IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගැබිණි ගුරුවරියන්ට පහසු ඇඳුමක්


ගැබිණි ගුරුවරියන්ට පහසු ඇඳුමක් ඇඳිමට අවසර දෙමින් ඊයේ නිකුත් කෙරුණු 21/2018 චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට අද නියෝග කර ඇත.

ඒ වෙනුවට ඕනෑම පහසු ඇඳුමක් ඇඳිමට අවසර දෙන පරිදි චක්‍රලේඛය නිකුත් කරන ලෙස ද අගමැතිවරයා නියෝග කර ඇත.

අදාල චක්‍රලේඛය ඊයේ නිකුත් ⁣කෙරුණේ ගැබිණි ගුරුවරියන්ට සාරිය වෙනුවට ඇඳිය හැකි පහසු ගවුමක් හඳුන්වා දෙමිනි. 

එහෙත් ඒ හඳුන්වා දුන් ගවු⁣මේ ඇති අපහසුතා පිළිබඳව ගුරුවරියන් පිරිසක් අද පෙරවරුවේ අගමැතිතුමන් හමුවී කල අදහස් දැක්වීමකින් පසු අගමැතිවරයා මෙම පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ඇඳුමේ සැලසුම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නොදන්නා අතර එය අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරියක් විසින් සැලසුම් කරන ලද එකක් බවය.



අදහස් (24)

ගැබිණි ගුරුවරියන්ට පහසු ඇඳුමක්

Bandara Saturday, 26 May 2018 03:19 PM

ගැබිණි මවට සුව පහසු, එහෙත් රටට ගැලපෙන ඇඳුමක් වියයුතුයි. රනිල් කියන විදිහට ඕනෑම ඇඳුමක් ඇඳගෙන ආවොත් කොහොම හිටියිද?

:       1463       2017

rasiSaturday, 26 May 2018 09:56 PM

බණ්ඩාර, ඔබ මේ සිදු කරන්නේ ඔබට ජීවය දුන් මෑණියන් වැනි කාන්තාවන් ගැරහීමට ලක් කිරීමයි . ඔබ වැනි කෙනෙකුට ජීවය දුන්නාට එතුමියට එහෙම උනාට කමක් නැහැ කියලත් මට හිතෙනවා .

:       56       197

abaranSunday, 27 May 2018 05:47 AM

බණ්ඩාර ලියූ දේවත් රනිල් කියූ දේවත් ඔබට නොතේරීම අභාග්‍යයකි......

:       38       76

C.K.lankaputhraSunday, 27 May 2018 01:44 AM

එහෙමෙ ජෝගි ඇඳුමක් ඇඳගෙන ආවොත් ඇය මවක් වීමට හෝ ගුරුවරියක් වීමටත් සුදුසු නැහැ. ගුරුවරියන්ට අනිසි නින්දාවල් කරන්න එපා. අපේ ගුරුවරියන් ට පිස්සු කියල හිතවාද?

:       31       112

Chamara Saturday, 26 May 2018 03:32 PM

මේක ඉතා හොඳ යෝජනාවක්...

:       118       801

sunil gikiyange Saturday, 26 May 2018 04:17 PM

දරුෙවා නැති ගැණු කෙනක් තමයි අැදුම සැලසුම් කරන්න අැත්ත‍ෙ. ඒ් අය දන්නේ ෙකාෙහාමද ගැබිණි බව ගැන

:       0       40

ප්‍රසාද් Saturday, 26 May 2018 04:19 PM

ගුරුවරියන්ගේ රෙදි ගැනයි, ළමයින්ගේ රෙදි වවුචර් ගැනයි, දෙමාපිය රැස්වීමට යන අම්මලාගේ රෙදි ගැනයි, සැලසුම් සකස් කරනවා මිසක්, ගස් යට පන්ති පවත්වන පුංචි ඉස්කෝල වලට සම්පත් ලබාදෙන ක්‍රමවේදයක් නැහැ.හේතුව නම්- රෙදි ගැන කතාකිරීම ලේසියි. අනික් සැලසුම් අමාරුයි.

:       27       220

Bamunuarachchi Saturday, 26 May 2018 04:29 PM

මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දී මෙයාට පෙනිලා තිබෙන්නේ ගැබිණි ටීචර්ලාගේ ඇඳුම.

