IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගුරුවරිය දණගැස්වූ දේශපාලකයාට යළිත් විරෝධය

ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ දේශපාලකයකුට මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි.
 
ගුරුවරියකට අඩත්තේට්ටම් කිරීම නිසා එම දේශපාලකයාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ නියම වූ බවත්, එවැනි පුද්ගලයකු ආසන සංවිධායකයකු ලෙස පත් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
 
ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධය මත මහින්ද රාජපක්ෂ මහතා පවා ඔහුට නාම යෝජනා නොදුන් බව කී ස්ටාලින් මහතා යහපාලනය තුළ මෙවැනි පත්වීම් සිදුකිරීම විහිළුවක් බව ද ප්‍රකාශ කළේය.  මෙම පත් කිරීමට එරෙහිව ලංකාවේ සෑම පෙදෙසකම සිටින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළගස්වන බව ද ඔහු කීවේය.
 



අදහස් (65)

ගුරුවරිය දණගැස්වූ දේශපාලකයාට යළිත් විරෝධය

ranjith Friday, 13 October 2017 02:09 PM

මේ වගේ වැඩ කරනවා නම් තිබුණු ආණ්ඩුව මීට වඩා හොඳයිනේ...

:       2653       20262

සමන් - ඕමානයFriday, 13 October 2017 02:53 PM

අපූරු යහපාලනය! මුලදී කිව්වේ කොහොමද? වැරදි කරපු අයට, දූෂිතයින්ට, හොරුන්ට ඉඩක් දෙන්නේ නෑ, අවංක මහත්මා ගති ඇති පිරිසිදු අයට තමයි පක්ෂයේ ඉඩ දෙන්නේ කියලා. දැන් මේ සිද්ද වෙන්නේ මොකක්ද? අපරාධයක් කල නිසා උසාවිය විසින් වැරදි කරුවෙක් කල මේ වගේ අයද පක්ෂයෙන් පාර්ලිමේන්තුවට වඩම්මාගෙන එන්නේ? යහපාලනයේ සුපිරිසිදු දේශපාලනය!

:       928       4164

KasunFriday, 13 October 2017 07:57 PM

දන්නවද සමන් ඔයවගේ මිනිස්සුන්වත් පාර්ලිමේන්තුවට යවන්න මෝඩයින් ඉඳීවි...

:       79       89

kasunSaturday, 14 October 2017 12:16 AM

මොනවද මේ කරන අසික්කිත වැඩ? වෙන කෙනක් ඇත්තේම නැද්ද? රටට මෙච්චර එපාවුණු කෙනෙක්ට නාමයෝජනා දෙන්න. නියම ආදර්ශනේ දෙන්නේ රටට.

:       0       148

sathyapalaSaturday, 14 October 2017 02:03 AM

මේ පහත තියෙන්නේ මම 2014-12-28 මේ ලංකාදීපයේම ගිය ආණ්ඩුවට කියපු දෙයක්. ඒක හරියටම හරි ගියා. දැන් නැවත එය මේ ආණ්ඩුවට කියන්න සිදුවීම හාස්‍යජනකයි. " නොකළයුතු වැඩම කරමින් කොහොම හරි දිනන්න හදන්නේ පරාජිත මානසිකත්වයක ලකුණු. "සැඩ පහරට වැටී ගහගෙන යන මිනිහා පණ රැක ගන්න එල්ලේ තණ කොළෙත් වහා" .... කියනවනේ"

:       0       189

ranasinghe Friday, 13 October 2017 02:27 PM

රටේ ජනාදිපති වුණාට වැඩක් බුද්ධිමත් තීරණ ගන්න බැරිනම්... ඔය වගේ වැඩ කරද්දී රටේ ජනතාව වර්ජන, පිකටිං, උද්ඝෝෂණ කරන එක සාධාරණයි. මෙහෙම අයට ආසන සංවිධායකකම නෙවෙයි ප්‍රජා අයිතියත් අහෝසි කරන්න ඕනෑ. බැලුවම මිනිස්සු ප්‍රිය කරන දේ නෙවෙයි හැම දේශපාලකයෙක්ම කරන්නේ ඒ අයට ඕන දේ විතරයි.

