ඔය හැමදේම දන්නා විදිහට පෙන්නලා ජනතාවට කොකා පෙන්නන අය ගැන අපි හොඳට දන්නවා. අට පාස් අය එක්ක ඔය කතා කිව්වා නම් තමයි හොඳ... අපි ආර්ථිකය ගැනත් දන්නවා. ඒ කාලේ ඔහෙලා කරපුවත් දන්නවා.

:       60       11

Senaka Friday, 03 August 2018 12:45 AM

පළාත් සභා ඡන්දෙ ජනවාරි තියන්න එකඟ වෙන්න කියන්න ඒකාබද්දෙට. රැස්වීම මග අරින්නේ නැතුව. එතකොට බලන්න පුළුවන් ජන බලයේ තරම.

:       9       9

Susil Friday, 03 August 2018 02:09 AM

එතකොට අර 2015 ජනවාරි 6 සහ 7 ලියපු චෙක් 4 (කොපි අන්තර් ජාලයේ තියෙන්නෙ ) , ඒ සල්ලිත් ආපහු ගත්ත බැංකුවටම දෙනවද ?

:       6       65

Upali Friday, 03 August 2018 02:42 AM

ෂැංග්‍රි එක හදන්න චීනෙට වික්ක හමුදා මූලස්ථාන ඉඩමත් ආපහු ගන්නවද?

:       24       62

ස්ටිව් Friday, 03 August 2018 03:00 AM

ෂැංග්‍රිලා එක එහෙම ආපහු ගනියි නේද?

:       12       6

Siri Friday, 03 August 2018 03:22 AM

එතකොට අර රජයට අයත්ව තිබී වෙන රටවල්වලට සහ සමාගම් වලට විකුණා දැමු ගෝල්ෆේස් අවට ඉඩම් ටික ඒ අලුත් ගොඩනැගිලිත් සමගම ආපසු ගන්නවාද ?

:       14       9

Saththaya Friday, 03 August 2018 03:28 AM

ඊළඟපාර නම් ත්‍රිකුණාමලයත් විකුණා එතනත් ඇතුළට වෙන්න එයාර් පොර්ට් එකක් ගහයි...

:       11       188

Nalaka Friday, 03 August 2018 03:49 AM

නියම නායකයෙක් නියම තීරණයක්

:       65       61

දිලුම් Friday, 03 August 2018 03:52 AM

මේ හැමෝම කරන්නේ රඟපෑම. ඒත් මේ ආණ්ඩුව කරන වැඩවලින් මිනිස්සු හිඟමනෙනුත් හිඟමනට වැටෙනවා. පොඩි කාර් වල මිල වැඩි කරල මන්ත්‍රී ඇමති වැටුප් 215%කින් වැඩි කරල. මුන්ට වැඩි කරපු වැටුප ගෙවන එක තමයි අපේ වැඩි කරපු බදු මුදල් වලින් කරන්නේ ඉතිං කොච්චර බදු ගැහැවත් මේ රට දියුණු වෙයිද. අනික අපේ ඡන්දෙන් පත් වෙන මේ කාලකණ්නි රටේ මිනිස්සු ගැන අබ ඇටේක තරමට හිතනව නම් මිනිස්සු මේ වගේ අමාරුවෙන් ජීවත්වෙන කාලෙක මෙහෙම තමන්ගේ බඩ වඩා ගනීද. අනික මේ අය රටට මොන සෙතක් කරනවටද මේ මැති ඇමතිලට මෙච්චර පඩි ගෙවන්නේ. මුදල් ආමාත්‍යාංශයේ ඉන්න උන්ටත් රටේ වැදගත් වැඩවලට සල්ලි නැති උනාට මුන්ට වැඩි පඩි දෙන්න සල්ලි තියනවා. මේ වගේ ආණුඩුවකට එරෙහිව නැවත මිනිස්සු නැගිටින එක තමයි හොඳ. ඒ දැං ඉන්න උන්ට වඩා පරණ උන් හොද නිසා නෙමෙයි මේ ආණ්ඩුවෙන් ගැලවිලා අපිට හොදියි බතුයි හරි කන්න පුළුවන් ආර්ථිකයක් ඉතුරුකර ගන්න ඕන නිසා

:       102       109

duminda Friday, 03 August 2018 04:10 AM

ශ්‍රීලන්කන් එක අරගෙන මස්සිනාට දීල කරපු හරිය නම් අපි දැක්ක

:       6       43

අරුන Friday, 03 August 2018 04:28 AM

ඔබ තුමා සින්නක්කරව දීපුවත් අාපහු ගන්නවද?

