IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදා නිලධාරිනියන් දෙදෙනකුට බ්‍රිතාන්‍ය හමුදා උපාධි

බ්‍රිතාන්‍යයේ උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයේ කැටරික් යුද හමුදා පාසලෙන් උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බළකායේ නිලධාරිනියන් දෙදෙනෙකු සමත් වී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බළකායේ නිලධාරිනියක් බ්‍රිතාන්‍ය යුද හමුදා පාසලෙන් උපාධියක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

සෑම වසරකම  පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල යුද හමුදා සාමාජිකයෝ බ්‍රිතාන්‍ය යුද හමුදා පාසලට ගොස් යුද අභ්‍යාස හැදැරීමට කටයුතු කරති.

මෙලෙස උපාධිය ලබා ගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බළකායේ ගුවන් ලුතිනන් ලක්ෂිකා ඇටාලේ සහ කෝප්‍රල් අමරසේන යන දෙදෙනාය.

‘මෙය ඉතා දුර්ලභ අවස්ථාවක්. අපි ගොඩක් සතුටු වෙනවා’ යැයි ගුවන් ලුතිනන් ලක්ෂිකා ඇටාලේ කීවාය.

යුද හමුදා පාසලේ රැදී  සිටින කාලය තුළ බ්‍රිතාන්‍ය හමුදාවට අනුව නිවැරදිව සරඹයක් සිදු කරන්නේ කෙසේ දැයි දැනගැනීම, තම මව්බිම කරා ආපසු ගිය පසු හමුදා අංශ වලට පාඩම් කියා දෙන්නේ කෙසේ දැයි වැනි දේ මෙහිදී ඉගැන්වූ බව ගුවන් ලුතිනන් ඇටාලේ වැඩිදුරටත් පැවසුවාය.

කුවේටය, බහරේනය, කටාරය, ජෝර්දානය, හොංකොං යන රටවලට බ්‍රිතාන්‍ය සරඹ අභ්‍යාස ව්‍යාප්ත කිරිම සඳහා යුද හමුදා පාසලේ පුහුණුකරුවෝ සංචාරය කරති.

'ඡාත්‍යන්තර හමුදා නියෝජිතයන් සෑම වසරකම බ්‍රිතාන්‍ය යුද හමුදා පාසලට පැමිණෙන්නේ අපි එය නිවැරදිව සිදුකරන නිසා' යැයි සැරයන් පාවුල් මනී මහතා  පැවසීය.

(28535)

 

(වීඩියෝ දර්ශන  ෆෝස් නෙට් ඇසුරෙනි)



අදහස් (3)

ගුවන් හමුදා නිලධාරිනියන් දෙදෙනකුට බ්‍රිතාන්‍ය හමුදා උපාධි

පිටිගල මිලානෝ Friday, 18 January 2019 07:37 AM

කලකට පෙර එක්තරා නාවික නිලධාරියෙක් එංගලන්තයේ ඩාර්ට්මත් නාවික අභ්‍යාස පාඨමාලාව හදාරන්න පැමිණ සියලු විභාග අසමත්වීම නිසා එම ශිෂ්‍යත්වයත් ලංකාවට අහිමි වුණා. බලධාරීන් මෙය නැවත ස්ථාපනය කරන්න උත්සාහ කළයුතුයි...

:       94       180

lankaFriday, 18 January 2019 10:47 AM

බොහෝවිට මෙය සිදුවන්නට ඇත්තේ ඉංග්‍රීසි භාෂාවේ දැනුම අඩුවීම නිසා විය හැකියි. මෙවැනි පාඨමාලාවලට ආධුනිකයින් තෝරා ගැනීමේදී ඉංග්‍රීසි භාෂාවේ දැනුම ගැන අවධානය යොමු කිරීම වැදගත් යයි සිතමි.

:       5       104

Thiw Friday, 18 January 2019 12:24 PM

ලුතිනන්වරියගේ නම ලක්ශිකා අතලේ ලෙස වෙනස් විය යුතුයි.

:       0       42

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 144 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 380 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 967 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1249 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 425 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 201 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site