:       3556       19638

Prase Friday, 13 October 2017 02:39 PM

පළමුව ජනපතිතුමා මීට කටයුතු කළ යුතුයි.

:       351       264

SavanthFriday, 13 October 2017 08:47 PM

ඔබ කියන්නේ ජනාධිපතිතුමා තමාටම මඩු වලිගෙන් තලාගන්න කියලද? මේ වගේ අමන වැඩක් කරාට....

:       15       259

Gajaba Friday, 13 October 2017 02:43 PM

මේ වගේ 8පාස් දේශපාලකයෝ ඉන්න රටක ඉපදුණු එකත් පාපයක්...

:       957       2588

ruwanFriday, 13 October 2017 07:39 PM

වැඩිපුරම ඉන්නේ මහින්දත් එක්ක තමයි.

:       530       1

RoshanSaturday, 14 October 2017 08:05 AM

අපේ අයගේ මහින්ද - මෛත්‍රි, නිල් - කොළ, මන්ද බුද්ධික මානසිකත්වය හින්දා තමයි හැමදාම හොරු රජ කරන්නේ. විවෘත්ත මනසකින් දකින්න පුරුදු වෙන්න.

:       1       58

Raveendra Friday, 13 October 2017 02:53 PM

හත්වලාමේ මේ අර " කිතුල් ගස්" කලන්තේ හැදුනු කෙනෙක් නේද? මේ අයව ආපසු රඟමඬලට එන්න අනිත් මෝඩයින් උදවු කරනවා නේද? අනේ අප ලක්මවට මොවුන් කරන විනාශය...

:       769       2618

nishanath dombagoda Friday, 13 October 2017 02:57 PM

අසරණ වෙලා ඇත නිදහස් පක්ෂෙ අද... බණ්ඩර මැතිඳු නැත අද එහි ඔබේ තෙද … ආණමඩුවේ නිසිකෙනෙකුන් නොමැතිසඳ … අහෝ අපොයි මැරයන් පත් කරන ලෙද …

:       597       1198

Raveendra Friday, 13 October 2017 03:01 PM

නූගත් රිලවෙකුට අපේ මනාපෙට... පැන්නා නේද ගුරුතුමියගේ කර උඩට ..... කීවත් මිනිසුන් බහින්න කියලා බිමට..... රිලවා නොවේ ගත්තේ එය ගණනකට.....

:       526       2110

Ranjith Silva Friday, 13 October 2017 03:04 PM

යහපාලනය තුළ මෙවැනි පත්වීම් සිදුකිරීම විහිළුවක්.

:       234       409

ධම්මික Friday, 13 October 2017 03:22 PM

ජනාධිපතිතුමාට ජය වේවා. යහපාලනේට ජයවේවා !!!

:       3630       19

lusena Friday, 13 October 2017 04:01 PM

අද ලංකාවේ දේශපාලකයා සක්කිලි ගති ඇත්තෙකි.

:       0       1632

RuwanFriday, 13 October 2017 07:27 PM

සක්කිලියෝ හිටියේ පෙර රජ දවස රෙජීමය යටතේ. ඔබලාගේ හිතේ ඇති දුක තුනීකර ගැනීමට මෙහි අදහස් පලකරන්න අවකාශය ලබාදී ඇත.

:       706       94

ජනිත්Sunday, 15 October 2017 01:53 AM

සක්කිලියො මේ ආණ්ඩුව යටතේ ඇත්තෙම නෑ කියලද කියන්නේ?අයියෝ දේශපාලනය පැත්තකට දාල ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න.අපිට නම් කොයි පැත්තෙත් සක්කිලි ඉන්නව පේනවා.

:       0       97

sunil Friday, 13 October 2017 04:02 PM

විහිළු කියන වචනයට තවත් අර්ථ කතනයක් තිබෙනවාද මීටත් වඩා....

:       0       282

කාරියවසම්. Friday, 13 October 2017 04:05 PM

මේ ජනාධිපතිතුමාගේ උගත්කම හා සදාචාරාත්මකකම විදහා පෑ තවත් පැතිකඩක් පමණි. අනිච්ඡං සංසාරේ.....

