දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන “ජනාධිපති සිනමා සම්මාන උළෙල” මෙම මස 26 වැනි දින පස්වරු 6ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සම්මාන උළෙලේදී 2016, 2017, 2018 වර්ෂවල තිරගත වූ සිනමා කෘති 79 ක් සඳහා සම්මාන 96 ක් පිරිනැමීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.

මෙවර සිනමා සම්මාන උළෙල 19 වැනි වරට පැවැත්වෙන බවත්, සිනමාව වෙනුවෙන් කැපවුණු සිනමාවේදීන් 11 දෙනෙකු සඳහා පුරෝගාමී විශ්ව කීර්ති සහ ස්වර්ණ සිංහ සම්මාන පිරිනැමීමට නියමිත බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.