IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගාලු මුහුදෙන් හමු වූ පිළිමයේ සුල මුල හෙළිවේ

සිරංගිකා ලොකුකරවිට

ගාල්ල කොටුව ආසන්න මුහුදේ තිබී හමුවූ පිළිමය තමන් විසින් ගිල්වන ලද පිළිමයක් බව කොටුව ලේන්බාන් වීදියේ චිත්‍ර හා මූර්ති කලාගාරයක් පවත්වගෙන යන ජනක ද සිල්වා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ දිය යට මූර්ති නැරඹීමේ කලාව විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය බැවින් එය ශ්‍රී ලංකා‍වේ ද ජනප්‍රිය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට තමන් විසින් මෙම පිළිමය මුහුදේ ගිල්වා තැබූ බවයි.

වර්තමානයේ සංචාරක හෝටල්වල උද්‍යාන අලංකරණය සඳහා බහුලව භාවිතා කරන සිමෙන්ති මූර්තියක් තමන් විසින් කොටුව ආසන්න මුහුදේ කොරල් පර අතර ගිල්වූ බවත් කාලයත් සමඟ කොරල් පරිසරයේ කොටසක් බවට පත්වන මෙම පිළිමය විදේශිකයන්ට පෙන්වීමෙන් ඔවුන් ඒ කෙරෙහි ආකර්ශනය වන ආකාරය ගැන අධ්‍යයනය කිරීම තම අපේක්ෂාව වූ බවත් ඔහු පවසයි.

ජනක ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

''මේ පිළිමය මුහුදේ ගිල්වා තැබුවාම එහි කොරල් බැඳෙනවා, විවිධ බෙල්ලන් වර්ග ඇවිත් එහි සිටිනවා. පෙඳ බැඳෙනවා. මෙලෙස දිය යට තිබෙන කලාගාර නැරඹීමට විදෙස් සංචාරකයන් විශාල කැමැත්තක් දක්වනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ කලාව එතරම් ජනප්‍රිය නැහැ. මට අවශ්‍ය වුණේ මේ ගැන අධ්‍යයනයක් කර ඒ කලාව මේ රටේ ජනප්‍රිය කරන්න පුළුවන් ද කියා බලන්න.

මා මේ පිළිමය මෙතැනට ගෙන යාමට පෙර ගත් ඡායාරූප තියෙනවා. මුහුදේ ගිල්වූ අවස්ථාවේ ගත් ඡායාරූප තිබෙනවා. ඒ වගේම මුහුදේ ගිල්වන වීඩියෝ තිබෙනවා. මේ පිළිමය දැකපු මේ කලාව ගැන නොදන්නා අය මේක අමාරුවෙන් ගොඩ අරගෙන පන්සලට බාර දීලා ඒ වගේම මාධ්‍ය මගින් මේ පිළිමයට විශාල ප්‍රචාරයක් දුන්නා. මේක සිමෙන්තියෙන් කරපු නිර්මාණයක්. මේ කලාව රටේ ජනප්‍රිය කරන්න පුළුවන්.

මේ පිළිමය සම්බන්ධයෙන් ඉතා වැදගත් හෙළිදරව් කිරීමක් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය ජනක රූබන් මහතා සිය ෆේස්බුක් පිටුවේ සිදුකර තිබිණි. ඔහු එහි කියා තිබුණේ මේ පිළිමය මුහුදට දැමූ තැනැත්තා හා එය දැමූ ආකාරය තමන් දන්නා බවයි.

නමුත් එම පිළිමය මුහුදට දැමූ අවස්ථාවේ දී ද තමන් විසින් එයට විරෝධය දැක්වූ බවත් පසුකාලීනව ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල ගැන එය සිදුකළ ජනක ද සිල්වා මහතා දැනුම්වත් කළ බවත් ඔහු තම සටහනෙන් පවසා තිබිණි.

මේ පිළිමය තරුණයන් විසින් ගොඩට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදීමෙන් ම එහි හානිකර තත්ත්වය පැහැදිලිවන බව ද හෙතෙම කියා තිබිණි.

