IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනාධිපතිවරණයට තරග කරන්නැයි මටත් ඉල්ලීම් තිබෙනවා

(පාලිත ආරියවංශ)
ඉදරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදරිපත් වන්නැයි විවිධ පාර්ශවයන්ගෙන් තමාට ඉල්ලීම් ලැබී ඇතැයි දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නයලැ ඇත්තෝ පැවසූහ.

ආදිවාසී නයකයාගේ 72 වැනි ජන්ම දිනය ඊයේ දිනයට (14) ට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන්  දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේදී ‍ බෞද්ධ ආගමික වැඩසටහන් වලට සහභාගී වූ  හෙතෙම මෙසේ සඳහන් කළේය.

‘‘බෙහෝ අය උපන්දිනය සැමරීම  සදහා මත්වතුර බී සාද පැවැත්වීම සිදුකරන නමුත් තමා දායක සභාවේ සභාපති ධුරය දරන මාවරගල ආරණ්‍ය සේනාසනයේදී  සාමනේර හිමිවරු 95නමක් විෂයෙහි  සපිරිකර දක්ෂිණාවක් පවත්වා  රුක්රෝපණ වැඩසහටනකට සහභාගි වූ බවයි.

මෙම ආරණ්‍ය සේනාසන භූමියේ මීපැල 100 ක් සහ පළතුරු පැළ සිටුවන බවද වන්නියලැ ඇත්තෝ සඳහන් කළහ.
අපේ රටේ ජනාධිපති සොඳහා සුදුසු කවරෙක්දැයි විමසූ අවස්ථාවේ ආදිවාසී නායකයා පැවසුවේ රටට, සංස්කෘතිකයට හා පරිසරයට ආදරය කරන කෙනෙක් රටේ නායකයා වීම අත්‍යාවශ්‍ය බවයි.

එසේ නොවුන හොත් කිසිසේත්ම මෙම රට ගොඩනැගිය නොහැකි බව අවධාරණය කරමින් පැවසුවේ අද පාර්ලිමේන්තුව හා පාලකයන් පැන්සලට, මකට කෑල්ලට ගහගන්නා පුංචි ළමයි වගේ හැසිරිම නින්දා සහගත බවයි.
ජනාධිපතිවරයට  ඉදරිපත් වන්නැයි මටත් විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් තිබෙනවා. ඒ සඳහා දක්ෂතාවය සහ හැකියාව නම් ම්ට තිබෙනවා. නමුත් ඔය මඩගොහොරුවේ එරෙන්න මම කැමති නැතැයිද ආදිවාසී නායකයා පැවසීය.



අදහස් (30)

ජනාධිපතිවරණයට තරග කරන්නැයි මටත් ඉල්ලීම් තිබෙනවා

almeida Saturday, 15 June 2019 05:01 AM

පිස්සු කරන්නේ නැතුව සතෙක් එලාගෙන ඔහේට වෙලා ඉන්න. අපිට මේ වගේ අය තව ඕනෑතරම් ඉන්නවා.

:       251       378

දිලුම් Saturday, 15 June 2019 05:12 AM

ඔබ වැනි කෙනෙක් හොඳයි මේ ඉන්න කාලකන්නින්ට වඩා... ඔබට ප්‍රතිපත්තියක් තමන්ගේ ජනයා ගැන හැඟිමක් ගහ කොළ, පරිසරය සතා සිව්පාවා ගැන, ආගම සංස්කෘතිය ගැන ආදරයක් භක්තියක් තියනවා. එවැනි ගුණධර්ම නැති අමන මෝඩයන් නිසා මේ රට දිනෙන් දින වලපල්ලට යනවා. පුළුවන් නම් මේ ටික ඉන්දැද්දිම ජනාධිපතිවෙලා මොවුන්ව පාලනය කරන්න.

:       21       230

Amila Saturday, 15 June 2019 05:16 AM

ජනාධිපතිවරණයත් දැන් සුපර් ස්ටර් තරගයක් වගේ වෙලා. මේ යන විදියට ඡන්ද දායකයින්ට වඩා අපේක්ෂකයන් ඉඳීවි වගේ. සමහර අය හිතනවා ඇති එහෙම අයටත් එතැනට යන්න පුළුවන් එකේ අපිට බැරි මොකද කියලා..?

:       1       106

ගල්නටස් Saturday, 15 June 2019 05:26 AM

එක ග්‍රාමසේවක මහත්තයෙක් අැවිත් ජනාධිපති වෙලා රට සුඛිත මුදිත කළා.. මේ අැත්තොත් අැවිත් සුඛිත මුදිත කරපු තැනින් පටන් අරන් නැති භංගස්ථානම කරන්නකෝ... අපිට ඕනෑ කාටවත් දෙකට තුනට නැමෙන්නැති කේසර සිංහයෙක් වගේ සිංහලයෙක් මිසක් රුයිතයක් නෙමෙ⁣යි.

