IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගුවන්ගමන්වලදී අත්බෑගයේ ගෙන යන ද්‍රව්‍යවලට අලුත් නීතියක්

(ගුවන් තොටුපොළ දීපා අදිකාරි)

කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි  ගුවන් සේවාවන්ට ආරක්ෂාව සැපයීමේ අරමුණින් ජුනි 1වැනිදා සිට නව ආරක්ෂක පටිපාටියක් ක්‍රියාත්මක කරන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා  සමාගමේ කළමනාකරු එච්.එස්. හෙට්ටිආරචිචි මහතා පවසයි.

ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයේ දී පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පවසා සිටියේය. 
නව ආරක්ෂන ක්‍රියාපටිපාටිය අනුව ගුවන් මගියකුට තම අත් බෑගය තුළ ගෙන යා හැකි දියර වර්ග, ස්ප්‍රේ වර්ග සහ ජෙල් වර්ග යන කාණ්ඩ වලට අයත් ද්‍රව්‍යවල ප්‍රමාණයන් සීමා කිරිමට  මෙම පියවර ගෙන තිබේ.
ජලය, බීම, සුප්, ජෑම්, සෝස්, තලප, දියර, ක්‍රීම්, බෙහෙත්, තෙල්, විලවුන්, ස්ප්‍රේ, ජෙල්, වායු පිඩනයට ලක් කරන ලද බහාලුම්, රැවුල බාන පෙන, වෙනත් පෙන වර්ග, ඇස් පිහාටු ආලේපන, කාමර උෂ්ණත්වය පවත්වාගෙන යා හැකි සාන්ද්‍රනයන් මෙම දියර වර්ග, වාෂ්පශිලි ද්‍රව්‍ය සහ ජෙල් වර්ග යන කාණ්ඩ වලට අයත් වන බවත් ඔහු කීවේය.
ඒ  අනුව අදාල කාණ්ඩ සියල්ලේම ප්‍රමාණය ලීටර් එකට නොවැඩි විය යුතු අතර දියර සහිත  බහාලුම් විස්සයි විස්ස ප්‍රමාණය විනිවිද පෙනෙන නැවත වැසිය හැකි පොලිතින් බෑග් වල ඇසුරුම් කළ යුතුය. එක් මගියකුට ගෙන යා හැක්කේ එවැනි බෑග් එකක් පමණකි. ඊට වැඩි ප්‍රමාණයක් රැගෙන යාමට අදහස් කරන්නේ නම් ඒවා ගුවන් ටිකට්පත් කවුළු වෙත බාර දෙන ගමන් මලු වල අසුරා ගෙන යා හැකිය.
මිට අමතරව බෙහෙත් වර්ග, කුඩා ළමුන්ගේ ආහාර චක්‍ර සදහා අවශ්‍ය ද්‍රව්‍යයන් ඇත්නම් ඒවා වෛද්‍යවරයෙකු විසින් සහතික කරවාගෙන බෙහෙත් වට්ටෝරුව තමා සන්තකයේ තබා ගත යුතුය.
ගුවන්⁣තොටුපොළේ තීරු බදු රහිත සාප්පු වලින් මිළදී ගත් භාණ්ඩ සදහා අසුරණ එම සාප්පු වලින් නොමිලේ ලබා දෙන අතර අදාල නීති රිති එම භාණ්ඩ වලට බල නොපාන අතර අදාල රිසිට් පත් ළඟ තබා ගත යුතුය. පිළිගත හැකි සාධක ඉදිරිපත් කිරිමට අපොහොසත් වන ගුවන් මගීන්ගේ භාණ්ඩ ගුවන් යානය තුළට ගෙන යාම තහනම් කෙරෙනු ඇත.
ගුවන් මගීන්ට අපහසුතාවයක් නොවන පරිදි එම නීති රීති මාලාව ක්‍රියාත්මක කරන බවත් එය හුදෙක් මගීන්ගේ ආරක්ෂාවටත් ගුවන් යානා වලට ඇති තර්ජන වලට මුහුණ දීම සඳහාත් වන බව ගුවන් තොටුපොළ ආරක්ෂක ප්‍රධානී ධමිමික විජේසූරිය මහතා  පැවසීය.‍



අදහස් (8)

ගුවන්ගමන්වලදී අත්බෑගයේ ගෙන යන ද්‍රව්‍යවලට අලුත් නීතියක්

Samitha Wednesday, 24 May 2017 12:51 PM

ඔය නීතිය වෙන රටවල් ක්‍රියාත්මක කරන්නේ දැන් අවුරුදු හත අටකවත් ඉඳලා. මෙච්චර කල් අපේ කට්ටිය නිදියන්ද හිටියේ කියලා අහන්න වෙනවා. එක පාරක් එංගලන්තයේ හිටි ත්‍රස්ත ජෝඩුවක් පොඩි බබාගේ කිරි බෝතලේට දියර බෝම්බයක් ගෙන ප්ලේන් එකට නගින සැලැස්ම අහුවෙලයි සියලුම ගුවන් තොටුපලවල්ට ඔය නීතිය දැම්මේ. ඒ අල්කයිඩා කාලයේ. අපි කාටත් දෙවියන්ගේ ආරක්ෂාව තිබිලා ඇති... අපේ රට ඔය නීතිය ක්‍රියාත්මක කරේ නැති බව ත්‍රස්තයෝ නොදැන ඉන්නට...

:       9       90

aruna shanthi Wednesday, 24 May 2017 02:21 PM

සමිත ඔබේ අදහස් හරියට හරි.