වෛද්‍ය රූබන් මහතා සිය සටහන තබා තිබුණේ මේ අයුරිනි.

''ගාලු කොටුවේ කොරල් පරය තුල මා නොගිය තැනක් නැති තරම්. ඔය පිළිමය මාස ගණනක් ඔතන තිබුණා. ඔය පිළිමය ඔතනට ගෙනිහින් දැම්මේ ගාලු කොටුවේ කලා කෘති විකුණන කලාකරුවෙකු විසිනුයි.

මම මේ පිළිමය දැකපු හැටියේම එය එතනට ගෙනත් දැමුයේ කවුදැයි සොයා මෙයට තදින් විරුද්ධ වුණා. එපමණක් නොවෙයි,මෙවැනි ජනතාව රැවටීමක්ද සිදු විය හැකි බව මා ඔහුට ප්‍රකාශ කර සිටියා. නමුත් ඔහු එය පිළිගත්තේ නැහැ.

කොරල් පරය තුළ පිළිම තබා පැරණි පෙනුමක් ලබා දීම සහ ව්‍යාපාර ගත කිරිම ඔහුගේ මතුපිට අරමුණ වුවත් ඉන් සිදු විය හැකි සමාජීය සහ පාරිසරික ප්‍රශ්න බොහෝ විය හැකියි. මෙම පිළිමය මා දකින විට ගත් ඡායාරුපයක් මගේ මුහුණු පොතෙන් බලා ගත හැකියි.

හිමි කරු පවසූ ලෙස මෙය මෑතකදී සිමෙන්ති වලින් කල එකක්. මාගේ මිතුරෙකු වුවද ඔහු ගැන මා හට සම්පූර්ණ විශ්වාසයක් නොමැති බැවින් පිළිමයේ සැබැ නිමවීම ගැන මට අවබෝධයක් නැහැ. කෙසේ නමුත් මෙය නැවකින් වැටුණු හෝ දෙවියන් විසින් ගෙනත් දැමුණු එකක් නෙවෙයි''

ගාල්ල මුහුදෙන් හමුවූ පිළිමයේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සෙවීමට පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැත.

පිළිමය ඉතා මෑතක දී සිමෙන්තියෙන් නිර්මාණ්‍ය කරන ලද සාමාන්‍ය උද්‍යාන අලංකරණයට භාවිතා කරන්නක් බව පැහැදිලිය. පර්යේෂණ කරන්න යෑම කාලයත් මුදලත් නාස්ති කිරීමකි. කෙසේ වෙතත් පිළිමය මුහුදට දැමූ ජනක ද සිල්වා මහතා පවසන්නේ මුහුදේ මෙවැනි පිළිම දමා කලාගාරයක් නිර්මාණය කිරීමෙන් සංචාරක කර්මාන්තයට එය ඉවහල්වන බවයි. 

 



අදහස් (31)

ගාලු මුහුදෙන් හමු වූ පිළිමයේ සුල මුල හෙළිවේ

Kumar Tuesday, 17 April 2018 01:55 PM

මේක වංචා බිස්නස් එකක්. ප්‍රතිමාව මුහුදේ ගිල්ලලා තිබුණහම කොරල් බැඳීම නිසා පැරැණි පෙනුමක් ලැබේ. ඊටපස්සේ පැරැණි ප්‍රතිමාවක් කියලා විකුණනවා.

:       0       19

Sam Tuesday, 17 April 2018 01:57 PM

බුදු පිළිම වෙනුවට වෙන මූර්ති යොදාගෙන මහජනතාව සහ අදාල පාර්ශව දැනුවත්ව මේ දෙය නැවත කරන්න. ඉතාම නිර්මාණශීලි අදහසක්. කෙනෙක් අලුත් දෙයක් කරද්දී අකුල් හෙලන්න හොඳ නෑ. වැරදි හදාගෙන ඉදිරියට යන්න ඔබට හැකි වේවා!

:       12       5

Sena Tuesday, 17 April 2018 02:00 PM

ජනකගේ උත්සාහය අගය කළයුතු වෙනවා. අනාගතයේ මෝඩ මිනිස්සු නැතිවෙයි පිළිමය දෙයියෝ දැම්මා කියන්න.

