( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 07 වැනිදා සලකා බැලීමට අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
දඹර අමිල හිමියන් සහ ජනාධිපති ගේ හිටපු මාධ්‍ය අධ්යක්ෂකයෙකු වන වන ඕෂල හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
මෙම පෙත්සම් අද (10) බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.
ඒ අනුව පෙත්සම සලකා බැලීම ජනවාරි මස 7 වැනිදා සිදුකරන බවත් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ශවකරුවන්ට දන්වා සිටියේය.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සහ ඇමති මණ්ඩල සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු 53 දෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කාර හිමියන් කියා සිටින්නේ ඉකුත් මස 26 වනදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදනවලට පටහැනි බවයි.
මේ හේතුවෙන් ජනාධිපතිවරයා ගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කාර දඹරන් හිමියන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය වළක්වාලීමේ අතුරු නියෝගයක් පෙත්සම් විභාගය අවසන් වනතුරු නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
උත්තර ලංකා සභාගය කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව එහි මන්ත්‍රී ගෙවිඳු කුමානතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 615 ක් ප්රදානය කිරීමට
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් තිබේ.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනාධිපති තීරණයට එරෙහි පෙත්සම් දෙක සළකා බැලීම කල්යයි
Jana Monday, 10 December 2018 06:15 AM
වර්තමානයේ භික්ෂුවගේ භුමිකාව..
Jana Monday, 10 December 2018 06:15 AM
වර්තමානයේ භික්ෂුවගේ භුමිකාවයි..
Jayalath Dubai Monday, 10 December 2018 06:25 AM
අනේ මමත් ලංකාවේ හිටියා නම්, ඔය පශ්චාත් භාගයට ගෑස් ගසා ගැනීමට රජයේ ආයතනවලින් මහජන මුදල් ලබාගත්ත තක්කඩියන්ට එරෙහිව නඩුවක් පවරන්න තිබුණා.
Perakum Monday, 10 December 2018 06:40 AM
ඒක හොඳයි. එතකොට තව ටිකක් කල්ගන්න පුළුවනි.
de silva Monday, 10 December 2018 07:30 AM
ජනවාරි 7 කියලා කිව්වේ 2019ද නැත්නම් 2020 දීද? ලංකාවේ නඩුවක් ඉවර කරන්න සාමාන්‍යයෙන් අවරුදු 5-10ක් ගතවෙනවා.
ගල්කටස් Monday, 10 December 2018 07:55 AM
95000/= හරි යන්න තිතට වැඩේදෙනවා. මොනවා වුනත් එ ගාන මදි... මට නම් හිතෙන්නේ ලක්ෂ දෙකක් වත් ඉදිරියෙදි ගෙවිය යුතුයි. නැතිනම් මේ මනුස්සයට පව් (හාමුදුරුවන් කීමට සුදුසුද) රටේ අවාසනාවට ඉපදුණු මෙවන් අය මතු ජාති ජාති සිංහලයින් අතර නොඉපදේවා...!
Bandula. Tuesday, 11 December 2018 10:46 AM
අපේ රටට දෙවියන්ගේම පිහිටයි. බාලගිරිය අද නොවේ හෙට