:       508       1478

ඉරියස් කුරුප්පුආරච්චි Friday, 13 October 2017 04:24 PM

ජනාධිපතිගේ මේ දියෙන් කිරි වෙන්කර ජනතාවට ඉදිරිපත් කිරීමට ඇති සුවිශේෂී හැකියාව ගැන ජනාධිපති දුවට ඇයගේ දෙවැනි පොතට එක්කල හැකි තාත්තාගේ තවත් සුවිශේෂ චරිත ලක්ෂණයකි. අනේ දෙවියනේ.. මක්කරන්නද රටට යනකලක්....

:       426       1507

SAMJAY Friday, 13 October 2017 04:56 PM

යහපාලනය රට කනවා. අනේ ජනතාවනි මීට පස්සේ වත් මොලේ තියෙන නායකයෙක් රට පාලනය කිරීමට පත් කරගන්න ඉන්න එක බලේ ඉඳං කෝවිල් ගානේ යන ගමන් පාතාලයෝ ආසන සංවිධායකයෝ කරගෙන ලෑස්තිවෙන්නේ රට විනාස මුඛයට ගෙනියද්දී. අනේ මොලේ තියෙන කොන්ද පන තියෙන නායකයෙක් පත් කරගන්න. රටේ මොන ප්‍රශ්නේද විසඳුවේ. හොරු නිදැල්ලේ. මිනීමරුවෝ බන්ධනාගාරේ සුරසැප විඳිනවා. සයිටම් එක ලොක්කගේ යහළුවන්ගේ මෝඩ ළමුන්ව දොස්තරලා කරවන්න නීතිගත කරන්න දඟලනවා. ඒ අතරේ බලේට ආපු පක්ෂයේ නායකයාට ලංකාවේ පුරවැසි භාවයවත් නැහැ..

:       191       423

PerakumSaturday, 14 October 2017 12:16 AM

සෑම්ජේ, ඔයා කියන අන්දමේ මොලේ තියෙන කොන්ද පන තියෙන නායකයෙක් අපේ රටේ ඉන්නවා නම් කියන්නකෝ. අපි කොහොම හරි එයා පත්කර ගන්නම්....

:       111       17

kawantissa Friday, 13 October 2017 05:34 PM

සුද්ද රට යනකොට කවුද ඉතින් උඩ යන්නේ?

:       17       47

rohana Friday, 13 October 2017 05:38 PM

මෙයාට සංවිධායක කම දීපු එක නම් සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්.

:       0       118

සරණී කොටුවිල Friday, 13 October 2017 06:01 PM

ඔව් රෝහණ, සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්.

:       0       118

RuwanFriday, 13 October 2017 07:20 PM

මෙයත් එක්ක පරණ ලොක්කා රට යනකොට මේ ඔක්කොම නිදා ගෙන ඉඳලා සිටින්නේ....

:       246       1

siril Friday, 13 October 2017 07:25 PM

ජෝශප් මහත්තයෝ, ගැත්තාට අනුකම්පා කරනු මැනවි... අපිට ඉන්නේ මේ වගේ අය විතරයිනේ දැන්.

:       1       3

හර්ෂ මදුෂාන් Friday, 13 October 2017 07:40 PM

මොනවා කලත් එතුමා අවසානේ මන්ත්‍රී වෙනවා වෙනවමයි... ඕං කිව්වා.. ඇයි ලංකාවේ නෙමෙයිද ඉන්නේ?

:       0       25

kumar (galf) Friday, 13 October 2017 07:52 PM

මේ තමයි යහපාලනයේ බලු පාලන ක්‍රියාවලි කියලා කියන්නේ....

:       0       64

sathyayaa Friday, 13 October 2017 08:13 PM

මේ රටට වෙලා තියෙන ලොකුම හෙණය, බොරු කියන්නයි, පව් කරන්නයි මිනිසුන් ළඟ තිබුන ලජ්ජා භය දෙක ඉතාමත් දරුණු ලෙස සෝදා පාළුවකට ලක්වීමයි . රටක ආර්ථිකය ගොඩ දැමීම වැදගත් තමයි. නමුත් සදාචාරයෙන් තොර ආර්ථික දියුණුවකින් වැඩක් තියේවිද? අටවත් පාස් නැති පාරිමේන්තු කාරයෝ ලජ්ජා නහරය කපා ගෙන සභා ගැබට ආවට අපට කමක් නැහැ. නමුත් රටේ මුල්ම පුර වැසියාගෙන් අප මීට වඩා යමක් බලාපොරොත්තු වෙනවා.

