(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් අද (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය .
අද රාත්‍රී 10.00 ට පමණ කිසියම් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට සැක කටයුතු බෑගයක් තබා ගොස් තිබූ අතර පසුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ එය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පරණ ඇදුම් කීපයක් තිබී සොයාගෙන තිබුණි .
ඉන්පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා ජංගම මුර සංචාරක භට පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ තිබී අඩි 06 ක් පමණ දිග පී.වී.සී.බටයක් තුළ අටවා සකස් කර තිබූ බෝම්බයක් අනාවරණය කරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .
පසුව ගුවන් තොටුපළ ඉදිරිපිට මාර්ගය වසා දමා මෙම බෝම්බය රාත්‍රී 11.10 ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කරනු ලැබීණ.
මෙම අවස්ථාව වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීය සංචාරය නිමවා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ආසන්නව තිබුණි .
දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර
පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි
ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම
ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගුවන් තොටුපොළ අසලින් බෝම්බයක් සොයාගනී
Isuru Sunday, 21 April 2019 07:30 PM
මේක තමයි සංහිඳියාව දෝරේ ගලනවා කියන්නේ..
[email protected] Sunday, 21 April 2019 08:05 PM
මේවා එක්තරා රටක සිදුවූ දේට එකට එක කිරීමක්දෝ කියලත් හිතෙනවා. කොහොම නමුත් ලත් තැන ලොප් කළ යුතුමයි.
Chaminda Sunday, 21 April 2019 11:45 PM
ඔය කාලකන්නියත් එක්කම ඔක පුපුරන්න තිබ්බේ... කරපු හෙන ගහන වැඩේට...
ගල්කටස් Monday, 22 April 2019 02:53 AM
පොලිසිය ඉදිරිපිට බෑගයක් තියලා යනකම් දන්නෙ නැහැ අඩි හයක් දිග බටයක් තියලා යනකම් මොකද කලේ? මෙයාලා හිටියා නම් එල්.ටි.ටි.ඊ කාලෙ සිදුවෙන්නෙ මොකක්ද? ජාතික ආරක්ෂාවට මොකද වුනේ ..?
nilmini chandra rajapaksha Monday, 22 April 2019 05:41 AM
මීට වඩා රටක යුද්ධයක් නැති වුණත් ආරක්ෂක අංශයට එක එක වැඩවල යොදවන්නේ නැතිව රටේ ආරක්ෂාව සඳහා පමණක් යෙදවිය යුතුයි. නැවත මේ රටේ නැතිවුණු පරික්ෂා කිරිම්, විමසිලිමත් බව, වටිනා ස්ථානවල ආරක්ෂාව තරකිරීම... ප්‍රධාන මාර්ගවල පරීක්ෂා කිරිම් සිදුකළ යුතුයි. ප්‍රභූඅයට දෙන ආරක්ෂාවට වඩා මේ රටේ පොදු දේ ගැන සිතිය යුතුයි.
Rizmy Monday, 22 April 2019 06:17 AM
360° ආවරණය කරන සීසීටීවී කැමරා තිබිලත් හැමතැනම ආරක්ෂක භටයෝ ඉඳලත් අඩි 6 ක් දිග එස්ලෝන් බටයක් දාල යනව දැක්කෙ නැති එක පුදුමයි