දකුණු සුඩානයේ අගනුවර ජුබා සිට යිරෝල් නගරය වෙත ගමන්ගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 19දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.


යානයේ 22දෙනකු ගමන්කර ඇති බවද මියගොස් ඇත්තේ උගන්ඩා හා ඉතියෝපියානු ජාතිකයන් පිරිසක් බවද බලධාරීහු පවසති. යානයේ ගමන්ගත් අය අතරින් දෙදෙනකු අතුරුදන්ව ඇත.


ගුවන් යානය ගංගාවකට කඩා වැටී ඇති අතර මල සිරුරු ගංගාවේ තිබි ගොඩගෙන ඇත. 
අනතුරට හේතුව පැහැදිලි නැතැයි බලධාරීහු පවසති.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)