:       0       25

chutta Friday, 13 October 2017 11:09 PM

මෙයාට ජනාධිපති උපදේශක කමක් දෙන්න තියෙන්නේ.

:       0       58

nimal Friday, 13 October 2017 11:31 PM

මෙවැනිම මිනිසුන් කොට්ටාශයක් තමයි , දැන් ඔය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඉන්නේ,.. ජනතාව කොපමණ හර්තාල් කලත්, ඒ අයට මොලයක් කියලා එකක් නැත්නම් දෙයියනේ මොනවා කරන්නද? නැට්ටක් තිබුණා නම් මසටවත් දෙන්න තිබුණා, කරන්න තියෙන්නේ එකම එක දෙයයි, හැංගිලා ඉඳලා හොඳ තිරිවාන ගල්ගේඩියක් අරන් ගැහුවා නම් හරි.. ඔය මොන ස්ට්‍රයික් එකක්වත් වැඩක් නැහැ. සදාචාරයක් නැති, කිසිම ගණගරුක භාවයක් නැති, අසමජ්ජාති අය, ප්‍රාදේශීය සභාවට නොවෙයි, ගෘහමුලිකයාටවත් සුදුසු නැත.

:       0       3

Perakum Saturday, 14 October 2017 12:11 AM

ආනමඩුව නව සංවිධායක ධුරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා පත්කල බව වෙනත් ප්‍රවෘත්තියකින් කියවේ. ගුරුවරිය දණගැස්වූ දේශපාලකයා එයාමද?

:       0       53

PerakumSaturday, 14 October 2017 09:46 AM

එයා නේන්නම්. මම හිතුවේ මේ කට්ටිය කතා කරන්නේ වෙන කෙනෙක් ගැන කියල.

:       0       36

Rohana Saturday, 14 October 2017 12:23 AM

ජනාදිපතිතුමනි, මෙවැනි " දේශපාලන අම්බරුවන් " නෙරපා හරින්න. මේ අයට ඡන්දය දෙන ජනතාව ආනමඩුවේ ඉන්නවද?

:       0       6

jayath Saturday, 14 October 2017 12:37 AM

මේ ජාතියේ පළමු කෙනාත්, අවසාන කෙනාත් නෙමෙයි. අනික මේ ජාතියේ අය කීයක් දැනට ඕක ඇතුලේ ඉන්නවද? අපි ඉතින් කොමෙන්ට් දම දමා බලන් ඉඳිමු !!!

:       2       27

රත්නායක Saturday, 14 October 2017 01:13 AM

සංවිධායක කමකටවත් හොඳ මිනිහෙක් හොයාගන්න කට්ටිය මේ අයට නෑ. ඉතිං යන එන මං නැති අය හරි හොයාගෙන මේවා පුරවන්න එපැයි. කොහොමද විනාශයේ වෙනස?

:       0       110

ලුම්බිණි Saturday, 14 October 2017 01:42 AM

ඉතාම වැරදි තීරණයක් සහ වැරදි ආදර්ශයක්. මෙයා ඡන්දෙට ආවොත් ආණමඩුවේ ජනතාව හරි තීරණයක් ගනීවි කියලා මම හිතනවා.

:       0       5

ජගා Saturday, 14 October 2017 01:44 AM

ප්‍රධාන පිටුවේ සිරස්තලය සමග ගුරුවරියගේ ඡායාරූපය යෙදීම සදාචාර සම්පන්න නෑ නේද?

:       0       31

sahan Saturday, 14 October 2017 02:11 AM

එ්කෙන්ම පේනවා නේද රාජපක්ෂ, සිරිසේන දෙන්නම එක වගේ කියලා, ශ්‍රී ලංකා කාරයෝ ඔක්කොම එකයි. අපි රට බාර දෙමු තනි යූඑන්පි රජයකට...