:       16       32

sumudu Friday, 03 August 2018 05:23 AM

හොඳ දේට හොඳය කියන්න ඕනේ . අර චීන හෝටලේ ගහන්න දුන්න යුද හමුදා රෝහල , ඕස්ට්‍රේලියාවේ සමාගමකට දුන්න අක්කර 5000, කයිට්ස් දූපත් ටික , චීන සමාගමකට දුන්න කොළඹ වාරයේ ජැටි දෙක , අපහු අරන් පටන් ගත්තනම් කියල වැඩක් නැහැ .

:       0       35

sas Friday, 03 August 2018 05:36 AM

ආපහු ගන්න බලයට එන්න එපාය. ඔයාට ආයේ බලය ලැබෙන්නේ නැහැ.

:       135       86

Sugath Friday, 03 August 2018 06:59 AM

පොර්ට් සිටි එක චීනෙට විකුණුවේ කවුද. චීනෙන් දේශපාලනයට මුදල් ගත්තේ කවුද. නෙව් යෝර්ක් ටයිම්ස් එකට දාපු නඩුව කෝ . අනේ නිකන් යන්න බොරු වැඩ නොකර. හොරකම් පටන් ගත්තේ ඔබලා. දැන් මුන් ඒක ඉදිරියටම ගෙනියනවා. විමල් වගේ හොරු ඔබේ ළඟ ඉන්නකොට හිතාගන්න පුළුවන් මොකද වෙන්න යන්නේ කියල.

:       395       97

Darshana Friday, 03 August 2018 07:16 AM

ඔව් ඔව් ඒක හොඳයි..... පළමුවෙන්ම අපි නැවත පවරාගත්ත යුත්තේ ගෝල්ෆේස් හමුදා මූලස්ථාන තිබුණ රටේ වැදගත්ම ස්ථානයයි....... හැබැයි ඉතින් ඔබ තුමා ඒක සින්නක්තරම ෂැන්ග්‍රිලා එකට වික්කා නේද?

:       281       287

Hafeel Friday, 03 August 2018 07:54 AM

මේක මේ දස වසරේ පට්ට පල් බොරුවක් සහ විහිළුවක්... ඕවා කරන්න කලින්, ආදර්ශයක් හැටියට තමාගේ පුතුන්, බැසිල්, ගෝඨා මල්ලිලා විසින් හොරකම් කල රටේ දේපළ ටික ආපහු දෙන්න සලසන්න. මේවා කරන්න බලයට එන්න අවශ්‍ය නැහැ. දැන්ම කරන්න පුළුවන්.

:       18       13

sirimal Friday, 03 August 2018 07:55 AM

ඔය වැඩේ පටන්ගන්න හොඳම තැන තමා " අපි වැඩක් කරන කොට බල බල හිටියේ නැහැ. ඉල්ලුවා විතරයි දවස් තුනෙන් තීරණයක් අරගෙන දුන්නා" කියලා උජාරුවට කියන අර ෂැන්ග්‍රිල්ලා එකට සින්නක්කර විකුණපු හමුදා මූලස්ථාන ඉඩම සහ චීනෙට සින්නක්කර විකුණපු වරාය නගරයේ ඉඩම ආපහු ගන්න එක...

:       260       277

සමන්ත Friday, 03 August 2018 08:57 AM

මම නම් දන්න විදිහට එතුමා බලයේ සිටි කාලේ පසුගිය ආණ්ඩු විකුණන ලද දේවල් ආපසු රජයට පවරා ගත්තා.. කටිටිය චීනෙට වික්කා කිව්ව යුද හමුදා ඉඩමේ ඉදිවුනේ මැලේසියාවට අයත් ෂැන්ග්‍රිල්ලා හෝටලය... අපේ රටේ මිනිස්සු කිසිම දෙයක් හොයලා බලන්නේ නෑ..

:       63       303

සමන්තFriday, 03 August 2018 11:38 AM

නොදන්න දේවල් කතා කරන්න එපා. ඔයා බොරු නම් වලින් කඩේ ගියාට කමක් නෑ ඇත්ත කියලා.

:       12       1

Amal Friday, 03 August 2018 09:17 AM

ඔය ගොයියා හරියට හීනෙන් බයවෙලා වගේ කතා කරන්නේ.. තමුන්නැහේ කරෙත් විකුණන එකමනේ..

:       10       12

Bimal Friday, 03 August 2018 09:33 AM

ආපසු එන්නයි, විකුණපුවා ආපසු ගන්නයි උපදෙස් ගන්නේ ලොකු පුතාගෙන්ද? එහෙනම් දෙයියන්ගේම පිහිටයි.

