IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය අභාවප්‍රාප්ත වෙයි

(ආරියරත්න රණබාහු)

ජනාධිපති නීතීඥ  හේමන්ත වර්ණකුලසුරිය මහතා  පෞද්ගලික රෝහලකදී  අභාවප්‍රාප්ත විය .

ප්‍රකට නීතිවේදියකු, දේශකයකු, ප්‍රවිණ ලේඛකයකු හා සමාජ විශ්ලේෂකයකු වු ඒ මහතා මිය යන විට 74 වන වියේ පසුවිය.

පසුගිය කාලයේ අන්දෝලනාත්මක නඩු රැසකට වර්ණකුලසුරිය මහතා පෙනි සිටිම නිසා බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට ලක්විය.

වර්ණකුලසුරිය මහතා ඉතාලියේ ශ්‍රී ලංකා නාතාපතිවරයා ලෙසද කළක් කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ  සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මාමණ්ඩිය වන වර්ණකුලසුරිය මහතා දිවංගත ජනප්‍රිය ගායන ශිල්පි එච්.ආ.ජෝතිපාලයන්ගේ මස්සිනාද වේ.

ඒ මහතාගේ අභාවයෙන් ශෝකයට පත්වන්නන් අතර බිරිද ජනප්‍රිය ගුවන් විදුලි ශිල්පිනි අයිරාංගනි වර්ණකුලසුරිය මහත්මිය සහ එකම දියණිය මිහිරි වර්ණකුලසුරිය මහත්මිය ද වේ.


කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන හේමන්ත වර්ණතකුලසුරිය මහතා කොළඹ නීති විද්‍යාලයේද ආදි ශිෂ්‍යයෙකි.

දේහය කොළඹ 10 නොරිස් කැනල් පාරේ අංක 47 පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සෙනසුරාදා (14) පස්වරු 4.00 ට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

 

(36698)



අදහස් (8)

ජනපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය අභාවප්‍රාප්ත වෙයි

Mark Wednesday, 11 July 2018 04:11 AM

අයියෝ හොයපු සල්ලි,

:       251       615

d.upul Wednesday, 11 July 2018 05:06 AM

ඔබට නිවන් සුව!

:       283       45

Saumya Wednesday, 11 July 2018 06:13 AM

නිවන් සුව ලැබේවා....!!!

:       345       88

sena Wednesday, 11 July 2018 06:42 AM

නිවන් සුව අත්වේවා.

:       283       61

Mahee Wednesday, 11 July 2018 06:49 AM

එඩිතරව අදහස් පළ කල ඔබගේ වියෝව රටට පාඩුවකි, ඔබට නිවන් සුව පතමි.

:       527       97

C.K.Lankaputhra Wednesday, 11 July 2018 07:12 AM

එතුමාට නිවන් සුව අත්වේවා

:       200       57

Sanmalith Wednesday, 11 July 2018 08:24 AM

ජිවත්වෙන කාලේ කරපු ඉදපු හැටියට ප්‍රතිචාර තියෙනවා..........

:       0       161

Senarath Wednesday, 11 July 2018 08:31 AM

වන්ෂොට් නම් කැමති ඇති. මෙතුමා තමයි දූෂණ නඩුවට පෙනිහිටලා, වන්ෂොට් එකෙන් බේරාගත්තේ...

:       34       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 8 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 37 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 128 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2561 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 203 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 263 2

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site