:       308       19

sahanSaturday, 14 October 2017 04:14 AM

අවුරුදු ගාණක් ලියන සහන්ගෙන් අලුත් සහන්ට. රාජපක්ෂ රටේ විරෝධය පිලි අරන් මොහුට ටිකට් එක දුන්නේ නැහැ. ඒ නිසා සිරිසේන මහතාගේ ගානට අනික් මිනිස්සුන්ව දාන්න එපා.

:       0       210

sahanSunday, 15 October 2017 05:33 AM

ඇත්ත ඔයා කියන්නේ, සිරිසේන මහත්තයගේ ගානට රාජපක්ෂ මහත්තය දාන්න බැහැ, මොකද සිරිසේන මහත්තයා රටේ ඉඩම් ටික කොමිස් ගන්න හෝටල් කාරයන්ට වික්කේ නැහැ. රටට ලැබිච්ච ආධාර තමන්ගේ ගිණුමට දාගෙන නැහැ. පුතාලට රටේ සල්ලි වලින් සැප ගන්න එන්නත් පාර හැදුවේ නැහැ. තව ඕනෑද?

:       52       0

pitigala Saturday, 14 October 2017 02:19 AM

මුළු රටම මීට විරුද්ධව නැගී සිටිය යුතුයි. මේ වගේ පහත් වැඩ කිරීමට ජනපතිට වුණත් ඉඩක් නොතැබිය යුතුයි.

:       0       101

ravin Saturday, 14 October 2017 02:35 AM

විශිෂ්ඨයි, උත්කෘෂ්ටයි, අනර්ඝයි ජනාධිපතිතුමනි. මේ වගේ සමාජ ගහලයින්ව තව තව පිළිගැනීමෙන් ලෝකයේ උතුම් පුරවැසියන් ඔබගේ මුණුබුරු, මිණිබිරියන් බවට පත්වේවි. !!!

:       0       151

ramaniSaturday, 14 October 2017 07:19 AM

දියණියනි, පොත නැවත වරක් මේකත් ලියලාම පලකරන්න.

:       0       135

GAMPAHA rajapaksha Saturday, 14 October 2017 03:37 AM

අහෝ...මෙතරම් ඛේදජනක තත්වයක් මේ ලංකාවට උරුම වුනේ ඇයි? මේ කගේ ශාපයක්ද? අපි විසින්ම ඇතිකරගත්තු ශාපයක් නොවේද? මොලේ තියෙන බුද්ධිමත් නායකයෙක් අපිට කවදා බිහිවෙයිද? නූගත්තු, සමහර අවයව අඩු අය, කම්බා හොරු, මානසික රෝගීන්, සල්ලාලයෝ, මිනීමරුවෝ, සොභනකාරයෝ, රජකරන පාර්ලිමේන්තුවක් ලෝකේ තියෙන්නේ කොහේද? ඒ තමා ඉන්දියන් සාගරයේ මුතුඇටේ අනාගතයේදී තමිල්නාඩුවට අයිති වෙන්න යන ලංකාවේ ගුරුවරියක් දණගස්සපු අය අපිට මොනවා නොකරයිද? මේ ඔක්කොම ගැන පොතක් ලියන්න ඕනේ ගොන් නාම්බා සහ රැල කියලා. ජනතාවට බුදුසරණයි !!!.

:       0       446

Amith Saturday, 14 October 2017 04:22 AM

අර කැලණියේ ආචාරයතුමාට නැවත සංවිධායකකම දුන්නා කියලා දුක් වෙන්න එපා හොඳේ !!!

:       0       31

nihal Saturday, 14 October 2017 04:49 AM

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සුනේ අනේ...?

:       0       19

nihal Saturday, 14 October 2017 04:52 AM

මේ කෙනාට ආයෙත් බලතල දුන්නද ..? ...අයියෝ සිරිසේන ...,

:       0       102

Saman Saturday, 14 October 2017 04:57 AM

ආනමඩුව කියන්නේ ගෝත්‍රික මට්ටමේ ප්‍රදේශයක්. එහෙ ජනතාව ඒ වගේ මිනිහෙක් හිටියේ නැත්නම් ඡන්දෙ දෙන්නේ නෑ.

