ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට උතුරින් කොවාන් ප්‍රදේශයේ ගංගාවකට සී ප්ලේන් වර්ගයේ යානයක් කඩා වැටීමෙන් හය දෙනක් මියගොසේ ඇතැයි වාර්තා වේ. 
 
ගංගාවේ මීටර් 13ක් පමණ ගැඹුරේ තිබී පොලිසිය විසින් මොවුන්ගේ මල සිරුරු සොයාගෙන ඇත.  
 
අළුත් අවුරුදු සැමරුම් පැවැත්වෙන කාර්යබහුල අවස්ථාවේ මෙම සිද්ධිය වී ඇත. 
 
මියගිය අය අතර අවුරුදු 11ක දරුවකු ද සිටින බව පැවසේ.
 
අනතුරට පත් ගුවන්යානය සිඩ්නි සීප්ලෙන් සමාගමට අයත් තනි එන්ජිමකින් කියා කරන එකකි.
 
බලධාරීන් පවසන්නේ ගුවන් යානය කඩා වැටීමට හේතුව අණාවරණය වී නැති බවයි. එම අවස්ථාවේ කාළගුණික තත්ත්වයේ ද සැලකිය යුතු වෙනසක් නොවූ බව අවට සිටින්නන් පවසා ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)