IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් මත වරදකරු කර වසර හයක සිර දඬුවම් විදිමින් සිටියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ජනාධිපතිවරයාට එරෙහිව අද (20) මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි.

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති පෙත්සම් හි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපති නම් කරනු ලැබ සිටිති.

අධිකරණයට අපහාසයක් කිරීමේ සිද්ධියකට වරදකරුව දඩුවම් විදිමින් සිටි ඥානසාර හිමියන්  ඉකුත්දා ජනාධිපතිවරයා ජනාධිපති සමාව යටතේ මුදා හැරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය යටතේ ලබා දී ඇති නීතිය ඉදිරියේ එක සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම කඩ වී ඇති බවත් , එබැවින් එය උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (10)

ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

de silva Thursday, 20 June 2019 08:18 PM

හමුදුර්වෝ කලබල කලත් උන්වහන්සේ මුල ඉඳලම කියපුව බොරු නොවන බව ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ දොස්තරගේ ක්‍රියා කලාපයෙන් ඔප්පු වුනා , හාමුදුරුවෝ දේශපාලන ප්‍රශ්නයකට හිරේ ගියා කියමුකෝ , හාමුදුරුවෝ මුදාහැරපු එක වගේද අර හිරේ ගිය මනුස්සයා නිදහස් කල එක ?

:       226       129

Chanak los angeles Thursday, 20 June 2019 10:12 PM

රටේ යුක්තිගරුක බව නීතිගරුක බව හා යහපත් බව දකින්න ඕනෙනම් මේ පෙත්සම් අධිකරණයේ පිළිගැනීමට ලක්වෙන්න ඕනේ ... එය එසේම වේවා ..

:       230       321

ලසන්ත Friday, 21 June 2019 01:26 AM

2018 ඔක්තෝබර් 26 සිද්ධිය වැරදියි කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලානේද.? එහෙමනම් එහිදී ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංගණය කර නැද්ද. ඒවා නොපෙනෙන අය ඇත්තකියා සිර දඬුවම් වින්ද කෙනෙක් නිදහස් කිරීමට විරුද්ධ ඇයි. ඇත්ත කියන්න ඉඩක් නැද්ද?

:       242       119

C.K. Lankaputhra Friday, 21 June 2019 01:29 AM

ජයවේවා. ජාතිය සතු වගකීමක් වෙනුවෙන් ඔබ තුමා ඉදිරියට පැමිණීම වෙනුවෙන් අපේ ප්‍රනාමය.

:       622       699

ඩොලර් කාක්කා Friday, 21 June 2019 01:33 AM

ඩොලර් ටිකක් හම්බ වෙලා වගේ. කොහෙද මේ අය හිටියේ පාස්කු ප්‍රහාරය දවස් වල.

:       656       600

gunadasa Friday, 21 June 2019 05:04 AM

දුමින්ද සිල්වා එලියට දාන්න කලින් මේ පෙත්සමට හොඳ ප්‍රතිචාරයක් ලැබේවා

:       90       288

Mahee Friday, 21 June 2019 07:37 AM

නීතිය කාටත් සමාන විය යුතු බවට කිසිම විවාදයක් තිබිය නොහැකියි. උන් වහන්සේ සිරගත වූයේ රට, ජාතිය පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොව අධිකරණයට අපහාස කිරීමේ වරදටයි.

:       5       141

Gamini Hewa Friday, 21 June 2019 11:02 AM

උන්වහන්සේ නිදහස් කිරීම නිවැරදියි. කොටි නිදහස් කළේ...

:       20       17

wishwa Friday, 21 June 2019 04:01 PM

පාක්‍යසෝති කියන්නේ ජාතිවාදී එන්ජීඕ නඩයේ මහා මොළ කාරයා. ජනාදිපති හොඳයි කියනවා නෙවෙයි. නමුත් මොහු කරන්නේ රට අස්ථාවර කරන්නට යටි උගුල් අදින එක. මෙය අවුරුදු 40ක පමණ කාලයක සිට කරනවා. අපේ දේශපාලකයන්ට මේවා තේරුම් ගන්නට ළුෑණු බිකක් තරම් මොලයක් නැහැ. අපේ කරුමේ.

:       0       21

gota Monday, 24 June 2019 09:40 AM

කොටින්ට විරුද්ධව මෙයා නම් වචනයක් කතා කරේ නැහැ... දැන් තමයි සිංහයා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 0 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 269 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 224 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 63 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 280 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 225 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site