:       34       10

Asanka Tuesday, 17 April 2018 02:03 PM

දියයට මූර්ති නැරඹීමේ කලාව විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය කරවීම මගින් ලංකාවට හොඳ අාදායමක් ලබාගත හැක.

:       47       0

පිටිගල මිලානෝ Tuesday, 17 April 2018 02:04 PM

මේ කපටි වෙළෙන්දා බැලුවේ සිමෙන්ති පිළිමය මුහුදේ ගිල්වා තබා පරණ පෙනුමක් ලබාදී කවුරු හරි මෝඩයෙකුට විකුණන්න. කපටි මේ ගොල්ලෝ හදන දියයට කලාගාර...

:       58       119

sirimal Tuesday, 17 April 2018 02:05 PM

මෙය පුරාවස්තු ලෙසට හෝ පැරණි දේවල් ලෙසට වංචනිකව සකස්කර සංචාරකයින් රවටා මුදල් සොයාගැනීමට කරන තවත් එක් උප්පර වැට්ටියක්... මෙවැනි කටයුතු කරන කවුරුන් හෝ වේවා සංචාරක කර්මාන්තයට කරන්නේ විශාල හානියක්. රටට ලබාදෙන්නේ විශාල අපකීර්තියක්...

:       0       19

ධනුෂ්ක Tuesday, 17 April 2018 02:35 PM

ව්‍යාපාරිකයින්ගේ පවතින දුෂ්ඨ වු චේතනාවන්ගේ තරම.

:       0       3

chandana Tuesday, 17 April 2018 04:10 PM

ඕනෑම ව්‍යාපාරයක් කලාවක් දියුණු කරගන්න. බුදු රුවට නිගා නොකර. ඔහු බෞද්ධයෙක් නම් සමාව ගත යුතුයි.

:       0       29

sanath Tuesday, 17 April 2018 06:30 PM

සංචාරක කර්මාන්තය දියුණු කරන්න බුදු පිළිමයක්ම මුහුදේ ගිල්වලා තියන්න ඕනද? බුදුන්වහන්සේට අපහාස වෙන මෙවැනි ආකාරයේ අපරාධ නොකර වෙනත් පුද්ගලයෙකුගේ පිළිමයක් මුහුදට දමන්න තිබුනා නේද?

:       0       21

Prassanna Tuesday, 17 April 2018 07:23 PM

හොඳ අදහසක් ඒක. බොරුවට හැමදේටම විරුද්ද වෙන්න හොඳ නැහැ.

:       63       124

රාජුන් Tuesday, 17 April 2018 07:37 PM

මේ වැඩේට බුදු පිළිමයක්ම මුහුදෙ ගිල්වන්න ඕනිද? වෙනත් අඹාපු පිළමයකින් ඔය පරීක්ෂණේ කරන්න බැරිද?

:       0       28

de silva Tuesday, 17 April 2018 07:53 PM

හිතුමතේට අනවසරයෙන් මෙවැනි පිළිම කොරල් පර අස්සේ දමපු පුද්ගලයාට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද ? ස්වභාවික කොරල් පර වලට හානි කිරීම හෝ ඒවා වෙනස්කිරීම නීතියට පටහැනි නැද්ද

:       30       58

kamani Tuesday, 17 April 2018 09:33 PM

කවුදෝ මෝඩයෙක් කියලා තිබුණා මේ පිළිමය " රාවනා රජුගේ" කියලා...

:       1       4

jerami Tuesday, 17 April 2018 10:55 PM

මේවා විකුණගෙන කාලා හරි අපි ජීවත් වෙමු අනේ.... වෙන මොනවා කරන්නද නේද?

:       0       66

Sarath Prematilake Wednesday, 18 April 2018 12:20 AM

මේවාට කියන්නේ මාර්කටින්ග්.. කියලා..