:       36       74

කුමාර් (ගල්ෆ්) Saturday, 26 May 2018 06:11 PM

"ඔන්න බොලේ ආවා අලුත් තාලේ ඇඟේ නැ ඇඳුම්" ඩෙස්මන් සිල්වා මතක්වෙනවා.

:       16       26

sanath Saturday, 26 May 2018 07:24 PM

දරුවන් ලැබෙන්න ඉන්න ගුරු මෑණිවරු චිරාත් කාලයක් හොඳට ඇඳුම් ඇඳගෙන ආවනේ ඉතින් එයාලට ඒ විධියටම අඳින්න කියන්න. කොහොම උනත් ඔය ප්‍රශ්නේ තියෙන්නේ අන්තිම මාස තුනේ නැත්නම් හතරෙනේ.

:       86       79

Siri Saturday, 26 May 2018 07:26 PM

බඩ පේන්න රෙද්දයි-හැට්ටෙයි අඳින්ට නියම කලානම් කව්රුත් කැමති වේවි.

:       35       0

Priyantha Saturday, 26 May 2018 08:18 PM

අකිල මොකුත්ම දන්නෙ නෑ.... එයා බබා...

:       29       55

Mohomad Saturday, 26 May 2018 08:29 PM

ඉතාම හොද යෝජනාවක්.. බුර්කාව ඉතාමත්ම සුදුසු ඇදුමක් ගැබිනි මාතාවන්ට..

:       116       53

BamunuarachchiSunday, 27 May 2018 05:25 PM

හොරකමේ යන පිරිමින්ට නියම ඇඳුම. සව්දියේ ගැහැණු සුපර් මාකට්වලින් හොරකම් කරන්නෙත් ඔය ඇඳුමින්

:       0       0

Sunil Saturday, 26 May 2018 11:02 PM

මේ ආණ්ඩුවට මොනම දෙයක්වත් හරියට කරන්න පුලුවන්ද බැංකු කොල්ල කන එක හැර.

:       28       107

ලුම්බිණි Sunday, 27 May 2018 12:40 AM

මම හිතනවා හොඳ දෙයක් කියල.

:       0       14

nishantha Sunday, 27 May 2018 01:33 AM

ඇඳුමෙන් මිනිස්සු මනින ලින් ගෙඹි මානසිකත්ව රටක අන්දුමටත් චක්‍රලේක දානවා, කවුරු මොනා ඇන්දත් ඒක දකින කෙනා මනසින් උසස් පරිනත නම් එයින් ඇති බලපෑමක් නැත .ලංකාවේ පාසල් තුල ආගමක් උගන් වන්නේ ඇයි? එහෙම උගන්නන්නේ නැති රටවල උසස් මනසකින් යුතු නීති ගරුක පුරවැසියන් බිහිවෙන්නේ ඇයි? වරද ඇත්තේ අපේ අධ්‍යාපන ක්‍රමයෙයි . විද්‍යාව සමග නිතිය සමග යායුතු අප සමාජය ආගමක් සංකෘතියක් එක්ක මන් මුලාවෙලා

:       143       101

kamal Sunday, 27 May 2018 02:32 AM

බණ්ඩාර මහත්මය, ඔබ තුමා කියන්නේ අපේ ගුරුතුමියන් රටට ගැලපෙන ඇඳුමක් අදින්නවත් දන්නේ නැති තරම් නුගත් කියලද?

:       20       22

tikiri Sunday, 27 May 2018 06:11 AM

ගුරුවරියෝද මනුෂ්‍යයෝය .

:       0       0

ගැබා Sunday, 27 May 2018 03:57 AM

ලබන සතියේ ජනාධිපතිතුමා ඕක පත්තරෙන් දැක්ක ගමන් දිනේ නැති අලුත් චක්‍රෙල්ඛයක් ගහනවා තියෙන එක අවලංගු කරලා..

:       3       34

tikiri Sunday, 27 May 2018 05:56 AM

ලංකාවේ ඉදිරි ගමනට බාධාවක්ව තිබු මෙවන් ජාතික ප්‍රශ්නයකට විසඳුමක් ලැබීම ගැන යහපාලන රජයට ජාතියේ ප්‍රණාමය හිමිවේවා . සමහර ගුරුවරියෝ සාරි අදින්න බැරි හින්ද දරුවන් හදන්නේ නැතිව හිටිය .