:       56       14

Rajith Wednesday, 24 May 2017 02:32 PM

එකනේ අපි තාම ගල් යුගයේ කියල. ඕව වෙන රටවල්වල හුගක්කල් නවත්තලා.දියර බිංදුවක්වත් ගෙනියන්න දෙන්නෑ

:       10       14

සිරි Wednesday, 24 May 2017 05:24 PM

ඔයා ඉන්නෙ අනාගත යුගයක වෙන්න ඕනෙ. අපි දැන් ඉන්න යුගයෙ නම් තවමත් මිලී. 100 නොඉක්මවන ප්‍රමාණයන් සහිත බෝතල්, ටියුබ් ආදිය ගෙනියන්න දෙනවා. මේ නිව්ස් එකෙන් කියන්නෙ ඒ ප්‍රමාණවලින් ගෙනියන සියළු දේවල් වල එකතුව ලී. 1 (මිලි 1000) ඉක්මවන්න දෙන්නෙ නැහැ කියන එක. ඒකනම් අළුත් නීතියක් වගෙයි.

:       0       30

rogun Wednesday, 24 May 2017 06:16 PM

ඔව් ඔය නීතිය දාල ගොඩක් කල් උනාට සමහර රටවල ඒ නීතිය දාල තියෙන්නේ එයාලගේ වාසියට. දියර ජාති තහනම් කියන්නේ ගුවන් යානාව එනකම් ඉන්න තැන එහෙම තියෙන රෙස්ටුරන්ට් වලට බිස්නස් නැ මිනිස්සු පිටින් කරන බොන දේවල් අරගෙන ආපුවාම එකයි ගොඩක්ම. එක නිසා ළඟ තියෙන සේරම බීම ජාති වතුව සේරම බීල ඉවර කරන්න ඕනි. ඉතින් ආයේ මගින් අර රෙස්ටුරෙන්ට් වලින් කන්න බොන්න ගන්නවා ඕකයි ඇත්ත.

:       4       0

savanthSaturday, 27 May 2017 08:49 AM

ඔබ කොහොමද ඔය වාසිදායක කතාව කියන්නේ? ඔප්පු කරන්න පුළුවන්ද ඔය වැඩේ බොරුවක් බව? ගුවන් තොටුපොළේ රෙස්ටුරන්ට් වලින් ගන්න බීම වර්ගවත් ගෙනියන්න දෙන්නේ නැහැ.. මිලි ලීටර් 100 ඉක්මවනවා නම්.... ඔබ මේ කතා විස්වාස නොකරනවානම් එක්කෝ ගුවන් ගමන් කීපයක් යන්න. නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් හරි අනෙක් රටවල ගුවන්තොටුපොලවලට සම්බන්ධ වෙලා ඇත්ත දැනගන්න. මේ කියන සියලුම නීති ඇවිත් අවුරුදු 10ක් විතර කිට්ටුයි ඊටත් වැඩි නොවෙයි නම්......

:       0       2

Nandalal DE SILVA - France Thursday, 25 May 2017 08:13 AM

මගීන් විසින් ගුවන්යානා කැබින් තුලට දියර වර්ග ගෙන යාම, ලෝකයේ බොහෝ රටවල සම්පුර්ණයෙන්ම තහනම් කරේ මීට වසර ගණනාවකට ඉස්සර. මා පදිංචි ප්‍රංශයේ සංචාරයක් සඳහා වසර කිහිපයකට පෙර මගේ මල්ලි ඔහුගේ බිරිය සමග පැමිණියා. ලෝක කතෝලික බැතිමතුන් අගය කරන අති පුජනීය ලුර්දු දේවස්ථානය වැඳ පුදාගත් ඔවුන් ශුද්ධ ජල බෝතල් කිහිපයක් පුරවා ගත්තේ, ශ්‍රී ලංකාවේ සිය නෑ මිතුරන්ට බෙදා දීම සඳහාය. සංචාරය අවසන් කර සියරට යාම සඳහා පැරිස් ශාල් ඩි ගෝල් ගුවන් තොටුපලට පැමිණි ඔවුන්ට, ආරක්ෂක අංශ විසින් අත්බෑගවල තිබුන ශුද්ධ ජල බෝතල් ගුවන් යානයට ගෙන යාම තහනම් ක‍ර, වතුර හිස්කර බෝතල් කුණු කුඩයට දැම්මා !!! පසුගිය වසරේ එම ගුවන් තොටුපොල හරහා මා ශ්‍රී ලංකාවට යාමට පැමිණියා. ගුවන් ගත වීමට තවත් වේලා තිබුන නිසා දහවල් කෑම සඳහා මා "කෙටි ආහාර" පෙට්ටියක් රැගෙන ගියා. රේගු පරික්ෂාවට පෙර කෑම අවසන් කල මා එහි තිබු සෝඩා කෑන් එක අත් බෑගයේ දමා ගත්තා. එය යානයට ගෙන යාමට තහනම් කල රේගු නිලධාරියා එය කුණු කුඩයට දැමීමට සුදානම් උනා. මගේ විරුද්ධතාව මැද ඔහු එය මට දී, බීලා යන්න කීවා !!!

:       1       0

Ilandarideva Friday, 26 May 2017 07:28 AM

ඒ අයට යුරෝපයේ අවුරුදු දහයකට පමණ පෙරදී පළකරන ලද පත්තර කෑල්ලක් හමුවෙලා කියවූවාට පසු තමයි ඒ අදහස එන්න ඇත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 11 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 301 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 412 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 947 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 867 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 707 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site