:       0       2

rocky Wednesday, 18 April 2018 01:16 AM

මේ කවුරුත් එකතුවෙලා සිංහලයාගේ ඉපැරණි යට ගියාව වසා දමන්නයි හදන්නේ. මේවා තමයි විදේශ කුමන්ත්‍රණ. විජයට පෙර අපේ රටේ රාවණා, තාරකා, බලි, මහ සම්මත ආදී චක්‍රවර්ති රජවරුන් සිටි බව, කුමාරතුංග, අහුබුදු වැනි ලෝ පතල පුරාවිද්‍යාඥයන් ඔවුන්ගේ පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා. මේ පිළිමය සමහර විට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පිළිමයක් වෙන්නත් බැරි නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැන වහාම ඉදිරිපත් වී සොයා බැලිය යුතුය. මෙය හෙළයා ගේ යටගියාව පිලිබඳ විශේෂඥයෙකු වන සුරිය ගුණසේකර මහතාගේ අවධානයට යොමු වේවා!

:       39       40

ධනුෂ්ක රොෂාන් Wednesday, 18 April 2018 03:18 AM

"මාගේ මිතුරෙකු වුවද ඔහු ගැන මා හට සම්පූර්ණ විශ්වාසයක් නොමැති බැවින්" මිතුරුකම ෆිනිෂ්...

:       0       1

KANDEPOLA Wednesday, 18 April 2018 03:20 AM

වරදවා වටහාගන්න එපා. මෙය බුදු පිළිමයක් නොවෙයි. නමුත් ව්‍යාපාර මට්ටමෙන් කරන මෙවැනි දේවල් සඳහා පොදු ස්ථාන යොදා ගැනීම ගැන නැවත සිතා බලන්න වෙනවා.

:       19       3

ranjith Wednesday, 18 April 2018 03:37 AM

උද්‍යාන අලංකරණය සදහා බුදුපිළිම භාවිතා කරන්න පුලුවන්ද? බුද්ධ ශාසන අමාත්‍යාංශය මේ ගැන මොකද කියන්නේ? වෙන ආගම්වල පිළිරූ හෝ සංකේත උද්‍යාන අලංකරණයට භාවිතා කරනවද? එහෙම කළොත් වෙන දේ මොකද්ද? රජය ගන්න ක්‍රියාමාර්ගය අපි හොඳටම දන්නවා.

:       52       29

ඩී. ජයදේව Wednesday, 18 April 2018 04:16 AM

අපරාදේ මේ මනුස්සයා ගමේ මිනිහෙකුට දේවාලයක් අටවගෙන කීයක් හරි හොයාගන්න තිබුණු අවස්ථාව නැති කලානේ...

:       52       120

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 18 April 2018 04:22 AM

සංචාරකයින්ගෙන් මුදල් ගන්න සිංහල බෞද්ධ මිනිසුන් කරන ඒවා තමයි.

:       338       416

සඳුන් Wednesday, 18 April 2018 04:27 AM

ද සිල්වා මහතාණනි, ඇයි ඔබගේ අධ්‍යයනයට වෙනත් ආගමක ශාස්තෘවරයෙකුගේ පිළිරුවක් යොදා නොගත්තේ !.. එය ඉතා පැහැදිළියි. ඇතැම්විට ඔබ බෞද්ධයෙකු නොවිය හැකිය. බෞද්ධාගම අවිහිංසාවාදී බව සැබෑය. එ්ත් බෞද්ධාගමිකයින් මෙතරම් රිදවන්න එපා. මෙය ව්‍යාපාරික අරමුණකින් කළත්, නොකළත් බුදු පිළිමය ගිල්වා දැමීමේදී ඔබ සිතට දුකක් දැනුනේ නැත්ද..?

:       206       335

chandawimala himi Wednesday, 18 April 2018 04:50 AM

මෙය සැබෑ තොරතුරක් නොවේ.

:       97       102

rohanWednesday, 18 April 2018 11:20 AM

ඇත්ත පිලිගන්නේ කවදාද?

:       0       28

vidya Wednesday, 18 April 2018 05:38 AM

මෙම කලාකරුවා දිරිමත් කල යුතුයි. ලෝකයේ සමහර මුදු පතුල් වල මෙවැනි කළා කෘති තිබෙනවා.