:       83       3

rohan Saturday, 14 October 2017 05:24 AM

මේ කලේ ගුරුවරුන්ට අපහාසයක්. කරුණාකර මේ පත්වීම අවලංගු කරන්න. විශිෂ්ටයි, උත්කෘෂ්ටයි, අනර්ඝයි ජනාධිපතිතුමනි.

:       0       22

de silva Saturday, 14 October 2017 05:27 AM

කවුද දන්නේ මේ තනතුරට ඉල්ලුම් කරපු ලිස්ට් එකේ ඉන්න අනිත් පුද්ගලයින්ගේ කැරැට්ටුව මීටත් වැඩිය නරකද කියලා?

:       96       6

Chandana Saturday, 14 October 2017 07:01 AM

නමට මෛත්‍රි වුණාට ඒ වගේම පොරක් නේද?

:       0       105

Bimal Saturday, 14 October 2017 07:09 AM

මේක තමයි වසරේ විහිළුව !!!

:       0       13

pubudu Saturday, 14 October 2017 08:54 AM

මම තවමත් ඉන්නේ මෛත්‍රි හරි කියන මතයේ. හේතුව අනිත් අය ඊටත් වඩා පහත් නිසා. සරත් කුමාරට මනාප නොදී අත ලකුණට ඡන්දේ දෙමු.

:       353       0

බද්රානි Saturday, 14 October 2017 09:41 AM

රටේ මිනිස්සුන්ගේ හැටියටනේ ඒ රටේ නායකයෝ පාලකයෝ බිහි වෙන්නේ. එහෙම බැලුවාම, ඔය පුද්ගලයා සංවිධායක කමකට විතරක් නොවෙයි රටේ පාලකයා වෙන්නත් සුදුසුකම් තියනවා. අනික ඉතින් මදාවි රෑනක් වටකරගෙන ඉන්නවා නම්, ඒ පුද්ගලයා මහා වීරයෙක් ලෙස හඳුනා ගන්න මිනිසුන් ඉන්න සමාජයකනේ අපි මේ ජීවත් වෙන්නේ...

:       0       15

සෙනෙවි Saturday, 14 October 2017 11:13 AM

දැන්වත් තේරෙන්නේ නැද්ද රැවටුනා ඇති කියලා?

:       0       30

lalith Saturday, 14 October 2017 03:58 PM

කසිප්පු කාරයින්ට, කුඩ්ඩන්ට, හොරුන්ට, වංචාකාරයින්ට, චන්දෙ දීල පාර්ලිමේන්තු යවන රටේ ඕකත් මහා කජ්ජක්ද?

:       0       17

ajith Sunday, 15 October 2017 12:41 AM

මාව මානසිකව වට්ටන්න එපා. එතකොට නැගිටින්නේ යක්ෂය බව මතක තිය ගන්න....

:       0       11

බණ්ඩාර-කැකිරාව Sunday, 15 October 2017 06:48 AM

මේ කරන්නේ අපේ රට අස්ථාවර කිරීමයි. මේ හේතුව නිසාත් ආයෙත් මිනිස්සු පාරට බහිනවා. උපවාස කරනවා. එවිට පොලිසිය පහරදී අත්අඩංගුවට ගන්නවා . "ඔන්න ඉතින් එතකොට යහපාලනය දොරේ ගලනවා "

:       0       1

pakeer Sunday, 15 October 2017 09:17 AM

ඒ වගේම පාපතාරයෝ කැමති ඒ වගේ අයටම තමයි. අපිට ඒ මිනිස්සුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මිනිස්සු දැනගන්න ඕනේ ඒක. මේවා අපේ පව්.

:       0       1

lal Sunday, 15 October 2017 11:05 AM

සම්මුඛ පරීක්‍ෂණයේදීවත් වගතුග හෙළිවුනේ නැද්ද? ඒත් වෙන කෙනෙක් ඇත්තෙම නැත්නම් මොනවා කරන්නද?

:       0       2

ජේ.ටී.විජේරත්න Monday, 16 October 2017 12:49 PM

ගුරු වෘත්තියට නිගා දෙන මේ වගේ අයට අත්හිටවු සිර දඬුවම් නොව බරපතල සහිත සිර දඬුවම් දිය යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 551 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 799 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 816 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1214 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1096 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site