IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පස්වරුවේ පැවැසීය.
 
“මේ තාච්චිය කතා කරන්නේ, අපි ඔක්කොම එකතුවෙලා ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය තුරන් කිරීම, සංවර්ධනය, සාමය හා සංහිඳියාව” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
 
කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.
 
රනිල් වික්‍රමසිංහ එහිදි මෙසේ ද කීය. 
 
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී කතා කළේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ගැන නෙමෙයි රනිල් වික්‍රමසිංහ ගැනයි. මම දේශපාලන කරුමයක් කිව්වා. මට අවලාද නැගුවා. මට චෝදනා කළා. මට නිග්‍රහ කළා. මට අපහාස කළා. මට දොස් කිව්වා. මට බැන්නා. එහෙත් ඒ සියලු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා.
 
මම මගේ සංස්කෘතිය අනුව පිළිතුරක් දෙනවා. මට අනෙක් අයගේ සංස්කෘතිය ගැන කියන්න බැහැ. සංයුක්ත නිකායේ අක්කෝස සූත්‍රයේ ගාථාවක් උපුටා දක්වමින් මං මගේ සංස්කෘතියෙන් පිළිතුරු දෙනවා.
බුදුන් වහන්සේ රජගහ නුවර වෙසෙන සමයේදී අක්කෝස භාරද්වාජ බමුණා ගිහින් උන්වහන්සේ මුණ ගැසුණා. අක්කෝස භාරද්වාජ බමුණා බුදුන් රජාණන් වහන්සේට බැන්නා, නිග්‍රහ කළා, අපහාස කළා, අවලාද නැගුවා, දොස් කිව්වා. ඒ සියල්ලට සවන් දුන් බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා.
 
බමුණ, ඔබට මිතුරන්, නෑදයන්, දන්න පිරිස් හිතවන් ඉන්නවද ? ඔව් මට ඉන්නවා යැයි බමුණා පිළිතුරු දුන්නා. ඔවුන් ඔබේ නිවසට පැමිණෙනවාද ? ඔව් පැමිණෙනවා යැයි බමුණා කියා සිටියා. ඔබ ඔවුන්ට ආහාර දෙනවාද ? සංග්‍රහ කරනව ද ? ඔව් මම ඔවුන්ට සංග්‍රහ කරනවා. කවුරුන් හෝ එම ආහාර අනුභව කරන්නේ නැතිනම්, සංග්‍රහ පිළිගන්නේ නැතිනම් ඒවා කාට ද අයිති වන්නේ ? ඒවා අයිති වන්නේ මට යැයි බමුණා පිළිතුරු දුන්නා.
 
ඒ අනුව ඔබගේ බැණ වැදීම්, අවලාද අපහාස හා නිග්‍රහ මා පිළිගන්නේ නැතැයි බුදුන් වහන්සේ එහිදි කියා සිටියා.
 
ඒ වගේම මට අවලාද නැගුවා. මම අවලාද නැගුවේ නැහැ. මට දොස් කිව්වා. මං දොස් කිව්වේ නැහැ. මට නිග්‍රහ කළා. මං නිග්‍රහ කළේ නැහැ. මට නින්දා කළා. මම නින්දා කළේ. මට කරපු සියල්ල බමුණ ඔබට බාරයි”. 
 
ඡායාරූප    චතුර එස් .කොඩිකාර 

 



අදහස් (44)

ජනාධිපතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා

Raveendra Wednesday, 05 December 2018 05:31 PM

ඔව් ඔව් ඔතන ඉන්න 225 ම කියන්නේ අනේ මම හොදයි අනිකා නරකයි කියන එකනේ නිතරම...... අපි නොදන්නා අවංකයෝ..ම්ම්...කොහොම කිව්වත් 225 ම තම තමන්ගේ හිත දන්නවා අනේ අපි කොච්චර බොරු කරලා තියෙනවද කොච්චර බොරු කරමින් ඉන්නවද කියල. ඉතින් අපිට " පතෝල පොඩි " කරන්න එපා හොදේ ....ඇහුනද 225 වූ තක්කඩි ගොන් රැල ....

