IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගාල්ල නගරාධිපති පොහොට්ටුවෙන් - එජාප නියෝජිත පරදී

සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න
 

ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා නගර සභාවේ සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්වූයේය. 
 
පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවට පත්වූ සහබන්දු මහතා නගරාධිපතිවරයා තේරීමේ රහස් ඡන්දයේ දී ඡන්ද 20ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට නාම යෝජනා වූ ජිලිත් නිශාන්ත මහතා ඡන්ද 11ක් ලබාගත්තේය. 
 
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 
 
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව නගර සභාවේ බලය පිහිටුවන බව ඊයේ නිවේදනය කර තිබූ අතර අද නගරාධිපතිවරයා තෝරන අවස්ථාවේ නම් දෙකක් ඉදිරිපත් වූයෙන් ඡන්දයකට යාමට තීරණය කර තිබිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස නිතරගයෙන් පත්විය.

ගාල්ල මහා නගර සභාවේ සංයුතිය මෙසේය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී වරුන් 13

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී වරුන් 3

ජනතා විමුක්ති පෙරමුනෙන්  3

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 1

ස්වාධීන  මන්ත්‍රීවරැන් 1



අදහස් (10)

ගාල්ල නගරාධිපති පොහොට්ටුවෙන් - එජාප නියෝජිත පරදී

Silva Friday, 23 March 2018 06:09 AM

ගාල්ලේ සංවිදායක වජිර අබේවර්දෙන ව UNP එකෙන් ඉවත් කරන්න ඕන...එයා තමයි අවන්ට් ගාර්ඩ් එකත් යට ගහන්න වැඩ කරේ.. ගියපාර චන්දෙදි මනුෂටත් පැරදිලා ඇපත් නැතුව ගෙදර හිටිය කෙනෙක් නේ මෙයා, මේපාර ආවේ යහපාලන පිනෙන් ...UNP එක කන්නේ මෙයාල තමයි..

:       282       891

Rasi Friday, 23 March 2018 06:34 AM

උඩින් සැර දල තරවටු කලාට, රහස් චන්දයක් තියපු ගමන් සිදුවුන දේ දැක්ක නේද. මේ ආණ්ඩුව තාමත් පාඩමක් ඉගෙනගෙන නැති බව පෙන්න තියෙන්නේ. දැන් ආණ්ඩුව තියෙන්නේ ටීවී වලයි රේඩියෝ වලයි විතරයි. මේ සත්‍යට මුහුණ දුන්නේ නැත්තම්, ඉලක්කම් හරඹ පෙන්න පෙන්න තමයි ඉන්න වෙන්නේ.

:       28       529

ajith Friday, 23 March 2018 06:34 AM

මීගමුවෙත් එම ප්‍රතිපලයමයි

:       24       166

buddika Friday, 23 March 2018 06:55 AM

ප්‍රියන්ත මහඋල්පතගම මතක් උනේ කාටද මේ ගේම් එකේදී,?

:       0       33

Indhika Friday, 23 March 2018 08:00 AM

UNP එකේ ඡන්ද 13 නුත් 11යි හම්බ වෙලා තියෙන්නේ. තමන්ගේ අයගේවත් ඡන්ද හම්බ වෙලා නෑ. නියමයි.

:       0       155

Hafeel Friday, 23 March 2018 08:40 AM

මේක තමයි අගමැතිටත් වෙන්න යන්නේ. දැන් අගමැති හොඳට බය වෙලා ඇති.

:       0       164

dev Friday, 23 March 2018 08:57 AM

20ක් එන්නෙ කොහොමද? ජෙවිපෙ ඡන්දෙ දුන්නැත්නම් පොහොටුවේ 13 ස්වාධීන 2යි මන්ත්‍රී 3යි .... ඔක්කොමෙ 18නේ යුන්පි එවුන් දෙන්නෙකුත් පොහොට්ටුවට දිලා...

:       0       160

ගාල්ලේ නන්ද Friday, 23 March 2018 01:37 PM

එජාප ගාල්ල දිස්ත්‍රික් නායකයා ගයන්ත කරුණාතිලක හෝ උපාලි අමරසිරි කළයුතුයි. එජාප නායකත්වය සජිත් ප්‍රේමදාසට දියයුතුයි. නොඑසේ නම් යූඑන්පියේ මළගම ළඟයි.

:       0       5

sil Friday, 23 March 2018 02:19 PM

කලකට පෙර කිව්වේ සුත්තර පුංචා කියලා, ඉස්සර අමරසිරි ලඟට වෙලා ඉඳලා පස්සේ එයා කපලා දැම්මා. දේශපාලනය ජි්විකාව කරගත්ත කෙනෙකුට ලැබෙන තත්වය ගියසැරේ ලැබුණා. මේ සැරේ අහම්බෙන් ගොඩ ගියත් අනාගතේ අවිශ්වාසයි.

:       0       2

MAAR Fernando Monday, 26 March 2018 12:19 AM

බලය විකිණෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 573 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 812 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 828 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1224 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1108 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site