IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජරාව කෑ ග්‍රාමසේවකට වැඩ වරදි

 (නිමන්ති රණසිංහ)

බැංකු ඇපකරයකට ව්‍යාජ සහතිකයක් ලබා දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් වශයෙන් රුපියල් 15,000ක මේසයක් සහ රුපියල් 15,000 මුදලක් ඉල්ලා ලබාගත් බව කියන වව්නියාව කෝවිල්කුලම් ග‍්‍රාම නිලධාරීවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබිය.

අලලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් වව්නියාව ආලයඩි වීදිය, කෝවිල්කුලම ප‍්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වව්නියාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව රාජකාරි කළ අංක 244 සී කෝවිල්කුලම් ග‍්‍රාම නිලධාරිවරයාය’

ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීමට කටයුතු කළ ව්‍යාපාරිකයකුට ඒ සදහා ඉදිරිපත් කළ යුතු ඇපකරුවන් දෙදෙනාගෙන් එක් ඇපකරුවකු රජයේ සේවකයකු නොවන බැවින් එම ඇපකරුට ආදායම් ඇති බවට බැංකුවෙන් ලබා දෙන ලේඛණය අත්සන් කර දීම සදහා මෙම අල්ලෂ ඉල්ලා ලබාගත් බවට පැමිණීලිකරු පැමිණීල්ලෙන් ඉදිරිපත් කර තිබූ බව එම කොමිසම සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (3)

ජරාව කෑ ග්‍රාමසේවකට වැඩ වරදි

සේනක Wednesday, 31 March 2021 11:25 AM

ඇයි මට විතරක් කියලා ග්‍රාම සේවක ඇහැව්වොත්? ඕක පොඩි ගාණක් නීතියේ ආවරණයක් නෑ කියනවද?

:       0       4

මරාThursday, 01 April 2021 02:07 AM

ඔව්..ඔව්...මේක හොදටම මදි....අඩුම ගානේ මල්වාන පැත්තෙන් තට්ටුදෙකේ ගෙයක් වත් තියෙන්න ඕනේ... එහෙම වුණා නම් නිදොස් කොට නිදහස් කරන්න තිබුණා.

:       0       0

විපරමා Wednesday, 31 March 2021 11:27 AM

ජරාව කන ග්‍රාමසේවකයින් තව කොච්චර ඉන්නවද? ග්‍රාමසේවක සහතිකයක් ගන්න ගිය අය කියාවි එයාලාගේ කෙරුවාව තක්කෙටම..

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 141 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 509 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 505 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 767 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 650 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 99 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site