:       15       723

ගල්කටස් Wednesday, 05 December 2018 05:55 PM

දැන්නම් බුදුදහම ගැන කියනවා, පිරිත් කියවනවා අහනවා, බුදු බණ වදාරනවා තමන්ට කරදරයක් විපතක් උනහම විතරක් ඔවා මතක් වෙලාහරි යන්නෙ නැහැ. හිතෙ භක්තියක් තියෙන්න ඔනා බලය තියෙනකොට බුද්ධ සාසෙනයට කරපු දෙවල් අමතකද..? හරියට සමාන්‍ය මිනිසුන් වගෙ ⁣තමන්ට කරදර උනාම දෙයියන්ටයි බුදුන්ටයි වදිනවා වගෙ වැඩ ඔවා හිනහත් යනවා දැන්නමි...

:       54       530

ferna Wednesday, 05 December 2018 07:09 PM

මෙයා චෝදනා ප්‍රතික්ෂේප කරලා .. අරය උසාවි නියෝග ප්‍රතික්ෂේප කරනවා....... සැබෑ නායකයොලු.....

:       66       97

Saman Wednesday, 05 December 2018 07:29 PM

ඔබගේ මොන වැරදි තිබුණත්, නියම පිළිතුරක්..

:       510       378

saman Wednesday, 05 December 2018 08:35 PM

ජනතාවගේ දුක දැනගන්න නම් ගෝල්ෆේස් හෝටලේට තමයි යන්න ඕනේ.

:       14       131

Bamunuarachchi Thursday, 06 December 2018 12:31 AM

බණඩාරනායක මහතා රටේ කාලින ප්‍රශ්නයක් නොවෙයි. එතුමාත් එජාපෙන් ඉවත් උනෙත් එජාපෙ මෙරටට ගැලපෙන පක්ෂයක් නොවෙයි කියා තීරණය කල නිසා. ඒ ටිකම මෛත්‍රී මහතාත් රටට හෙලිකලා. රනිල් මොන විත්ති කරුද කියන්නේ මම වැරදි කරු කියා. අනික රටේ ජනතාවටද ඔබ ඔය කියන්නේ?

:       621       637

sandy123Thursday, 06 December 2018 07:33 AM

නැහැ අගහරු ලෝකේ ඉන්න ජීවීන්ට...

:       0       17

BamunuarachchiSaturday, 08 December 2018 12:34 AM

එ්කවෙන්න පුළුවන්. මොකද රනිල් රටේ මිනිසුන්ගේ හදගැස්ම දැනෙන මිනිහෙක් නොවෙයි.

:       0       0

bo Thursday, 06 December 2018 01:43 AM

ජනාධිපති මෙයාට චෝදනා කලේ සාක්ෂි සමඟින්. ඒවා නිකම්ම ප්‍රතික්ෂේප කළා කියල වැඩක් නැහැ. එහෙම බේරෙන්න බැරිය. සාක්ෂි ඇත්ත බව මහා ජනයා දැකල තියෙනවනේ.

:       1396       1066

කල්ප Thursday, 06 December 2018 01:50 AM

මැතිතුමණි යම් දිනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් හෝ එහි වෙනසක් කරන්නේනම් ජනාධිපතිටත් අගමැතිටත් ඇමතිවරුන්ටත් පංති උපාධියක් වත් තිබිය යුතුයි කියලා සංශෝධනය කරන්න. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීලාටත් උසස්පෙළ සම්මාන සහිතව සමත්වීමවත් අවශ්‍ය ලෙසට කටයුතු කරන්න. ඒ වගේම දහම්පාසැල් අවසාන විභාගයත් අනිවාර්ය කරන්න එවිට මෙවැනි ප්‍රශ්ණ ඇතිනොවේවි.