:       209       228

Helaruwan Wednesday, 18 April 2018 05:42 AM

බොරු කියන්න එපා. මේක රාවනා රජතුමාගේ පිළිමයක්... මගේ පරීක්ෂණවලින් ඒක ඔප්පුවුණා.

:       43       135

Chandima Wednesday, 18 April 2018 06:25 AM

බුද්ධාගමට කරන මදි පුංචි කමක් තමයි මේ කරලා තියෙන්නේ. මේවා නීතියෙන් තහනම් කල යුතුයි.

:       205       217

ruwan Wednesday, 18 April 2018 07:41 AM

ජනකට තිබුණේ ජනකගේ තාත්තාගේ පිළිමයක් මුහුදට දාන්න... තාත්තා කවුද කියලා දන්නවා නම්... මේ වගේ බෝසත්රුවට සමාන පිළිමයක් මුහුදට දාන්නේ නැතුව...

:       235       119

Sapumal.Wednesday, 18 April 2018 09:35 AM

ඔබතුමාගේ අදහස නිවැරැදියි. තවත් කලක් මේ පිළිරුව තබාගෙන එහි පැරණි බව තවත් වැඩිවූ පසු කාව හෝ රවටා මෙය පෞරාණික එකක් බව හඟවා කෝටි ගණනකට අලෙවි කරන්න හිතන් ඉන්න ඇති...

:       104       60

wd bandula Thursday, 19 April 2018 06:32 AM

සංචාරක කර්මාන්තය දියුණු කරන්න බුදු පිළිමයක්ම මුහුදේ ගිල්වලා තියන්න ඕනද? බුදුන්වහන්සේට අපහාස වෙන මෙවැනි ආකාරයේ අපරාධ නොකර වෙනත් පුද්ගලයෙකුගේ පිළිමයක් මුහුදට දමන්න තිබුනා නේද?

:       0       0

de silva berlin Friday, 20 April 2018 06:36 AM

සමහරු බුදු හාමුදුරුවන්ගේ ඔලුව පමණක් තිබෙන පිළිම හෝටලවල ලස්සනට තබල තියනවා , මේ පිළිමයත් නිර්මාණය කරලා තිබෙන්නේ අතපය කපු එකක ලෙසට ,ක්‍රිස්තියානි , මුස්ලිම් , හින්දු ආගම් වලට ප්‍රමුකස්ථානය දෙන රටවල එම ආගම්වල ශර්ස්තුවරයන්ගේ පිළිම මේ විදිහට නෙලලා (කොටස් වශයෙන් නෙලලා සැරසිලි වශයෙන් යොදා ගැනීමක් කරන්නේ නැහැ ) කරුණාකර ලංකාවෙත් සැරසිලි වශයෙන් බුදුහාමුදුරුවන්ගේ සහ අනිකුත් ආගමික ශාස්තෘ වරුන්ගේ කොටස් වශයෙන් තිබෙන ප්‍රතිමා යොදාගන්නන්ට විරුධව නීතියෙන් දඩුවම් කල හැකි විදිහට නීති සම්පාදනය කරන්න , අනික මුහුදේ තිබෙන ස්වාහ්භාවික කොරල් පර අතර මේ විදිහට සිමෙන්ති ප්‍රතිමා , ඉදිකිරීම් සහ කුණු වැනි අපද්‍රව්‍ය දැමීම වැනි දේවල් දැමීම හෝ ඒවා කැඩීම වෙනස් කිරීම නීති විරෝධී , කරුණාකර මේක කරපු පුද්ගලයට විරුධව නිතිය ක්‍රියාත්මක කරන්න , නැත්නම් මේක අලුත් කලාවක් කියල තව තව පුද්ගලයන් ලංකාවේ තිබෙන කොරල්පරවල සිමෙන්තියෙන් කල ප්‍රතිමා තැන්පත් කරන්න ගත්තොත් වෙන්නේ මහා විනාශයක්

:       0       81

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 196 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1555 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1290 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 745 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1830 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 91 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site