ගර්භණී සහ පසු ප්‍රසව රෝගී තත්ත්වයන් පවතින මව්වරුන්ට අසනීප සහ අවදානම් සහිත රෝග ලක්ෂණ පවතී නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
ගැබිණි මව්වරුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණීම හේතුවෙන් අවදානම් සහිත සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.
මව්වරුන්ට උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, කුසේ සිටින බිලිඳා ගේ ක්‍රියාකාරිත්වය අඩුවීම, ක්ලාන්තය හෝ සිහිසුන්වීම, වලිප්පුව ආදී ඕනෑම අවදානම් රෝග ලක්ෂණයන් පවතී නම් වහාම ලඟම පිහිටි රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙස උපදෙස් ලබාදී ඇත.
එවැනි අවස්ථාවක ප්‍රතිකාර ගැනීම වහාම සිදුවිය යුතු කරුණක් නිසා එය ප්‍රමාද නොකළ යුතු බවත් රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සියලු රජයේ රෝහල්වලට උපදෙස් ලබාදී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම ගර්භණි සටහන්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස සලකනු ලැබේ.
ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම
ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගැබිනි සහ ප්‍රසව රෝගී මව්වරුන් ළඟම රෝහලට යන්න