:       3       149

maxThursday, 06 December 2018 06:09 AM

බැඳුම්කර වංචාවේ ඉන්නේ ඔක්කොම "උගත්තු" නේ කල්ප. නීතිඥයෝ, ගණකාධිකරිලා, ධනවත්තු. හොරකමට වංචාවට අද්‍යාපනය අදාල නෑ කල්ප.

:       19       276

Amila Deshapriya Thursday, 06 December 2018 02:00 AM

ගරු ජනාධිපති තුමනි, පුලුවන්නම් පිළිතුරු දෙන්න.

:       132       161

maal Thursday, 06 December 2018 02:42 AM

මහත්මාගතිගුණ තිබෙන අය තමයි යූඑන්පී එකේ කවදත් හිට්යේ. මෙතුමා කවරදාකවත් හතුරෙකුටවත් කැත වචනයෙන් බනින්නේ නැහැ. උගත්කම කියන්නේ ඕකට තමා.

:       855       910

ගල්කටස් Thursday, 06 December 2018 02:53 AM

පවි අප්පා දැන් බුදු බණත් දේශනා කරනවා. තමන්ට කරදරයක් වුනාට පස්සෙ බදුන් දෙවියන් මතක් වෙලා වැඩක් නැහැ මහත්තයො මතක නැද්ද බල⁣ය තියෙනකොට සංඝයා වහන්සෙලාට කල පරිභව හිරි හැර එහෙම. කමක් නැහැ දැන් පිරිත් අහනවා ,බණ කියනවා පන්සල් යනවා හරිම ෂොක් මෙයාලා.

:       590       719

athuraThursday, 06 December 2018 05:51 AM

බුදු දහම සරණ යනවා කියන්නෙ පන්සල් ගානෙ ගිහින් දේශපාලන කතා පවත්වන එකටද.?

:       602       586

sasithThursday, 06 December 2018 06:23 AM

නැහැ. බුදුහාමුදුරැවන්ට බැනලා, බෝ ගස් කපලා හාමුදුරැවෝ හිරේ දාන ඒකට

:       109       370

Missaka Thursday, 06 December 2018 03:01 AM

මොන නරක වැඩ කරත් මෙතුමාගේ ඉවසීමේ ගුණය ගරුකළ යුතුයි.

:       123       307

sunanda Thursday, 06 December 2018 03:20 AM

දැන් තමය බුදු බණ මතක් වෙලා තියෙන්නේ...අරලිය ගහ මන්දිරේ පිරිත් කියන එක නැවැත්තුවානේ.....

:       323       353

Senarath Thursday, 06 December 2018 03:41 AM

චෝදනා ප්‍රතික්ෂේප කරනවා කියලා නිකම්ම ඕනේ කෙනෙකුට කියන්න පුළුවන්.

:       260       355

athuraThursday, 06 December 2018 05:54 AM

උගතෙකුට නුගතෙකු කරන චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් පලක් නොවන බව උගතා දන්නවා.

:       178       156

සමන්Thursday, 06 December 2018 06:28 AM

ඔබේ උගත් කම පෙන්නුවා ............... හොරා හොරාමයි.

:       2       86

aruna Thursday, 06 December 2018 04:01 AM

පොදුවේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා වෙනුවට එකින් එක චෝදනාවලට උතර දෙන්න. සුබ පැතුම්.!

:       139       166

Daham Thursday, 06 December 2018 04:02 AM

රනිල් වික්‍රමසිංහ මහතානනි, දෙන්නට පුළුවන් නියම පිළිතුර ඔබ දී ඇත .

:       338       577

Sudath Thursday, 06 December 2018 04:41 AM

ඔබ ඔබගේ මහත්මා ගතියත් ඔහු ඔහුගේ නැහැදිච්ච ගතියත් පෙන්නුම් කලා පමණි.