:       26       262

Sarana Sunday, 16 June 2019 12:37 PM

නවින් සොයිසා හොඳයි ඔක්කෝටම වැඩිය.... ආයේ කිව්වොත් කිව්වා තමයි...

:       0       2

p.d goonawardena Saturday, 15 June 2019 06:46 AM

ලොක්කා අදහස් පොජ්ජ නම් පංකාදුයි.. පොඩ්ඩක් කඩ්ඩ පොජ්ජ එහෙම පොලිෂ් කරගන්න... අපි සප් එක දෙන්නම්... නැත්නම් පිටරට මංගච්ඡපුවහම දැන් ඉන්න හුරා වගේ කොර වෙයි...

:       22       455

Laksitha paris Saturday, 15 June 2019 06:53 AM

නියමයි අපේ දැන් ඉන්න සමහර අයට වඩා ගොඩක් හොඳයි...

:       25       408

AmalSaturday, 15 June 2019 07:36 AM

ඩිස්ලයික් දාන්න දෙයක් නැහැ.. පරිසරයට ආදරය කරන්න කෙළින් කතා කරන නායකයෙක් .... ඇයි මොකද ප්‍රශ්නේ?

:       71       414

Sameera Saturday, 15 June 2019 07:28 AM

මේ පාර පොදු අපේක්ෂකයෙක් හොයාගන්න බැරුව ඉන්නේ. ඔබතුමා එන්න.

:       0       421

Raveendra Saturday, 15 June 2019 07:33 AM

වන්නිලා ඇත්තෝ... කරුණාකර තමන්ගේ වරිගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවී වැඩකිරීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. ඔබ මේ "මීහරක් බලු පොරයට" පැමිණියහොත් ආදිවාසින් වන ඔබලාගේ රැහේ විනාශ වෙනු ඇත. මක්නිසාදයත් ඔබත් " කකුල් දෙකේ තිරිසන්" ගොඩට පතිත වෙන බැවිනි. ඔබ කැමතිද" 225 ක්වූ තිරිසන් පරයන් " ගොඩට වැටෙන්නට? එසේ ඔබ එවැනි මෝඩ තීරණයක් ගත්තොත් ඔබගේ රැහේ උදවිය ඔබගේ වලටත් සාප කරනු ඇත.

:       3       238

Amara Saturday, 15 June 2019 07:43 AM

ඔබතුමා උඩින්ම දිනීමේ හැකියාවක් තියෙනවා. දැන් ඉන්න කෙනත් ඔය වගේ තම ආවේ' මේක ලංකාවනේ...

:       32       103

MUNEER Saturday, 15 June 2019 07:59 AM

පොඩි වෙනසකටත් එක්ක ට්‍රයි කරමුද?

:       1       64

chamuditha jayathilaka Saturday, 15 June 2019 08:08 AM

අනේ අපේ රටට ගිය කලක්.. සමහරවිට මෙයාව ජනාධිපති කරගන්නත් ඉඩ තියනවා. එච්චරටම ජනාධිපති තනතුර පහළට වට්ටලා...

:       287       331

රවින් Saturday, 15 June 2019 08:15 AM

යම්කිසි නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් (ගහකොළ, සත්තු, තම වාසභූමිය, පරිසරය) තිබෙන නිසා මෙතුමා අන් සියලු දෙනාටම වඩා සුදුසුයි.

:       2       219

lanka Saturday, 15 June 2019 08:16 AM

මටත් ආරාධනාවක් ආවා..

:       1       95

ශ්‍රී Saturday, 15 June 2019 08:24 AM

ඒකහොඳයි... මේ අයත් නෑයෝනේ..

:       0       28

Jinna Saturday, 15 June 2019 08:37 AM

තෙල් ව්‍යාපාරයකට නම් හොඳයි....

:       1       8

මවුබිමේ අනාතයා Saturday, 15 June 2019 08:38 AM

වන්නිලැ ඇත්තෝ හොඳයි... අනිත් ඌරන්ට වඩා ඔබතුමා හොඳවෙයි.

:       0       122

විජිත් Saturday, 15 June 2019 09:13 AM

ඇත්ත, එ්ත් ගහකොළට, ගංගාවන්ට, සතා සිවුපාවට, තමන්ගේ වර්ගයාට, මහපොළවට ඒ විතරක් නොවෙයි... සුළඟටත් ආදරය කරන වන්නිලා ඇත්තෝ වැනි සැබෑ නායකයෙක් මේ බලු පොරයට යාම එතුමාගේ කීර්තියට නින්දාවක්... ඒ ඇරත් එතුමා කොහොමද දියවන්නාවේ ඉන්න පිස්සු නරි රෑනත් එක්ක කටයුතු කරන්නේ...

