IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජල ගැලුම් නිම්නය හරහා මාර්ගයක් හැදීම වළක්වන්නැයි ඉල්ලයි

(තිළිණි ද සිල්වා)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය හරහා කිලෝමීටර් 13 මාර්ගයක් ඉදිකිරීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (29) රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

ඊට අමතරව ජල ගැලුම් නිම්න උද්‍යානය සහ සෝමාවතී ජාතික වන උද්‍යාන ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට ද නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද පාරිසරික යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් ඉල්ලා ඇත.

පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂක හේමන්ත රංජිත් සිසිර කුමාර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර , වනජීවි අමාත්‍ය සී.බී.රත්නායක මහත්වරුන් ඇතුළු අට දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ. පෙත්සම්කාර ආයතනය පාරිසරික ගැටලු පිළිබදව උනන්දුවක් දක්වන ආයතනයකි.ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ පිහිටි එකම ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයද මෙය වේ.

මෙම උද්‍යානය 1984 අගෝස්තු 07 වැනිදා ජාතික උද්‍යානයක් වශයෙන් ප්‍රකාශ්‍යට පත් කෙරිණි.මෙම ජාතික උද්‍යානය ජෛව විවිධත්වයෙන් අනූනවේ.

මේ අතර මෙම ජාතික උද්‍යානය හරහා කිලෝමීටර් 13 ක පාරක් සකස් කිරීමට සැලසුම් කරන බව පෙත්සම්කාර ආයතනයට දැන ගන්නට ලැබිණි.මී අමතරව මෙම උද්‍යානය අවට ප්‍රදේශවාසීන් ගෙන් විවිධාකාර හිරිහැරයන්ට ලක්වීමද සිදුවේ.තවද වී ගොවිතැන ද නීතිවිරෝධීව සිදු කෙරේ.

 



අදහස් (3)

ජල ගැලුම් නිම්නය හරහා මාර්ගයක් හැදීම වළක්වන්නැයි ඉල්ලයි

Perera Tuesday, 30 March 2021 04:41 AM

තීන්දුව ගැන නම් මට දැන්ම හිතාගන්න පුළුවන්.

:       0       1

sharm warn Tuesday, 30 March 2021 09:15 AM

පාරිසරික යුක්ති කේන්ද්‍රෙය් අය පව්. අඩුගානේ රටේ ඉන්න අයට මොලයක් නැහැ.. මේ අයට සහයෝගය දීලා තමන්ගේ පරිසරය බේරා ගන්න.

:       0       1

sachith Tuesday, 30 March 2021 09:49 AM

මේක පුදුම වැඩක් වෙලානේ. කැලයක් දකින්න බෑ... ඒක මැදින් කපනවා පාරක් හදනවා. සංවර්ධනය කියන්නේ එකක්... තිරසාර සංවර්ධනය කියන්නේ තවත් එකක්.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 158 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1458 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 178 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 549 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 931 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 283 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site