:       81       1026

sandy123 Thursday, 06 December 2018 04:41 AM

නියම පිළිතුර............

:       42       232

akila Thursday, 06 December 2018 05:14 AM

මොනව කියුවත් අර "හිරිවැටිලා" ඉන්නව කියපු කතාව නම් හරියට හරි , එක ඕනෙම කෙනෙක්ට පෙනෙනවා

:       7       129

බිෂන් Thursday, 06 December 2018 06:10 AM

මේක නම් රිදෙන්නම දීලා. මොන වැරදි තිබුනත් ඔබගේ මහත්මා ගතියට මගේ ආචාරය රනිල් වික්‍රමසිංහ මැතිදුනි.

:       34       177

Saman Thursday, 06 December 2018 06:18 AM

" පිරුනු කළේ දිය නොසැලේ "

:       6       184

[email protected] Thursday, 06 December 2018 06:23 AM

ඔබේ කතාවේ කියල තියෙනවා දුෂණය නවත්තනවා සංවර්ධනය දියුණු කරනවා ප්‍රජතන්ත්‍රවාදය, සාමය මේ කියන ඒවා ඔක්කොම වචන විතරද? අපි නම් ඒ එකක්වත් දැක්කේ නැනේ සුරඟන කතා ද මේ කියන්නේ හැමෝම

:       22       63

BamunuarachchiThursday, 06 December 2018 09:54 AM

ඒ වුනාට මේ කතාව එයාගේ හෙන්ච්චයියන්ගේ කනට මී පැණි වත් කොරනවා වගෙයි. එකෙක්වත් තමන්ගෙන්ම අහන්නේ නැහැ රටට මොනවාද කලේ කියලා.

:       35       43

sam Thursday, 06 December 2018 06:28 AM

වික්‍රමසිංහ මහතාගේ මොන වැරදි තිබුණත්, උගත්කම සහ නූගත්කම අතර වෙනසත් , හැදියාව සහ නොහැදියාව අතර වෙනසත්, මේ කතාවෙන් අගේට පැහැදිලිවෙනවා .

:       60       175

Nuwan Thursday, 06 December 2018 07:07 AM

මහා බැංකුව යාලුවෙක් දාලා සුද්ද කරනකොට යාලුවට චරිත සහතික දෙනකොට ඔහොම කතා කිව්වේ නැහැනේ.

:       70       70

chamath Thursday, 06 December 2018 07:07 AM

මහා බැංකුවටත් ඕකම කියන්න

:       56       56

sandy123 Thursday, 06 December 2018 07:37 AM

මොහු තරම් අසහාස ලබපු, ඉවසීම උපරිමයෙන්ම ප්‍රගුණ කරපු, නොරුප් වචන භාවිතා නොකරපු දේශපාලකයෙක් නැත්තටම නැති තරම්....

:       85       100

AP kumara Thursday, 06 December 2018 09:08 AM

නියම පිළිතුරක් දී තිබෙනවා .

:       55       84

Bandula. Thursday, 06 December 2018 09:26 AM

මොනදේ උනත් අපේ දහමට අනුව කල දේ පල පල දේ කියනවනේ, ඔබතුම කීවා වගේ වරදක් ඇත්නම් මහජන සාපයෙන් මිදෙන්න කාටවත්ම බැරි වේවි.