:       0       116

RaveendraSaturday, 15 June 2019 10:15 AM

සහතික ඇත්ත... මේ කාලකන්නි තිරිසනුන් 225ත් එක්ක වැඩකරනවා කියන්නේ තමනුත් මෙවන් තිරිසනුන්ගේ ගණයට වැටෙනවා..

:       0       86

ravi Saturday, 15 June 2019 09:03 AM

දේශපාලනයට සම්බන්ධ වූ, හැම දෙයක්ම දේශපාලනයෙන්ම විනාශ වූ බව අපගේ අත්දැකීමයි. මෙතැනදීත් අපිට කියන්න තියෙන්නේ..""දේශපාලනය කරන්න ගිහින්.. වරිගේ නසාගන්න උත්සාහකරනවා" " කියලයි..!

:       0       28

de silva Saturday, 15 June 2019 09:23 AM

රනිල්, මෛත්‍රී සහ තිසාහාමි ඡන්දෙ ඉල්ලුවොත් තිසාහාමිට අනිවාර්යයෙන් 1 හෝ 2 ස්ථානය හිමිවෙනවා ,

:       117       334

VajiraSaturday, 15 June 2019 10:39 AM

මොන තිසාහාමි ගැනද මේ කියන්නේ?

:       0       116

ප්‍රසාද් Saturday, 15 June 2019 01:08 PM

සරල එක්කෙනෙක් ආවනේ... දැන් දැක්කනේ කරගන්න බැරි බව. රට ගිනි අරන් තියන වෙලේ එතුමා රට රාජ්ජ වල යන එකමයි වැඩේ. අපිට සරල අය ඇති වෙලා තියෙන්නේ... වැද්දන්ගේ නායකයා වුණාට බැහැ. සුද්දන්ගෙන්, කල්ලතෝනින්ගෙන්, ත්‍රස්තවාදීන්ගෙන්, එන ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න පුළුවන් සංකීර්ණ පුද්ගලයෙක් තමයි ඕනේ...

:       0       74

Bamunuarachchi Saturday, 15 June 2019 03:38 PM

මම නම් ඡන්දය දෙනවා. හැබැයි එජාපෙන් ඉල්ලුවොත් තමයි.

:       63       6

Sriyal Saturday, 15 June 2019 06:38 PM

මම ඔබට ඡන්දය දෙමි. ඔබ අවංක පුද්ගලයෙකි

:       11       80

Chandima Sunday, 16 June 2019 12:50 AM

ඉදිරි ජනාධිපතිට කිසිම විධායක බලයක් නැති නාමමාත්‍රික අයෙක් වන නිසා ඔබ පත් වුනත් ඔහේ නිකම් ඉන්න නම් පුළුවන්... දැන් තියෙන තත්වේ අනුව එවැන්නෙක් පත් කරන්න විශාල මුදලක් වැය කර මැතිවරණයක් පවත්වන එකත් නිකම් බොරු වියදමක්... ඔක්කොම බලය තියෙන්නේ අගමැතිටයි, කැබිනෙට්ටුවටයි. රටේ බොහෝදෙනෙක් මේ කතාව දන්නේ නැහැ. අන්න ඒ නිසා ඔබට පුළුවන් නම් ඉදිරි මැතිවරණයේදී අගමැති වෙන්න බලන්න. ජනාධිපති වෙලා නිකම් නිකමෙක් වෙන්නේ නැතුව...

:       0       49

ranjith Sunday, 16 June 2019 01:02 AM

ප්‍රතිපත්තියක් ඇතුව ජීවත්වන පුද්ගලයෙක්...

:       0       82

Saman Sunday, 16 June 2019 05:24 AM

අමුඩ පොජ්ජත් ගහගෙන, පොරෝ පොජ්ජත් කරේ එල්ලගෙන රට රාජ්ජවල යනව බොරු.. පොරෝ පොජ්ජ දැක්ක ගමන් ප්ලේන් එකට ගන්නෙත් නැහැ.

:       133       86

උපුල් Monday, 17 June 2019 08:58 AM

වන්නිල ඇත්තෝ ජනාධිපති වුණොත් ජනාධිපති ආරක්ෂක අංශයට දෙන්නෙත් දුනු, ඊතල වෙන්ටෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 17 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 123 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2569 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1383 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1025 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 447 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site