:       54       142

Sarasi Sunday, 27 May 2018 05:57 AM

ගැබිනියක්වූ පසුව සාරිය ඇඳගෙන රාජකාරියේ යෙදීමේ අපහසුතා දන්නේ ඒ තත්වයට පත් වූ කාන්තාවක්ම පමණයි. පොත් මිටියකුත් උස්සාගෙන පඩි පෙළක් නගින්න ගිය මගේ ඥාති ගැබිණි ගුරුවරියක් සාරියට පය පැටලී කරණමක් ගැහුවා. වාසනාවට ලැබෙන්න සිටිය දරුවා බේරුනේ ඇගේ කකුල උළුක්කු වී නැවතීමෙන්. දේශපාලක මහතුනට මේවා නොතේරෙන්නේ ඔවුන්ගේ බිරිඳ වරුන්ගෙන් බහුතරයක් කිසිම රැකියාවක් නොකර සැමියාගේ දේශපාලන මුදලින් යැපෙන නිසා. මේක අගමැති තුමාගේ මැතිනියට අදාළ නොවුනුනත් , රටේ බහුතරයක් කාන්තාවන් රැකියා කරමින් රජයට බදු ගෙවමින් දුක් වින්දිනවිට ඔවුන්ගේ සුභ සාධනයට යමක් සිදු නොවීම කනගාටුයි.

:       0       3

maheshika Sunday, 27 May 2018 07:49 AM

ගුරුවරියක් අපේ රටේ අනාගත පරපුර යහ මගට ගෙන ඒමේ කාර්යේ ප්‍රධාන නියමුවන්ගෙන් කෙනෙක්. ඇඳුමට සීමා පැනවිය යුතුය. ගුරු පරපුරටම ඔවුන්ගේ ඇඳුම සඳහා යම් සීමා පැනවිය යුතු කාලය ඇවිත්. ශරීරයේ වැසී පැවතිය යුතු කොටස් නිරාවරණය කරගන දරුවන් ඉදිරියේ රංග දක්වන ගුරුවරියන් දහස් ගණනක් ලංකාවේ ඉන්නවා. විශේෂයෙන්ම තරුණ දරුවන්ට උගන්වන ගුරුවරියන්. ලෝකේ කිසිම රටක නොදකින දෙයක්. බටහිර රටවල්වල පවා ගුරුවරියන් ඉතාම සංවර ඇඳුමක් අඳිනවා. අපේ ජාතික ඇඳුමේ සංවරබව තියෙන්නේ එය අඳින ආකාරය මත. සාරිය හෝ ඔසරිය අඳින්න නියම කර තිබුණට සංවරව එය අදින්න ඕනා. දරුවන් පාසල් යන්නේ දිනපතා වෛවර්ණ සාරිවලින් සැරසී ශරීරයේ කොටස් ප්‍රදර්ශනය කරමින් පන්තිය ඉදිරියේ රංග දක්වන ගුරුවරියන් සඳහා සීමා හඳුන්වා දිය යුතුය.

:       0       1

kalani Monday, 28 May 2018 05:10 AM

හිරු එළියත්, මව් කිරිත් ලෝකය නිර්මාණය කළේය..... යයි මැක්සිම් ගෝර්කි ලියා තැබුවේය. තම කිරිකැටියාගේ මුහුණ දෙස බලමින් කිරි දෙන එකම සත්වයා මානව ගැහැනියයි. එසේම සදාචාරවත්, දැනුම්වත්, ලෝකයක් නිර්මාණය කරන්නේ ගුරුවරයාය. ගර්භිණී මාතාවකට සුදුසු පහසු ඇඳුමක් යෝජනා කිරීම අගය කල යුතුය. එහෙත් එය ගුරු මව්වරුන්ගේ කැමැත්ත මත තීරණය විය යුතුය. තොටිල්ල පදවන ඇත ලෝකය පාලනය කරයි යන්න සැබෑවක් නම් සුදුසු ඇඳුමක් තෝරා ගැනීම ඔවුන්ටම ඉඩදිය යුතුය. නාගරික සහ ගැමි පරිසරයටත් ගැලපෙන ලෙස තෝරා ගැනීම කල යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 26 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 641 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 400 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1176 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 65 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2400 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site