:       0       41

Bamunuarachchi Thursday, 06 December 2018 09:40 AM

මෙයාගේ පිළිතුර වුයේ " මට කීව චෝදනා මම බාර ගන්නේ නැහැ කියන එකයි". චොදනා වැරදී කීවේ නැහැ. ඒ සමගම මෙතනට කිසිසේත් නොගැලපෙන උපමාවක් අන්දාගෙන තිබුනා. ඔබේ පිළිතුර ඕනෙම විත්තිකරුවෙක් උසාවියේ කියන දෙයක්. එහෙම නොවෙයි රනිල් අපි රටේ ජනතාව අපි දන්නවා 30 වතාවක් රටේ ජනතාව ඔබව පරාජය කලේ ඇයි කියලා. රටට කියන්න ඔබ රටට කල සේවය මොකක්ද කියලා 2018 පෙබරිවාරි මස ඡන්දෙන් ඔබට තිබුණ ප්‍රතිචාර දැක්කා නේද? ඒක දැන් වෙනස් වෙලා කියා ඔබ හිතනවාද? ඔබේ ඔය කතාවේ ඔබ වටේම ඉන්න ගැත්තන් චූන් කරන්න මිස අනික් මිනිසුන්ට හිතන්නවත් දෙයක් නැත. කියන්න ඔබේ ඔය කතාවේම අරුත මොකක්ද?

:       173       134

Bamunuarachchi Thursday, 06 December 2018 09:47 AM

අවලාද කීවා දොස් කීවා කියන්නේ බැන්නා අපහාස කල කියලා නොවෙයි. සිංහල නොදැන කතා කොරන්න ගියාම ඔහොම ටැපලෙන වා තමයි. ඔබේ ඔය කතාවේ කිසිම අරුතක් නැත. නමුත් මෛත්‍රී මහතා කල කතාවේ අපි අවුරුදු 4 ම දැක්ක සත්‍ය තිබුනා. ඔබ මෙරටට නායක කමට නුසුදුසු කෙනෙක්. ඔබේ සංස්කෘතිය මේ රටට කිසිසේත් ගැලපෙන්නේ නැතිබව අපි බොහෝකලකට පෙර කී කීවෙමු .

:       463       319

සමන්ත Thursday, 06 December 2018 02:14 PM

ගැලපෙනවද, නැද්ද කියන දේ තීරණය කල යුත්තේ මහජනතාවයි.

:       0       0

jagath Thursday, 06 December 2018 10:49 AM

මේ සියල්ලෙන් රටම දැනගත්තා අවුරුදු 3 මාරක් රට විනාශ කලේ කවුද කියලා

:       2       18

Reks Friday, 07 December 2018 03:03 AM

මෙයා පත්කරපු කමිටුවකින් නේද අර්ජුන මහත්තයා නිදොස් කර නිදහස් කරේ....

:       0       0

Bamunuarachchi Saturday, 08 December 2018 12:40 AM

අමල් දේශප්‍රිය, ජනාධිපති මොකටද මම උත්තර දෙන්නම්. රනිල් ප්‍රශ්නයක් අසුවාද? මොකක්ද ප්‍රශ්නය?

:       0       0

Bamunuarachchi Saturday, 08 December 2018 01:21 PM

කතාව නම් මම අහවල් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය නමුත් හසුන්ගන්නේ ගිහියන් හා උරෙන් උර ගැටී... වාඩි වෙන්නාට සංඝ ඝරුත්වයක් නැතිව ඇති. නමුත් සංඝ රත්නයට ගරුත්වයක් තිබෙනවා.. එය රැකපල්ලා. 95000කට සංඝ සසුනම, බුද්ධ සංස්කෘතියම පාවා දෙන්න එපා. ජනාධිපතිගේ කතාව හරි මේ අයට සංස්කෘතියක් නැත. මේ ගිහියන්ට වැරදි තැන පෙන්වා දීපල්ලා...

:       1       0

Bamunuarachchi Sunday, 09 December 2018 05:01 PM

හලෝ රනිල් ප්‍රතික්ෂේප කිරීමයි, පිළිතුරු දීමයි කියන්නේ දෙකක්. අපිට දැනගන්න ඕනේ ඔබේ පිළිතුරු... අපි ඔබව හඳුනා ගන්නේ ප්‍රශ්නවලට දෙන පිළිතුරුවලින් මිස ප්‍රශ්නවලින් පැනයන විදිහෙන් නොවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 621 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 267 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 282 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 227 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 353 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 405 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site