:       4       1

BamunuarachchiFriday, 03 August 2018 11:19 PM

ආපසු එන්නේ ජනතාවගේ උපදෙස් වලින්... ඒ ගැන කතා දෙකක් නැත.

:       1       11

නුවන් ධර්මසේන Friday, 03 August 2018 09:47 AM

මෙතන අදහස් දක්වලා තිබෙන බහුතරයක් දෙනා, මහබැංකු හොරා "ම්ස්ටර් ක්ලීන්" ය කියල අදහාගෙන ඉන්න වහල්ලු පිරිසක් වගේ පෙනෙන්නේ. මේ මනුස්සයා කෙතරම් අභිමානවත් ප්‍රකාශයක්ද කරලා තියෙන්නේ.. මව්බිම වෙනුවෙන් කණගාටුයි! තවමත් අසමත් යහපාලකයන්ගේ කල් ඉකුත් බොරුවලට මෝහනය වුණු අනුවණයන් පිරිසක් මේ සමාජයේ ඉතිරි වී ඉඳීම ගැන...

:       64       118

Shan Saturday, 04 August 2018 07:01 AM

මේ වගේ කෙනෙක් අපේ දේශපාලන ඉතිහාසේ කවදාවත් හිටියේ නෑ.

:       1       35

kalani Sunday, 05 August 2018 02:54 PM

වසර 70ක් පුරා දේශපාලන පවුල් දෙක තුනකට පාලන බලය වරින් වර පවරා, මගේ මව්බිම අද දවසේ ලෝකයේ අන්ත දුෂිත රාජ්‍යයන් වලින් එකක් බවට පත්ව ඇත. ගෙවා නිම කල නොහැකි මහා ණය කන්දකට යටත් කර ඇත. නැවතත් බලය ලබාගැනීමේ උත්සාහය මෙරට කේතුමතී රාජධානියක් කරන්නට බව පවසතත්, අප තේරුම් ගත යුත්තේ ලිහා බලු මල්ල නැවත ඔබා බලන්නට තරම් අප මුග්ධ නොවිය යුතු බවය. වරින් වර මුහුණු වෙනස් කරමින් මේ දුෂිත පැලැන්තිය සමඟ බැඳී පවතින මේ දුෂිත ක්‍රමය වෙනස් කළ යුතුය. අප අත්හදා බැලිය යුත්තේ මේ පවුල්වල මුහුණු වෙනස් කරමින් පාලනය ඔවුන්ට නැවත පැවරීමට නොව සුදුසු ආර්ථික වැඩ පිළිවෙලක් ඇති යහපත් උගත් දේශමාමක මහත්වරුන් සොයා ගැනීමයි. අලුත් මාවතක් තෝරා ගැනීමට අප බිය වන්නේ ඇයි. අප්‍රිකානු රාජ්‍ය පද්ධතියම අන්ත දුෂිතයින් අතට පත්වීම නිසා විනාශ වී ඇති බව අපි දනිමු. අපත් එම මාර්ගයම තෝරා ගත යුතුද?

:       0       23

Priya Wednesday, 08 August 2018 03:48 AM

බොහොම හොඳ අදහසක්. ඔබතුමාට ආපහු බලයට එන්න හැකි උනොත්, ඔබ විසින් විකුණා දැමු රජයේ දේපල මුලින්ම නැවත රජයට පවර ගන්නවා කියලා කිව්වනම් නේද හොඳ?

:       7       2

dayan Friday, 10 August 2018 04:38 AM

රාජ්‍ය දේපල සින්නක්කරව සුද්දන්ට විකිණුව ප්‍රථමයා ඔබ නේද ? ආපසු ඒවා පවරාගෙන ප්‍රථමයා වෙනවාද ? බොහෝම හොදයි.

:       10       1

ඇබිත්ත Saturday, 11 August 2018 03:55 AM

ඒ අයත් එකයි මේ අයත් එකයි.

:       3       5

de silva Tuesday, 14 August 2018 08:16 PM

මෙම නුවන සහ ප්‍රතිපත්ති බලය තිබෙනකොට තිබුනේ නැහැනේ එහෙම වුනානම් අපේ ගෝල්ෆේස් එක ඉස්සරහ පොර්ට් සිටි හැදෙන්නෙත් නැහැ , යුධ හමුධ මුලස්තනෙත් එතනම තිබෙනවා ,

:       0       44

de silva berlin Wednesday, 15 August 2018 11:46 PM

ඔය කතාවලට අපි රැවටුනේ 2010 ට ඉස්සර. අලුත් තිර රචනය සමග අවශ්‍ය වෙනවා

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 98 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1401 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1213 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 702 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1765 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 88 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site